"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Wednesday, November 20, 2013

කැප්සියුල් මොකටද?

නිමිත්ත : දෙහිවලදී රැහුණු කුමාරී දුම්රියෙහි ගැටී මියගිය තම පෙම්වතිය නිසාවෙන් පෙම්වතාගේ සිහි විකල් වෙයි. - පුවතක්




සාද මතකය සිතට නැගෙතත්
සිත යදියි ඔබවම තවත්
හැර ගොසින් මහ කලක් නොවුවත්
මත ගොසින් පාළුව නැගෙත්

වේගයෙන් ගිය රැහුණු දුම්රිය
නිසල කළ ජීවය පිරැණු කය
තාම ඇහෙනව ගැහෙන හඬ ලය
පීලි අතරෙහි මගහැරී ගිය

දරාගනු නොහී හදබර
පුරා විතක් මධු මත්කර
බෙදාගෙන හදෙහි මහමෙර
කඩා ඉහිරවමි කරදර

කරල් බෙහෙත් පෙති එන්නත්ද වටකර
සුරල් වයති චිකිත්සකද දොස්තරලා මැදිකර
දුම්රියෙන් රුගෙන ගිය විකල් මනසක් අතරමංකර
වෙහෙසක් දරනු කිම කියමින් ඇ‍ගෙන් තොර කතන්දර
Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

5 ක්ම තියෙනවා අදහස්:

Anonymous said...

SANGA VEE VINDEMI

Anonymous said...

රැහුණු සහ රුගෙන ජොලියට වරද්දපුවාද බං..

Rachintha Jayawardhana said...

සමාව. බ්ලොග කොටල තියෙන්නෙ FM Malithi uni ෆොන්ට් එකෙන්. එනිසා මොකක් හරි අවුල් විදියකට පේනවද දන්නෙ නැහැ. මට නම් ඒ වචන අවුලක් නැතුව පේනව බං. මින්පස්සෙ සාමාන්‍ය විදියටම ආටිකල් දාන්නම්..

කඳු said...

දැඩි ව දැනුණු බව ලියා තබමි.

ආගන්තුකයා | Stranger said...

වෙහෙසක් දරනු කිම කියමින් ඇ‍ගෙන් තොර කතන්දර
මේක තමා සිරා..

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!