
සිංහයා නිර්භයය බෝ කොළ හතර මැද
සියළු ජාති එක්වෙති බලදෙන්න තෙද
ධජය ඉහල යයි මුව දොර පිටිය මැද
මෙසිරිලකට ජය පතනෙමි බුදුන් වැඳ
නිදහස දිනුවෙහිය ඒ විරුවන්ගේ වෙරෙන්
ත්‍රස්ථයෝ පැරදුනිය මේ හෙළ පුතුන් බලෙන්
සැක බිය දුරුවුනිය ඒ මහා විකුම් කෙරෙන්
සව් සිරි සැප වෙන්න මේ කල පිනෙහි බෙලෙන්
අපෙ රට නිවහල්ය හතලිස් අටෙන් පසූ
කොටි බිය නිරවුල්ය දෙදහස් නවෙන් මතූ
මැර බිය එලෙසමය මෙතුවක් කලක් තුරු
පතනෙමි එයත් දුරුවන්නට මෙයින් මතු
මගතොට යන්න හැකිනම් බාධක නොමැතී
ඇත්තට ඉඩක් ඇතිනම් ගුටි වෙඩි නොවැදී
නිදොස් වෙන්න හැකිනම් මිල මුදල් නොදී
එම උස් නිදහසට මුළු සිරිලකම වඳී

