"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Wednesday, April 20, 2011

ආදරය ගුල්ගත වීම

ඔබත් කොටුව ඇතුලෙද?

සංස්කෘතිය, සදාචාරය, සභ්‍යත්වය, සම්මතය තුල ඔබ හැසිරෙන්නේද? ආදරය කරන්නේද? ඒ තුල ඔබ සුවයෙන් සිටීද? විවේක ගනීද? මේ ලෑලි සතරෙන් බැඳි රාමුව, ඒ මැද පිහිටි ඔබේ ජීවිත රූපයට නිදහසක් දේද? සංස්කෘතිය අනුව විවාහයට පෙර නිවසින් අනුනොදැන ඔබත් ඇයත් උද්‍යානයකින් එළියට ඒම ඇස් කීයකට රැවීමට බලකරයිද? කොල්ලුපිටියේ වීදි ලාම්පු එළි මැද ඔබත් ඇයත් දහසකුත් බිසී ජීවිත අතර නිදහස්ව වෙසෙන කල, ඒ බිසී වූ සදාචාරවාදියෝ සියළු වැඩ නවතා ඔබ දෙස අවඥ්ඥාවෙන් නොබලන්නේද? ඔබේ පෙම්වතිය හැඩවූ දෙදන තෙක් කොට කලිසමට සහ අත් කැපූ ටී ෂටයට සභ්‍යත්වය විසින් ගල් නොගසයිද? අවසානයේ, සම්මතය සුදු රෙද්දේ ලේ වූ කල ඔබේ අම්මා ඔබේ බිරිඳට අනුකම්පා කරයිද?

Posh ද? [ආදරේ]

ඔබත් ඇයත් posh ජෝඩුවක්ද? ඔබට Billabong ටී ෂටයක්, Arugambay සෙරෙප්පු කුට්ටමක්, හිරට මැසූ ලොකු චෙක් ෂෝටක්, early 70's designer made සඟා කුට්ටමක් තිබේද? ඔබ ඇයට ආදරය ප්‍රකාශ කලේ Cinnamon Lakeside හිදීද? ඔබ ඇයට Mondy වෙතින් Pencil-cut වස්තරයක් ගෙනදුන්නේද? ඔබත් ඇයත් පැලමුවරට ඇස ගැටුනේ Uniform පාටියකදීද? ඔබත් ඇයත් ගාලුමුවදොර කාලතුවක්කු යට සෙවන සොයන ජෝඩු දෙස අවඥ්ඥාවෙන් බැලුවාද? කවරය පොෂ් ඇතුල පුස් වීම ගැන ඔබට ආඩම්බරයක් මිස ලැජ්ජාවක් නැතිද? පොෂ් ආදරයක හිමිකරුවෙකු වීමට ඉහත සුදුසුකම් ඔබට තිබේද?

හැංගීම

ඔබත් ඇයත් සැඟව සිටීද ලෝකයෙන්, ඔබත් ඇයත් එක්ව තනන්නට යන ලෝකය සුනුවිසුනු කරන්නට බලා සිටින; ඉරිසියාකාර ඥාතියාගෙන්? කනවැන්දුම් අසල්වැසියාගෙන්? ආදරය නොවිඳි මිතුරාගෙන්? අතට අසු වන සොඳුරු වදන් පිරි ලියුම් වලට බියෙන් ඔබ ඉලෙක්ට්‍රොනික සිංග්‍රීසියෙන් ඇය හා ආදරය කරයිද? ඔලුවටත් ඉහල ලැජ්ජාව, සයිවර් කඩයක් දිවා ආහාරයක් සඳහා ඔබව වලකයි ද? කෙදිනක හෝ ඔබ දිනිය යුතු ආදරය.. අග්‍රඵලයට පැමිණිය යුතු ආදරය.. බලා සිටී යැයි සැක සිතන මිනිස් පිරිසක් නිසා ඔබ මුදල්, කාලය වැය කරමින් කැප්සියුල් ගත කර ඇත්ද? 

ගර්භිතයිද?

ඔබත්.. උදයට හමුවන, එක්ව ආහාර ගෙන, බොක්ස් එකක් තුල පොරබදා, කේඑෆ්සී යෙන් හිත් පුරවන්, උම්මා එක දී ඇමතුම නවතන, එසේ නැතිදා රන්ඩු කරන ජෝඩුවක්ද? එක්වී පවුලක් ලෙස යහපත් දරුවන් සාදා, සතුටින් වැඩඵල කොට, සතුටින් උපයා, සතුටින් මියයන්නට පෙරුම් පුරන්නේ නම් ලෝකයා හමුවේ නොවෙනස් විය යුතුය. අවශ්‍ය වන්නේ විශ්වාසය හමුවේ ඔබ දිනාගත් ඔබේ ආදරය, අධ්‍යාපනය, විවාහය, රැකියා, දරුවන් යන මං සලඛුනු ඔස්සේ ඉදිරියට ගෙන යාමයි. ආදරයම ආදරයෙන් ඉදිරයට යාමය. ලොවක සිත් සනසා තබන්නට, ඔබ ඔබේ ආදරය පුද කලේද? විමසන්න.
Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

12 ක්ම තියෙනවා අදහස්:

පූසා said...

"එක්වී පවුලක් ලෙස යහපත් දරුවන් සාදා, සතුටින් වැඩඵල කොට, සතුටින් උපයා, සතුටින් මියයන්නට පෙරුම් පුරන්නේ නම් ලෝකයා හමුවේ නොවෙනස් විය යුතුය. අවශ්‍ය වන්නේ විශ්වාසය හමුවේ ඔබ දිනාගත් ඔබේ ආදරය, අධ්‍යාපනය, විවාහය, රැකියා, දරුවන් යන මං සලඛුනු ඔස්සේ ඉදිරියට ගෙන යාමයි."
"ආදරයම ආදරයෙන් ඉදිරියට යාමය. ලොවක සිත් සනසා තබන්නට, ඔබ ඔබේ ආදරය පුද කලේද?"

ෆට්ටයි මචං........

Anonymous said...

This is brilliant. However you have completely forgotten the lower class. You've talked about the upper class, upper and lower middle class, but not the lower class which consists of people who don't give a shit about "boxes", culture, and to a certain extent even religion. Perhaps they don't love.

Unknown said...

ආලය වනාහී ලෝකෙ තියෙන සුන්දරම ලොකුම ගැටළුව වන්නේය..

duliponline said...

එතකොට කැම්පස් යද්දි වියදමට ගෙදරිං දෙන රුපියල් සීයෙං කීය කීය හරි එකතු කරල සති දෙකකට විතර සැරයක් ලිඩෝ එකේ 10.30 ශෝ එක බලන . . . . . වික්ටෝරියා එකේ පිහිඹියා ගහක් යටට වෙලා පබ් එකේ කැන්ටිමේ බිත්තිය පිටිපස්සෙ ඉඳං සොමිය දාන අංකල්ලගෙ ඇස් වහල ටැංජන්ට් එකක් දාන . . . . හවසට ෆැන්ටැබ් එකෙං බිත්තර රෝල් දෙකක් කාල ප්ලේන්ටි දෙකක් ගහන . . . . ඉන්කමිං වන් මිනිට් ‍ෆ්‍රී පැකේජ් වලිං රිං කට් විතරක් ගහන . . . . . ආදරේ උඹ කොහොමද මචං වර්ග කරන්නෙ . . . . . ???

hare :-) said...

කොටුව, පොෂ් බව, හැංගීම සහ ගර්භිතය සහ තවත් මතක් වුණොත් ඒ ඔක්කොමත් පැලපදියම් වෙලා ඉන්න සමාජ ස්ථරයේ පිළිබිඹු. ඒක ඉතිං එක එකාගෙ කතාව ගත්තම එක එක විධියට මේ මාතෘකා ඇතුලෙ කතා කරන්න පුළුවන් නොගිනිය හැකි තරම් වෙනස් ආකාර වලට. ඉතිං ඒවයින් ආදරේ කියන එක ගලවල සලකන්න පුළුවන් කමක් තියෙනවද කියන එක නම් මට ෂුවර් නෑ.

ඔය බාහිර සේරමත් එක්ක ආදරේ ඇතුලෙ ගනුදෙනු කරන දෙන්නට ස්වයංජාත වුණ වෙනම කතා ටිකක් හැමෝටම තියෙනවනේ...

ඒක අපි අපි පුද්ගලිකව විඳගන්න එකක් මිස වෙන එකෙක්ගෙ එකක් අපට කවදාවත් අහු නොවෙන්න පුළුවන්!

Lishan Puwakovitage said...

නා නා වර්ණ වල ඇඳුම් තිබුණට ඉන් පරිපූර්ණ වෙන්නේ එකම පොදුගුණාකාරයයි, ඒ විලි වසා ගැනීමයි. අනික් හැම කාරණාවක් ම apply වෙන්නේ.
ඒ වගේ තමා ආදරේ ගැන කතා කරනකොටත්.., රාමුවලට කොටුවීම, posh වීම, පැස්බර සැඟවීම භාවිතාව [ හිස වැලි පොලව තුල ගසා දෑස් පියාගත් කල අන් හැමට තමා නොපෙනේයැයි සිතීම] , ඊට අමතරව ගර්හිත වීම් අස්සේ පෙරළි කරන්නේ ආදරය කිරීමයි.., සමහරෙකුට පුලුවනි තර්ක කරන්න, සමාජ මට්ටම් වල ඉන්නකොට ප්‍රකාශ කරන්නට යෙදෙන ආදරය තුල වෙනස් වීමක් තියෙනවා කියලා.., ඒත් ඒතුල තියෙන caring , sharing , protection මේ වගේ නානාවිද දේ ඒ ඒ මට්ටම් වල ආදරය කරන අය තුල අඩුවැඩි වසයෙන් තියෙනවා.
තවමත් අපේ සමාජය ආදරය වගේ සමාජීය මට්ටමින් සාකච්ඡා වියයුතු මාතෘකාවන් වන ආදරය වගේ දේවල්වල පිටඔපය විමසනවා මිසක්කා බලයෙන් taboo කරලා තියෙන අතිසුන්දර අත්දැකීම් විමසනවා හරි අඩුයි.
ඒ අපේ වැරැද්ද නොවේ.., මේ බමුණු මත කරදරාන ඉන්න සමාජයේ වැරැද්ද.

Rachintha Jayawardhana said...

පරක්කු වීමට සමාව. සමහරක් කාරණා සම්බන්ධයෙන් ප්‍රතිවිරුද්ධතා තිබුනත් මට සෑහීමට පත්වෙන්න පුලුවන් මේ ලිපිය ගැන. ඒත් මේක ගැන ඉහල පැලැන්තියේ විතරක් කියන වැරදි මතේ තියෙනවනම් අයින් කරගන්න. මේක හින්ට් එකක් විටරක්ම වෙන්නත් පුලුවන්! මෙච්චරක් අවුල් පෝස්ට් එහෙකට තවත් හිතන්න අදහස් ඩක්වපු උඹලට ස්තූතියි! ජයවේවා!

ජීවිතේ මල් said...

ලෝකය හමුවේ වෙනස් නොවෙන ආදරයන් මේ මිහිපිට පවතිනවා.. හැබැයි ලෝකය කියාවි 'උන්ට නම් පිස්සු' කියලා... මම හිතන්නෙ ඒක හරි... 'අනුන්ට' නොව 'තමුන්ට' ජීවත් වෙන්නට ගට තියෙන එකත් එක්තරා පිස්සුවක් තමයි....

ශහ්... පිස්සෙක් කියල ලෝකෙම ලේබල් කරන, පිස්සු වලටත් ආදරේ , ඒ වගේ පිස්සු වල නියම රසය දන්න, 'හැංගෙන්න' හිතල නැති , නිදහස් ආදරේ විඳින වාසනාවන්තයින් වෙන්නෙ එහෙමත්ම ජෝඩුවක් විතරයි.. ඒත් ඒ දේ විඳින්න වරම් ලැබුනොත් ඉතින් ආයෙ වෙන වාසනාවක් මොකටද ජීවිතේට!!!!!! කෑ ගහලා සතුටු වෙන්න මට හිතුනා මේ ලිපිය කියවලා......

උපරිමයි පෝස්ට් එක.... ජය!

Jay said...

පෝස්ට් එක උපරිමයි...!!!

Rachintha Jayawardhana said...

@ඕනයා @lefroy : මම දන්නේ නෑ ඇයි කියලා. ඒත් උඹලගේ කමෙන්ට් දෙකෙන් මේක හරියට කියවලා නෑ වගේ දෙයක් දැනෙන්නේ. මම කැමති නෑ මම එක පාරක් ලියපු දෙයක් ලිහිල්ව පැහැදිලි කරලා දෙන්න. ඒ වගේම මම දෙයක් බරට ලියන්නෙත් නැහැනේ. එනිසයි මේ කියන්නේ උඹලා දෙන්නටම. මම මේක ලිව්වේ පොඩි පන්තියේ ඉඳන්. මේ ලොකු කමකට ආවඩලා නෙමෙයි. මම කතා කරේ නිදහසේ කරන්න තියෙන ආදරයක් බොරු පිට කවරෙකින් වහගන්නේ ඇයි කියන එක ගැන විතරයි. එච්චරයි. ජය වේවා!

යසියා said...

ඔය එකදෙයක් වත් නොවී facebook එකෙන් යාලුවෙලා phone එකෙන් කතාවෙලා එකපාරක් meet වෙලා අද කෙල්ල තරහවුනත් තාම එයාට ආදරෙන් (වචනය ඒකමද මන්දා) ඉන්න අයත් ඉන්නවා.උන්ගෙ කථාවෙ තියෙන්නෙ chat  විතරයි...
ඒක මොන කුලකයෙද බං

සින්හල විඩියෝ said...

නියමයි සහෝ... :)

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!