"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Tuesday, November 9, 2010

මට තනියක්! දැනෙනවා. . .

අමරදේවයන්ගේ මා වවුලන් ගීතය දෙකන් තුල දෙදරයි. තවමත් මා බොරැල්ලෙන් නැගි ගමන්මය. අතක් දිගුකරන් චම්ලි අයියා එහෙමත් නැත්තන් එකසිය පනස් හතරේ හිතවත් කොන්දයියා බෙරිහන් දෙනු පෙනේ. එහෙත් බෙරිහන් දෙනු නො ඇසේ. දෙකන් මෙන්ම සිතද මා වවුලන් හී අරුතට යොමුවී ඇත. එය ලීවේ කවුදැයි මා අසා නැත. අසා තිබුනද මේ වෙලාවේ මතක් වන්නේද නැත. එය පෞද්ගලික අත්දැකීමක් නම් අවම වශයෙන් රචකයාට ඈතකට ගොස් පාළුව දැනෙන්නට සහෝදරයෙකු හිඳ ඇත. එහෙමකටවත් මොකෙක්වත් නැති මම එය මෙතරම් විඳින්නේ ඇයි දැයි තවමත් සිතට නො ඒ. එතෙකුත් නොදැණුනු විඳීම තේරුම් ගියේ බසය තුම්මුල්ල ලක්සල පසු කරද්දීය. ඒ මටද උන්නු මලයා මීට දවස් සම්පූර්ණ නැතත් අවුරුදු විස්සකට පෙර ජනක මහබෙල්ලනට අනුව මහ දුරක ගියේය.

දු
අතේ වැඩිපුර සල්ලි ගැවසෙන දවසක පිටකට ගොස් කන්න බොන්නට ලිෂාන් ට ලොකු අයියෙකු ඇත. එසේ ගොස් නැවත නිවෙස්ගත වන විට රැගෙන එන දේ සොයා බලන්නට නංගියෙකු ලිෂාන්ට ඇත. ජංගමයට මුහුණ ඔබා සිටින කලක එයට ඔලුව ඔබා ඕපදූප සොයන්නට විසල්ට අක්කෙකු ඇත. කල කී දෑ සොයන්නට, බැණුම් අසන්නට, අතේ එල්ලී ෆොටෝවකට සිටින්නට ලසිතටද නංගියෙකු ඇත. කුඩාකල සිනාසෙමින් අඬමින්ද, වැඩිහිටි කල එකමුතුවෙන්ද ඉන්නට මෙන්ම කඳුළු උනන බ්ලොග් පුරවන්නට සුභාෂ් අයියට නංගිලා අක්කලා ඇත. තමන්ගේ වැරදි තුරුම්පු ලෙස තබාගෙන අවශ්‍ය කලට ප්‍රයෝජනයට ගන්නා මල්ලියෙකු සිටින බැවින් ගයාන් හැම විටම පරෙස්සම් විය. බසය වැල්ලවත්තේ නවතා ඇත.

ලඟක නැති කල මුන් හට දුක දැනුනද, දුටු කලෙක එම සතුට එසේම දෙගුණ තෙගුණ වන බැවින් උන් මා අතර වෙනසක් ඇත. මා හට "අ"යන්නක් නොතේරෙන කලෙක ඉපදී අඬන්නත් පෙර මිය ගිය මාගේ සහෝදරයා දුක දනවන්නේ වෙනකෙකුට නොවූ විලසිනි. වෙනකෙකුට මෙන් නොව මහ දුරක ගොස් සිටින ඔහුට කතා කිරීමට උපාංගයක් තවම සාදා නැත. කලක් ජීවත් වූවෙකු මෙන් නොව ඔහුගේ මතකයක් ඉතිරිව නැත. ඔහුගේ අහිමි වීමට වගකියන්නට එකෙකු නැත. අම්මාත් තාත්තාත් ඔහු ගැන මතකයක් අවදි කරන්නට කැමති නැත. ඔවුනටද අවදි කරන්නට ඒ හැටි මතකයක් නැත. ඒ ගැන ඇසීමද ඔවුන්ගේ සිතට දුකක් දනවනවා ඇත. තමන් තුල හැදී, තමන් තුල දඟ කල කිරි කැටියාගේ ජීවය දැකීමට මාගේ අම්මාට නොහැකි විය. තමන් ජාතක කල දෙවැනි ජීවියා හඬනු අසන්නට මාගේ තාත්තාට නොහැකි විය. ඉදින් මට ඔවුන්ගෙන් ඒ ගැන ඇසිය නොහැක. තවමත් මා දෙහිවලය. දැන් දෙකන් පුරවන්නේ වොලී බැස්ටියන්ගේ "අයිරින් ජොසපින්" ය. ඌ සිටියා නම් මා මෙන් ඌද මෙයට ආසා වනු ඇත. අම්මත් තාත්තාත් ගෙදර නැති කලෙක බියරයක් අත ලඟ තබාගෙන, ඌ අතට බොන්ගෝව දී මට අයිරින් ජොසපින් හඬ තලන්නට තිබිණි. මට අයිරින් ජොසපින් හී වචන පාඩම් අතර, මා හට බොන්ගෝවක්ද ඇත. අම්මත් තාත්තාත් ගෙදර නැති වෙලාවල් එමටව එලඹෙන අතර බියර් යනු සපයා ගත හැකි දෙයකි. ඒත් ඌ අඩුවක් වී ඇත. ඌ අඩුවක් වනු ඇත.

මා හට ආලපුරන්නට ආදරවන්තියක් ඇත. මිතුරන්ද බොහෝ ඇත. නිවෙස් අවට මිතුරන් ඇත. ආගිය තැන් වල මිතුරන් ඇත. පාසල් මිතුරන් එමටය. එයිනුත් කල්ලි ගැසුනු මිතුරන් සත් දෙනෙකුද ඇත. අන්තර්ජාලයේද මිතුරන් එමටය. එයිනුත් සැමදා සෙට් වෙන පුලුවන් සැමවිට කතා බහ කරන සෙට් එකක් ඇත. අනන්ත නෑදෑ කන්දරාවක් ඇත. එහෙත් ඌ නැත. ඌ කොහේ හෝ ඉපදී වන්නට හැක. ඌ මට මුනගැසෙනවාද විය හැක. මුනගැසුනත් වැඩක් නැත. ඒ ඌ නොවන බැවිනි. ඌ පෙර ආත්මයේවත් මා ගැන අසා නැත. ඌ නොආ අඩුව දරුණුව විඳින අයියෙකු ඌට සිටින බව ඌ නොදන්නවා ඇත. මා ඌ දැක නැති මුත් සිටියා යැයි අසා ඇත. එහෙත් ඌ එසේ අසා නැත. රත්මලාන ගුවන් තොටුපල පසුවන බැවින් මා බසයෙන් බැසිය යුතුව ඇත. ඌ මා අසලකම සිටිනවා විය හැක. සින්දු ගොඩේ සින්දු තවමත් ඔහේ වැයෙන අතර ඒ ගැන සොයන්නට මේ පැයක ගමනේ මට නොහැකි විය. මා බසයෙන් බැසීමි.
Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

49 ක්ම තියෙනවා අදහස්:

Gayan Tharaka said...

සෑහෙන හිතට දැනුනා මුචෝ.. මොනව කියන්නද කියල හිතෙන්නැහැ

Bunny said...

මාත් බොහොම අමාරුවෙන් "ඌ" වෙක් ඉල්ල ගත්තෙ....

ඒත් ඌ නංගියෙක් උනා නම් හොදයි කියලා දැන් අඩනවා...

අනේ මන්දා බන්...

poppy said...

Matath aiyala 2k innawa.habai dan nam magen godak aath wela inne.I can imagine your lonliness.....and your loss....

පිටස්තරයා said...

නියමෙට වචනෙට හරවල තියෙනවා. ස්තුතියි රචියො!

Jay said...

මුකුත්ම නොකියමි.. [ආ වග පමණක් මෙසේ සටහන් කරමි]

කියන්න කිසිම දෙයක් හිතා ගන්න බෑ, අපි දෙන්නම එකම බෝට්ටුවේ නිසා.

LishWish said...

මට එක දෙයක් කියන්න තියෙනවා.., උඹට සහෝදරයෙක් නැති අඩුව අපිට පුරවන්න පුලුවන් මම හිතන්නේ නැහැ. ඒත් ඒ අඩුපාඩුව පොඩිත්තක් හරි හෑල්ලු කරන්න මට ලසියට ඇතුලු අපිට හැකිකම තියෙනවා නම් අපි ඒ අඩුපාඩුව උපරිමයෙන් පුරවන්න උත්සාහ කරන්නම්..!
ලියැවිල්ලක් හැටියටත් මේ ලියලා තියෙන විදියටත් මෙතෙක් කාලෙකට උඹ ලියාපු හොඳම වදින වචන ටික තමා මේ එළියට ඇවිත් තියෙන්නේ..!

nadeesha said...

පණ දෙන්න දාහක් වටේට හිටියත්
"මට තනියක්! දැනෙනවා. . ."

මොනව කරන්නද බන්..

Rachintha Jayawardhana said...

සද්දයක් දාලා ගිය සෙට් එකටම ජය!

Udara || උදාර ධර්මසේන said...

හ්ම්ම්..
අඬවන්න ඔට්ටු නෑ උඹට..
වචන ටික නිකං.. හ්ම්..
අකුණක් කෙටුවා ව‍ගේ..
විනාඩි 15ක් එක දිගට..

Sameera said...

සංවේදී ලිපියක්.. සහෝදර සහෝදරියන්ගේ අඩුව දැනෙනවා කාටත්.

tharu22 said...

ලස්සනට ලියල තියනවා. මේ පාර ටොපිය ටිකක් තිත්තය්. ජීවිතේ හැටි තමය්.

Rachintha Jayawardhana said...

Comments on other places

Maneesha Wijesuriya November 10 at 5:58am Report
ඔයාගේ ලිපිය කියවල මට නම් තනියක් නෙමෙයි බයක් දැනුණා. මටත් මල්ලි කෙනෙක් ඉන්නව... ඇත්තටම මට මල්ලි කෙනෙක් විතරයි ඉන්නෙ, අම්මා තාත්තා හැමෝටම හරි යන්න එච්චරමයි ඉන්නෙ... දැන් මට පුංචි පුතෙකුත් ඉන්නව..තව දරුවො හදන්න අදහසක් මට නෑ...ජීවිතේ එක දිගටම ආපු ප්‍රශ්න නිසා දැන් ඇති මට ඕනෙ විදියට ඉන්න ඕනෙ කියල හිත හදා ගෙන හිටියෙ...එක දරුවෙක් හදල අපිට නොතිබුණු හැම සැපක් ම දෙන්න හිතා ගෙන ඉන්නෙ... ඒත් ඔයාගෙ ලිපිය කියෙව්වම මට ඇත්තටම බය හිතුණ, මගෙ පුතාටත් ඔය තනිකම ම දැනෙයිද කියල...මම ගොඩක් කල් ඉදන් හිතෙන් අහපු ප්‍රශ්නයක් ඔයා අද ලියල තියෙන්නෙ...ආයෙත් හිතන්න හිතුණ, THANX :)

Hasitha Hasthanayaka November 9 at 8:08pm Report
went thru ur blogs.....content-elama kiri.....like ur ideas


Nash PLKS:
මගේ ජීවිතයේ මේතාක් දුටු සංවේදීම ලියමන.

Rachintha Jayawardhana said...

කොහෙන් කොහේ අදහසක් මතුකලත්, එහෙම අදහසක් දීපු හැම කෙනාටම ගොඩක් ස්තුතියි!

DawsonP said...

රචින්තගේ මේ ලියමණ ‍මගේ දෑස් තෙත් කළා. මා බොහොම අපහසුතාවයකට පත් කළා. මන්ද යත් මා වවුලන් ගීතය මටත් එවැනිම හදියක් කළ ගීතයක් නිසාවෙනි.

මා මීට වසර දහයකට පමණ පෙර සවුදි අරාබියේ හුදකලාවේ සිටියදී මගේ බාල සොහොයුරෙකු හිතුමතේ විවාහය පිණිස අප මහගෙදර හැර ගිය බැව් දුරකතන ඔස්සේ දැනගත්තෙන් මා විඳි කනස්සල්ල මෙපමණයැයි කිව නොහැක. ඊටත් පසු මා නිවාඩුවකට ලංකාවට ආ කල ඔහු පමණක් නොදකින්නට වූයෙන් අනෙක් සැම ඔහුගේ අඩුව පුරවන්නට දැරූ තැත අවසානයේ තව තවත් ඔහු නොමැති පාළුව උත්සන්න කළා මිස අඩුවක් නොවීය.

අවසානේ බොහෝ කලකට පසු ඔහු මා හමු වූ දිනෙක සුරා විතෙන් මත්ව "මා වවුලන්" ගීය ඔහු හා හඩමින් ගැයූ ඒ දවස මේ සියල්ල පරයමින් මගේ සිතේ රැව් දෙයි. සහෝදරයකු වශයෙන් ඔහු එදා මේ ලොව ලැබූ ලොකුම කම්පනය ලද්දේ යැයි මට දැඩි සුරා මත අස්සෙන් දැනුණි.

පසුව මට සිතුණා මම ඒ ගීතය එදා‍ නොගැයුවා නම් කියලා...

දැන් මට සිතෙන්නේ මා මේ රචින්තගේ ලියැවිල්ල නොකියවා සිටියා නම් මැනවි යැයි කියා ය.

රචින්ත ඔබ තීන්තක් සොයාගෙන ඇත. එය අපේ දෑස් තෙමයි...

RasankaSachitha said...

mata kiyanna dewal nee...ne ne hithata ena dewal kiya ganna be..

said...

නියමයි මචන්,
ඉන්න එකත් රට නිසා ටිකක් දැනෙනවා :-D

Unknown said...

බොස්... කවදා හරි මේ ගැන ලිපියක් ලියයි කියලා මම බලාපොරොත්තු උනා...

හොඳටම වදිනවා...

Unknown said...

වෙනස් තනිකමක්... අපූරුයි ඒත් මම හිතනව උඹ වටේ ඉන්න යාළුවො, උඹෙ පෙම්බරී, උබේ තනිකම අඩු කරනව ඇති කියල.

චමිදේවා said...

වාව්... ඇත්තටම මටත් වචන නෑ මේ ගැන කියන්න... බොක්කටම වැදුනා බන්...

දුකා said...

කියන්න වචන මදි මේ ලිපිය ගැන හිතට එන දේවල්.

උදේ පාන්දර ඇඬෙව්වා ට කමක් නෑ . .

මොකද අපේ ඇස් වලට කඳුලු ගේන්න පුලුවන් ජාතියේ, හදවතේ ගැඹුරුම තැන් - කොන් පහුරු ගාන වර්ගයේ ලියන්නෙක් උඹ තුලින් බිහිවෙනවා දැක්කාම නම් හිතට ආවේ සතුටක්.

Anonymous said...

හිතට වදින්න ලියලා තියෙනවා. මට නම් නංගියෙක් උන්නත් මම ඉන්නෙ රට නිසා මටත් ඔය අඩුව දැනෙනවා.

Rachintha Jayawardhana said...

Comments on other places

Sasindu Lakshan November 10 at 7:54am Reply • Report
මට මාර අප්ස්ට් ගියා බන්.සිරාවට.

Manoj Ratnayake November 10 at 9:51am Reply • Report
Ado rachiya pawule thani ekek vime ath dakima mathath eka lesama balapanawa e paluwa e gana kiala wadak na...ube aticle eka nun sira
mata sahena waduna eka

Rachintha Jayawardhana said...

සද්දයක් දාලා ගිය සෙට් එකටම ජය! ඩෝසන් අයියගේ ලිපියක් තරමටම දිග අදහසටත් ඒ කතාවටත් ආයිත් ජය!

Rachintha Jayawardhana said...

Comments on other places

Anushka Thilakarathne අම්මෝ මල්ලි....මෙහෙම එකක් කියෙව්වමයි. මටත් එකපාරටම අය්යයි නංගියි මතක් උනා.

Kanchana Wijesena This story brought tears to my eyes...:(
මට තනියක් දැනෙනවා.............

රොකියා | Udara said...

මටනම් ඌ කියන සංකල්පය ඉපදෙනකොටම දායාද වෙලා තිබුනෙ. ඇත්තටම ඌ කියන සංකල්පය මගේ ජීවිතයටනම් අත්‍යාවශ්‍ය දෙයක් ! මන්ද. මාපිය දෙපලට නොකියන හැම දෙයක්ම ඌ සංකල්පය තිලින් බොහෝ වෙලාවට ගොඩ දා ගන්න හැකි නිසා.
උඹ නම් එකා යකා වෙලා තියෙන්නෙ ඒක නිසා තමයි මට පේන්නෙ !

T-Rex said...

හ්ම්ම්.....ඇත්තටම ගොඩක් සංවේදී ලියමනක්. සහෝදර සහෝදරියො ඉන්න අයට නම් හිතෙන්නෙ අපෝ මුන් ඉන්න එක මොන කරදරයක්ද කියලා. ඒත් නැති කෙනා තමයි ඇත්ත දන්නෙ, ඒක විඳවන්නෙ. සහෝදරයො වගේ යාලුවො ඉන්නවානම් ඒකත් එක්තරා වාසනාවක්. අඩුව සම්පූර්ණයෙන්ම නැතත්, ටිකක් හරි පිරිමහගන්න පුලුවන්නෙ.... මේ ජීවිතයෙදි නොලැබුණු ඒ සහෝදර ප්‍රේමය සංසාරේ කවදාහරි ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

Madhu

Rachintha Jayawardhana said...

Comments on other places

Chaminda Wijesekara niyamai male..ohoma yan ohoma yan

කමෙන්ට් කරපු සෙට් එකටම ජය!

Prabodha said...

නියමයි සනා,,සැහේන බොක්කටම වදින කතාවක්.මටත් සහෝදර සහොදරියෝ නැති නිසා මටත් ඔය පාලුව දැනෙනවා මුචා...

Unknown said...

රචියා කියන්න වචන නෑ මචං.... මගේ කොළ බොක්කටම වැදුනා.... මොකද මත් උඹ වගේමි..... මටත් මන් ඉපදෙන්න ඉස්සරින් අක්ක කෙනෙක් ඉපදුනාලු... හබඊ ටිකකින්ම එයත් නැතිවුනලු.. අයේ මතකය අලුත් වුන මචෝ.... එල පාර ලොක්කා..

Unknown said...

සෑහෙන හිතට දැනුනා මුචෝ.. මොනව කියන්නද කියල හිතාගන්න බෑ

malee_msg said...

වැඩක් නෑ මල්ලියේ කතා කරලා.. ඒ ගැන නම්.. ඒ අඩුවට නමක් දෙන්න බෑ.. අනේ මන්දා මොන පවකට අපිට එහෙම උනාද කියලා..!
හ්ම්.. සිරාවට දුක හිතුනා බං.. ඔයිට වඩා තව ඉස්සරහට ඔය අඩුව දැනෙයි.. කවදට කියලා නම් අහන්න එපා..

Rachintha Jayawardhana said...

Comments on other places

Sameera Dissanayake November 10 at 10:21pm Reply • Report
dhanan hitiye na saho...kohomin hari ochchara fun eke inne umbe hithe kochchara paaluvak hira vela thiyenavada kiyala hithaganna puluvan....""අනේ ඌ හිටිය නම්" ...................................................ඊලඟ සැරේ නම් ඕක ඉඳිවි...!"

@අක්කට: ඇත්තටම ඔව්. එහෙම අවස්ථා දෙකක්ම හිතිලා තියෙන්නේ!

අනිත් කමෙන්ට් කරපු සෙට් එකටමත් ජය!

රංග - මගේ ලෝකය said...

ඇත්තටම මල්ලි උඹගෙ බ්ලොග් එකට පින් සිද්ද වෙන්න මට ආයෙත් බ්ලොග් ලියන්න, පිස්සෙක් වගෙ නැතුව මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න ආසා හිතුනා. මම කියන්න දන්නෙ නැති මොකක් හරි හේතුවකින් උඹ ලියපු දෙවල් මගෙ හිතට වදිනව.

සචී said...

'දහස් ගණනක් සෙනග අතරේ මහා තනියක් මට දැනේ...!'

පිස්සු හැදෙනවා රචියො!

Anonymous said...

Buddhi said...

ඊයෙත් මේක කියවලා හිස්අතින් ගියෙ කියන්න මුකුත් හිතාගන්න බැරි හින්දම නෙමෙයි!

ඒත් විටින් විට මේ ගැන මතක් උනා. ඒකයි මේ ආයෙත් ආවේ.

මම දන්නැ මේක උඹගේ ඈත්තම අද්දැකීමක්ද කියන්න.

A/L කාලෙත් මගේ කරේ නැග නැග කෝලං කරපු මගේ නංගියා ඉගෙනගන්න රට ගියාට පස්සෙ මට මෙහෙමනං උඹට කොහොමද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ කියලයි මට හිතෙන්නෙ....!

Rachintha Jayawardhana said...

Comments on other places

Udayanga De SiLva November 11 at 8:37pm Reply •
ela ooooooooooooi, kiyanna wachana ne. kiyanna wachana ne. his comments demme ekai bn ela ela ela!!!
ude idan merila merila gedara awama blogs walata yanna thiya com1 daanath epaaawela enne bn. umbe msg eka thibunn neththan blog ekata yanne ne. siraawatama godak pin bn. me thoonthu wechcha oluwa thawath thoonthu kalaata :D
aayeth monaa hari liwwoth poddak msg1k ewapan bn
ooon thawa paarak umbata pin dunna, labana aathmeth oya wgema badakuth ekka oya wagema hekiyaawak ekka apiwageema kaala kanni godaka (apima thamai) ekek welaa upadeewaaa!!!!
suba suba machoooo!!!!

Shalin Achintha De Silva November 11 at 8:34pm
fissu ah !! mehema deyak danagena hitiye na ne ban !!!!

සද්දයක් දාලා ගිය සෙට් එකටම ජය!

නිලැස් | Niles said...

රචියෝ... දැන් තමයි බං කියවන්න චාන්ස් එකක් ලැබුනෙ... එලමකිරි... මමත් ඉතින් පවුලෙ එකා යකානෙ... ඉතින් ඔය ප්‍රශ්නෙ මටත් තරමක් දැනෙනවා... :(
සිරා... කීප් ඉට් අප් කිව්වා ඕං...!!!

CD Athuraliya said...

මුල සමාන මගේ කතාවේ අවසානය වෙන(එ)කෙකු විසින් පුරවා ඇත.

Rachintha Jayawardhana said...

ජය!

ආගන්තුකයා | Stranger said...

ගති..

Sihina Ekathukarannek said...

ඔව්.....,
තනිකම මහා පුදුම දෙයක් .....!

පුතා said...

මොන කරුමෙකටද මන්දා උඹේ මුචලින්ද කියන නම දැක්කම මට බ්ලොග් එකට එන්න හිතුනේ නෑ....දැන් නම් හිතෙන්නේ මගෙ මාස පහක් වයස බ්ලොග් කියවිල්ලේ මට වෙච්ච ලොකුම වැරැද්ද ඒක... මොනව කියන්ටද කියලා හිතා ගන්ට බෑ මචං... උඹේ ලිවිල්ල වදින්නේ කොතැනටද කියල තේරෙන්නේ නෑ... ජයවේවා...

Rachintha Jayawardhana said...

Comments on other places

Nidarshani De Silva November 13 at 8:12pm
duka hitenawa .. :((
Ah mama Visal ge akka gana liyala tiyana kotasata kamathi ., :D

CD Athuraliya November 14 at 11:29am Reply • Report
බ්ලොග් කියවන්න නම් වෙලාවක් නෑ. ඒත් taboo subjects සහ ටොපියෙදි වෙන්නෙ අනිත් දේවල් වලට වෙලාව නැති වෙලා බ්ලොග් කියවන්න වෙලාව ඇති වීම. :)

Chaminda Wijesekara kalin dawase man mekata commentu demme d hariyata balala newi malliye .denui eththatama man meka winde ,man subhash ekka ekangai 200%. me gini dawaaale maawa endewwata kamak nehe ..ke gahalaa andaan behe thama office nisa .kemata ganipu peya baagei me liyaanee

අනිත් කමෙන්ට් කරපු සෙට් එකටත් ජය

Anonymous said...

මේ ලිපිය කියෙවුවම ගොඩක් ලොකු තනිකමක් දැනුනා.ඒත් මගේ තත්වේ මීට වඩා හාත්පසින්ම වෙනස්. මම ඉන්නෙ බෝඩිමක තට්ට තනියම, හිතට එන හැමදේම මම තනියම විඳිනව විදෝනව, මොකද පවුලේ අයගෙන් ටිකක් ඈතයි මන් ඉන්න තැන.

අයියෙක් සහ මල්ලියෙක් ඉන්නව. ඉස්සර මට ඒ දෙන්නත් එක්ක ඉන්නකොට හිතුනේ මං තමඉ ලෝකෙ ඉන්න වාසනාවන්තම නංගි සහ අක්කා කියල. එත් දැන් මට මහා ලොකු තනිකමක් දැනෙනව.අයියා එයාගේ ලොකේ ගොඩනගන්න මහන්සි වෙනවා වෙනමම තැනක, ලිපි ගොනු අතරේ එයා තරඟයක. මල්ලි ගමේ එයා තවම ස්කෝලෙ යනව.

ඇස් වලින් නොපෙන්නුවට මේ තනිකම මාව හිතින් මහ හුඟක් අසරන කරල අඬවනව හැමදාම. ඒක දැන් වැඩියි එක පතේ කා ගෙන උන්නු යාලුවත් දාල ගියා මට බැරිම අමාරුම මොහොතක. මං හොඳ වැඩියි අනුන් ගැන ගොඩක් හිතනව මටත් වඩා.. එ නිසා මට ලැබෙන දෙයක් නැහැ හැමදේම නැතිවෙනව විතරයි. ඒත් මං තවමත් මට වඩා අනිත් මිනිස්සු ගැන හිතනව.

එව මෙව ගැන කියන්න ගියොත් මට වෙනමම බ්ලොග් එකක් ලියන්න වෙයි.

සරලවම මං තනිවෙලා බාහිරින් වගේම ඇතුලතිනුත්.මට වෙන ගොඩක් දේවල් විඳ දරාගෙන තවමත් හිනා වෙලා ඉන්න පුලුවන් වෙලා තියෙන්න බෞද්ධ දර්ශනය අවබෝද කරගන්න උත්සහ දරන නිසා කියලයි මගේ වැටහීම.

මම කියන මේ පුද්ගලය මුචලින්ද අයියට වඩා ගොඩාක් අවසනාවන්තයි සහෝදරයො දෙන්නෙක් ඉදලත් ලොකු තනිකමක් දුකක් දැනෙනව විඳිනව.

ටිකක් දිගයි.. එ පිළිබඳ මා කමන්න.

ඔබට තුණුරුවන් සරණයි ..

මීට
මම .
~ MH ~

Anonymous said...

මේ ලිපිය මම මේ දැන් අහම්බෙන් දැක්කේ. මමත් ගොඩාක්ම කැමති ගීතයක්. මේ ගීතය අහන වෙලාවෙදිත් මට ඇස් දෙකට කඳුලු එනව. දැන් ඔයාගෙ මේ ලිපිය මම කියෙව්වෙ මගේ ඇස් දෙකෙන් බේරෙන කඳුලු පිහිද පිහිද.

මට ඇහිල තියෙනව මගේ අම්ම කියනවා මාව හම්බවෙන්න කළින් තව බබෙක් හම්බවෙන්න ඇවිත් නැති වෙච්ච කතාවක්. ඉතින් මටත් අද එයා නැති අඩුව ගොඩාක්ම දැනෙනව. මගේ ළඟ කව්රු හිටියත් එයා නැති අඩුව මට දැනෙනව. කිසිම කෙනෙකුට ඒ අඩුව පුරවන්න බෑ. එයා අක්කද අයියද කියන්නවත් මම දන්නෙ නෑ.

එයාව මතක් වෙනකොට හැමෝටම හොරෙන් මම අඬනව. එයා හිටියනම් මට නංගි නියල කතා කරන්න, රන්ඩු කරන්න, දුක සතුට බෙදා ගන්න කෙනෙක් මට ඉන්නව. ඒත් මොනව කරන්නද. බොහෙම ස්තූතියා මේ ලිපියට :D

Unknown said...

ඔය ගැන හිතන හිතන වාරයක් වාරයක් පාසා හැමදවසකම ලොකු හිස් කමක් දැනෙනවා. කරන්න දෙයක් නෑ. හිටියා නම් හොඳයි ගෙදර මොකෙක් හරි. පිට උන් තමන්ගෙ කරගන්න හරි අමාරුයි. අඩුව පුරවගන්න උත්සාහ කළත්, අඩුව නැති වෙන්නෙ නෑ. සමහර වෙලාවට දැනෙන අසරණ කම පිරිමහගන්න වචන නැති තරමට කොයි තරම් පිරවෙලා ඇත්ද? කඩදාසි.. හිටියා නම් නංගියෙක් මල්ලියෙක් අයියෙක් අක්කෙක්, කියන්න තිබුණාද කොච්චර දේවල්.. කරුමය සහ උරුමය අතර ජීවිත. මක් කරන්නද?

ඔය ඕනෙම දුක හිතෙන දේක සතුටක් හොයා ගන්න දඟලන මම , කාලෙකින් ටොපිය කියවන්න ලැබීම ගැන හරි සතුටු වෙනවා. ජූලියාගෙ නිශ්පාදනේට වඩා කවදත් ටොපිය ඉහළයි.

Anonymous said...

ගොඩ දවසකින් උඹ ලියපු එකක් දැක්කේ.. මේක මරු මචන්.. බොක්කටම දැනුණා!

duliponline said...

වටේ පිටේ හිනාවෙන්න කතා කරන්න දාහක් දෙනා හිටියත් තමංගෙ එකා තරං ඒ එකෙක්වත් වැඩක් නෑ කියල මට දැනුනෙ මට ඉන්න එකම එකා මරනාසන්නෙට අසනීප වෙච්චි වෙලාවෙ

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!