"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."

Friday, May 6, 2016

ඒක හරිම තෙතයි

ඊයෙ රෑ ගෙවුනෙ, මතක් වෙද්දිත් ඇඟ කිළිපොලවන විදියෙ සම්පූර්ණ රමණයක් එක්ක. අද උදේ ඇහැරෙද්දිත් ලෝකෙ පෙනුනෙ කහපාටකට. නිකං හිතන්න මිරිසට උයපු කට්ට කරෝල  හොද්දක කහපාට. අන්න ඒ පාටයි මුළු ලෝකෙම. මං පෙරවගෙන හිටපු රෙද්ද යටට අත දාලා බැලුව. පහළ කොටස හිරි වැටිලා නැති නිසා මං ඉන්නෙ නූල් පොටක්වත් නැතුව විත්තිය මට දැනුන. කොට්ටෙ යට ෆෝන් එකේ තිබ්බෙ ගෑනි එවපු එස්එම්එස් එකක් විතරයි. ඒකෙ තිබ්බෙ Ochchara re wenakan weda karannepa. Danwath tikak nidaganna mahaththyo. Math nidiyanawa. Budusaranai කියල. මං එයාට දිග උම්ම එකක් යවල ආයෙ කොට්ටෙට මූණ ඔබාගත්ත. මට වීදුරු බෝතල් ගැටෙන සද්දයක් ආව.

ඒ නිකිනි. මගේ උත්කර්ෂයෙදි ඇඟට පණකුත් නැතුව එක අතකින් මගේ කොන්ඩෙ අදින ගමන් අනිත් අතින් මගේ යටි තොල එළියට ඇදපු ගෑනි. එයා මට ලස්සනයි. තළෙළුයි. ලස්සන පපුවක්, කැත පස්සක් සහ ලිස්සන කකුල් එයාට තිබ්බ. හොඳ හිතකුත් ක්‍රේල් කොන්ඩෙකුත් තිබ්බ නිසා මං එයාට වහ වැටුනා. නිකිනි ගෙනාව රොටියි මස්හොදියි. සොමර්ස්බිලගෙ බ්ලැක්බෙරි සයිඩර් බෝතල් දෙකකුයි.

කන්න හදනකොටම තවත් එස්එම්එස් එකක් ආව. Aherunada? ඒ ගෑනිගෙං. Na. Mahansiy. Man aaye nidiyanawa. Ada mama eddi hawas wei. Mama enakan reta kannepa. මගේ රිප්ලයි එක දාලා මං උදේට කන්න පටන් ගත්ත. නිකිනි බලං හිටිය මං දිහා. මං දන්නව නිකිනි කවදාවත් මං ගෑනිගෙන් එන පණිවිඩේකට උත්තර යැවුවට තරහ වෙන ගෑනියෙක් නෙමෙයි. ඒ නිසා මාත් එයා දිහා බලං හිටියා. මට තේරු‍ණා ඒ ඉන්නෙ මගේ අතින් හොඳට මස් හොද්දෙ පොඟවපු රොටි කෑල්ලක් කන්නයි කියල. මං එයාට කැවුව. නිකිනිට ඇඬුනා. මං ඒ මොකද කියල ඇහුවෙ නැහැ. මං කාලා ඉවරවෙනකංම ආදරෙන් පිටිපස්සට වෙලා පිටි අතගෑව මිසක් නිකිනි කෑවෙ නැහැ. ඒ අතගාද්දි අතරින් පතර එයාගෙ පිරිච්ච කිරි හංසයෝ මගේ පිටේ වැදුනා. ඒ වැදුනෙ නිරුවතින් නෙමෙයි. එයා මගේ ෂර්ට් එක ඇඳගෙන හිටියා. බොත්තනුත් දාගෙන. උඩටම වෙනකං. මං කාලා ඉවර වුනාම එයා ම‍ගේ ඇඟිලි ලෙවකෑව. මං ඔලුව පිටිපස්සට නවලා එයාගෙ තොල්වල අග්ගිස්ස ඉම්බා. ඉඹලා මං අත හෝදන්න ගියා. හෙළුවෙන්.

අත හෝදද්දි ෂිමී මගේ කකුල ලෙව කෑව. ෂිමී කියන්නෙ නිකිනිගෙ හුරතලී. මගේ
තෑග්ගක්. ෂීමී කියන්නෙ හොඳ ජාතියක බැල්ලියෙක් වුනත් ඒ මං සල්ලි දීල ගත්තු එකෙක් නෙමෙයි. මං ඒ බැල්ලිව හොරකං කළා. මට කියල චිත්‍රයක් අන්දවගෙන පොරොන්දු වෙච්ච ගාන නොදීපු පර බල්ලෙකුගෙ කසාද ගෑනිට උන්ගෙ ඇඳේ තියාගෙනම හුකලා මං උ‍ගේ බැල්ලිවත් උස්සගෙන ආව. පරබල්ලා!

මං ලොකු චූ දහරාවක් වතුරෙ එල්ලෙටම අල්ලගෙන හිටියා. ඒ සද්දෙ හිත වහවට්ටනව. චූ ඉවරවෙද්දි මට දුක හිතුන. මං චූ හිරකරටගන හෙමිහෙමීට නිදහස් කළා. අන්තිමේ හෙලුවෙන්ම කාමරේට එද්දි නිකිනි ලැප්ටොප් එකෙන් මං ඇඳපු චිත්‍රයක් ඩිසයින් කර කර හිටිය. මේ මගේ ෂෝල්ඩර් එකේ ටැටූ එහෙකට; ඒ උත්තරේ ලැබුනෙ ඔය මොකෝ කියල මං අහපු ප්‍රශ්නෙට. මං ඇ‍ඳේ වාඩි වෙලා නිකිනිගෙ උකුලෙන් කකුල් තියාගෙන ඇගේ යටිබඩට කිතිකැවුවා.

සනීපයි. මේ වැඩේ ඉවර වෙනකං මාව පිස්සු වට්ටන්නෙ නැතුව ඉන්නවද?
අමාරුයි. මට ඔයාට තුරුල් වෙලා ඉන්න ඕන.
ටිකක් ඉන්න මැණික මේක ඉවර කරනකං. හෙට ටැටූ එක කරගන්න ඕන. අද ඩිසයින් එක ඉවර කරගන්න එපැයි.
මට ඔය කුක්කු දෙක අස්ස‍ෙ බේරෙන දාඩිය සුවඳ බලන්න ඕන.
දැන් දාඩිය නැහැනෙ
දාඩිය දානකං අපි සෙල්ලං කරමු
අනේ ටිකක් ඉමු. මගේ මුළු උකුළම හිරිවැටිල වගේ.
අද ඔයා උඩට ඉන්න මගේ අත් නිදහස්නෙ එතකොට.
ඔවු ඉතිං මාව පිස්සු වට්ටල යයි. ආයෙ මාස ගානකට හිතිං මැරි මැරි ඉන්න ඉඩ තියල.
ඇයි එහෙම කියන්නෙ?
ඇයි කියල ඔයා දන්නවනෙ.. මට ආයෙ හෙටින් පස්සෙ ඉතුරු මේ හපපු පාරවල් ටිකයි. ටැටූ එකයි විතරයි. හපපු පාරවල් නං ටික දවසෙන් ඉවරයි. මේ බෙඩ් ෂීට් කවද වෙනකං හෝදන්නැතුව ඉන්නද? සුවඳ එන හින්දා හැමදාමත් ඉඹ ඉඹ ඉන්න බැහැනෙ. අක්කි දැක්කොත් විසුමක් නැහැ. අන්න ලබන සතියෙ එනවලු. ඒ හින්ද මේ ටැටූ එක ඩිසයින් කරල ඉවර වෙනකං ඉන්න.

මං ආයෙ නින්දට වැටුන. වං ඇළේට ඉන්නකොට එයාවම පේන නිසා මං දකුනු ඇලේට හැරුණා. කොට්ටෙ යටින් එළියට ඇවිල්ල තිබුනෙ එයාගෙ මං ආසම කළු පාට බ්‍රා එකේ හක් එක. මං ඒක අතටගත්ත. ඒක හරිම තෙතයි. මං ඒක ඇඳ උඩට දාලා ෆොටෝ එකක් ගත්ත ෆොන් එකෙන්.
බලන්න ඒකෙ හැටි?
පෙණුමෙ නං අවුලක් නැහැ. හැබැයි තෙතයි.
ඒකෙ ලේස්වලින් නූල් ගැලවිල. කප්වල නූල් ඇදිල. දාරවල නූල් ගැලවිල. දාඩිය දානකොට ඒක ඇ‍ඳගෙන ඉන්න බෑ. මං ඔයා ආවම විතරයි ඕක අඳින්නෙත්. දැන් අවුරුද්දක්. ඔයා ඒකට ආස හින්දයි ඒක තියාගෙන ඉන්නෙත්. ඒ මදිවට ඔයා ඒකට දෙන දස වද ටික ඉවසගෙන ඉන්නත් එපැයි. බ්‍රා එහෙකට පුළුවන්ද එච්චර දුක් විඳින්න.

අපි දෙන්නටම හිනාගියා. නිකිනි ඇ‍ඳේ පැත්තට නැගල මගේ ඇඟට කකුල දැම්ම.

ඔයා දන්නවද ඔය බ්‍රා එක නිෂිගෙ.
මොනව. මං හිතුවෙ මට දීපු තෑග්ගක් කියල.
නෑ ඕක මං නිෂීට දීපු තෑග්ගක්.
ඉතිං?
මං එයා ඒක එක පාරක් ඇන්දම හොරකං කරගෙන ආව.
ඇවිල්ල මට දුන්න.
ඔවු.
ඒත් ඇයි?
මං ඔයාට ආසයි. ඔයාගෙ සුවඳට ආසයි. ඔයා මගෙ චිත්‍ර දිහා බලන විදියට මම ආසයි. ඒත් මට ඔයා නිසා නිෂී එපා වෙයි කියල බයයි. ඒ නිසයි මේක ඔයාට දුන්නෙ. මේක නිෂීගෙ. මට දැන් නිෂීව එපා වෙන්න නං ඔයාවත් එපාවෙන්න වෙනව. ඒක කවදාවත් වෙන දෙයක් නෙමෙයි. මේක දිරල ගිය දවසක මම තව බ්‍රා එකක් නිෂීට දීල අායෙ හොරකං කරල ඔයාට දෙනව.
මං ඔයාගෙ ඒ අවංකකමට ආසයි.
මං අවංක නෑ මැණික. මං කපටියි.
මට ඔය තොල් ගලවල මෙහෙ තියාගන්න දෙනවද?
දැන් මේව නිකංම තොල් විතරයි. ඒ ‍තොල්වල තිබ්බ ඔක්කොම හීරිල ගිහිල්ල දැන් ඔයා ගාව.

ආායි.. ඔහොම හපනකොට පිස්සු වැටෙනව මනුස්සයො. හැබැයි ඔන්න වෙනිං ගෑනුන්ට බෑ. මායි නිෂීයි විතරයි.
හ්ම්ම්ම්...

ඉන්න බ්‍රා එක දාගන්නකං. ඕක ඔයාගෙ කටිංම ගලවන්නැතුව ඔයාට පිස්සු වැටෙන්න බැහැනෙ.

නිකිනි ඒ ටික කිවුවෙ මගේ ඉනෙං දෙපැත්තට කකුල් දාල බ්‍රා එකට එක අතක් දාගෙනත් ඉවර වෙලයි. ඊට පස්සෙ එයා ඉස්සරහට නැවිල මගේ නහය උඩ කීප පාරක්ම එයාගෙ නහය ගෑවුව. මං එයාගෙ කකුලක් දිගේ ලිස්සන මගේ අත තද කරගත්ත. අනිත් අතිං මං කළු පාට බ්‍රා එකෙන් වැහිච්ච පිරිච්ච කුක්කුවක් එයාගෙ පිටෙන් තද කරල මගේ මූනට ලං කරගත්ත. ඒ සුවඳ විඳින්න, බ්‍රා ඒකෙ ඩිසයින් එක දිවට දැනෙන්න මං ඇස් වහගත්ත. ඒ මොහොතෙ නිකිනි මගේ කනට කිට්ටු වුනා.

ඉක්මනට තව බ්‍රා එකක් නිෂීට ගෙනිහිං දෙන්න. මේ පාරවත් රතු පාට එකක් දෙනවද?‍

Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

17 ක්ම තියෙනවා අදහස්:

Lishan kasun sri said...

අම්මට උඩු..! අන්තිමේ තෝ ලියලා..! එල යකෝ..!

Neranji Suakkana said...

වෙන එකක් කියවන්න ඇවිත්, මේ ලින්ක් එක දැකලා ආවෙ, හරිම ලස්සන කතාවක්. ඇත්තමයි.

තිස්ස දොඩන්ගොඩ said...

Revision 1 - Lishan's Comment
//අම්මට උඩු..! අන්තිමේ තෝ "ඒකත්" ලියලා..! එල යකෝ..!// ;-)

කල්‍යාණ මිත්‍ර said...

Super...

Pathum Punchihewa said...

//මං ඔයාට ආසයි. ඔයාගෙ සුවඳට ආසයි. ඔයා මගෙ චිත්‍ර දිහා බලන විදියට මම ආසයි. ඒත් මට ඔයා නිසා නිෂී එපා වෙයි කියල බයයි. ඒ නිසයි මේක ඔයාට දුන්නෙ. මේක නිෂීගෙ. මට දැන් නිෂීව එපා වෙන්න නං ඔයාවත් එපාවෙන්න වෙනව. ඒක කවදාවත් වෙන දෙයක් නෙමෙයි. මේක දිරල ගිය දවසක මම තව බ්‍රා එකක් නිෂීට දීල අායෙ හොරකං කරල ඔයාට දෙනව.//
//ඉක්මනට තව බ්‍රා එකක් නිෂීට ගෙනිහිං දෙන්න. මේ පාරවත් රතු පාට එකක් දෙනවද?‍//
කථාව අහුවුනා. රහයි මචන්.

ප්‍රියන්ත ෆොන්සේකා said...

කදිම ලියවිල්ලක්!

Anonymous said...

වැල කතාවක් කියවන්න ඇවිල්ලා අන්තිම මොහොතෙ කෙල උනා කියහන්කෝ
..

ජීංජීබිරිස්

ItalyDilan said...

උබලට ආයෙ මොනා හරි ලියවෙනවා දකිනකොට සන්තෝසෙ බැරුවා...

Unknown said...

මං ඔයාගෙ ඒ අවංකකමට ආසයි.
මං අවංක නෑ මැණික. මං කපටියි. .

ඒළ මචෝ ! ! !

amila chathuranga said...

ලක්ශණ කතාවක්..

Ajith Dharma said...

පට්ට කතාවක්. නියමයි.

මුචලින්ද said...

තෑන්ක්ස් අා!

ඕනමැන්ටල් said...

මදෑ දිව එලියෙ දාගෙන වැල කතාවක් කියවන්න සෙට් උනා

හූනා said...

දැක්ක කල්.... සුපිරි.... දිගටම ලියපං....

දුකා said...

:D :D :P

ANITA DI PADANG said...

Assalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
sedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau

Buda said...

බියර් එකක් අතේ නැතුව මේක කියවල වැඩක් නෑ බන්.... උඹ ආපහු බ්ලොග් එක මතක් කරගත්ත එකට නම් සෑහෙන්න සතුටුයි මචන්

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!