වැහි වළාකුළු බොරව ගිය
බොරව ගිය මුත් නොවසින
නොවසින මුත් කඳුළු වැසි මත
මත මතින් ප්‍රේමයකි දළුලන
නුඹත් මා ප්‍රේමයෙන් වෙලෙමින්
ගතෙහි ඉඳුරන් සනහනු පිණිස
එක්ව ගිය මහ ගිනි දවාලක්
නුඹට මතකද සොඳුරිය
ප්‍රේමයේ සුපහසින් දළුලා
නුඹත් මා බැඳි අත්පසුරින් වෙලිලා
රවුම් තල මත ඇඟිලි ඉරි අඳිමින්
අපට හස නැඟුනු සැටි මතකද සොඳුරිය
දැන් මා නුඹට, 'උඹ'
පසක් කරමින් නුඹත් මට
ගෙවෙන්නේ සංක්‍රාන්තියක්මද?
මමත් නුඹ මෙන් සිතමි සොඳුරිය...