"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."

Thursday, August 16, 2012

මැහැල්ල මියැදෙන්ට මැලිවෙත්

උන්න හැටියට සසර නොමදැන
වින්ද සැපකඳ සිතින් මදිවද
කන්ද උඩ අප වින්ද පෙම් සඳ
සබඳ දැන් මා කෙසේ විඳිමිද?

අරුනෝදයේ හිඳ පෙමින් බරවෙන
සියළු දේ අනියතැයි දනිමින
දරුමළුන් එහෙ මෙහේ දුවමින
අපේ සිත් සැනහුවා මතකද?

තඩි ගවුමකිය උපන් දිනයට
නෙත සුසුම්ලයි සිතින් හඬමින
සිත් සියළු දේ මිටට මොලවන්
මැරෙන්නත් කම්මැලියි පෙම්වත


Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

8 ක්ම තියෙනවා අදහස්:

දුකා said...

ඔය කොහොම කිව්වත් බන ඇහුවත් කොහොම දාලා යන්න කියලද බන් . .

amila chathuranga said...

හයියෝ පෙම්වතා පරණ වෙලා දුකේ බෑ....

Lishan Puwakowita said...

අනිත්‍ය..!

Charmi said...

නිත්‍යය...!!

Pasan said...

කාලෙකින්.....

හිරුහිමාවී said...

හ්ම්ම්..අපූරු පබැදුම!

Hasitha said...

කලකට පස්සේ - පැමිණිලා ඇත්තේ....

miuranga said...

සැහෙන කලකින්

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!