"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."

Friday, August 24, 2012

Friends With Benifits

නින්ද නොගිය හද ගත නිදි කඩන සඳ
කැන්ද නොගිය දුක හිත වට දුවන ලෙද
වින්ද සෙනෙහසට පිරි දෙහදකින් වට
යන්ද සුරපුරට ඝන කඳු රුපුන් මැද

පීලි තුනක රැඳි අප ජීවිත අතරේ
ඔබ මම පීලි දෙකකය හද බැඳි අතුරේ
තෙවැනි පීල්ලේ සහකරුවන් විතරේ
පෙම යට කර නුඹ හට පවසමි 'මිතුරේ'

විසල් හදක බර මුළු සිරුරටම බෙදා
තුරු මල් පිරි සැලෙන හැඟුමක සුවය බදා
අනඟ රජ අපට මල් හී සැරය විදා
එක් කළෙහිය නොනිමෙන ගිනි හදෙහි සදා

Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

5 ක්ම තියෙනවා අදහස්:

රොබින් කුරුල්ලා....... said...

මැක්සා....... පට්ට අයියා

Lishan Puwakowita said...

පෙරදී බලා ඇත
කියෙව්වේ අදය..!

හිරු said...

බලලා ඉවර උනා විතරයි ෆිල්ම් එක....
ඔන්න කියෝලත් ඉවර උනා...

Pathum Punchihewa said...

යකෝ!!! පේළි අතර කියෙව්වෙමි!

හිරුහිමාවී said...

අපූරුයි!

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!