"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."

Wednesday, October 19, 2011

"කොස්ස නහන්න විස්සට තියට"



"අන්නාසේ... අන්නාසේ... කොස්ස නහන්න විස්සට තියට... විස්සට තියට"

හේ අන්නාසි වෙලෙන්දෙකි. ගාලු වුවදොර පිටියේ වෙලදාම් කරන්න්නෙකි. ඔහුගේ ලොකු පුතා ඉස්සො වඩේ විකුණයි. මා ඔහු ඇසෙන මානයේ ඔහු පිලිබඳ නිරීක්ෂණයෙන් උනිමි. ලොකු පුතා විටින් විට ගොස් මොහුගෙන් කැරට් අලයක්ළුණු ගෙඩියක් රැගෙන යයි. පසුව දැනගත් පරිදි ඒ ආරක්ෂාව පිණිසය. මහජනාරක්ෂාවට සිටින ඇත්තන් ඉස්සො වඩේ වෙලෙන්දන්ගේ කරට් අලයටළුණු ගෙඩියට බලහත්කාරයෙන් විදින බැවින් ඔවුන් ඒවා ආරක්ෂිතව ගබඩා කිරීමට ක්‍රම සොයාගෙන ඇත. අන්නසි වෙලෙන්දාගේ ලොකු පුතා ඒ සඳහා අන්නාසි වෙලෙන්දාගේ නොහොත් සිය පියාගේ රැකවරණය තෝරාගෙන ඇත. හේ තම අන්නාසි ජනාකීර්ණ ස්ථාන වල සිට මාකට් කරයි.
 
"නෝනල මහත්තයල කාලම බලන්න. අන්නාසි කියන්නේ ආහාර කපන අසිපත කියන එක. දිරවන්නේ නැති කෑම දිරවගන්නබඩේ අමාරුබඩේ පිපුම ඔක්කොටමඕන කොස්සකට හොඳයි. කෑමක් ගනිද්දි දේවල් තුනක් බලන්න ඕන. රහේ ගුණේ වගේම ලාබේ. තුනම මෙතන තියනව මහත්තයා. විස්සෙ පැකට්......තියේ පැකට්...... හරිම රසයි. ලුණු මිරිස් කුඩු පොඩ්ඩක් එක්ක උඩුතල්ලේ ගෑවිගෙන බඩට බහිද්දිඅමා රසේ පරාදයි." 
 
හේ අවට සිටින උන්ට කෙල ගිල්ලවයි. ඔහුගේ වදන් වලින් මැවූ අන්නාසි කැබලි අවට සිටින උන්ගේ දිව මත දඟ කරයි. මමද සන්තකයටම වූ අවසන් රුපියල් පනහ එලියට ඇද එයින් විස්සේ අන්නාසි පැකට් එකක් මිලට ගතිමි. "කෙට්ටු වෙනවා මහත්තයා මේවට" හේ මට ඉතිරි තිහ මිට මොලවන ගමන් කීය. ඒ මම මහත නිසා විය යුතුය. මා ඔහු අසලින් හිඳිමින් ඔහුගේ මාකටින් ස්ට්‍රැටජිය අධ්‍යනය කරමින් උනිමි. 
 
ලී බංකු පේලියේ එකක හේත්තු වී, දකුණු ඇලයට ඉහ අතකට බර කර හිදිනා තරුණයෙකි. ඔහු අනවරත රළ රටා දෙස හිස් දෑසින් බලා හිඳින අතර යමක් මුමුණයි. බොහෝ විට ඒ මිල්ටන් මල්ලවාරච්චි ගේ ගීතයක් විය හැක. අන්නාසි වෙලෙන්දා ඔහු වෙත ගොස් ඔහුගේ දැහන බින්දේය.  
 
"පුතාහිතේ අමාරුවකින් වගෙයි. ඔහොම තමයි පුතා. ඔය වයසට සතුටු හිතෙන විදිහටම තමා දුකටත්. මං පොඩිකාලේ, මේ තැනම වාඩි වෙලා හිටිය ජෝඩුවල පොකට් එකට විදිනකොට මම කවදාවත් හිතුවේ නෑ මං මෙතනම සාධාරණ රස්සාවක් කරයි කියලා. මාව වෙනස් කරේ මගේ ගෑණි. කොයි මිනිහටත් ජීවිතේ හරියන කාලයක් වගේම හරියන්න ක්‍රමේකුත් එනවා. ඒ මිනිහට පුළුවන් වෙන්න ඕනඒ ගොඩ යාම අතුලේ නැගිටගන්න. කන්න පුතා අන්නාසි කෑල්ලක් දෙකක්. ඕවා අමතක වෙලා යයි."
 
තරුණයා අන්නාසි මල්ල ගෙනපසුම්බියෙන් ඉවතට ගත් මුදල් දිගු කල මුත් ඔහු එය පිලිගත්තේ නැත.

"සල්ලි එපා පුතා. මට අද සතුටු වෙන්න පුළුවන්. කැම්පස් කොල්ලෙක්ගෙ හිතෙන් පොඩ්ඩක් හරි දුක තුනී කරන්න පුලුවන් වෙච්ච එකට."

ක්ෂණයකින් තරුණයා හැඳ සිටින ජ'පුර විශ්වවිද්‍යාල ටී ෂර්ටයට මගේ ඇස ගියේය.

"අනිකපුතා ආපහු දවසක ගෑණු ලමයෙක් එක්ක ගෝල්ෆේස් ඇවිත් මගෙන් අන්නාසි මල්ලක් ගන්න. එදාට මම ඔයාගෙන් සල්ලි ගන්නම්."

හේ ඉදිරියට ඇවිද යයි. ඔහු කියවීමට වටින මිනිසෙකි.  මාකටින් යනු පෙලඹවීමක්ද රැවටීමක්ද යන ප්‍රස්ථාරය හේ ධනාත්මකව උත්තේජනය කරයි. බොහෝවිට ඔහු සිය අදහසක් වැපිරීමට තවකෙකු සොයනවා විය හැක. එතෙක් ඔහු "අන්නාසේ......අන්නාසේ......" යන වචනය අනවරතව පවසමින් ඉදිරියට ඇවිද යයි. මාඔහු පසු පසින් ඒම සම්බන්ධව ඔහුට නිනව්වක් නැතුවා විය හැක. හේ හුලං පෙති ඉල්ලන දැරියක් අසල නැවතුනි. මා ඒ අසලට ලං වන විටත් ඔහු දැරියගේ දෙමව්පියන් හා කතාබහට එලඹී ඇත. දැරිය මුහුදු හුලඟට ගැටෙන සේ ඇයගේ අභිමානවත් හුලං පෙත්ත අත දරා සිටී.
 
"මේ දැන් කාලෙ හැටිනෙ මහත්තයෝ. ගෑණු දරුවෙක් හම්බුනොත් "නරකක් වෙයි" හිතලා ආරක්ෂා කරන්න ඕන. පිරිමි දරුවෙක් හම්බුනොත් "නරකක් කරයි" කියල ආරක්ෂා කරන්න ඕන. හැබැයි ඕවැයෙ අනිත් පැත්ත වෙන්නත් පුලුවන්. දැන් කාලේ ළමයෙක් හදන එක හරිම අමාරුයි ඉස්සරට වඩා. සමාජෙත් එක්ක ගැටෙන්න යවන්න බයයි. එහෙමයි කියලා නොයවත් බෑ. මොකද නැත්නම් ළමයාට දැනුමක් තේරුමක් නැති වෙනවා සමාජෙ ගැන. ඒක ඊටත් භයානකයි. මේවා තහංචි දාල හදන්නත් බෑ. මහත්තයලටත් තේරේවි මේ දූ සිඟිත්ත ලොකු වෙද්දි. ඉස්සර අපේ අම්මල අපිව වැලැක්කුවේ සිගරට් බොන්න යන එකෙන්. ඒත් දැන්සිගරට් බිව්වත් කමක් නෑ කුඩු ගහන්න එපා කියලයි කියන්න වෙන්නේ. ගෑණු ලමයින්ටත් ඒ සෙතේමයි. ඉස්සර කියන්න වුනේ නරක චිත්‍රපටි බලන්න එපා කියලා. ඒත් දැන් කියන්න වෙලා තියෙන්නෙ නරක චිත්‍රපටි වල රඟපාන්න එපා කියලා. මම මෙතන හැමදාම අන්නසි විකුණන නිසා දන්නවා මහත්තයෝ. එක ලඟ බංකුවල වාඩි වෙලා හිටි ජෝඩුසතියකින් එනවා එහා බංකුවේ කොල්ලයි මෙහා බංකුවේ කෙල්ලයි එකට. දැන් සමාජේ ඔක්කොම නරක ටික සුද්දෝ විදිහට ගිහින්. හැබැයි දියුණුව විතරයි සුද්දගේ විදියට නැත්තේ. දැන් මිනිස්සු අන්නාසි කන්නෙත් නෑ. ලොකු ලොකු ජාති. මහත්තයලා කනවද අන්නාසි පැකට් එකක්."

දැරියගේ පියා අන්නාසි මල්ලක් ගනී. දැරියට වෙනම අන්නාසි මල්ලක් ඉල්ලා සිටියා විය යුතුය. ඔහු ඇයටද අන්නාසි මල්ලක් ගෙන දෙයි. දැරිය හුලං පෙත්ත බිම අතහැර අන්නාසි කමින් සරුංගලය දෙස බලාසිටියි. ඇගේ දෙමව්පියන් අසල සිටි පෙම් යුවලක් දෙස බලාසිටියා විය යුතුය. ඔවුන්ගේ දැහැණ බිඳුනේ දියණිය අත දිගු කර පෙන්වූ සරුංගලයෙන් විය යුතුය. වැඩි වෙලාවක් නොසිට ඉදිරියට ඇදෙමින් සිටි අන්නාසි වෙළෙන්දා පසුපස මා ඇවිද ගියෙමි.


ඡායාරූපය මෙතනින් Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

31 ක්ම තියෙනවා අදහස්:

අභීත said...

මුචා... පේමන්ට් එකේ වෙලෙන්දන්ගේ මාකටිං තනිකරම වගේ ප්‍රායෝගිකයි.. ඔවුන් කියන කථා හදවතට සමීප ඇත්ත... හරියට බොරු සාත්තර කාරයෙක් සාත්තරයක් කියනවා වගේ හැමෝටම ගැලපෙනවා..... සමාජයත් එක්ක ගැටිලා ඔවුන් ලබපු අත්දැකීම් තමයි මේ කියන්නේ..... මීටත් වඩා මේ දේවල් ඉස්මතු කරන්නේ තෙල්බේත් කාරයෝ.... කවුබෝයි අයියගේ කථාව අහලා ඇතිනේ.....

රාජ් said...

මාකටින්.

ලකී වික්‍රමසිංහ said...

මුලින්ම කියන්න මේක ඇත්ත කතාවක්ද බොරු කතාවක්ද කියලා?
මේක ඇත්ත කතාවක් නම් මේ පුද්ගලයා අපූරුයි. මේක ප්‍රබන්ධයක් නම් ලියපු පුද්ගලයා අපූරුයි

suddi said...

මටත් කියන්න තියෙන්නේ ලකී කියපු දේම තමයි

KC said...

සැගවී විදීමේ අඥාතයද මොකක්ද එක පාවිච්චි කොරන්නන්...

හිස් අහස said...

ලිවිල්ලනම් හැමදාම වගේ උපරිමයි .. මේකටත් ආටා එකේ අයියා ගැන ලියපු කතාවටත් මම මාරම ආසයි ..

ධනුෂ්කා නිෂාදි කුලරත්න. said...

නියමයි.අගෙයි.අපූරුයි.!
මලයා නගර සබාව ඉස්සරහත් ඉන්නවා අන්නාසි විකුණන කස්ටිය. :P

පිස්සා පලාමල්ල said...

මචන් මේ චරිතය සැබෑ එකක්ද... නැත්තම් උබේ හිතේ ඇදුනු එකක් ද මම දන්නෙ නෑ... ඒත් ඒ චරිතයට මම කැමතියි.

ආට අජේටත්... තැඹිලි කීර්ති ටත් මම ආසයි....

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

යථාර්තයට පොඩ්ඩක් එබිල බලන්න අවස්ථාවක් ලැබුනා , ලිපියට බොහොම කැමතියි

Rasika Kariyawasam said...

සොඳුරු නිරීක්ෂණයක් අගේ ඇති වචන භාවිතයක් !!

Umesh said...

ඕනෙ කොස්සකට "මාකටින්ග්" :D

ඔහොම මිනිස්සු මමත් දැකලා තියෙනවා, දුලබයි. ඉතින් තව මොනවද ඇහුනෙ පස්සෙන් ගියාට පස්සෙ?

ප.ලි. අද ටික වෙලාවක් ඉඳලා කොමෙන්ට් එක දැම්මා.. :)

නෙරංජි | Neranji said...

මෙම කතාවේ සිටින මිනිසා අපූරූය

Dinesh said...

තමනේ දවසේ ආදායම හොයාගන්න මිනිස්සු ගොඩක් දේවල් කරනවා...

Chinthaka said...

මාරයි කියන්නෙ එලම එල... හැමෝම අහන ප්‍රශ්නෙමයි මටත් අහන්න තියෙන්නේ.... ඇත්තටම මෙහෙම මනුස්සයෙක් ඉන්නවද... නැත්නම් ඔයාගෙ නිර්මාණයක්ද...?
(ලකීගෙ කතාවමයි මටත් හිතුනෙ)

prasanna86k said...

අන්නාසි... මාකටින් ට්‍රික්ස් කපා ගෙන බස්සවන්න...!

මුචලින්ද said...

දැනට වෙනකං මම දැනුවත්ව මේ කතාවේ ඉන්න මනුස්සයා සහ කතාව මම ගොඩ දාපු එකක්. ඒ වෙනුවෙන් සද්දයක් හලලා ගියාට සෙට් එකටම පට්ට ස්තූතියක් මගෙන්!

hare :-) said...

අන්තිමේ අර පෙරේතකම අනිත් ඒව සේරටම වඩා උඩට ඇවිල්ල. දැන් හෙට හොයපංකො අන්නාසි පොරක්ව!

සයුරි said...

මාකටින් ද? අව්‍යාජ මනුස්ස කම ද?

Dileepa said...

නියමයි

ආගන්තුකයා | Stranger said...

මේකෙ වැදගත්ම දේ වෙන්නේ මේ මනුස්සයා කරන්නේ මාකටිං වුනාට ඒ කරන්නේ මාකටිං කියලා දැනුවත්ව ඉන්න එක.. මරු...

Bunny said...

........................උඩුතල්ලේ ගෑවිගෙන බඩට බහිද්දි, අමා රසේ පරාදයි."
හේ අවට සිටින උන්ට කෙල ගිල්ලවයි.............

යකෝ වටේ උන්ට නෙවෙ.. මටත් කෙල ගිල්ලෙවුනා :D

AmilaArt said...

පට්ටයි මචන්,
ඔය විදිහ බුදු ටෝක් දෙන් වෙළෙන්දො මටත් සෙට් වෙල තියනවා,
හැබැයි උඹ තරම් අධ්‍යයනය කරේ නෑ

පූසා said...

කතාවක් කියෙව්වාම ඒක ඇත්ත උනත් බොරු උනත්, පොර අන්නාසි විකුණුවත් ලොකු බිස්නස් කාරයෙක් උනත් ඔය වගේ චරිත ඕන තරම් තියෙනවා...
මරු මචං!

අමා said...

අයියෝ මුචලින්ද මොකද්ද මේ කරේ? අර බනී කිව්වා වගේ මටත් අන්නාසි කෑමේ තදබල ආසාවක් ආවා මේක කියවලා! :D

සිරා ලියමන...

Harsha Nayanajith said...

"කෙට්ටු වෙනවා මහත්තයා මේවට" :D
අන්නාසි කාලා වත් කෙට්ටු වෙයන්

මරු මචං!

charmi said...

බිස්නස් වෙනුවෙං ජීවත්වෙන මිනිස්සු අතරේ, ජීවත්වීම සඳහා බිස්නස් කරන මේ වගේ මිනිස්සු ඉන්නවා

Lishan Puwakowita said...

කතාව ඇතුලේ ඉන්නා මුල් චරිතය මාකට් කරන්න හදන ඒ දේ හරහා දුවන යටිපෙළ ඇතුලේ ජීවිත කතාන්දරයක් යනවා කියලයි මට නම් හිතෙන්නේ.., අන්නාසි වික්කත් පේමන්ට් වෙළඳාමක් කරත් ඔහු එක කාලේක තරුණයෙක්, වැඩිහිටියෙක් ලෙස විවිධ කාල පරාස වලට රූ පාන්තරය වෙත්දී ඒ ගෙවුනු කාලය තුල අර වෙළන්දා[?] විසින් අත්විඳි සමාජ විද්‍යාවෙන් කොටසක් මේ විදියට ලියන්නා ඉදිරියේ දිග හරිනවා.., වෙනස් කෝණයක් නිසාවෙන් මේ තුල තියෙන ඇතුරු කතා හදා ගන්නට ඇති සාධනීය ඉඩකඩ ඉතා පුළුල් වපසරියක් ගන්නවා.
අනික වැදහත් ම දේ තමා මේ කතාව තුල ඉන්නා ප්‍රධාන චරිතය වැනි කෙනෙක් අපි මේ ජීවත් වෙන ලෝකේ ඇතුලේ හොඳට කල්පනා කරලා මොළේ වෙහෙසුවොත් අපේ හිත් රටා අස්සේන් එළියට ගන්න අමාරු නෑ.., වැඩේ තීයෙන්නේ අපි එහෙම නොකරන එක. මොකද මෙහෙම ලිපි ලියන ලියන පාරක් ගානේ අන්නාසි කාරයොයි, පොකට් කාරයොයි පස්සෙන් යන්න ගත්තොත් ලියන මනුස්සයාට වෙන වැඩක් කරගන්න බැරි වේවි.

Anonymous said...

මෙහෙව් ගොං හැත්තට තේරුම් ගන්න බැරි එකම දෙයයි මෙතන තියෙන්නේ. ලියන එකා මොකක් හරි, මොකෙක් හරි, කොහේහරි දිහා බලාගෙන බලාගෙන කල්පනා කරලා කරලා ලිව්ව ගමන් මුන් හිතන්නේ ඒක ලියපු එකාට උනා කියලා. උන් කවදාවත් හිතන්නේ නෑ ඒ ලියන්නගේ හිතීමේ ශක්තිය කියලා. කතාව වේසියෙක් ගැන උනොත් මුන් හිතන්නේ ලියන එකාගේ ගෑනි වේසියෙක් කියලා. එහෙම හිතන්නේ ඒ විදිහට වටේ බල බල කතා ලියන උන්ම තමයි. රචියලා, ආගන්තුකයලා, ලිෂානුවලා කතා ලියන්නෙත් වටෙන් පිටෙන් දකින්නට ලැබෙන දෙයක් ගැන වැඩි දුර හිතලා. ඒක තමයි ඇත්ත. ඒත් මෙතන කමෙන්ට් කියෙව්වම පේන්නේ මුන් හිතන්නේ රචියා අන්නාසිකාරයෝ පස්සෙන් කතා අහගෙන ගියැයි කියලා හරි, ආගන්තුකයලා බ්‍රෙසියර් වෙලෙන්දෝ පස්සෙන් ගියැයි කියලා හරි. ගොබ්බ හැත්ත.

දුකා said...

උඹ ජනමාද්‍යට ලෝකයට කියන ගැඹුරු මුහුදට බහින්න මූලික සුදුසුකම් සපුරලා තියෙනවා කියලා මට හිතෙනවා මලේ . . . !
පොඩ්ඩක් කල්පනා කරලා බලපන්.

``` Outsider``` said...

" දැන් සමාජේ ඔක්කොම නරක ටික සුද්දෝ විදිහට ගිහින්. හැබැයි දියුණුව විතරයි සුද්දගේ විදියට නැත්තේ."

විද්වතුන්ගෙන් අහගන්න බැරි අන්නාසි වෙළෙන්දෙක්ගෙන් අහගන්න පුඵවන් පවතින ආකාරය...

Nirosh Nidarshana said...

" ඇතුල්පැත්ත "

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!