මේ වයසට ටොපි කන්න හිතෙන එක ලෙඩක් මචං... ටොපි කන එක ලෙඩක් වෙච්ච ලෝකෙකට ටොපි හදන එකත් ලෙඩක්... හැබැයි මේ ටොපි ලෙඩට හොඳයි මචං...

Showing posts with label ආතල්. Show all posts
Showing posts with label ආතල්. Show all posts

Wednesday, September 28, 2011

ටොපිය

මේක පොඩි කතාවක්. හරියටම කිව්වොත් ටැබ්ලොයිඩ් වල කවරයේ කතාව කියලා ඉස්සරහා පිටුවේ පින්තූරය විස්තර කිරීමක්. මේ ටොපියේ කවරයේ කතාව. ඒකට ටොපියේ කවරය බලලා ඉන්න වෙනවා මුලින්.
මේ මම ටික කාලෙකට කලින් යොදාගත්තු කවරයක්. පැත්තෙන් ඉන්නේ වෙනස් විදිහක ගෑනියෙකුයි මිනිහෙකුයි. මෙතන රූපේ වෙනස් විදිහට තියෙන්නේ හිතන විදිහ ඇඳලා පෙන්නන්න බැරි නිසා. මට ඕන උනේ වෙනස් විදිහකට හිතන උන් මේක කියවන්න. එතකොට මටත් වෙනස් දෙයක් උන්ගෙන් දැනගන්න පුලුවන් වගේම, මම කියන දේත් උන් වෙනස්ම විදිහකට හිතාවි. එනිසා ඒ රූප දෙක මට අනුව ආරාධනාවක්. මේකේ නම ටොපිය උනේ නිකංම. ඒකට හේතුවක් නෑ. හැබැයි පහු කාලෙක ටොපිය කියන එකට අරුතක් සහ හේතුවක් ගොඩනගන්න මට ඕන උනා. ඒක තමයි ඔය හෙඩරයේ උඩින්ම තියෙන වචනය, TOPඊයඃ!. ටොප්+ඊයඃ, ටොප් එක, උඩ, මුල එහෙමත් නැත්තං ආරම්භය ඊයඃ කියලා හිතෙන්න පුලුවන්. හැබැයි "හරිහමන් හැඩයක් නැති උනාට රහ තීරණය කරන්නෙපා සූප්පලා මිසක්". මේ උදාහරණේ කියවපු ගමන් ඔලුවට එන කුණුහරුප හැඟීමෙන් නියෝගයක් කරන්නේ ගෑනුන්ට විතරක් කියලා කියවන උඹලට හිතුනට, මේක අර්ථයෙන් විතරක් ගත්තොත් පිරිමින්ටත් පොදුයි. එනිසා කවදාවත් උඩින් පල්ලෙන් බලලා දෙයක් ගැන තීරණය කරන්නවත්, ඒ ගැන විචාරයක් දෙන්නවත් එපා. මනුස්සයෝ වශයෙන් එහෙම දේවල් නොකරම ඉන්න බෑ. එනිසා පුලුවන් තරමකින් අඩු කරගන්න බලන්න වෙනවා. බ්ලොග් වලදිත් ඒ දේ එමමයි.

ටොපිය ලියන්නේ මම උනාට මේකේ තනිකරම ලියවෙන්නේ මගේ කතාම විතරක් නෙමෙයි. නිකමට හිතෙනා.. සවනට වැටෙනා.. දෑසින් දකිනා.. මවිසින් විඳිනා.. බොහෝවිට ඒ උඹලගේ සහ තවත් මිනිස්සුන්ගේ කතා. ඒත් ඒවයින් සමහරෙකගේ කතා වල මම මුල් වෙලා කතාව ලියවෙන කොට කමෙන්ට් වලින් දැණගන්න ලැබිච්ච දේ තමයි උඹලා ඒ කතාව මගේ ජීවිතේට ආදේශ කරගෙන කියවන එක. ඒකෙත් අවුලක් නෑ. ඒත් එහෙම සිද්ධියක් හරියට තේරුම් ගන්න ඒ ක්‍රමේ එච්චර සාර්ථකයි කියලා මම හිතන්නේ නෑ. ඒ නිසා කවුරු ලියපු කාගේ කතාවක උනත් ප්‍රධාන චරිතය යොදාගන්න ඩමියක් තමුන් විසින් හිත ඇතුලේ දාගන්න. උදාසීන මිනිස් ඇඟක්. දැන් උඹලට පුලුවන්, ඒ ඒ කතාවෙන් එලියට එන ගතිගුණ එක්ක අර චරිතාංග අර ඇඟට ඔබ්බගන්න. එතකොට මගේ හෝ වෙනින් ඕනම ලියන්නෙක්ගේ චරිතත් එක්ක උඹලා හිතේ ගොඩදාගන්න කතාව පැටලවීමක් වෙන්නේ නෑ.
මේ මම පටන් ගත්තු තුන්වෙනි බ්ලොග් එක. පලවෙනි එක 2008 අවුරුද්දේ අග අමුතු නමකින් පටන් ගැනුනත් දැන් ඒක නෑ. දෙවැන්න දැනට වේලෙමින් පවතින දේෂපාලණික බ්ලොගක්. ඒ කාලෙට වඩා මම ලියපු විදිය හුඟක් වෙනස් වෙලා. ඒකට හේතුවම මම එන්න එන්නම කියවපු දේවල් වෙනස් වෙලා. ඒ කාලේ තෝරාගත් පොත් ටිකක් කියවපු මම, දැන් හුඟක් පැති වල පොත් කියවනවා. ඒකට ඇත්තට ස්තූති වෙන්න ඕන මට බ්ලොග් වලින් හම්බෙච්ච යාලුවොන්ට. ඒ වටින යාලුකං හදලා දීපු නිසාම ටොපිය මට හුඟක් වටිනවා.

අවුරුදු දෙකකුත් මාස දෙකකට එහා පැත්තේ ලියලා, අදට ටොපියේ ලිපි සියයක් තියෙනවා.

Wednesday, August 31, 2011

චිත්ත වංකගිරි නිර්මාණය


මිනිසුන් අතරමං කිරීම.  පලමු සහ සුවිශේෂම කාරණය, මෙය අන් මිනිසුන් අසරණ කිරීමක් නොවන බව. ඔබේ දැනීම උදෙසා, ඔබ අන්‍යන් තේරුම් ගැනීම උදෙසා ආත්මාර්ථය පෙරටු කොටගෙන අන්‍යන් අතරමං කිරීම. මේ තුල ඔබටත් සුවිශේෂ ආරක්ෂාවක් නෑ. මෙය සිදු කිරීමට ඔබද ඔබගේ චිත්ත වංකගිරිය තුල ජීවත් විය යුතුයි. එසේ නැති වුවහොත් වංකගිරිය නිර්මාණය කරන ඔබේ සැබෑ ජීවිතයේ බොහෝමයක් දේ බිලිදීමට සිදු වෙනවා. එනිසා මෙය ඔබ පිටත සිට ආරක්ෂිතව සිදු කරන ක්‍රියාවක් නොවෙයි. ඔබ වෙත තිබෙන එකම වාසිය ඔබ එහි නිර්මාතෘ වීමම පමණයි. ඔබ එම වංකගිරියේ සැලැස්ම හොඳින් දන්නවා. එසේ දැනගත්තා වුවත් ඔබට එයින් පිට විය නොහැකියි. මන්දයත් ඔබ වංකගිරියෙන් පිටවුනු වහා එහි නිර්මාතෘ හෙලි කරගැනීමට පහසු වෙනවා. එනිසා ඔබ එය ඇතුලත ජීවත් විය යුතුයි. ඔබ එහි ප්‍රධාන නළුවා. සිහි තබා ගත යුතු දෙවන කාරණය, වංකගිරියෙන් පිටතද මිනිසුන් සිටිනවා. එනිසා තාප්ප සහිත ඔබේ වංකගිරියට වහලයක් සාදාගන්නේ නම් මැනවි.

මින්පෙර මෙයාකාරයේම ලිපියක් වෙනත් අඩවියක පලවී තිබුනා. එම ලිපියේ ප්‍රධානතම අවබෝධය දෙනු ලබන්නේ "අනන්‍යතාවය" ගැන. මේ ලිපියේ ප්‍රධානතම අවබෝධය දෙනු ලබන්නේ "අවබෝධය" ගැන. එසේ අවබෝධය ලබා ගැනීමට අනන්‍යතාවය වැදගත්. චිත්ත වංකගිරි වැඩිපුරම නිර්මාණය කල යුත්තේ මුහුණට මුහුණ වැඩිපුර හමු නොවන චරිත සඳහා. පෙර කිවූ අඩවියේ පලවූ ලිපිය අනන්‍යතාව සම්බන්ධව තව දුරටත් තර්ක කිරීමෙන් මා ඈත් කලා. එම නිසා එහි තර්කය අඥාත වූ අනන්‍යතාවයකදී අතිශය සාර්ථකයි. සෙවීම් නිෂ්ඵල විය හැකියි. ඔබ තවත් වංකගිරියකට ඇතුල් වූවාද දන්නේ නෑ. සිහි තබා ගත යුතු තෙවන කාරණය, මේ නිර්මාණය ක්‍රියාත්මක කරන්නේ සිහිනයක් තුල නෙමෙයි. සිහිනයක් තුලදී එහි ක්‍රියාත්මක වීමේ කිසිඳු බලපෑමක් පියවි ලොවේදී බලපෑමක් වෙන්නේ නෑ. සාමාන්‍යයි. පියවි ලොවේ ඔබේ සතුරෙකු සමග සිහින ලොවේදී ඔබ එක්ව යම් ක්‍රියාවක් කලා විය හැකියි. නමුත් පියවි ලොවේදී නැවතත් ඔහු ඔබේ සතුරා. නොඑසේනම් පියවි ලොවේ මිතුරාට සිහින ලොවේදී ඔබ එලව එලවා පහර දුන්නා විය හැකියි. නමුත් නැවතත් පියවි ලොවේදී ඔහු ඔබේ හොඳම මිතුරා. යටි සිත තුල යමෙකු පිළිබඳ ඔබේ ඇති සත්‍ය හැඟීම පියවි ලොවේදී බලපෑම් කරනවා අඩුයි. මන්දයත් "ලෝකය රඟ මඩලකි. අප එහි රඟන නළුවෝ වෙමු."

සිත පාලනය කිරීම මනුෂ්‍යයනට අපහසු දෙයක්. අන් අයට ඔවුන්ගේ සිත පාලනය කිරීම අපහසු බැවින් ඔබට එම වාසිය ඔබේ චිත්ත වංකගිරිය සඳහා යොදාගත හැකියි. සිව්වන කාරණය, ඔබ මනුෂ්‍යයෙකු බැවින් එය ඔබටත් බලපෑ හැකියි. චිත්ත වංකගිරි නිර්මාණයේ ඇතුලත, ඔබ හෝ ඔබ අතරමං කිරීමට සැලසුම් කරන පුද්ගලයා හෝ සමාජය උදෙසා නිර්මාණය කරන්න. ඔබට ප්‍රශ්නයක් මතු වේවි, ඔබට ආවේණික ආකාරයකට පසුබිම සකස් වීමේදී ඔබ දෙසට සැකයේ ඇඟිලි එල්ල වීමට ඉඩ ඇතියි කියා. ඔව්, ඒ සැකයක්. ඕනෑම අයෙකුට සැක කල හැකියි. නමුත් ඔවුනට සැකය ඔප්පු කරගත හැකි එකම මග ඔබගේම පාපොච්ඡාරණයකින් පමණයි. සිතට ගත යුතු පස් වන කාරණය, එය ඔප්පු කල හැකි වන්නේ ඔබෙන් සිදුවන "වාචික" පාපොච්ඡාරණයකින් පමණයි. මන්දයත් නූතන තාක්ෂණය තුල Photoshop මෘදුකාංග භාවිතය ඉතාමත්ම සරළ දෙයක් වීමයි. ආරක්ෂාව සඳහා වංකගිරිය සැලසුම් කිරීම ඒ ඒ මොහොතට සැලසුම් කරන්න. නැතහොත් ඔබේ ඉදිරි සැලැස්ම පිලිබඳ ඉඟියක් ඊට පෙර පිටවීමට පුලුවන්. ඔබත් මනුෂ්‍යයෙකු නිසාවෙන්.

වංකගිරි නිර්මාණයේ දක්ෂ වීමට එක්තරා මූලික අභ්‍යාසයක් තිබෙනවා. ඒ ඔබ අනුන්ගේ වංකගිරියක පැටලීමයි. පලමුව චිත්ත වංකගිරියක ඔබ පටලන්නට උත්සහ කරන්නෙකු සොයාගත යුතුයි. ඔව්, එවැන්නන් එමටයි. ඔවුන් සෙවීමට ඔබට යම් අවබෝධයක් තිබිය යුතුයි. ඉන්පසු ඔවුන් නොදැනෙන ලෙස ඔවුන් ගේ වංකගිරියේ සැරිසැරිය යුතුයි. එසේම ඔබ එම වංකගිරිය තුල පැටලී ඇති වග ඒ පුද්ගලයාට හැඟවිය යුතුයි. නමුත් අනුන්ගේ වංකගිරි තුල තමුන්ගේ අනන්‍ය ලක්ෂණ, රහස් සහ තොරතුරු පිටවීමේ අවධානම වැඩියි. එම නිසා ඒ වෙනුවට නියැලීමට ඔබට සරළ ජංගම දුරකථන ක්‍රීඩාවක් යොදාගත හැකියි. "Snakes", snakes ඕනෑම සරළ ජංගම දුරකථනයක ඇති ක්‍රීඩාවක්. Snakes හී විශේෂත්වය ඇම් යොදමින් ඔබ නම් වූ සර්පයා විනාශ කොට පරාජය කිරීමයි. එහි තත්වයන් ඉහල යාමේදී snakes ක්‍රීඩාවට mazes නොහොත් වංකගිරිද එක් වුනා. එය ක්‍රීඩා කරන්න. එම සියලු ඇමවල් ගිලින්න. ඒවා නොගිලන තාක් ඔබ එක තැන. ඇම සොයමින් යන්න. ඔබට ඇම යොදන පුද්ගලයාගේ සියලු ඇම් ඉවර කරන්න. ගඩොල් බිත්තියක ඔලුව හප්පා ගත්තද, තමුන් විසින් තමුන්ව නොකන තැනට වගබලා ගන්න. එහි සැරිසැරීමෙන් තමුන්ට ලැබෙන ඥානය අනුව ඒ තුල ඔබ වර්ධනය වනු ඇති. එම ක්‍රීඩාවේ මූලධර්ම ඔබ කරන චිත්ත වංකගිරියටද යොදාගන්න. එය මදක් සංකීර්ණ වන්නා සේම, එය මහත්සේ ප්‍රථිඵල ගෙනදෙනවා. එය පැරඩොක්සීය නැඹුරුවක්ම කර නොගන්න. මන්දයත් ජනප්‍රිය ක්‍රමයකට පිටුපෑවුන් ඔබට බොහෝමයක් හමු වනු ඇති.එය අන්‍යන්ට ප්‍රතිවිරුද්ධව සිත මෙහෙයවීමක් බවට පෙළඹවාගන්න. එවිට යම් මොහොතක ඔබට ජනප්‍රිය ක්‍රමයට පක්ෂව සිටීමටද සිදුවිය හැකියි. හයවන සහ අවසාන කාරණය, ඔබ නිර්මාණය කල වංකගිරිය ඔබට අවැසි වේලාවක, ඔබට හානියක් නොවී නැවැත්විය හැකියි. ජය වේවා!

ප.ලි: මේක Inception වගේ ගොබ්බ ෆිල්ම් එකකින් ගත්තු දෙයක් නෙමෙයි. මේක ඊට කලින් ඉඳන් තිබ්බ සිතුවිල්ලක්. මේකට චිත්‍රපටයකින් උදව්වක් ලැබුනනම් ඒ The Prestige චිත්‍රපටයෙන් පමණයි. Inception ඔස්සේ මේ ගැන හිතන්නෙපා!

Friday, July 29, 2011

ආත්මීය සාහිත්‍යයේ පරස්පර දැක්වීම්


රසමසවුළු නැති මින් බත් පතට සරූ
නිසි සැලකුම් නැති ගෙරවිලි රැවිලි පිරූ
චන්ද්‍රෝ නුඹ වෙතට මගෙ පෙම මහත් සරූ
ඇතිමුත් යනෙමි බිඳි සිත මගෙ හදනු බොරූ

තිලක්! තිලක් මේ කතාවේ කථා නායකයා. තිලක් මේ කවිය ලියනව අන්තිමේ බාර් එකෙන් අතට ලැබිච්ච බිලේ. තිලක් පොරක්. තිලක් අඳින්නෙක්. රූප අඳින්නෙක්. ඉඳල හිටලා කවිත් ලියවෙන. වයලින් වාදකයෙක්. රැකියා නාමයට ක්ලාක් කෙනෙක්. තිලක් වෛද්‍ය විද්‍යාලෙ දෙවෙනි වසරට වෙනකං ශිෂ්‍යයෙක්. මනුස්සයට විශ්ව විද්‍යාල ජීවිතේ එපා වෙනව. වෙනදට අම්මලා ගෙදර නැති දවසට තේකෙ හිටන් හදලා දීපු නැන්දා මුව නොසෑහෙන්න බනිනවා. ගෙදර මිනිස්සුන්ගෙ කේන්තිත් අවුස්සනවා. තිලක්ගෙ ජීවිතේ සංක්‍රාන්ති කාලයක් තියෙනවා. උදේ ඇහැරෙන, තේකෙන්ම කට හෝදල බඩත් පුරවන, උදේට කාපං කියනකං ලියන, උදේට කන, දවල්ට කාපං කියනකං චිත්‍රයක් එක්ක හැප්පෙන, දවල්ට කන, බඩට එපාවෙච්චි කෑම පුකට ඕනිවෙච්චි වෙලාවට එලියට දාන, හිතට හරියනකං නිදියන, රෑට වොලී බැස්ටියන්ගෙ සින්දු ටිකක් වයලින් එකෙන් අතුල්ලලා නිදි ඇඳට වැටෙන තිලක් රෑට කන්න ඇහඇරෙන්නෙ රෑ දහයට. එහෙම්මම දවස ඉවර කරන තිලක්ට කාලෙන් කාලෙට ගෑනු පරාන සම්බන්ධ වෙනවා.


සීගිරිය! සීගිරිය මේ කතාවෙ කතා නායකයට, තමන්ගේ ජීවිතේ මුදල්මය වටිනාකමක් නැති එහෙත් සතුට උපරිම කරවන්න මග පාදවපු තමුන්ගේ නිර්මාණ වල උල්පත. තිලක් සීගිරිය ගැන හැදෑරුවෙ නෑ. ඒත් තිලක් සීගිරිය ගැන හිතුවා. තමුන් දන්න පොඩි පොඩි සීගිරිමය තොරතුරු ඇතුලේ තිලක් සීගිරි සාහිත්‍යයක් ගොඩනැගුවා. ඒක දවසින් දවස අලුත් උනා. තමුන්ගෙ සංක්‍රාන්ති අවධියේ ඒ ඒ ගෙවිච්ච දවස් වල ඒ ඒ හැඟීම තිලක්ගේ මනෝ මූලික සීගිරියේ පිට කවරය උනා. තිලක්ගේ කලිසං සාක්කුවේ තිබිච්ච නවපු කොලේක මෙහෙම තිබුනා.


-කාෂ්‍යප-                                                                            -අප්සරා-
සිත් තැවුල් හද ඉගිල යනු මිස                                             පිතු මරා දුරැරා සිතින් එය
ඇස් කෙවෙනි අග බිඳු තියා                                                සිටින මුත් නොසිඳුනු ලෙසේ
බොඳවූ දෑසින් විඳිමි මම රූ                                                රාගධික බැල්මන් විදියි මයෙ
ලඳුන් සෙල මත විහිදියා                                                     නිරුවත්වු දෙතනේ රසේ


-තිලකේ-
තම පියාගේ නික්ම යෑමෙන්
රිදුම් දෙන හද දර දරා
සිටින කුමරුට දෙතන් පෙන්වන
නොහික්මුණු වන අප්සරා

තිලක්ට ගෙවෙන මොහොතක් ගැන පැති ගොඩකින් හිතන්න පුලුවන්. ඒක හොඳ දෙයක් කියලා කියවන ඔබට හිතුනට, එහෙම හිතෙන එකෙක්ට ඒක හරිම වදයක් වෙන්නත් පුලුවන්. තමුන් තනියෙන් රසවිඳපු අප්සරාවො දිහා වෙනින් ඇස් කන්දරාවක් පස්සෙ කාලෙක යොමු වෙයි කියලා කාෂ්‍යපට හිතෙන්නෙ නැතුව ඇති. තමුන්ගෙ රාජධානිය පින්තූර කරලා විකුනගෙන කයි කියලා කාෂ්‍යපට හිතෙන්නේ නැතුව ඇති. අප්සරාවන්ට වඩා ලස්සන ලැමක් තියෙන ගෑනු අප්සරාවන්ගෙ ලැමට ඊරිසියා කරයි කියලා කාෂ්‍යපට හිතුනෙ නැතුව ඇති. මෙව්වට මෙහෙව් උනැයි කියලා කාෂ්‍යප රජ්ජුරුවො දැනගත්තනං මනුස්සයට ලැජ්ජත් හිතෙයි. ඔබ හිතන්න කාමරේ දොර වහගෙන සෙක්ස් ෆිල්ම් එකක් බලද්දි තාත්ත කාමරේට ඔලුව දැම්මොත් ඔබේ මූනෙ හැඟීම. තමුන් බිව්වයි කියලා මතක් කරන්න දීපු බිලක පිටිපස්සේ තිලක් කුරුටු ගාපු කවි කෑල්ලක්, බ්ලොග් එහෙක යයි කියලා තිලක් හිතන්නැතුව ඇති. එහෙම උනානම් තිලක් තමුන්ගෙ නම තිලකේ කියලා නොලියයි. ඒ තිලක් තමුන් විඳින්න කැමති විදිය. ඒක අනෙකෙකුට කියලා විඳවගන්න බෑ. ඔබ විසින්ම මතක් කරගන්න කවුරුන්හෝ තමුන්ට මේ නමින් කතා කරන්නය කියලා වෙනස් නමක් කිව්වම් ඔබේ මුහුනට ආපු උපහාසාත්ම ඉඟිය. ඒක තමයි මිනිහගේ ඇතුල. ඒක රහසක් වෙන තරමට ඒක ඒ ඒ අදාල මිනිහට රහයි. තමන්ගෙ කවි කෑල්ලට මෙහෙව් වෙච්ච විත්තිය තිලක් දැණගත්තොත් තිලක්ට ලැජ්ජත් හිතේවි. මොකද කාෂ්‍යප වගේම තිලකුත් මේක බෙදාගෙන රසවිඳින්න කරපු දෙයක් නෙමෙයි.

ඔබ තාමත් හිතනවද ඔබ දෙයක් දිහා බලන විදිහේ ගැම්ම මදියි කියලා. ඔබ කුමක් හෝ අවස්ථාවකදි මුලදි ගත්තු තීරණයක් වෙනස් කරලා තියෙනවද? පිලිතුර "ඔව්" නම් ඔබ යම් අවස්ථාවක් දෙස අවම වශයෙන් දෙවිදිහකින් බලලා තියෙනවා. ඔබ ඒ මුලු සිද්ධිය ගැන පේලි හතරක් ලියන්න හිතුවද? ලියලා තියෙනවද? ඔබ මුලු සිද්ධිය විස්තර කරන්න තනි වාක්‍යයක් හිතුවද? ඔබ එය කොලේක ලියන්න බය හිතුනද, මිතුරන් එය දකීවියි සැකයට? ඔබට ලැජ්ජා හිතෙයිද? ඒ වෙනකොට ඔබේ ආත්මීය නිර්මාණය ඔබේ මතකෙන් ගිලිහිලා නේද? දැන් අපරාදෙ කියලා හිතුනද?

අවට වෙච්ච සිද්ධි ගැන ඔබේ ආත්මීය ප්‍රකාශන ඔබ විසින්ම එකතු කරන්න.
එය ඔබට මහත් සතුටක් වේවි. අස්වැසිල්ලක් දේවි.

හැබැයි අවසාන වශයෙන්! එය ඔබ පමණක් රසවිඳින්න.

මගේ සිතුවිල්ල පරස්පර විරෝධීයි කියලා තිලක්, කාෂ්‍යප සහ ඔබ ඇසුරෙන් ඔබට සිතුනාද?

Tuesday, March 29, 2011

ඇඩ්වටයිසින් සහ සාසනේ

හීන... හීන ඇති කරෝපු බළාපොරොත්තු මිනිස්සු ජීවත් කරවනවා. මිනිස්සු වැඩ නොකරන වෙලාවට දකින හීන වලින් වැඩ කරද්දි හිතට ජවයක් ගන්නවා. හීනය විසින් ඒ වැඩේ කරන්න ආසාවක් ඇති කරවනවා. ඒ නිසා හීනයේ බලෙන් හීනයම හැබෑවක් කරනවා. ඒ කියන්නේ හීනයෙන් හීනය මරනවා. ඒ මරනවා කියන එක සමහරුන්ට ජයගන්නවා කියන්නත් පුලුවන්. මෙගේ හීන... මටත් තියෙනවා හීන. පරන හීන අලුත් හීන වලින් රිප්ලේස් වෙනවා. මගේ සැබෑ කරගත යුතු හීන බොහෝමයක් පේන්නේ දවල්ට. මට රෑට පේන හීන සැබෑ නොවෙනවා වගේම ඒවා හරි විකාරයි. දවල් දකින හීන. . . රස විඳින්න පුලුවන් නිෂ්පාදකටම විතරයි. ඒත් රෑට දකින හීන. . .

ෂුහ් මම ටයි එකක් දාගෙන හිටියේ. නවම් මාවතේ ඇවිදින ගමන්. ලැප්ටොප් එක බෑග් එකෙන් දකුණු උරිස්සේ එල්ලී එල්ලී තිබුනා. සමහරවිට මම රස්සාවකට යන්නැති. පාර අයිනේ, සාරි පොට පළල අඩුවට ඇඳපු දෙපැත්තෙන් දෙකම පැනපු අක්කලා දෙන්නෙක් හිටියා. ඒගොල්ලෝ මට අතින් කතා කරා. වටපිට කැමරා එහෙමත් අටවගෙන හිටියා. එක්කෙනෙක් මගෙං නම ගම විස්තර අහනකං අනිත් කෙනා මගේ ඇස් වැහෙන්න රෙදි පටියක් බැන්දා. මම ඇයි කියලා ඇහුවත් මොකුත් කිව්වේ නෑ. එකපාරටම මාව වැව අයිනේ යකඩ කෑල්ලකට හේත්තු කරා. මං හීතන්නේ ලන්දේසි නැංගුරමකට. ඊට පස්සේ මට දැනුනේ මාර සනීපයක්. පාවෙලා යනවා වගේ. ඒ අක්කා මිනිත්තු දහයක් විතර ඒක කරලා මගේ ඇස් දෙක බැඳපු පටිය ලිහුවා. වැව අයිනේ ආරක්ෂාවට  හිටපු නේවි එකෙත්, ආමි එකෙත් කට්ටියගේ මූණු ඉරිසියාවෙන් දිලිසුනා. මම ඉක්මනට සිප් එක වහගත්තා. ඔන්න කැමරා මගේ ලඟට ලං උනා. දැන් එතන හිටපු අක්කා කට වටේ පිහිදම දම මගෙන් ප්‍රශ්න අහනවා. 

අක්කා: මල්ලි ඔයාට ඒ සනීපේ දැනුනේ මොන බිස්කට් කාපු කටකින්ද?

මම හිතුවා. හිතුවා. ඒ දේ කරද්දි මට දැනිච්ච ලිස්සලා යන ගතිය වෙන බිස්කට් එහෙකට තියෙන්න විදියක් නෑ.

මම: නියත වශයෙන්ම පොංචි සුපර් ක්‍රීම් ක්‍රැකර්. සුපර් කියන්නේ ඉතින් නිකන් නෙමෙයිනේ.

ඒ හීනං මම ඇහැරුනා. මම හීනෙන් හිතට ගත්තු එකම දේ උනේ පොංචි ක්‍රීම් ක්‍රැකර් හොඳ ඇඳ උඩදි කන්න දෙන්න විතරයි කියලා.

ෂහ් මම හිටියේ කැමරා ගොඩක් මැද්දේ කලු පාට සෝෆා එහෙක වාඩි වෙලා. එහා පැත්තේ සුදු පාට සෝෆා එහෙක වාඩි වෙලා හිටියේ හෙන ප්‍රසිද්ධ හාමුදුරුනමක්. ස්ක්‍රිප්ට් රයිටර් ලියපු ප්‍රශ්න වැල ප්‍රොඩියුසර් මගේ අතට ගෙනත් දුන්නා. මේ එතන ඉඳලා සංවාදේ.

මා: සුබ උදෑසනක් වේවා හාමුදුරුවනේ.

උන්නාංසේ: එසේම වේවා!

හුටා මොනාද මේ ස්ක්‍රිප්ට් එක ලියපු එකා ලියලා තියෙන්නේ. . .

මා: මේ ලඟදි නිකුත් උනු ඔබ වහන්සේගේ ඇල්බම් එක ගැන සඳහනක් කලොත්..

උන්නාංසේ: ඔව් ඒක වෙනස්ම ආරක එකක්. ඒ වෙනස අත්විඳින්න. එය කොයිබ්‍රේෂන්ස් ආයතනයෙන් සහ හොරානා ආයතනයෙන් මිලට ගන්න පුලුවන්. ඒ වගේම සීඩී එකත් කැසට් පටයත් මිලට ගත්තොත් මාගේ වර්ණ පෝස්ටරයකුත් නොමිලේ.

මා: එයට දායක් වූ පිරිස ගැන සඳහනක් කලොත් හාමුදුරුවනේ.

උන්නාංසේ: ඔව් ඒකේ ෆීචර් කලා අපේ පොඩි නම සහ ලඟ පන්සලේ හාමුදුරු දෙනමක්.

මා: ඔබවහන්සේ එහි අන්තර්ගතය ගැන සඳහනක් කලොත්..

උන්නාංසේ: ඔව් මම ඒක කරේ පොඩ්ඩක් හයි බීට් එකකට. කවි බණ වලින් එහාට ගිය දෙයක්. බයිලා ටයිප් එකට යනකොටනේ බණ උනත් මිනිස්සුන්ට වැදෙන්නේ මහත්තයෝ.

මා: එතකොට ඔබ වහන්සේගේ ඉදිරි කටයුතු..

උන්නාංසේ: ඔව් මගේ අලුත්ම "බුරුම වන්දනා චාරිකා" ඩොකියුමන්ට්‍රි වීඩියෝ එක මේ දවස් වල සැකසෙමින් පවතිනවා. ඒ වගේම ජාතික ලයිස්තුව පිලිබඳ සිහිනයකුත් නැතුවම නොවෙයි.

පිලිතුරෙන් මා තිගැස්සී ඇහැරුනු අතර සිහිනෙන්වත් ඌට, උන්නාංසේ යනුවෙන්  ඇමතීම ගැන දුක් විය.



විශේෂ ස්තූතිය: ආපහුවත් මේ වගේ ගොන් ඇඩ් මේක දකින එකෙක්වත් නොහදන්න ඕක ලියපන් කියපු නොදරුවාට සහ චීවර හොරුන්ට කෙලවපන් කියපු ලිෂාන්ට.

Thursday, March 24, 2011

විකෘති

හ්ම්හ්හ්. . . වසත් කාලය මනරම්ව ගත කල අතර, කරුම ගෙවීමට කාලය පැමිණ ඇත. "නිදියහන කැලඹෙයි" නොබැලුව මුත් මනස දැඩි ලෙස කැලඹී ඇත. එයද බැලීමට නොහැකි වූයේ ගමේ හෝල් එකට චිත්‍රපටය නොපැමිනි නිසාවෙනි. ඇස් වහගෙන ගැරඬින් මෙන් වෙලී සිටීමක් උදෙසා A/C හෝල් වලට නොගෙවන්නට අප දෙදෙනාගේ දැඩි එකඟතාවයක් ඇත. දෙහිවලට පමණක් සත්තු වත්තක් තිබීම ගැන අප උරණ වූ අතර, කෞතුක භාන්ඩ එක බිල්ඩිමකට කොටු නොකොට කොළඹ අවට තැන් තුනක පමණ තිබුනානම් මේ ඒකාකාරී බවෙන් මිදීමට අපට හැකිව තිබිනි. රුපියල් පනහක මුලු වියදමට කෞතුකාගාරය අපට පාරාදීසයකි. සතියේ දිනවල සෙනගද නැත. පාක්. . . හෙහ්. . . ගස් අප එනු දුටු විට විළියෙන් ඇඹරෙයි. සිකුරිටි අන්කල් අයිඩෙන්ටිය නොබලයි. මේසයක් පුටුවක් නැති ප්‍රධාන කාර්‍යාලය තුල  මූන කට පූට්ටු වූ ජෝඩු අවමය දොලහක්වත් ඇත. පාක් එකට එන සුද්දන් සිතනවා විය යුත්තේ "ගෲප් සෙක්ස්" කියා විය යුතුය. හිස් වන බංකුවකට පොරකෑමට ඉඩක් ලැබෙන තෙක් ඇයත් මමත් ගස් මුල් රත් කරමු. අනන්ත අප්‍රමාන මිතුරන් හමුවෙති;

  • මේ මෙයාට.. පොඩ්ඩක් පාඩං කරන්න බං!
  • දන්නැද්ද මුචා! අද නිවාඩු දවසනේ බං..
  • අද පංසල් යන්න කියලා බං. වෙලා වැඩියි; ඒකයි මේ පැත්තේ..
උන් මං අහන්නත් කලින් මෙයාකාර බොරු කියනතර, උන්ගේ ගෑනු විළියෙන් ඇඹරේ. දෙයියනේ අපිත් ඇතුලට එන්නේ පාඩං කිරීමේ සුපසන් සිතින් වුවද, අනිත් උන්ගේ "පාඩං නකෝ" දුටු විගස අපේ පාඩමට බාලගිරි ගසයි.

ගෝල්ෆේස්, එකම අවුල  ඉර අව්වම පමණය. මූදු හුලං ප්‍රතිරෝදය කපාගෙන යන්න දඟලන ෆිට්නස් කපුටන්ට කෝචොක් එකට හිනාවෙන අප; මුහුදු රැලි ගල් වල වැද ඉහල නගින තෙක් කැමරා මානගෙන සිටිමු. තොල් වලට විවේකයක් ලද ඇසිල්ලේ අනිත් ජෝඩු "මුන්ට පිස්සු දැ"යි ඔලුව හරව හරවා බලති. හුණුපිටියේ වැව මැද හට් එකේ අව්වට අමතර කපුටු අවුලක්ද ඇත. සැවොම පොරකන කොට්ටම්බා ගස් හෙවනේ බංකුව පමණක් සුව ගෙනදේ. දිනෙක නවලෝක පෙට්ටි කඩෙන් සමෝසා ප්ලේන්ටී පහසින් සැනහෙන අප, දිනෙක ස්ටාර් ඩෝග්ස් හොට් ඩෝග්ස් කා රූට්ස් හී ජූස් බොති. වෙනස හරියටම රුපියල් හත්සියයකි. ඒ අප දෙදෙන සති ගණන් තිස්සේ වේල් මගහැර ඉතිරි කල මුදල්ය.  The Cafe 5th හී ළමාතැනී හඩු ඇඳුම් ඇඳ, රබර් සෙරෙප්පු ජෝඩු දමං එන ජෝඩුව දෙසට හෙලන්නේ ජුගුප්සාජනක බැලුම්ය. එහා වැටේ වන "රහීමා" හී කලු කොට වේටර් බුවා බිත්තර රොටි දෙකක්, පරාටා හතරක් සහ මස් හොද්දක බිලක් දාන ජෝඩුවට දක්වන සුහදශීලී සිනහව ඉදිරියේ Cafe 5th ළමාතැනී නිරුවත් වෙයි.

ආදර සිතුවිලි දෝර ගලවන අතරම සාද වෙනුවෙන්ද කලක් වෙන්කල යුතුව තිබුනි. පාසල් කල පටන් සෙට් වන මිතුරන් හත්දෙනා, සෙට් වීම් සෙට් එක, ඉස්කෝලේ සෙට් එක, මොරටුව එක්සත් බේබදු ළමා සමාජය, සයිබර් අවුරුදු උත්සව සංවිධායක කමිටුව, "නිකං ඉන්න බැරි මෝඩයෝ" හී පලමු බැචේ සෙට් එක, දෙවන බැචේ සෙට් එක, මම නොකරන ඩිග්‍රි බැචේ සෙට් එක, පාර්ලිමේන්තුවේ පියාගේ මිතුරු කැල සහ නෑදෑයෝ යනාදී නොයෙකුත් පාර්ශව අතර හමුවීම් සඳහා කාලය වෙන්කල යුතුව ඇත. බේරුවල, පානදුර, මොරටුව, ගල්කිස්ස, දෙහිවල, වැල්ලවත්ත යනාදී බීච් වලද, ඇට්ලාන්ටික්, ලෝටස් ලීෆ්, ඇක් ඔපල්, වයිට් හෝස්, ඩාන්ස්කෝ මෙන්ම කුරණ, වත්තල, මීගමු ප්‍රදේශ වල අවන්හල්ද, තවද අමතක නොකරම බැරි වාද්දුව සෙට් වීම් මූලස්ථානයටද යාම් ඊම් නිතර සිදු වුනි.
අවසානයේ කරපු ලව්, කාපු කෑම, බීපු බීම මෙන්ම ඇවිද්ද මතකයන් දෙකොණින් යාමට වැඩ සිද්ද වී ඇත. සියලු නෝට් ෆොටෝ කොපිය. නිබන්ධන වල ඇති ඉංග්‍රීසි හෝඩිය පමණක් තේරුම් යයි. මෙතුවක් ලියූ විභාග තරමක් ශේප් අතර ඉදිරිය අති භයංකරය. භයට වාක්‍ය අවසන්ය. ඉතිරිව ඇත්තේ කවි පද හතරකි.

ප්‍රොජෙක්ට් සබ්මිට්ය, දත කාගෙන කර    නා
විශයන් භයංකර, තඩි ගිරවුන් දම             නා
ක්ලාස් කැලේ, මෙඩලය පමණක් ගන්     නා
කිසිඳු හතුරෙකුට, මෙ'විපතක් නොවෙ     නා

"විකෘති" හී ප්‍රසිද්ධ ගීයකි.
විභාගේ තමයි අපේ අභාගේ

Thursday, February 10, 2011

බිසී වීමම . . .

කොයියෝගේ මිනිත්තු එකොලහ අවසන් අඩියට පැමිණ  ඇත. කොට්ටය ඇඳ විට්ටමෙන් උස්ව තබාගෙන අවසන් පිටු දෙකද කියවා හමාර කලෙමි. වෙනදා පුරුදු පරිදි පොත පසෙක තබා සරම ලිහුවද; සිතක් නැත. එයට සිතක් නැත. ඒ පොත නිසාදැයි නොදනිමි. නමුදු මට ගැහැනුන් අප්‍රිය වී නැති බව පමණක් දනිමි. ලොවටම තිබූ එකම එළියද නිවා සිරුර ඇඳෙහි මුදා හලෙමි. හොඳ හුස්ම උගුරු තුනක් නහයෙන් ගිලගත් පසු සිරුර තුල වූ සියලු ජීවී අංශු ඇඳට ලම්බකව සිරුරේ අඩියට වැටෙනු දැණිනි. ඒ ආතල් එක තුල මම බිසී වීමි. එම මොහොත තුල දුරකතනය නාද වීම මට කරදරයකි. දොරට තට්ටු වීම වදයකි. විදුලි විසංදිය මල වදයකි. පැහැදිලි කලහොත් අනෙක් පසට හැරීමටත් නොහැකි තරමට ඒ ආතල් එක තුල මා බිසී වී ඇත.

පසු දින ඉරිදාවකි මා උදෑසන ඇහැරී ඇත. පාන්දර වැඩි බවක් නොදැනීමම දවසට සුබ ලකුණකි. සුපුරුදු ක්‍රියාව ලෙස කැමරාව සුවෙන්දැයි බැලීමි. අතට ගෙන සකසා එහි සුවඳ බැලීමි. පෙර දින වූ සුවඳම එහි ඉතිරිය. මිදුලේ ගහක් කොලක් නෑරම මතකයට ඇල්ලුවෙමි. කාලය ගෙවීම සහ ලෝකය කැරකීම හේතු ගෙන  සෑම රූපයක්ම අනිකට වෙනස්ය. රූපයකට රූපයක් වෙනස් වීමට තවත් උප හේතුද බලපායි. අත් වෙව්ලීම, සුළඟ සහ සෙවනැලි පවා රූපයකට රූපයක් සම නොවීමට උඩ ගෙඩි දෙයි.
[මේ එක් තත්පරයක් තුල ගත් ඡායාරූප හතරකි(4fps).]

රූපගත භාවනාවක් මා ගිලී ඇත. විටෙක ISO සකසයි. විටෙක ෂටර වේගය බෙහෙවින් අඩු කරයි. කැමරාව තුල විකාර රූප චිත්‍රණය කරයි. එළිමහනක කැමරා භාවනාවක බිසී වී සිටින මට වැස්ස දේව ශාපයකි. තේකක් ගෙන ඉදිරියට එන අම්මා, කැමරාවක් තුල රාජ්‍යයක් තනා සිටින මට පහර එල්ල කරන පරදේසක්ක්කාරයෙකි.

පරිසරයෙන් මුදාහරින දැඩි සීතල හේතුවෙන් රස්නයක දැඩි අවශ්‍යතාවක් නැගින. සිතද ගතද ඉල්ලන්නේ ඇයයි. එහෙත් ඈ දැකීම අපහසුය. රුපියල් විසිපහක දුර ගෙවා යා යුතුය. මා පියන්ද රැකවල්ලා සිටී. සිත් කොනට අනියමී තට්ටු කරන්නට විය. දින දෙකකට පෙර හිතමිතුරු සෙට්වීමක අවශේෂයක් පොත් රාක්කය පිටුපස හිඳ බැලුම් හෙලන්නට විය.
කඩෙන් වැඩමවූ ස්ප්‍රයිට් බාගයක් සමග එකමුතුවූ තවත් ජාති කිහිපයක් මා බිසී කරමින් ඇත. ගිටාර් බඳට වදින තට්ටුවෙන් නැගෙන සිහින් තාලයක් සමග සිරුරද මනසද එක්තැන් කොට සමරන මහා නිදහසට මා වහල් වී සිටිමි. ඇගේ දෙ අතට මැදිව ඇගේ හෘද සඵන්දනය විඳීමේ ආහ්ලාදය මනසේ රූපගත වෙමින් ඇත. මෙකල බාධා නොවිය යුතුයැ. මෙකල බාධා නොකල යුතුයැ. කියවා ඇති ලෙස විඳීම් ඉන්ද්‍රජාලිකය. ඉන්ද්‍රජාලයේ ගිලී ඇති විට කූද්දනු ලැබීම කුපිත කරවයි. මා බිසී වීමට විධි සොයමින් ඇත.

ආදරය සුන්දර වරදක් නොවේ. එය ආශ්වාදනීයය. හේ අත්දැකීම් ගෙන එයි. පෝෂණය කරයි. සතුට දැන්වීමේ උපරිමය මවයි. වැටීම් බිඳීම් පාඩම් කියා දෙයි. ආදරයේ මුල් පාඩම් ජීවිතයේ ඉදිරිය තනයි. ආදරය විඳවිය යුතු නොහේ. ආදරයේ චැප්ටරයන් තුල එකිනෙකට වෙනස් සිහිවටන ඉතිරි කරයි. නාම පද, ක්‍රියාපද, විශේෂණ පද බොහෝමයකි. මා ආදරය නැති කල එය හඹා යයි. ආදරය මත ඇති ගැලපීම් සොයා ඒ සඳහා ජීවත් වෙයි. ආදරයේ සොඳුරුතම අවධියක් මා ගෙවමින් හිඳිමි. ඈ මැණික් සොයයි. විටෙක උණ බලයි. නොයෙකුත් සුරතල් වීම් මැද අප එකිනෙකා කෙරෙහි හැඳිනිමින් සිටිමු. ආදරය තුල අනාගතය, රතිය සහ සමාජය; සකසමින්, පාලනය කරමින් සහ හැඳිනගනිමින් සිටිමු. ඈ හා එක්ව ගොඩනගන ආලය තුල මා බිසී වී ඇත. කෝපය උලුප්පන ඕපාදූප කටවල් මැද අප අපේ ආලයේ කාර්‍යබහුලය. බාධා නොකරනු මැන.

ගීතය. එය රුධිරගතව ඇත. සිතට එකඟ අදහසකට රිද්මය දෙන කනට මිහිරි නද මට අතිශය ගීතවත්ය. විරහවද රසයකි. පෙර කිවූ පරිදි අත්දැකීමකි. ගීත, අත්දැකීම් අවුස්සයි. නෙත් අයවයි. තොල් වියලි කරයි.

  • උණුහුම මත හෙමිහිට අඩි තිය තිය.. තාලෙට ඇවිදින්නේ ඔබ කොහොමද..
  • පෙනෙයි සඳේ සේයා සඳ පායා.. හද අරං ගියා මගේ රත්තරං මායා..
  • රතු හැට්ටේ පළල් මදි දෙතන පෙනෙන්නට.. තිසරුන් ආසයි මුහුන බලන්නට..


මේ සිරිලක වෙනස් තාලවලට, වෙනස් කාණ්ඩ ඔස්සේ එකම වස්තුවක් පිලිබඳ තෙවිදියකට නොහොත් රාමු තුනකින් ගැයෙන ගී තුනකි. ඔබට මේ මත බිසී විය නොහැකිද?

බිසී වීමෙහි අග්‍රඵලය මුදල් හෝ දහදියම නොවේ. . .

ඒ මාගේ මතයම පමණකි. වෙනස් අදහස් ඇත්නම් දක්වන්න. ජය!

Sunday, September 26, 2010

සරීර ශුවථා

මා නිදි අතර දරුණු අඩි තබන ශබ්දයක් ඇසී, ඇහැරී බැලූ අතර යෝද මකුළුවන් දෙදෙනෙකි. උන් ආවේ මාගේ එක්සයිස් මැසිම තිබූ කාමරයේ සිටය. උන්ගේ ආම්ස් හොඳින් වැඩී තිබූ අතර, මා ඇහැරවූ ශබ්දය පැමිණියේ ඒවා පොලොවේ ගැටීමෙන් බව උන්ගේ ගමන බලා සිටි මට සක්සුදක් සේ පැහැදිලි විය.

මේ සියල්ල පටන් ගත්තේ මා කෙට්ටුවීම අරබයා පියා විසින් එක්සසයිස් මැසිමක් නිවසට ගෙන ආ දිනයේ පටන්ය. එහි නම නොදන්නේ එහි නම මැකී ඇති බැවිනි. දෑවුරුද්දක් පුරා එහි ලූ මදක් වේලුනු රෙදි හේතුවෙනි. රෙදි වල තෙතට නම මැකී ගොස් ඇත. පලමු සතිය තුල මනාව කියූ පරිද්දෙන්ම වැඩකටයුතු සිදු වූ අතර. . . දෙවන සතිය තුල එය මත හිඳ ඉදිරිපිට තිබූ කන්නාඩියෙන්, ස්වකීය බේරෙන බඩ හුස්ම ඉහලට ගෙන කෙට්ටු කර බලා මාගේ මනෝ ශාරීරික සෞඛ්‍යය පිළිබඳ සතුටු වීමි. තෙවන සතියද එසේම ගෙවුනතර. . . මැසිම උඩ සිට කෙරුනු ස්වයං මෛථුන්‍යය නිසා හෝ කෙසේ හෝ ඉන අඟල් තුනක් අඩු වී තිබුනි. මේ මල වද තවත් දැරිය නොහැක.

සිව්වන සතිය ගෙවුනේ මැසිම එහා පැත්තේ තිබූ ඇඳ මතය. මා දොර වැසූ කාමරයේ සිට දොරත් හැර එලියට එන විට තාත්තා සතුටු විය. අම්මා ආඩම්බර විය. කාමරයෙන් එලියට එන විට දහඩිය පෙරාගෙන එනු පිණිස කාමරයේ විදුලි පංකාව නිවා දමා සිටීමට පුරුදු විය.

වේල් තුනක් කෑ පසු තව දෙකක්            ඇතී
අතර මැදදි බියරුත් එහි වැටෙනු            ඇතී
එක තැන හිඳ සිටීමෙන් බඩ වැඩෙනු     ඇතී
ගෑණිට සුව යහන මගේ උදරයම          වෙතී

මදුරු වදයට මදුරු දැල් උවමනා නැත. මදුරු කොයිල් පමණක් සෑහේ. මන්ද ලංකාවේ මදුරු කොයිල් බලපාන්නේ එය තබන මට්ටමේ සිට පහලට පමණක් බැවිනි. කොයිල් එක දෙපා ලඟින් තබාගත් පසු වැඩේ හරිය. මන්දයත් අප නිවසේ මදුරුවන්ට ඉහල පියෑඹිය නොහැකි බැවිනි. වේට්ස් කර උන්ගේ ඇඟ බර වැඩි වීම නිසා පියාපත් වලින් ඉහල පියෑඹිය නොහැක. උන් ඉහලට ආවත් එන්නේ පුටු කකුල්, මේස කකුල් වල එල්ලීගෙනය.

ගණනය කිරීම් වලට අනුව තවත් මසකින් පමණ සැට් එක ඩිරෙක්ට් බැලිය නොහැකි වනු ඇත. බැලිය යුතු වන්නේ කන්නාඩියෙනි. ඔලුව නවා පහල බැලූ පසු වර්ග අඩි කිහිපයක ප්‍රමාණයක් බඩෙන් වසාගෙන සිටී.  ඉතිරිව ඇත්තේ නැවතත් මකුණන් මදුරුවන් සහ මකුළුවන් එලවා දමා එක්සසයිස් පටන් ගැනුම පමණි.

මෙය කීවේ ස්වයං මඩකට නොව, ඔබට සිනා සීමටද නොව, යන්තමින් හෝ ඉදිරියට නෙරා එන බඩවල් අඩු කරගනු පිණිසය. ඒ අප අපගේ හොඳටම පමණි.

Monday, May 10, 2010

පුංචි විසි දෙකේ මං

මේක ටිකක් පහු වෙලා දැම්මා උනත් මේක දාන්නේ පහුගිය අප්‍රේල් තිස් වෙනිදට ලබපු මගේ විසි දෙවෙනි උපන්දිනේ නිමිත්තෙන්.හොඳ වෙලාවට අප්‍රේල් තිහ ඉපදුනේ.බැරිවෙලාවත් මැයි පලවෙනදා ඉපදුනානං මටත් ඉපදෙන්න වෙන්නේ "ලෝක වාසී කාන්තාවන්ගේ ශෝක දිනය" දවසෙයි.ඒක ශෝක දිනය වෙන්න හේතුව දැනගන්න "මැයි පලවනදා" අනිත් පැත්ත හරවලා බලන්නකෝ.සහෝදරියෝ ටික කේන්ති ගන්න එපෝ.කේන්ති යන්නත් එක්ක කියවන්නකෝ මේක.

සපුරත් දෙවිසි වසරක් ගිහි ජීවිතයේ
නොතිත් කම්කටොළු ඇති වුනි එක කලයේ
අතහැර නොදා මා සමගම සිටි තලයේ
දිරි දුන් සැමට තුති පුදනෙමි මෙම කවියේ

ගෙදර වටපිටද නාලන්දය මෙන්ම
වෑන් එකට, බස් එකටත් පිං වෙන්න
NIBM ද වලකිය සෙට් වෙන්න
සෙට් වුනු බොක්කවල් හට තුති පුදනෙමි ඔන්න

සාපෙට උපෙට සහ අනෙකුත් විෂයන්ට
ටියුටරි තොගයකට ගිය හේතුව වන්ට
ලකුණු නැතත් මා හට ඉන් ගොඩ යන්ට
මිතුරන් පිරී ඇත දිවි මං ගොඩවන්ට

මූණු පොතත්, ට්වීටරයත් සමගින්නා
සයිබර් මිතුරු කැල මා සමගම ඉන්නා
බ්ලොගින් ජීවිතෙත් යහමින් ගතවෙන්නා
උඹලා නැති කලට මට විපතක් වෙන්නා

සොඳුරු කොනිති, ගුටි, බැණුමුත් පිරී ඇතී
මැරියන් නමට මා හද ආදරෙන් වෙතී
මෙතෙකැයි කියා නැති අපේ ආදර කැටිතී
නොදරුවා මෙන්ම දවසක හිර කෙරෙනු ඇතී

අදරින් ලඟට ගෙන මා සනසන අම්මා
සිතින් පමණකිය අපේ අප්පගේ පෙම්මා
දිවිතුරු රැකගතිය ආදර පුත්තම්මා
විසිදෙක සපුරන්න දිරිදුන්නේ සැවොමා

Monday, April 26, 2010

වායු"හුඃ"මීකරනය

මේකට පොඩි පොඩි වෙනස් කම් ටිකක් කරන්න උනා.ඒ ගැන සමාවෙන්න.
මේක හුඟාක් කාලෙකට කලින් මම පොතක ලියපු සිද්ධියක්.මම හිතන්නේ අවුරුද්දකට විතර කලින්.මේ සිද්ධිය මම කම්මැලි කමට නිකන් පොතක ලිව්වේ.තද පැහැයෙන් ලියපුවා පලකරන අවස්ථාවේ එක් කරන ලද ඒවා බව කරුණාවෙන් සලකන්න.කතාව ටිකක් දිගයි!

අද කියන්න යන්නේ මට මෙතුවක් කලක් සිදු වුනු,දැනුත් සිදුවෙන, ඉදිරියටත් සිදුවේ යැයි බලාපොරොත්තු වෙන ලොකු අසාධාරණයක් ගැනයි.

වේලාව: දහවල අහාරයෙන් පසු
ස්ථානය: නිකන් ඉන්න බැරි මෝඩයෝ
අවස්ථාව: ලෙක්චර්ස්

ලෙක්චර් එක කරන්නේ "කොලොම්බා" ලෙස අන්වර්ථ නාම ලත් ගුරුවරයෙකි.දැනට ආයතනයෙන් විශ්‍රාම ගොස් තවමත් සිසුන්ට උගන්වන්නෙක්.සමහරුනට ඔහු කොලොම්බා වන්නේ ඔහුගේ නාමයෙන් බිඳී ආ දෙයක් ලෙසයි. එහෙත් තවත් සමහරෙකුට ඔහු කොලොම්බා වන්නේ කොලොම්බියාවේ සිදුවූ ජන්ම විපර්යාසයකින් ඇති වූවෙකු ලෙසයි.කෙසේ වෙතත් ජීවිතයේ මාහට හමුවූ ගුරුන් අතරින් වඩාත්ම නිද්‍රාශීලී ගුරුවරයා ලෙස මොහු හඳුන්වන්න පුලුවන්.මෙය වඩාත් සාක්ශාත් වන්නේ ඔහුගේ හැසිරීමේ ආකාරයටම ඔහුට ඉගැන්වීමට සිදුවන විෂයයන් නිසාවෙන්.නමුදු ඔහුගේ ඉගැන්වීම ආයතනයේ සිටින එකම එක ගුරුවරියකට පමණයි දෙවනි වෙන්නේ.ඔහු ගැන යම් හැඳින්වීමක් කලහොත් දැනටද ඉදිරියේ සිටිමින් මෙලෝ රහක් නැති දේවල් මුමුණමින් සිටින අතර, තමන් පිලිබඳ අතිශය පොර ටෝක් දෙන්නෙකි.

මාතෘකාවට අනුව මා මේ කියනා දෙය වැරදිය.එහෙත් මා අතිශය නිද්‍රාශීලීව සිටින නිසාවෙන් මාගේ මේ මොන්ගල් ගද්‍යකරණය ඉවසන ලෙස ඉල්ලමි.මට ඇත්තටම රතුඉර දම් වෙන තෙක් මල පැන තිබුනද, එයට ප්‍රධාන හේතුව කොලොම්බා නොවන්නේය.එයට ප්‍රධාන හේතුව අපෙ හෝල් එකේ හතර වටින් එල්ලී සිටින මේ කරුම වායුසමීකරන යන්ත්‍රයි.හෙයා ඩ්‍රයර් එකකින් මෙන් "හෝස් හෝස්" ගාමින් මාගේ මුහුනටම,එසේත් නැත්නම් කුඩා මොලයටම ඉලක්ක කර මෙය වදින්නට හේතු මම කල්පනා කර බැලුවෙමි.මා මුලින්ම සිතුවේ සිය පුත්‍රයාගේ සුව පහසුව තකා අප්පිලා ඇත්තෝ පැමිණිල්ලක් කරන්නට ඇතැයි කියාය.මන්දයත් මෙයට ඇතුළු වූ දා පටන් මෙලෝ සමීකරනයක් නැති පංකාවක් ඔහේ කැරකෙන ශාලාවක ආතල් එකේ සන්තෝසෙන් සිටි අපව,ටික දිනකින් නව ගොඩනැගිල්ලක් සාදා එහි ලැග්ගවීම සම්බන්ධවය.සමහර විටෙක මෙයින් අත්මිදෙන්නට නොහැකිව මවිසින් වායුහුඃමීකරනය යට ස්ථානයක වාඩිවී බැලූ අතර, එය එතරම් නරක නැතිමුත් මගේ කරුමෙට සමහර වෙලාවට වතුර බිංදු හිසට සහ පොතට වැටීම හේතු කොටගෙන එයද අසාර්ථක විය.මෙහි බිංදු යනු සෝමේ මාමි ගේ බිංදු නොවන බැවින් "කවුද යකෝ බිංදු?" කියා නොවිමසන මෙන් ඉල්ලමි.

මට ගුරුවරයෙකුට අපහාස කිරීමට කිසිම හිතක් නොමැත.මෙම කොටස එකතු කලේ මම මෙය පලකරන අවස්ථාවේදීය.මන්දයත් මා ලෙක්චරයක සිටිනා විට මාගේ අපහාස සිත ඉතාමත් දියුණු මට්ටමක සිටින ලෙසක් මට හැඟේ.තවද මෙය කියවීමෙන් පසු මාහට බැන, තමන් හොඳ දරුවන් වීමට බලා සිටිනා පිරිසක්ද ඇති හෙයින් මා පවසන්නේ, මේ කිසිවකුත් මා හොඳ සිහියෙන් නොසිටි අවස්ථාවකදී ලියන ලද ඒවා බවය.නැවතත් කතාවට. . .

උක්ත පුද්ගලයා මේ දැන් පිටුපස අසුන් අසලට පැමිණ නැවත ඉදිරියට ගියේය.මටනං මොහු පේන්නෙම මඩොල්දූවේ ධර්මසිංහ මහතා මෙනි.උපාලි ගිනිවැල්ලේට අනුව මොහුත් ගුඩු පොල් ගෙඩියකි.මම මොහු ගැන සිතුවෙමි.මට සිතාගත හැකිය.මොහුගේ ගෙවල් පැත්තේ මදුරුවන් මිය යන ක්‍රම දෙකකි.එකක් මොහුගේ ලේ බී නිදිමත වැඩිවී, බිත්ති වල හැප්පීමෙනි.අනෙක් ආකාරය නම් ලේ බිවු සැනින් ඇඳ උඩම නින්ද ගොස්, ඇඟට යටවීමෙනි.මට එක්වරම ඔහුගේ පසුගිය උපන්දින සාදය සිහිවිය.එක්පසක දනහිස ගාවට ගවුම් ඇඳ එය ඉන ගාවට පලාගෙන සිටින යුවතියන් පිරිසකි.ඒ ඔහුගේ මී මිණිබිරියන් වියහැක.මොහොතකින් සාදය ඇති ශාලාව වෙත මිනිසුන් අටදෙනෙකු විසින් වසන ලද යම් දෙයක් ගෙනෙන ලදී.මා මුලින් සිතුවේ උපන්දින ත්‍යාගය වශයෙන් නුදුරේදී ප්‍රයෝජනයට ගැනීමට ගෙන ආ මිණී පෙට්ටියක් විය හැකි බවයි.නැත එය උපන්දින කේක් ගෙඩියකි.මීමිණිබිරියන් වන තෙක් පරම්පරාවක් පැමිණ සිටියද මේ සා විශාල කේක් ගෙඩියක් කෑ නොහැක.ආසන්න වශයෙන් පර්චසයක් පමණය.කාරණය වැටහුනේ මදකිනි.අවුරුදු ගනණට ඉටිපන්දම් ගැසීමට හැකි වනසේ කේක් ගෙඩිය සාදා තිබිණි.මා දැන් මහළු වියේ කියා ගීතය ගැයීමෙන් පසු ගිනි නිවන හමුදාව පැමිණියේ ඉටිපන්දම් නිවීමටය.මටත් මේ වෙලාවට එන්නේ මහා කරුම අදහස්ය.වයිට් බෝඩ් මාකර් එකක් හොයාගෙන පොර එලියට ගියේය.එහා පැත්තේ සිටිනා කැනහිලා මාගේ දකුණු බාහුවට මහ හයියෙන් ගසා අහක බලාගත්තේය.ඌ මා උගන්නා අතරතුර එක එක දේවල් ලියනවාට අමුම මළය.ඌටද කුණුහරුපයක් කියා ඊලඟ ඡේදය ලියමි.

හදිස්සියේ බඩගින්නක් ආවේය.වෙලාව බැලුනි.දෙකයි කාළය.අවසන් වතාවට බත් චුට්ටක් බඩට දාගත්තේ දොලහයි හතලිස් පහටය.පැය එකහමාරකින් මෙලෝ දෙයක් බඩට නැත.මට බඩගිනිය.අම්මාගේ "පවුල් අලුවා" මතක් විය.පවුල් අලුවා යන නම තබන ලද්දේ අප්පිලා ඇත්තෝය.අපේ අම්මා හදන අලුවා අතිශය රසය.බොරු නොවේය.අම්මපා ය (මෙච්චර දිවුරලාත් විශ්වාස නොකරන උන්ට කුද ගහගන්නා ලෙස කියමි.).රස උනාට ලොකුය.පවුලකට එකක් කෑ හැකි බැවින් අප්පොච්චියා එයට පවුල් අලුවා කියයි.මා වතුර චුට්ටක් ඉල්ලගෙන මුවේ ලාගතිමි.අපේ එවුන් කසිකබල් පුටු උඩ ආපිෆෝම් සුවය ලබති.මේ සියල්ල වන් ඇන්ඩ් ඔන්ලි කොලොම්බා නිසාය.ශාලාවේ ජනේලයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව පෙනුනි.එය දුර්වර්ණ වී ගොසිනි.මා එහිදී ඩිග්‍රිය ගැනීමට පෙර ආණ්ඩුවට කෝල් එකක් දමා එය සුද්ධ කරන ලෙස කිව යුතුය.හැබෑවටම එයට බොහෝකල් ඇත.මට නිකමට මගේ රිපීට් ෆෝම් එක මතක් විය.එය ඇත්තේ රහසිගත ස්ථානයකය.ඒ අම්මිලා ඇත්තන්ගෙනුයි, අප්පිලා ඇත්තන්ගෙනුයි වහන් කරන්නටය.නිකමට හෝ බලා පිළිකුල් භාවනාව කිරීමට ගෙදර ගිය වහාම එය සෙවිය යුතුය.ඊටත් පෙර මොනවාහරි බඩට දමා ගත යුතුය.පාණ්ඩුව සෑදීම නිසා මාගේ බඩ ඉදිරියට නෙරා ඇත.

මහ මුචලින්දට මාගේ ඇඳුම් ගැන දුක හිතී ඩෙනිමක් ගැනීමට රුපියල් දෙදාහක්ම පුදකලේය.ගෙදර ගොහින් මොනවාහරි කන විට මා මිය යා සිටින්නට පුලුවන.එහෙයින් බම්බලපිටියෙන් මොනවාහරි බඩට දමාගැනීමට රුපියල් දෙසීයක් බැහැර කලේය.ඩෙනිමකට රුපියල් එක්දාස් පන්සීයකට වඩා කිසිසේත් නොසෑහේ.ඒ නිසා තවත් තුන්සීයක් ඉතිරිය.යනගමන් සරසවියට ගොඩවැදුනොත් ඒ තුන්සීයද මහා ධානපතියෙකුට පුදකල හැක.මගේ අප්පොච්චියාට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනය.ඒ වැඩි වැඩියෙන් ලැබෙන සියල්ල මට ලැබෙන්න ඕනය.ඉදිරියෙන්ම ඉන්න උන්ටික බොරුවට ඔලුව වනමින් සිටී.උන්ටද නිදිමත වැඩිවී විය හැක.මැද පේලි වල උන්ගේ නලළ බිම ගෑවෙන අතර මගේ මෙහා පැත්තේ එකා ස්කයිප් එකේ ගෑනිත් එක්ක මල් කඩයි.උගේ ගෑනි රටය.අනිත් පැත්තේ එකා කරන්නේ තනි ප්‍රෝඩාවය.ඊටත් එහා පැත්තේ එකා පෙරවගෙන බුදිය.මට තවත් ලියන්නට නොහැකි අතර, මාත් ඔහේ සැතපෙමි.

අනේමන්දා. . .මම නිදිමතේ ලියපුවා පසුව කියවද්දී මටම මොන්ගල් සෙයක් හැඟේ.ඔබටත් ඔලුව කැරකෙන්න ගත්තානම් ගැත්තාට සමාවන්න.

Wednesday, April 14, 2010

Dreaming Star | සිහින දකින තාරකාව

ඒහ්. . . මුචා! කී දවසද මල්ලී තියෙන්නේ. . .
ඇවිද ඇවිද ඉඳලා හරියනවද? නරකද ප්‍රැක්ටිස් පාරක් දැම්මොත්?

එළ එළ. . .කොහොමහරි ගොඩ දාල දෙන්නංකෝ අයියා!

මදක් බොඳවී ඇත.වටපිට ඝෝෂාව ද ඇසේ.රැහැයි හඬක් මෙනි.දොරක් ඇරගෙන එළියට ආපු ගමන් යාළුවෝ සෙට් එක චූන් විය.

එළනේ ඩෝ. . . මම දන්නව උඹ කොහොමත් ඕකෙන් ගොඩයනවා කියලා.ඊලඟ ටික තමා ගේම.

බොලා කොහොමද දැනගත්තේ මම ගොඩ කියලාහ්?

ඇයි බොල රට මී හරකෝ! ඔය කොලේ දෙන්නේ වටේ ඔතාගෙන දකුණු අත හොල්ලන්නද? තෝ හිතුවද අපිත් තෝ වගේ රට මී හරක් කියලා. . . කොලේ අරං එළියට එන එකා පාස් කියලා අපි දන්නවා බොලඃ.

හම්මෙඃ . . . සීයට පැනගත්තොත් ඇති.එතනින් එහා ගමේ එවුන්ට ගේම බාරදෙන්න පුළුවන්.මදි පාඩුවට ඉස්කෝලේ මනාප ටිකත් කඩාගත්තනං. . .! මටත් ඕන ජිලක් ප්‍රීති වෙසක් තමයි.

ෂඃ නදිනි බදාගත්තම තියෙන සනීපේඃ

ඔව් මුචලින්ද, ඔයා අද තෝරගෙන තියෙන්නේ නිහාල් නෙල්සන් මහත්තයාගේ, "රෝස මලකුයි නෙළුම් මලකුයි" ගීතය.අද අපගේ ගීත තේමාව වන බයිලා ගීත යටතේ, ඔබ හිතනවාද ඔබට මේ ගීතය සාර්ථකව ගායනා කරන්න හැකිවේවි කියලා.

ඔව්.

කන් කඩාගෙන යන විසිල් පාරකුත් එක්ක, කෙල්ලෝ සන්තෝසේ එළියට දාගන්න බැරුව පොරකනවා.රිතික් රෝෂන් ටී ෂර්ට් එක ගැලෙව්වා වගේ.

ඔව් චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මිය.
මයේ පුතේ,මගේ පුතා මේ රට වාසනාවක්. ලක් එකක්. පුතා මේ පඩි පෙලේ ඉහලටම යන්න ඕන. මයේ පුතාට ජයෙන් ජය!

ඉත්තූතියි මැඩම්!

ඔව් සමිතා මුදුන්කොටුව මහත්මිය.
ඇත්තටම මුචලින්ද, ඔයා අද ඔප්පු කලා ඔයා කව්ද කියලා. ඔයාට කොච්චර හැකියාවක් තියෙනවද කියලා. මට කියාගන්න වචන නෑ මුචලින්ද. . . මට කියාගන්න වචන නෑ. මට කරන්න තියෙන්නේ මෙච්චරයි.

පුටුවෙන් නැගී සිට ආයුබෝවන් කියයි. සභාවේ විසිල් හඬ දෙගුණ තෙගුණ වෙයි.පස්සෙයි දැනගත්තේ හේතුව සමිතගේ සල්වාර් එක පිටිපස්සේ හිලක් ලු!

ඉත්තූතියි මැඩම්!

ඔව් අවසාන වශයෙන් ඔබතුමා.
මුචලින්ද ඔබගේ වයස කීයද?

විසි එකයි බුදු සිංහල සර්!

ඇත්තටම මුචලින්ද, මේ පශ්චාත් නූතන සංධර්භය තුල එය ඇදහිය නොහැකි කරුණක් වගේම; ධනවාදයේ තුන්වෙනි කාර්තුවේ විභේදනයන්ගෙන් විශ්ලේෂණය වන ව්‍යුත්පන්නයන්ගෙන් සහ භාව්‍යමය ප්‍රපංචියන්ගේ අනුභූතීන්ගෙන්. . .

ඇති සර්! ඉත්තූතියි සර්!

ඔව් මුචලින්ද, ඔබට මේ වෙලාවේ මොනවාද හිතෙන්නේ?

හ්ම්ම්ම්. . .. චූ බරයි

ඔව්ව්ව්ව්. . .අවසන් පස්දෙනාගේ වටය සඳහා ඉදිරියට යන්නේ මුචා ද? ශිහාන් ද? අපි කෙටි විරාමයකට ගිහින් එමු.

ඔව් නැවතත් කෙටි විරාමයෙන් අනතුරුව.මෙතෙක් කල් මෙම වේදිකාවේ කරටකර තරඟ වැදුනි අතිදක්ෂ ගායකයින් දෙදෙනෙක්.ඔබ දෙදෙනාගෙන් එක් අයෙකුට පමණයි ඉදිරි වටයට යා හැකි වන්නේ ශිහාන් ද? මුචාද? ඔව්ව්ව්ව්ව් මුචා!

අප්පටඉඩි මොකෝ මචං ශිහාන්.අඬන්නෙපා යකෝ.මොකෝ බඩ අවුල්ද? මලහත්ඉල්ලව්වයි! අන්න ශිහාන්ගේ අම්මත් අපේ අම්මව බදං අඬනවා. හුටාඃ! සමිතාට කලන්තේ දාලා.

හඃ. . .යාන්තන් අන්තිම වටේ!

ඔව් මුචලින්ද, ඔබ මේ අවසන් තර්ඟයෙන් ජයග්‍රහණය නොකෙරුවොත්; ඔබටත් මතක් කිරීමට උදව් කල පිරිසක් ඇති.අප මේ අවස්ථාව ඔබට ඒ සඳා ඔවුන් වෙනුවෙන් ස්තූති කරන්නට උදාකර දෙනවා.

ඔව්ව්. . .මේ තාක් දුරට මා ගෙන ආ ලක්වසී සහ ලෝක වාසී ඔබ සැමට ස්තූතියි.පළමුව මෙම රූපවාහිනී ආයතනය වෙනුවෙන් මා ස්තූති කරනවා,මෙම රූපවාහිනී ආයතනයේ ප්‍රචාරක කටයුතු සඳහා පෝස්ටර් ප්‍රචාරය ගෙන ගිය සුදු නිමල් අයියාව.

ඒ වගේම දේශ දීපංකර වල මාගේ හැකියාව පිළිබඳ ජනතාව උනන්දු කල හෂිත අබේවර්ධන අයියාට, ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදිනී පුෂ්පා රම්ලනී මහත්මියට, රංගි හැරිස් අක්කට, බින්කු නාරද තෝමස්, දිනුෂ්ක උදාර, සුභාෂ් ගුණවර්ධන සහ රසික සූරියාරච්චි මහතාට.

මාගේ ප්‍රචාරණ කටයුතු සඳහා දැඩි ලෙස කැපකිරීම් කල ලඟදී විවාහ වීමට සිටින සඳුන් ලක්මාල්ට සහ උදේ හයයි පහට රාත්‍රියට දත් මදින ලිෂාන් පුවකෝවිට ට.

එමෙන්ම විශ්ව විද්‍යාල තුල, මනාප මෙහෙයුමෙහි නියැළුනු ලසිතට සහ උගේ කන් ගොඩ කරන දම්මිනීට, චමිලට, නිලැස්ට, දීපිකා සහ අරවින්දට.

තවද අන්තර්ජාලය තුල මා හට විශාල රසික පිරිසක් ඇති කරමින් සහයෝගය දුන් මලී අක්කා,මගේ මරණය,රවා සහ බ්ලොග් කරුවන්ගේ එකී මෙකී නොකී හැම එකාටම.

තවද කෙදිනකවත් මා අත් නොහැර ගිය මගේ මිතුරු කැල සහ නෑදෑ පරපුරට.

ඔව් අපි දැන් මද විරාමයකට යමු.

ෆුඃ

ක්‍රෑස්. . .! ක්‍රෑස්. . .! ක්‍රෑස්. . .! ක්‍රෑස්. . .! ක්‍රෑස්. . .!

හුටාඃ. Alarm එකෙත් Snooze එක. හයහමාරට ලෑස්තිවෙලා එලියට බැස්සේ නැත්තං ට්‍රැෆික් තමයි. ෂික්! කෝ යකෝ මගේ සරම. සරම නැතත් කමක් නෑ; කෝ යකෝ මගේ සම්මානේ??? කමක් නෑ අද රෑටම ඇවිල්ලා හොයනව එක්කෝ.

Thursday, February 18, 2010

. . ..ට්ටාඋඩු බස් එක.

මේ මාතෘකාව මෙලෝ රහක් නැති උනාට වෙනදා වගේම ගත යුත්තකුත් නැති උනාට,මේක නොලියම බැරි නිසයි මම ලියන්නෙත්.අනිත් එක ඉතින්,මගේම කියලා ඩොමේන් එකක් නැති උනාට මගේ බ්ලොග් එකනේ.මම ලියන්නන් ඕගොල්ලෝ කියවන්න.ඊට පස්සේ ඕගොල්ලෝ කමෙන්ට් ලියන්න මම කියවන්නන් :-දිව දොට්ට .මේක විනාඩි හතලිස් පහක විතර සිද්ධියක්.ඒ තමයි මම අද ආපු බස් එක.ඉතින් ඔය කියන බස් එක තමා මම ආසම වගේම මම දෙවනියට වැඩිපුරම යන එන බස් එක.වැඩිපුරම යන්නේ 154 උනාට,මම මේ කියන්න 255 සම්බන්ධව මට හරිම ප්‍රේමණීය සම්බන්ධෙකුත් නැතුව නෙමෙයි <තුන.


ඔන්න ඉතින් අද මම කොට්ටාවෙන් 255ක නැග්ගා වැඩ වගයක් ඉවර කරලා.හත්තිකේ ඒකේ පට්ටෙට සෙනග.වෙනදට එහෙම නෑ.ඒකත් එතන ඉඳන්ම කතාව අමුතුයි.මුලින්ම දැක්කේ සුද්දියෙක්ව.ඒකි බස් එක ඇතුලේ මිනිස්සුන්ගේ ෆොටෝ ගන්නවා.ගෑනුනන් ඇඹරි ඇඹරී හිටියා,හරියට කැමරාව කොන්ඩම් එකක් වගේ හිතාගෙන.පිරිම ටික නං කැමරාව ඇතුලට බහින්න උනත් ලැහැස්තිය.ඒ ඔක්කොම අස්සේ කොන්දා සහෝ කෑගැහුවා "ටිකට් ගන්න බලන්න" කියලා.එතකොටම පොඩි එකෙක් කියපි "ඉතින් දෙන්න" කියලා.ඒක උනා විතරයි උගේ අම්මත් ඇඹරෙනවා.ඒ අස්සේ අර සුද්දි අර පොඩි එකාගෙත් ෆොටෝ එකක් ගත්තා.මගෙත් එකක් ගත්තා."අලි ඇඟක් තියෙන නයෙක්" කියලා හිතලා වෙන්නැති.ඔන්න ඉතින් බස් එක යන්න පටන් ගත්තා.මූ මුලින්නං හෙන හෙමින් ගියේ.බස් එකේ හෙවනට වෙලා මිනිස්සු පයින් ඇවිදගෙන ආවා.ඒ තරමට හෙමින් ;-හිනා .මෙන්න බොලේ එක පාරට රියදුරු මහත්තයගේ කලිසම අස්සට කඩියෙක් රිංගලාද කොහෙද මූ හෙන ගහන්න වගේ ඒක එලවන්න පටන්ගත්තා.ඒ එලවිල්ල නං අර කපුගේ මහත්තයගේ පාරේ වත් එලවන්න බෑ.ඒ කිව්වේ මේ "කවුරුත් එන්නැති,කවුරුත් දන්නැති,මල් පෙති ඉහිරුනු මල් පාර".බස් එකට කිලෝමීටරයක් ඉස්සරහ ඉඳන් මිනිහෙක් අත දැම්මොත් ඌට නගින්න තව කිලෝමීටරයක් දුවගෙන එන්න වෙනවා.ඊටත් වඩා වැදගත් සතෙක් තමයි ඒකේ හිටපු කොන්දා සහෝදරයා.මිනිහට නං තිබ්බේ අමුතුම තදියමක්.ඉක්මනට ටිකට් ගන්න, ඉක්මනටනගින්න, ඉක්මනට ඉස්සරහට යන්න. . .ඒ මදිවට ඌ මාර ඇඩ්මන්.ඌ හෙන එක්ස්පීරියන්සඩ් කියලා පෙන්නන්න මූ හෙන වේගෙන් වැඩ කරන්නේ.කොත්තු ගහනවා වගේ ටිකට් මැෂිමට ගහන්නේ.ඌ තිහක් ඉතුරු දෙනකොට හතලිහක් බිම වැටෙනවා.ඔය ඔක්කොම අස්සේ මාත් ගිනි බයෙන් අල්ලගෙන බස් එක පිළියන්දලට ආවා.

ඔන්න ඉතින් හෝස් ගාලා සද්දයකුත් දාලා ඒක නැවැත්තුවා.ඒකත් කොටුව ඉස්ටේෂම වගේ හැම හත් ඉල්ලව්වම එතන නවත්තනවා පැය ගනං.ඉතින් ඔන්න මිනිස්සුත් ගොඩක් බැහැලා ගිහින් නිදහසේ වාඩි උනාම බස් එකට නැග්ගා සින්දු කියන ඩයල් එකක්.මෑන් අමුතුයි.ලස්සන ඩීසන්ට් පාත්තු දෙකක් දාලා ගිටාර් එකකුත් අරගෙන (ආහ්..වැරැදියට හිතන්නෙපා මිනිහා අනික් ඇඳුනුත් ඇඳලයි හිටියේ).ඔන්න මිනිහා කිව්වේ මම ආසම ඒත් ඉක්මනටම අමතක වෙන,වගේම මෙලෝ වචනයක් මතක හිටින්නැති සින්දුවක්.මට දැනුත් ඒක මතක නෑ.ඉස්සරත් මට එහෙම සින්දුවක් තිබ්බා.සමන් ද සිල්වා ගේ "නියරේ පියනගලා".ඉතින් ඔය විදිහට මේකත් කවදාහරි මතක හිටීවි.මිනිහා ඒක මාරම ලස්සනට කිව්වා.ඇත්තම කියනවානන් සමිතා මුදුන්කොටුව හිටියා නං බිම පෙරලිලා වඳින සයිස් එකට සින්දුව කිව්වා :-දිව දොට්ට .මම කවදාවත් ඔය හොර හිඟන්නොට සල්ලි දෙන එකෙක් නෙමෙයි.ඇත්තටම මේ විදිහ හැකියාවක් තියෙන මිනිහෙක්ට සල්ලි නොදී හරි නෑ.කොහොම උනත් බස් එකේ හිටපු ගොඩක් මිනිස්සු හුගක් හොඳට මිනිහගේ හැකියාව ඇගයුවා.ඇත්තටම ඔය විදිහේ ටැලන්ට් එකක් තියෙන මිනිස්සු. . .සිහින තරු,සුපිරි තරු වෙන්න හදන්නේ නැතුව මේ වගේ එකක් කලා නං අඩු තරමේ බස් එකෙක් යන මිනිස්සු ටිකවත් හොඳින් සතුටෙන් යනවා.ඊට පස්සේ බස් එකට නැග්ගා කකුල ගැලවිලා අතට සෙට් වෙච්ච එකෙක්.නියම ඇම්ඩන් කැරැක්ටර් එකක්.ඌ කතා කරන්නෙත් නෑ.සල්ලි දෙනකන් යන්නෙත් නෑ.ඌත් මොකද්ද මන්දා හත්ඉල්ලව්වක් කරලා බැහැලා ගියා.

ඔන්න ඒ වෙලාවේ තමයි එතන සන්ටෙල් එකක් වහලා ඒකේ කෙල්ලෝ දෙන්නා බස් එකට නැග්ගේ.උන් වතුර බොන්නෙත් පපුව අල්ලගෙන.අහවල් එක දකීවි කියලා.මට ඉතින් කියන්න හිතුනා ඔය දොඹ ගෙඩි දෙක බලලා වැඩක් නෑ.මං වෙනුවෙන් රන් තැඹිළි ගෙඩි දෙකක් තියෙනවා කියලා ;-හිනා .එතකොටයි දැක්කේ උන්ගෙන් එකෙක්ගේ ටී ෂර්ට් එහෙක ගහලා තිබ්බා "Face Ass Twins" කියලා.ඒක නං හැබැයි ඒ කෙල්ලට අනුව ඇත්ත.ඒකිගේ මූනත් පශ්චාත් ප්‍රදේශය වගේම ඇති.හැබැයි පශ්චාත් ප්‍රදේශය ඊට වැඩිය ලස්සනදත් මන්දා :-දිව දොට්ට .ඔන්න ඔව්වත් බලාගෙන මම ආවා මොරටුව යුනිය ගාවට.එනකොටම එකෙක් පාර පනිනවා.ඌත් ඇම්ඩන් ලුක් එක තියෙන එකෙක්.උගේ දකුණු අතයි, දකුණු කනයි ෆෝන් එහෙකට බද්ධ වෙලා.උගේ වම් පැත්තම ඔත්පල වෙච්ච ලුක් එකක් තිබ්බේ (ඒ පැත්තටත් ෆෝන් එකක් නැති හින්දා වෙන්නැති ).මම ඌට ධනික කියලා තමයි කතාකරේ.අනේ වාසනාවන් ඌ මෙලෝ සද්දයක් නැතුව රඹුටන් ගහ දැකපු වවුලා වගේ ඇවිල්ල බස් එකේ එල්ලුනා (අඩෝ ධනිකයා,තෝ මේක කියවනවානං මම තොට හොඳවැයින් කුණුහරුප තුනක් කිව්වා කියලා හිතාගනින්.)මීට පස්සෙවත් හරියට පාරේ පලයං.මම වගේ(නැතුව).කොහොමින් කොහොමින් හරි ඔය විගඩම් බලාගෙන මම ආවා කටුබැද්ද හන්දියට.එතනින් නැග්ගා මාර අක්කා කෙනෙක්.එයාගේ මූණ එම්බාම් කරපු ලුක් එකක් තිබ්බේ.සුදූ වෙලා.බෙල්ල කලුයි.වඩාත්ම වැදගත් එයාගේ ඇඳුම.ඒක මාර ඇඳුමක්.මම හිතන්නේ ඒක මොකක් හරි ලොකු කොම්පැනියකින් ඇනිවසරියට මහපු එකක් :-දිව දොට්ට .ඒ අක්කගේ....... .අනේ මන්දා ඕවා කියලා මේක කියවන අහින්සක හිත් තියෙන, පෝය දවසට දකුණු අත පාවිච්චි කරන්නේ නැති, කොකාකෝලත් ෂැන්ඩි කරලා බොන (අරක්කු වලින්) පොඩි උන් නරක් වෙන හින්දා මම නොකියා ඉන්නං.ඔන්න ඔය වගේ සර්ව ආතල් බස් ගමනකින් පස්සේ මම ඒකෙන් බැස්සා.

Wednesday, December 23, 2009

සිද්ධිය

සිද්ධිය කියලා කිව්වට මේකේ ඇති මහ ලොකු සිද්ධියක් නම් නෑ.මෙතනදි මේක ලියන්න ලොකුම හේතුව වුනේ අපේ එකෙක් පාරේදි හම්බවෙලා මගේ මූණටම කියපු මහ ජරා කතාවක්.ඌ ගත්තු කටටම කියපු "මොනාද උඹේ බ්ලොග් එකේ කියන කයි කතන්දර.තොගේ මලඉලව් ලව් ගැනයි,දුකයි,සල්ලි නැති එකයි ගැනම ලියන්නේ ලියහන්කෝ අර මේ ඉරිදා ගිය ඉරිදා වාගේනං නෙවෙයි වගේ එකක්" කියලා.මාත් ඉතිං ඌට එක කුණුහරුපයක් වත් කියන්නේ නැතුව. . .ගොනා වගේ "හඃ" කියලා නොඉඳ "ලියන්නන් මචන් එකට පහක්" කියලා කිව්වා.මටත් ඉතින් මගේ බ්ලොග් එක කියෝපු එකෙක් හිටියොත් ඌව කෑම වලටත් වඩා වටිනවනේ.ඕක වෙලා මාසයක් විතර ගත උනාට පස්සේමේ රට හරකව ආපහු පාරක් පාරෙදි හම්බුනා.ඊට පස්සේ ඌ කියපි "යකෝ තෝ තාම පාඨක ඉල්ලීම ඉෂ්ඨ කරේ නෑ නේද?තෝ ලියනවැයි කිව්ව පහෙන් හතරක් අහවල් තැන ගහගන්.ඉතුරු එක පෝස්ට් කරපන්" කියලා.ඔය වගේ කුණු කතා වල අවසානයක් දකින්න ඕන නිසා,මම ඉතින් හිතුවා ලියන්න සිද්ධියක්.මේක එක අතකින් දුක්බර සිද්ධියක්....ජොබක් කරගෙන ආතල් එකේ හිටපු කොල්ලෙක් හිරේ ගිය එක අපි සමරපු විදිහ තමයි මේ කතාවේ තියෙන්නේ.

මේ කතාව පටන් ගන්නේ අපේම කියලා ඉන්න යාලුවෝ හත්දෙනාගෙන් එකෙක් වෙච්ච ගිහාන් නොහොත් දෙමලාගේ හෙලු දවස හෙවත් උපන්දින උත්සවය දවසෙයි.ඌට දෙමලා කියන්නේ මේකප් දැම්මත් නොදැම්මත් ඌට තියෙන්නේ මාර හොලිවුඩ් ලුක් එකක් [:කැපිටල් පී] එහෙමත් නැත්තන් [දිව දොට්ට දැමීම].කතාවට කියන්නේ ඕකට පවුඩර් ගෑවොත්,ඒවත් කලු පාට වෙනවයි කියලා.ඉතිං ඔය හෙලු දවස වෙනුවෙන් ගත්තු පාටියෙදී අපේ හත්දෙනාගෙන් ලංකාවේ ඉන්න පස්දෙනා සෙට් උනා.ඔතනදී තාලෙට අත්පුඩියක් ගහගන්න බැරි උනත්,තමුන් කට ඇරියම අමරදේව මහත්තයාටත් ඊරිසියා හිතෙනවැයි කියලා හිතාගෙන ඉන්න......,හැම සුපර් ස්ටාර් එකේම පොදු සාධකය වෙච්චි ලිලාන් එන්විලොප් වගයක් බෙදුවා.මුලදී සල්ලි කියලා හිතන් උන්නත් පස්සේ ඕකගේ වරිගේ හැටි මතක් උනාම දැනගත්තා තවත් අතින් කයිට් වෙන වැඩක් කියලා.

ඔන්න ඔය විදිහට තමයි ලංකාවේ තවත් අසරණ කොල්ලෙක් කෙල්ලෙක්ට පෙම් කිරීමේ වරද මත සිරගත කරන්න තීන්දු වුනයි කියලා අපිට දැනගන්න ලැබුනේ.ඕක දැනගත්තු ගමන්ම අපි සහභාගි වෙච්ච පාටිය එකම අඳෝනා ගොඩක් උනා.එක පැත්තක ඔළුවට අත ගහගෙන අඟුරු කුට්ටියක් වගේ ඉන්න අපේ විසල් සහෝදරයා.කොච්චර කලුයිද කියනවානං ඕකව අම්මගේ බඩෙන් එලියට ගත්තු දොස්තර එදායින් පස්සේ පෙන්ෂන් ගත්තලු.ඒ මනුස්සයට එච්චරටම මහන්සිලු ඌව හොයලා.ඒ මදිවට 88 අවුරුද්දේ නොවැම්බර් මාසේ අග කාලෙක පත්තර වල ගියාලු වත්තල පැත්තේ ස්ත්‍රියකට කලු දිවි පැටියෙක් හම්බුනාය කියලා.ඒ විදිහ කට කතාවකුත් තියෙනවා.කොටින්ම කිව්වොත් ඕකා ගෑනුද පිරිමිද කියලා හොයාගන්නම මාස හතරක් ගියාලු.අනේ පව් දුකේ බෑ ඔය මනුස්සයා ඉතිං එදා දහ අතේ කල්පනා කරනවා වෙඩින් එක ගැන.දෙන්නේ මොනවද?,අඳින්නේ මොනවද?,යන්නේ කොහොමද? වගේ ප්‍රශ්න පිට ප්‍රශ්න තියෙද්දී ලිලානයා අපේ ප්‍රශ්න තවත් සංකීර්ණ කලේ එක පිඟානක් 1500ක් වෙනවා කියලයි (පස්සේ දැනගත්තා ජපාන යෙන් කියලා.).ඔහොම පිඟානක් මග ඇරලත් බැරි හිඳා අපි කොහොමහරි යමුයි කියලා කිව්වේ. . .මගේ පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ වතුර සැපයීමේ අංශය ශක්තිමත් කරපු ගයාන්.ඕකා කොච්චර හොඳට වතුර සැපයෙව්වද කිව්වොත් ඕකට "කලර්ස් නයිට්" එකේදි කලර්ස් හිටන් හම්බුනා.හැබැයි වෝටර් කලර්ස් [දිව].ඕකට වතුරයි චුවින්ගමුයි කිව්වොත් වෙන ලෝකයක් නෑ.ඕක මැච් වලදි... ඇහුවොත් ප්‍රැක්ටිස් ගැහුවොත් පරාදයි වගේම...,විභාග වලදිත් ඇහුවොත් පාඩං ලිව්වොත් ෆේල් සංගමයේ සභාපති.කොච්චර වතුරට ඇබ්බැහි වෙලාද කිව්වොත් ඕකා තමයි අපි හත්දෙනාගෙන් අරක්කු නොබොන එකම එකා.අපේ රට ඉන්න උන් දෙන්නා ලංකාවට ආවම උන් ගැනත් විස්තර කියන්නන්.මං ගැනනං ඉතින් දන්න හරිය හොඳටෝම ඇති.

කොහොමින් කොහොමින් හරි වෙඩින් එක ලඟටම ලං උනත් කිසි ගානක් නැතුව හිටපු අපි ආපහු වෙඩින් එකට කලින් සෙට් උනේ අපේ විසල්ගේ හෙලු දින සමරුවේදී.එදා අපි ෆුල් ප්ලෑනක් ගැහුවා,අපිට තියෙන ඇඳුම් ගැන සලකලා බලලා.ඕං ඉතින් ඇඳුම් සෙට් කරගෙන වෙඩින් එකට කලින් දවස වෙනකම්ම ලං වුනා.එදා ලැබිච්ච පොඩි අසුබ ආරන්චියක් උනේඅපෙ කලු ගුලිය හෙවත් විසල්ට ගෙදරින් කේස් එකක් වැටීම.ඉතිං ඕකට ඌ මල පන්න ගෙන ඉන්නකොට,ඌවත් ෂේප් කරලා අපි යන්න සෙට් උනා.ඕන්න ඉතින් පුරුදු පරිදි පාන්දර හතට විතර ඇහැරිලා ගයාන්ටත් ඇහැරෙව්වා.ඊට පස්සේ අපි බොරැල්ලට ගිහිල්ලාඑතනින් ගිහාන්ගේ වෑන් එකේ මගුල් ගෙදරට ගියා.

මලහත් ඉල්ලව්වයි! එදා අපි ඔක්කෝටම අමතක නොවෙන දවසක්.අපි පලවෙනි පාරට වේලාසනින් වැඩකට ගිහිල්ලා.ඉතින් අපි යනකොටයි මනාලි හෝටලේ ඇතුලට යන්නේ.අපි ඉතින් වෙහිකල් පාක් එකට වෙලා ෆොටෝ ගත්තා.ඔන්න කොහොමින් කොහොමින් හරි ඇතුලට ගියා.කෑලි ලෝකයයි.ඉතින් එක මොහොතකටවත් ඇසි පිය නොගහ ඉන්න පූර්ණ අදිටනින් කටවලුත් ඇරගෙන ඉන්නකොට ටික වෙලාවකින් අපේ ඇස් අඳුරට හුරුවෙනවා වගේ අපිටත් ඇත්ත පේන්න ගත්තා.හුහ්. . . එව්වත් කෑලිද???තඩී මේකප් තට්ටු ඇවිදගෙන යනවා වගේ පේන්න ගත්තා.ඔන්න තව ටිකකින් ලිලාන් ඇවිල්ලා කිව්වේ හද සසල කරන,කඳුළු වැගිරෙන,බොකු ඉරෙන කතාවක්."මචං හාඩ් ලිකර් නෑ!"ඒත් එක්කම "දඩ බඩාං" ගාල සද්දයක් ආවා.ඇත්තටම කිව්වොත් සද්ද දෙකක්."දඩ" ගෑවේ ගිහාන් සිහි නැතුව වැටිලා."බඩාං" ගෑවේ ගයාන් සතුටට හිටගන්න කොට පුටුව වැටිලා.

මමනං ඉතිං ඔය තත්වය උඩ උදාසීනයි.මොකද මම එදා බිව්වේ නැති උනාට,බීම කියන දේට විරුද්ධ නෑ ගයාන් වගේ.ඔන්න් ඊලඟට තමයි මගේ අවස්ථාව ආවේ.ඒ තමයි කෑම.ඩෙවල් චිකනුයි,ඩෙවල් ඉස්සොයි,ඩෙවල් කරපු මාලුයි,ෆ්‍රයිඩ් රයිසුයි,චිල්ලී පේස්ට් එක්ක වෙජිටබල් චොප් සුයි පාරක් දැම්මා.මරු කෑම ටික.ඩෙසර්ට් වලට පලතුරු,චොකලට් මූස්,අයිස් ක්‍රීම්,වටලප්පං,චොකලට් ටොපිං එක්ක ඔක්කොමත් දාගෙන කෑවා.ඔහොම කාල වාඩිවෙලා ඉන්නකොට තමයි. . .මිනිහෙක් ජීවිතේ කලාතුරකින් විඳින,ඒත් අපි හැමදාම වගේ විඳපු ඒ නරුම අවස්ථාව උදා උනේ.ලිලාන් සමීර විතානට ගීතයක් ගායනා කරන්න ආරධනා කරපු එකාව අපිට අහු වුනානං. . . .ලිලාන් ගේ ගායනා ගැනත් සොඳුරු කතාවක් තියෙනවා.ඒ සුපර් ස්ටාර් දෙවන අදියරේදී අවසන් 1000ට තේරුනාම,අවසන් 100ට තෝරන වටයේදී මිනිහට අවසන් 100ට යන්න අවස්ථාවක් දීලා නෑ.ඉතිං ටිකාක් වෙලා ඇඬුවට පස්සේ චන්ද්‍රිකා සිරිවර්ධන නැන්දී කිව්වලු "මගේ පුතේ,එහෙමනං ඔයා ඔතන වටයක් කැරකිලා යන්න" කියලා.ඉතිං ඔහොම ගෙවිච්ච සර්ව ආතල් මගුල් ගෙදරක ඉඳලා. . .දැන් හිතෙනවා මේ සිද්ධිය මෙතනින් නවත්තන්න.හැබැයි මෙතන සිද්ධි ගොඩක් !

මොනවා උනත් මේ සිද්ධිය ගැනනං මුචාට රොම්බ හැපී!

Sunday, August 16, 2009

මේ ඉරිදා ගිය ඉරිදා වාගේ නං නෙවෙයි. . .

මේ ළිපියට මුලින් දාලා තිබිච්ච නම තමයි අද දවස.මේක සතියක් පරක්කු නිසාත්,අද දවස කිව්වම නිකන් ජ්‍යෝතිෂය පැත්තට බරයි වගේ දැනෙන නිසාත් එම්.එස්. මහත්තයගේ සින්දුවක කෑල්ලක් සංස්කරණය කරලා දැම්මා.ඔන්න ඉතිං මෙහෙමයි ගිය ඉරිදා කතාව.ඒ මදිවට දුකා අයියාගේ කථා කියවලා . . .කථාව මැද්දේ දිගට හරහට තිත් පේළි.හැබැයි ඒකත් මරු වැඩේ.ඒකේ ලොකු හැඟීමක් තියෙනවා.

සුපුරුදු පරිදි පාන්දර 11ට විතර නැගිටලා තත් තුනක් විතර තිබිච්ච ගිටාරයෙන් සරිගම කකා ඉන්නකොට අපේ ගෙදර බුදුන්ගෙන් නියෝගයක් නිකුත් වුනා.
"කිරි එක බීපාන්. . . "
මමත් ඉතිං සුනඛයා වගේ ඒක බොන්න කියලා කුස්සිය පැත්තට ඇදෙනකොට පියාණෝ මහා කැත හිනාවක් දාගෙන කාමරේට ගියා.මලහතිල්ලව්වයි. . සරොං කටට වඩා ලොකු හිලක් මගේ සරම මැද්දේ වැජඹෙනවා.ගැලෙව්වා සරම. . ඇඳගත්තා ෂෝටක්.බිව්වා කිරි එක.ආවා කාමරේට (පියාණෝ කියන විදිහටනං ගුබ්බෑයමට).ඉරිදා දවසනේ. . .දැම්මා ඔළුව ටීවී එකට,අක්කා නගෝ ඉන්නවද බලන්න.එතකොට උං දවල්ට කාලා බුදිලු.මම ඒක දාද්දී දොලහමාරට විතර ඇති.මොකද්දෝ හින්දි කුණුහරුපයක් තියෙනවා කියලා තිබ්බත්,මම ඔය කෙහෙල්මල් බලන්නේ නැති හින්දා ගියා මූණු පොතට ඇබ්බැහි වෙන්න.ආතල් එකේ වත්තකට පැනලා පලතුරක් කඩාගෙන ඉන්නත් පුළුවන්නේ.

දෙයියනේ කියලා නදීක ගුරුගේ ගේ උත්ථානය අහගෙන ඉන්නකොට ලිලානයගෙන් කෝල් එක ආවා ගයානයගේ ගෙදර යන්න ලෑස්ති වෙයන් කියලා.බුදු තාත්තේ. . ඊට පස්සෙනේ මතක් වුනේ ඌ ගෙදරට ගෙවදිනවා කියලා.ඉතිං උගේ අපාය සහය මිත්‍රයෝ වෙච්ච අපි නොගිහින් බැහැනේ.අපිත් ඉතිං පොඩ්ඩක් හරි ගෙදරට ගොඩවදින්න එපැයි.දවල්ටත් බත් පාරක් කාලා,රුපියල් දාහකුත් ගෙදරින් කොටාගෙන ලිලානයයි මායි ආපිකෝ එක ළඟදියි සෙට් වුනා.ඉතිං ආපිකෝ එක ඇතුලේ රවුමක් ගහලා සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව ගත්තා රුපියල් දාහකට බිත්ති ඔරලෝසුවක්.අනේ හැබෑටම මෙහෙමත් නාටක කියලා. . .දෙන්නා ගාවම පන්සීය ගානේ ඉතුරුයි.ඕක ගෙදර ගෙනිච්චොත් තාත්තගෙන් බැණුම් අහන්න වෙනවානේ. .සමහරවිට ගුටිත් කන්න වෙයි(මොකෝ හිනාවෙන්නේ ?).ඉතිං ගියා රැජිණ කැෆේ එකට.ඒවටත් ගැලපෙන්න නං දානවා නේද. .කැෆේ නෙමෙයි කැපේ.අපිත් සබ්මැරීන් දෙකක් ගිලලා පෙප්සි දෙකක් ඇදලා දාලා. .දෙයියනේ කියලා රුපියල් අටසීයක් ගෙවලා ආවා.

ඊට පස්සේ ඉතිං පුරුදු පරිදිම තියෙන දුරම පාරෙන් උන්ගේ ගෙදරට ගියා.ගිහිල්ලා ආපහු පාරක් කෑවා.කාලා කූල් ඩ්‍රින්ක්ස් දෙකකුත් බිව්වා.යාළුවෝ කියන කතාව හරි.මට තියෙන්නේ රබර් බොක්කක්(කන්න කන්න ඇදෙනවා).ඕන්න ඉතින් සුපුරුදු පිස්සෝ සෙට් එක සෙට් වුනා.ඔමා,මම, චංකයා,ලිලී,ජෝන්,ගයියා සෙට් වෙච්ච තැනක පාළු නෑ.බිව්වෙත් නෑ.බෙඩ්ෂීට් පාටියකුත් දාලා මහන්සි හින්දා අටට විතර රෑට කෑවා.කෑවා කිව්වට කෑවෙම නෑ ගිල්ලා.ෆ්‍රයිඩ් රයිස්,චිලී චිකන්,චොප්සුඉයි,චිලී පේස්ට්. .ඊට පස්සේ දැවිල්ල හින්දා වටලප්පං පෝඩ්ඩකුත් කෑවා.

ආපහු බෙඩ්ෂීට් පාටියකුත් දාලා. . බොරු ටිකකුත් කියලා. . . ගෙදරට මංගැච්චුවා.චංකයාගේ වාහන එලවිල්ලත් හොඳ හින්දා අවුලක් නැතුව දොලහා වෙද්දී ගෙදර ආවා.ඊට පස්සේ ඉතින් මාතෘත්වයෙනුයි,පීතෘත්වයෙනුයි අහපු බැණුම් ගැන ලියන්න ඕන නෑ.හොඳකට තිබ්බේ මගේ මැරියන් බැනපු නැති එක විතරයි.