"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Wednesday, September 14, 2011

පෝ දින සාකච්ඡා


අද දින මේ වාහිණිය ඇවිල්ලා මේ ගමේ සජීවීව කරන මේ පොහෝ දින ධර්ම සාකච්ඡාව ශ්‍රවනය කරන්න ආපු පිංවතුන්ව පිංවතියන්ව අපි බැති සිතින් පිලිගන්නවා. එසේනම් මා නමස්කාර පූර්වකව මයික්‍රෆෝනය භාර කරනවා අති පූජ්‍ය බඹරැන්දේ සුමනසාර නාහිමිපානන්ට අප ඔබ සැම තිසරණ සහිත පංච සීලයේ පිහිටුවීමට.

ස්.. සා.. ධූ... උපාසකම්මා දන්නවද අද හුඟක් උන් මෙතන ටැක් ගැහිලා ඉන්නේ බණකට දහමකට ආසාවකට නෙමෙයි. ටීවී එකේ මූන පෙන්න ගන්නනේ.

නොදකින්වත් මුං... මං අහගෙන සමහරක් කතාවෙනවා අද දවල් දානේ හුඟක් හොඳ තැනකින් කියලත්. ඇත්තටම උඹට ආරංචියක් නැද්ද උපාසකම්මේ කොහෙන්ද කියලා?

ඔය මහ හෝටලේකින් කියන්නේ. බත් පාර්සල්ලු දෙන්නේ. මං ලොකු කෙලීට කියලමයි ආවේ දවාලට මෙහාට වරෙන් පුලුවන් උනොත් තව පාර්සලයක් අරන් දෙන්නං කියලා.

නොලැබෙන දේ පසුපස එලවීමත්
ලැබෙන දෙයට සීමා නැති වීමත්
අන්සතු දේ නොකියා ඩැහැගැනුමත්
පව් පුරවයි මනු දිවියට කවදත්

ස් සා ධූ.. ස්ස් සා ධූ.. ස්ස්ස් සා ධූ...

******************************************************

ආන් දැක්කැයි අද ජිනසීලී තනියෙං..

හ්ම්ම්ම්... මාත් අහන්නමයි හිටියේ. හැබෑටම කෝ රත්නවතී..

දන්නැතෙයි, උන්ගේ ලමයි පිටරට වල අරාබිකාරයොන්ට කඹුරලා කඹුරලා අම්මට ගෙනත් දීලා නෙව මහ විසාල ටීවී, රේඩියෝ. ඒ මදිවට හාමුදුරුවන්ගේ බණ තියෙන ටේප් රාසියක් ගෙනල්ලලු. මහ උන්දෑ දැන් ඒකෙන් බණ අහන්නේ. බිම ඉඳගන්න අමාරුයි කියලලුනේ ඒ අම්මණ්ඩි ගෙදරට වෙලා ඉන්නේ.

හැබෑටම නාකි වෙන්ඩ වෙන්ඩ මුංගේ මල කෝලං..
කොහෙදෑ හැබෑටම ඒ අම්මණ්ඩිගේ ලමයි ඉන්නවා කියන්නේ.

ඔය අරාබිකරේලු. බැංකුවක කියලා තමයි කියන්නේ. ඒ වුනාට අහල පහල නං කතා වෙන්නේ ඕකුන් ගෙවල් වල වැඩ කරනවය කියලයි.

කවුරු දන්නවද නංගියේ..

හැබැයි එකත් එකටම මෙහෙදි හරියට වැඩක් පලක් කරපු නැති උන්ව එහේ හොඳ රස්සා වලට ගනීවියැ. සමහර විට බැංකුවල උනත් හෝදන කරන වැඩ වෙන්නැති. රත්නවතී උඩ දාගෙන කියෙව්වට.


අනුන් ඇසෙහි රොඩු කුණු අවුලන්නේ
තමන් ඇසෙහි පොල් අතු නෑ දන්නේ
පිහාටුවක් පක්ෂි රැලක් කරන්නේ
පවක් කියා දුදනෝ නෑ දන්නේ

ස් සා ධූ.. ස්ස් සා ධූ.. ස්ස්ස් සා ධූ...


******************************************************

හප්පේ දවාලෙ භෝජනේ නං පංකාදු පහයි.ඉස්මුරුත්තෙට එනකංම කෑවා. භාවනා වැඩසටහන වෙලාවේ සනීපෙට දෙහෝරාවක් විතර ඇහැත් පියවුනා ඕං. ඈ උපාසකම්මේ ඔහේගේ ඇහැ පියවුන්නැතෙයි?

කොහෙ පියවෙන්නද උපාසකම්මේ.. මේ ගැටිස්සියොන්ගේ සිරික්කිය දැකලා මට මාරයාවේස වෙලා උන්නේ..

අර මක්කෙයි... අපරාදේ මමගේ ඇහැ පියවුනේ නැත්තං..

හ්ම්ම්... දහම් පාසලේ කොල්ලෝ කෙල්ලෝ ටිකටත් දැන් මනමාල විසේ ඔලුවට ගහගෙන එනවා.
අඩු තරමේ සීල වියාපාරේ දවසටවත් මුං හැදෙන්න දැනගන්නෝන්නැද්ද මං අහන්නෙ?
එහෙං සිරික්කි.. මෙහෙන් සිරික්කි.. අර ගුණපාලයගේ ලොකු කෙලී මං දැක්කා අර සමන් කොලුවගේ පිටටත් ගහනවා

සමන් කොලුවා කිව්වේ?

අර ඉන්ද්‍රසිරියගේ මද්දුමයා. ඌ නං අහිංසකයා.

අහිංසක හොඳ අහිංසක. අප්පා වගේම නැතෑ පුතත්.
අපේ අල්ලපු වැටනේ ඕං. මම නොදන්නවැයි ඕකුන්ගේ කැරැට්ටුව. මහම මහ කුම්මැහියෙක්. උදේකට දැක්කොත් දවසම ඉවරයි.
එදා අපේ මද්දුමී අරාබි යන වැඩේ හබක් වුනෙත් ඕකුංගෙන් මොකෙක්හරි එකෙක් මුලිච්චි වෙලාම තමා මූනට... නෙද්දකින්වත් තුඃ!
අපේ ගහේ කොස් ගෙඩිය හොරාට කඩාගන්නවා.
තව කරන තරමක් තුච්ඡ වැඩ කරලා බබ්බු වගේ ඉන්න හැටි.
මං විස්තරේ නොකිව්වනං උඹ එහෙම හිතන්නෙත් නැහැනොව නංගියේ..
ඕකුංගේ කවරේනං සුදුයි..

වෛරෙට වෛරය නෑ යටවෙන්නේ
එරවිලි ගැරහිලි නෑ සැපදෙන්නේ
කියන කියුම් නිසි ලෙස හිතපන්නේ
බිඳෙන සිතක් නෑ සුවපත් වන්නේ

ස් සා ධූ.. ස්ස් සා ධූ.. ස්ස්ස් සා ධූ...

හම්මේ යාන්තං පවාරණේට තව හෝරාවයි..



Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

34 ක්ම තියෙනවා අදහස්:

Pasan said...

හිතිච්ච දේ ලියන්න ඕනි නෑ.. පට්ට සුපිරි ඇත්තක්.. :-D

අලුත් කොල්ලා | The New Guy said...

ෂා........... මරු බං.

said...

සාධූ සාධූ සාධූ!!!!!

මේ සේරම කරන උපාසක අම්මලා නිවන් ගිහින් මේ ගැන ලියපු උඹ අපායේ යනවා නියතයි

ගිනි කුරුල්ලා said...

හික් හික්.. අද ගොඩක් දෙනෙක් මෙහෙම තමා...

නිශ් said...

පට්ට.................

සාධූ සාධූ සාධූ!!!

Soda ගුනේ said...

යතාර්ථය............:D

Buddhi said...

මේක තමා වෙලා තියෙන්නෙ.

ඉරටුව අමුකාලේ නවා ගත්තොත් තමා. වෙලිච්ච ඉරටු නමන්න බෑ කැඩෙනවා

Indranama said...

සාදු සාදු සා....දු!
සිරා ලිපිය මචං, දීලා තියෙනවා නියමෙට දෙන්න ඕනෙ දේ.

jhothishalanka said...

මාතෘකාව නියමෙට ගැලපෙනවා.

෴ හසියා ෴ said...

තිත්ත ඇත්ත‍‍‍....

දැන් පන්සල් වුනත් පිරිහිලා... කුඩු ගහන පොකැට් ගහන වංචා කාරයෝ වගේම දේශපාලුවෝ තමා පන්සලටත් ලොකු... මොකෙක් හරි වැඩදගත් එකෙක් ගියහම පන්සල පැත්තේ නායක තැන නෙවේ අනිත් ගෝලබාලයෝවත් එළියට පහලියට බහින්නේ නෑ....

මොනාවුනත් මේක ........
(එක්කෝ ඕනි නෑ...)

දුකා said...

මේන් මේකයි බන් යථාර්ථය . . . . ලිපිය උපරිමයි . . . . පහුගිය මාස කීපේ උඹේ ලිවීමේ ස්ටයිල් එක සිරාවට වැඩිදියුනු වෙලා මල්ලී . . .

පිස්සා පලාමල්ල said...

ඇත්ත ඇති සැටියෙන්.... අපේ සමහරක් උපාසක උපාසිකාවියන්ට මරු කනේ පහර....

ජීවිතේ මල් said...

" මේ සේරම කරන උපාසක අම්මලා නිවන් ගිහින් මේ ගැන ලියපු උඹ අපායේ යනවා නියතයි "

සිරාම අයිරනි එක... සහ සහෝ හැමදාවගෙම සිරා පෝස්ට් එක...

ජය!

Unknown said...

සාධූ සාධූ සාධූ!!! මැක්සා !!

හිස් අහස said...

සා සා සා !

මට මගේ නෑදෑ පරපුර මතක් වුණා ..!

Pathum Herath said...

ලස්සනට ලියල තියෙනවා... අර කෙහෙල්කොටුවේ මහත්තයගේ නැවෙන්නෙ නැති ඉරටු කතාව නිසා ඔය වගේ දේවල් ගැන අපි වචන නාස්ති කරල වැඩක් නෑ... නැවෙන කාලේ ඉන්න අපි අපි වත් ඔය දේවල් හරියට කලා නම් හරි... (අපිත් නැත්නම් ඔහොම ම තමා)

Rachintha Jayawardhana said...

සද්දයක් හලලා ගියාට සෙට් එකටම ස්තූති වෙන්න ඕන!

දුමී said...

නියමෙටම නියමයි මුචා.....! මේ වගේ සීල ව්‍යාපාර වලට නොගිහින් අර ගිය පෝයට අපි කලා වගේ සීල ව්‍යාපාරයක් කරගෙන හිටියනම් ඉවරයිනේ....!

පූසා said...

හ හා අමූලික පට්ටපල් ඇත්ත! :D

Ru_Sirini said...

:)
හරිම සාමාන්‍ය සිද්දියක්.. ඒ වගේම ලොකු පවක්...
කොහොමත් මම දන්නා විදියට සිල් ගන්න එක බුදු හාමුදුරුවෝ දේශනා කරපු දෙයක් නෙවි..
කිසිම බණක එහෙම සඳහන් වෙලා නෑ.. ඉතින් පන්සල් ඇවිල්ලා පව් පුරවා ගන්නේ නැතිව ගෙදරට වෙලා ඉන්න එක හොඳයි හුවක් කියාගෙන..

hare :-) said...

මේ පාර දානෙ හොඳට දිරවලා නේද? ;-)

malee_msg said...

අහම්ම්ම්!!!
මේ පාර සරළව තේරෙන විදියට හි‍තුන දේ ලියලා තියනවා.
නියමයි මල්ලි.

Bunny said...

ඔය නන්ස්ටොප් බන මාත් ඇහුවා.
ලිපිය ගැන කවර කතාද.. :D

Buru Babe said...

පුහ් මෙන්න රචියා මටත් තේරෙන්න ලියලා.
ඇත්තටම මම හරිම ආසාවෙන් කියවන බ්ලොග් එක අතර ඔයාගේ බ්ලොග් එක තිබ්බට ඔයා අන්තිම කාලේ ලීව දහයෙන් එකක් මට තේරුනේ නෑ...

Gayan Tharaka said...

සාදූ සාදූ සාදූ...

duliponline said...

සාධූ . . . . සාධූ . . . .සාධූ . . . . .!!!

GNS said...

තිස්තුන් කෝටියක් (හාමුදුරු කෙනෙක් වත් එච්චර ආරස්සා කොරන්නෙ නෑ නොවැ) සිල් ආරස්සා කොරන උපාසක අම්මලට කියන කතා අම්මපා... :D

Anonymous said...

අඩෝව් කොටියා,අලියා,ජේවීපී කාරයා ආගමට ජාතියට අපහසකොරන්න ඵපා ඩෝ.
-සත්ගුණවත් ඉස්සරහා රාළ ඈතුලු ඈබිත්ත බලකාය

Rajitha Abeysinghe said...

me post eka dekala kenek hodayi kiwwa nisa balanna gaththe..

post eka kiyewwata passe comment ekak noda yana eka mechchara lassanata samajaya gena yatharthaya liyana oyata karana asaadaranayak kiyala hithunu nisa comment ekak dalama giya :D

Pathum Punchihewa said...

රචියා හිතලා බලපන් මොකක්ද ඇත්තටම උඹ මේ ලියලා තියෙන twisted 'සදහම් සිසිල, පෝදා සාකච්ඡාවේ ඇත්ත පැත්ත කියලා... මිනිස්සුන්ගේ තියෙන ඇරියස්. මෙතනදී බණ අහන්න ආවත් බස් එකක ගියත් පිටවෙන්නේ ඔය එකම ඇරියස් එක තමයි. කොහොම වුනත් මෙතන ප්ලොට් එක උඹ බස් එකක ඇන්ටිලා දෙන්නෙක්ගේ කතාවක් විදියට ලිවුවනම් මේ වගේ ඉම්පැක්ට් එකක් නෑ. මම හිතන්නේ ඒකට හේතුව 'බණ අහන්න පන්සල් ඇවිත් සිල් රකින් හැටිද මේ' කියන සන්දර්භය නිරායාසයෙන්ම අපේ ඔළු වලට එන එක. උඹ ගහන්න ඕන කනේ පාර එලටම දීලා තියෙනවා. හැබැයි උඹ අපායේ තමයි කොහොමත්, මේක ලිව්වා කියලා ඒකෙන් බේරෙන්න බෑ...!! :D

Lishan Puwakovitage said...

කතාවේ සන්ධර්භය, යථාවාදී ගුණය, ප්ලොට් එක මේ ඔක්කොම හරි මචන්.., මම ඒවට එකඟයි ඒ ගැන වාදයක් නෑ.., ඒත් මේ ප්ලොට් එක මීට වඩා රහට ලියන්න තිබ්බා. මේක උඹ ලියපුවට සාපේක්ෂව මේක රහ මදි. සිරාවට කියන්නේ මීට වඩා හොඳට සිද්ධියක් ගොඩ නගන්න උඹට පුලුවන් කම තියෙනවා. මම ඒක දන්න නිසා එහෙම කියන්නේ.

ජය!
.
පසුව ලියමි► පන්සිල් කැඩෙන නිසාලු ආපහු ආපහු ගන්න ඕනේ..! මේක කියවනකොට මට ඒකත් මතක් උනේ නැතිවම නෙවෙයි.

hare :-) said...

@ ලිෂා - මචෝ උඹ කියන විධියට මූ මේක ලිව්වනම් මේකත් තේරෙණ එකක් නෑ... ;-)

Charmi said...

සාාදු සාාදු සා.....ස් !
උඹට කියන්ඩ ඔය සීන් කෝන් එක අපිට වඩා හොඳට හාමුදුරුවරු දන්නවා. අහල බලපංකො ඔය දැන් යන ඇඬෙන ටයිප් කාලීන බණ රෙද්දවල්. මේ ළඟදි එකක් 'ඇහුනා'. ඒකෙ කිව්වෙ දුවව දූෂනය කොරපු තාත්තා කෙනෙක් ගැන. හෙනට පෝර දාල කතාව කියල අන්තිම විනාඩියක විතර ආදීනව කියල දෙනවා. උපාසකම්මලට පට්ට ආතල් ඇති.

Asanka Udayanga said...

පිස්සු හෑදෙනවා...පට්ටයි නියමයි....කියන්න වදන් නෑ ඕන්..

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!