"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Tuesday, January 19, 2010

එදා දවස උදා වේවිදෝ !


සිහින් තොල් පෙති පලාගෙන
පොලාපැනපු දත් ගෙඩි
සතුට,සොම්නස,ප්‍රීතියේ ගුණිතයක්
රාජ හිනාව වගේ

කවුරුත් එන්නැති
කවුරුත් දන්නැති
බිත්ති හතරක් මැද්දේට වඩා
වන දෙව්ලිය තුරුලේ
උකුල් තල පහස විඳින්න

අතට ගත්තු නෙක විසිතුරු
තාමත් රාක්ක උඩ වේලෙයි
කවදාහරි අරන් දෙන ලයිස්තුව
උස යන්නේ රියන් වලින්

ලෙක්චර්,පාඩං
විභාග,වයිවා
රස්සා වැඩ ගොඩ මැද්දේ
මගේ අනිත් එදා දවස. . .
මතුදා කවදාද?
Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

7 ක්ම තියෙනවා අදහස්:

රවා said...

මෙහෙම තමයි මල්ලි අපිට හැමදාම ... අද දවස කැප කරන අපි හෙට දවස යහපත් එකක් වෙයි කියලා. අපි හෙටත් එකමයි කරන්නෙ....

බිඟූ said...

ඔය කාලේ ආයේනම් එන්නේ නෑ බොස්....
ඔන්න නොකිව්වයි කියන්ට එපා.....
ෆුල්ම ආතල් කාලයක් ඕක...

/බිඟුවා...!

Prabodha said...

නියමයි......එ කාලේ නම් නියමයි...අපිට අපහු යන්න තියන්වනම්....

sanjeew said...

එයි, එයි කවද හරි එයි, බලන් ඉන්න එක තමයි වටින්නෙ

malee_msg said...

මොනා කරන්නද මලයෝ දුක තමා.. හික් හික්

Anonymous said...

බොහොම සුන්දර කාලයක්. ආපහු යන්න ආසයි..

Rachintha Jayawardhana said...

thankuu wenna ona comments walata.bohoma pin!
sanipa na appaa!

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!