"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Tuesday, March 29, 2011

ඇඩ්වටයිසින් සහ සාසනේ

හීන... හීන ඇති කරෝපු බළාපොරොත්තු මිනිස්සු ජීවත් කරවනවා. මිනිස්සු වැඩ නොකරන වෙලාවට දකින හීන වලින් වැඩ කරද්දි හිතට ජවයක් ගන්නවා. හීනය විසින් ඒ වැඩේ කරන්න ආසාවක් ඇති කරවනවා. ඒ නිසා හීනයේ බලෙන් හීනයම හැබෑවක් කරනවා. ඒ කියන්නේ හීනයෙන් හීනය මරනවා. ඒ මරනවා කියන එක සමහරුන්ට ජයගන්නවා කියන්නත් පුලුවන්. මෙගේ හීන... මටත් තියෙනවා හීන. පරන හීන අලුත් හීන වලින් රිප්ලේස් වෙනවා. මගේ සැබෑ කරගත යුතු හීන බොහෝමයක් පේන්නේ දවල්ට. මට රෑට පේන හීන සැබෑ නොවෙනවා වගේම ඒවා හරි විකාරයි. දවල් දකින හීන. . . රස විඳින්න පුලුවන් නිෂ්පාදකටම විතරයි. ඒත් රෑට දකින හීන. . .

ෂුහ් මම ටයි එකක් දාගෙන හිටියේ. නවම් මාවතේ ඇවිදින ගමන්. ලැප්ටොප් එක බෑග් එකෙන් දකුණු උරිස්සේ එල්ලී එල්ලී තිබුනා. සමහරවිට මම රස්සාවකට යන්නැති. පාර අයිනේ, සාරි පොට පළල අඩුවට ඇඳපු දෙපැත්තෙන් දෙකම පැනපු අක්කලා දෙන්නෙක් හිටියා. ඒගොල්ලෝ මට අතින් කතා කරා. වටපිට කැමරා එහෙමත් අටවගෙන හිටියා. එක්කෙනෙක් මගෙං නම ගම විස්තර අහනකං අනිත් කෙනා මගේ ඇස් වැහෙන්න රෙදි පටියක් බැන්දා. මම ඇයි කියලා ඇහුවත් මොකුත් කිව්වේ නෑ. එකපාරටම මාව වැව අයිනේ යකඩ කෑල්ලකට හේත්තු කරා. මං හීතන්නේ ලන්දේසි නැංගුරමකට. ඊට පස්සේ මට දැනුනේ මාර සනීපයක්. පාවෙලා යනවා වගේ. ඒ අක්කා මිනිත්තු දහයක් විතර ඒක කරලා මගේ ඇස් දෙක බැඳපු පටිය ලිහුවා. වැව අයිනේ ආරක්ෂාවට  හිටපු නේවි එකෙත්, ආමි එකෙත් කට්ටියගේ මූණු ඉරිසියාවෙන් දිලිසුනා. මම ඉක්මනට සිප් එක වහගත්තා. ඔන්න කැමරා මගේ ලඟට ලං උනා. දැන් එතන හිටපු අක්කා කට වටේ පිහිදම දම මගෙන් ප්‍රශ්න අහනවා. 

අක්කා: මල්ලි ඔයාට ඒ සනීපේ දැනුනේ මොන බිස්කට් කාපු කටකින්ද?

මම හිතුවා. හිතුවා. ඒ දේ කරද්දි මට දැනිච්ච ලිස්සලා යන ගතිය වෙන බිස්කට් එහෙකට තියෙන්න විදියක් නෑ.

මම: නියත වශයෙන්ම පොංචි සුපර් ක්‍රීම් ක්‍රැකර්. සුපර් කියන්නේ ඉතින් නිකන් නෙමෙයිනේ.

ඒ හීනං මම ඇහැරුනා. මම හීනෙන් හිතට ගත්තු එකම දේ උනේ පොංචි ක්‍රීම් ක්‍රැකර් හොඳ ඇඳ උඩදි කන්න දෙන්න විතරයි කියලා.

ෂහ් මම හිටියේ කැමරා ගොඩක් මැද්දේ කලු පාට සෝෆා එහෙක වාඩි වෙලා. එහා පැත්තේ සුදු පාට සෝෆා එහෙක වාඩි වෙලා හිටියේ හෙන ප්‍රසිද්ධ හාමුදුරුනමක්. ස්ක්‍රිප්ට් රයිටර් ලියපු ප්‍රශ්න වැල ප්‍රොඩියුසර් මගේ අතට ගෙනත් දුන්නා. මේ එතන ඉඳලා සංවාදේ.

මා: සුබ උදෑසනක් වේවා හාමුදුරුවනේ.

උන්නාංසේ: එසේම වේවා!

හුටා මොනාද මේ ස්ක්‍රිප්ට් එක ලියපු එකා ලියලා තියෙන්නේ. . .

මා: මේ ලඟදි නිකුත් උනු ඔබ වහන්සේගේ ඇල්බම් එක ගැන සඳහනක් කලොත්..

උන්නාංසේ: ඔව් ඒක වෙනස්ම ආරක එකක්. ඒ වෙනස අත්විඳින්න. එය කොයිබ්‍රේෂන්ස් ආයතනයෙන් සහ හොරානා ආයතනයෙන් මිලට ගන්න පුලුවන්. ඒ වගේම සීඩී එකත් කැසට් පටයත් මිලට ගත්තොත් මාගේ වර්ණ පෝස්ටරයකුත් නොමිලේ.

මා: එයට දායක් වූ පිරිස ගැන සඳහනක් කලොත් හාමුදුරුවනේ.

උන්නාංසේ: ඔව් ඒකේ ෆීචර් කලා අපේ පොඩි නම සහ ලඟ පන්සලේ හාමුදුරු දෙනමක්.

මා: ඔබවහන්සේ එහි අන්තර්ගතය ගැන සඳහනක් කලොත්..

උන්නාංසේ: ඔව් මම ඒක කරේ පොඩ්ඩක් හයි බීට් එකකට. කවි බණ වලින් එහාට ගිය දෙයක්. බයිලා ටයිප් එකට යනකොටනේ බණ උනත් මිනිස්සුන්ට වැදෙන්නේ මහත්තයෝ.

මා: එතකොට ඔබ වහන්සේගේ ඉදිරි කටයුතු..

උන්නාංසේ: ඔව් මගේ අලුත්ම "බුරුම වන්දනා චාරිකා" ඩොකියුමන්ට්‍රි වීඩියෝ එක මේ දවස් වල සැකසෙමින් පවතිනවා. ඒ වගේම ජාතික ලයිස්තුව පිලිබඳ සිහිනයකුත් නැතුවම නොවෙයි.

පිලිතුරෙන් මා තිගැස්සී ඇහැරුනු අතර සිහිනෙන්වත් ඌට, උන්නාංසේ යනුවෙන්  ඇමතීම ගැන දුක් විය.



විශේෂ ස්තූතිය: ආපහුවත් මේ වගේ ගොන් ඇඩ් මේක දකින එකෙක්වත් නොහදන්න ඕක ලියපන් කියපු නොදරුවාට සහ චීවර හොරුන්ට කෙලවපන් කියපු ලිෂාන්ට.
Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

24 ක්ම තියෙනවා අදහස්:

වීතරාගී said...

පිස්සු හැදෙන සඳ අ අ අ අ අ අ අ.......................!:)))))

LishWish said...

මිනිස්සු දුර්වල වෙන තැන් තියෙනවා.., ඒ දුර්වල නිල ටික අල්ලගෙන ඒවා ටිකෙන් ටික ඔබනකොට අපිට දකින්න පුලුවන් වෙන ප්‍රථිපල පුදුමාකාරයි.., මට හිතෙන්නේ මේ ඒ වගේ දේකට සමපාතවෙන සිරාම අදහසක් කියලා.., ඔය පොංචි ක්‍රැකර් මේ වෙනකොටත් සමහර [මල]නාලිකා වල විකාශනය වෙනවා.., මොලයෙන් හරි වැරැද්ද තෝරා බලන සුලුතරය හැරෙන්න බහුතරයට ඔය පාට රූප ජනකයෙන් දෙන ඔක්කොම පොට්ටනි කරේ තියාගෙන ජීවිතේ ගෙවන නිසා දුරස්තව හරි අර කලින් කියපු නිල ටික ඔබලා ඒ අයගේ අදහස එන්නත් කරවන්න හරිම ලේසියි.., මේක උඩින් කියවනකොට කොමඩියක් වේවි.., ඒත් මේ අපි ගිලින්නේ අපිම අඹරලා හදාගත්තු ලණු නේද කියල හිතෙන්න කලින් අහල පහලින් සවලක් තියා ගන්න එක මොලයට සනීපයක් වේවි..!!
මරු ම ලිවිල්ල..!!

Jay said...

හප්පා..............!!! :D
පට්ට මුචා..

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

නියම අයිඩියා එකක් හරහා කරල තියන විවේචනය නම් මරු ....

~ChAnDiKa~ said...

සුපිරි ඈ......

Bunny said...

හිනෙන් උනත් උබ පුදුම ආතල් නේ ගන්නෙ ? :P :D
මරු..

Anonymous said...

akka kata wate piha daana hati mata mawila penunaa.
patta.

පූසා said...

මැක්සා :D

charmi said...

නියමයි බං.... සිරාවටම....
ඕක කියන්ඩ තියෙන හොඳම විදිහට කියලා තියෙනවා...

Anonymous said...

ඔය ඔක්කොම පාට කරපු ගූ මුට්ටියක් මුචා. පොඩ්ඩක් බිඳුනොත් පළාතම ගඳ ගස්සනව. ආයෙ එතකොට මුට්ටියෙ වටේ ඇඳල තිබුන චිත්‍ර ගැන කතාකරකර උන්න ගොයියන්ට බගන්දරාවක් මිසක් සුළු ප‍ටු ලෙඩකින් මෙහා නවතින්න බෑ. [රෑටිල්ල කොච්චරද කියල තේරෙනෙකොට] නියම සටහනක් !. ස්තූතියි.

Randika Sedara said...

මේකනම් සුපර්ම සුපර්.... සුපර් කියන්නේ ඉතින් නිකන් නෙමෙයිනේ!

Rachintha Jayawardhana said...

සද්දයක් දැම්මට උඹලා හැමෝටම බොහොම ස්තූතියි! ඒ වගේම ලිෂාන්, මායි සඳුනයි මේ ගැන අවිස්සාවේල්ලේ ඉඳන් එනකං කතා කලා. මම කිව්වේ ඇඩ්වටයිසින් ගැන. ඌ කියන දේත් ඇත්තක් තියෙනවා. උඹ කියපු විදිහටම මොලෙන් හරි වැරැද්ද නොතෝරන උන් ඕන තරං ඉන්න රටක මේ වගේ ඇඩ් පුදුමෙකුත් නෙමෙයි. කොහොමත් මම මේ දේ ඇතුලේ එළ, පට්ට වලට එහා ගිය සංවාදයක් බළාපොරොත්තු උනා. ඒකට පෝඩි හරි ගැම්මක් දීපු උඹටත්, නවම් මාවතටත් බොහොම පිං! මේ රැවැට්ටිලි දෙක ගැනම කතා කරන්න ඕන.

පිටස්තරයා said...

උඹ මේක එදා කියද්දිත් මැවිලා පෙනුනා. දැන් කියවද්දිත් මැවිලා පෙනුනා.

මේ නරා වල ගැන කතාව පටන් ගත්තොත් ඉවර කරන්න කාලයක් යනව. කෙටියෙන් කියනවනම් රූපවාහිනිය සම්පූර්ණයෙන්ම නවත්තලා දාල තියෙන්නෙ මේ බහුබූත හදල තියෙන්නෙ අපිට හිතන්න පතන්න ඉඩ කඩක් නොතිය නිසා.

Thameera said...

පට්ට!

මුදියන්සේ said...

පට්ටයිදත් කිය්ල අහනවා, පට්ටයිනෙ බොල මේ අයිඩියාස් එක

හිස් අහස said...

අනේද කියන්නේ මෙහෙවු රටේ මුචා !!! ලියවිල්ල නම් සුපිරි ..මේ ලිපිය වදින තැන් වලට වදියි , රිදෙන අයට රිදෙයි ...

Asanka Udayanga said...

කෙටියෙන්ම කිවොත් පට්ටයි.....හෑබෑයි හිනේ ලොකු අර්තයක් තියන්වා කියලා මටනම් හිතෙන්නේ.

Dee said...

මේ ඇඩ්ඩටයිසින් කලාවට මගෙත් අනුකූලතාවයක් නෑ..ඒත් මන් කීන් කැකර් කනවා.. සැම්පු ගානවා.. එතකොට මම වන්ගෙන් ඇඩ්ඩට්යිස් අනුමත කොරලාද..?

මන් හිතන්නෙ, අපෙ පරිබෝජන රටාවල් වෙනස් වෙනකන් මීඩියා කාරයන්ට හැමදාම නත්තල් තියේ..!

hare :-) said...

පටේ පට්ටයි කියා ලිව්වානම් වැඩේ අතිශය ලේසි වෙන්නට තිබුණත් ගෙදරට විත් ආයෙත් නිවි සැනසිල්ලේ කියවීම අවශ්‍ය නිසා ලතවුණෙමි. කතාව මේක වුණත් කරන්නට දෙයක් තිබේදැයි සැක සහිතය. හැන්ද ඇත්තේ මේ ගැන විකල්ප ලෙසින් හිතන උන්ගේ අතේ නොවේය. එබැවින් මොන විධියේ හෝ පින්තූරයක් අස්සට ලෝගෝව දා ගැනීමේ ඇඩ් කලාව නතර වෙන්නෙ නැත.

අනික උන්ගේ වාසිය තකා කියන්නට ඕනෑ තරම් සංකල්පද දැන් ලෝකයේ තියෙනවාය. ඒවාට මාධ්‍ය නිදහස, මානව හිමිකම්, අදහස් පල කිරීමේ අයිතිය වගේ නම් කියයි.

අන්තිමේ වෙසක් පෙරහැරේ/සජීවී නත්තල් දේව මෙහෙයේ/ තෛපොන්ගල් මෙහෙයේ/නබි උපත සැමරුමේ උත්සව වල නිල බිස්කට් සඳහා අනුග්‍රහය වශයෙන් ඔය පොංච් ඇඩ් එක පල වුවත් කවුරුත් කටක් අරින එකක් නැත. අපි යන්නට යන අත වෙනස් වූවාට ලෝකය යන අත සහ රට යන අත ඒකය.

හාමුදුරුවන් ගැන කියන්නේ නම් උන්නාන්සේ වැනි පැවිදි තරු රටට අවශ්‍ය ය.

;-)

Rachintha Jayawardhana said...

හිත පිරෙන්න ටික දෙනෙක්ගෙන් උනත් කතාවක් ගොඩ නැගිච්ච හින්දා හැපියෙන් ලියමි. ඇත්තටම චමිලයා, ඒ මගුල බලන්න ඕනත් ඒ නිසා.. මුන් අපිව කොච්චර ගොන් මට්ටමකට දාලද කියලා. සල්ලි ගෙවල ගන්න බිස්කට් එක කොලිටි අඩුවට හදලා ඉතුරු සල්ලි ටිකකින් දාන දුන්නට වැඩක් නෑ.

ඩී ලොක්කි, අපි ඔය මොන මගුල කලත් අපි ඒවා ගාන්නේ ඇඩ්වටයිසින් හින්දා නෙමෙයි. අපි ඇඩ්වටයිසින් හින්දා කරන දේත් ඇති. ඒත් මේ වගේ මොන්ගල ඇඩ් වලට අපි අහු නොවෙනවයි කියන තැන ඉඳන් අපිට කතා කරන්න පුලුවන් මට්ටමක අපි ඉන්නවා. ඔයාගේ කමෙන්ට් එකත් එක්ක ගත්තොත්, මම කවදාවත් ඇඩ්වටයිසින් වලට බනින්නේ නෑ. මට කේන්ති සමහරක් උන්ගේ ගොන් ටැක්ටික්ස් වලට.

හරේ ලොකු අයියේ, කිව්වත් වගේ තව ටික දවසකින් නබි උපතට සමෝසා එකයි, ෆලූඩා එකයි, පොංචි බිස්කට් එකයි අතට දෙන්නත් ඉඩ තියෙනවා. දැනට අවුරුදු උත්සව නං කවර් කරලා තියෙන්නේ. මම කලින් පාරක් දැක්කා එලිෆන්ට් හවුස් අයිස්ක්‍රීම් කොත්තුවක් දානවා දොන් ෂ'මන් අලුත් අවුරුද්දට. එහෙමත් යන රට. සංඝ ස්ටාර් ලා ගැන නම් කවර කතාද?

Buddhi said...

ඔය තියෙන්නෙ 'සම්පුර්ණ යොදය සහිත කිරිපිටි'වික වගේ.....
Brrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr

රංග - මගේ ලෝකය said...

ඇත්තටම මේ විකාර නිසා චමිලය කිවුව වගේම මමත් ටී වී බැලිල්ල නවත්තලා ඉන්නේ. සුපිරි ලියවිල්ල.

Unknown said...

අනේ මංදා හොඳ වෙලාවට මට මේක උඹ එවපු දවසෙම කියවන්න බැරි වුණේ. සමහරු සමහර දේවල් තේරුම් ගන්නේ සහ අදහස් දක්වන්නේ අර්තාපල් සම්මේලනයට ගිහින් චුයින්ගම් ගැන විචාරයක් කරන විදියට. මරු!!!

පිස්සා පලාමල්ල said...

හිතන්න... දැනෙන්න... වටින දෙයක් ලියල තියෙන්නේ.. උපරිමයි උබේ හීනෙ

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!