"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Wednesday, January 27, 2010

උඹයි මායි

උඹයි මායි
අරක්කු නැහැදුව එක විතරයි
කෑලි පස්සෙන්මයි
ඉස්කෝලෙදි හැමදාමත්
කොරිඩෝවට වාරුවෙච්ච උං

උඹයි මායි
ගියා පාටි වලට
නැටුවා රෑ එළිවෙනකං
මොනවද කෑවේ
මොනවද බිව්වේ

උඹයි මායි
ආවා මූණු පොතට
ඒකෙත් වල බැස්සා. ..
නොකරපු තක්කඩිකමක්
කළුනික වගේ

උඹයි මායි
දැම්මනේ ඡන්දේ
දෙන්නම එක පිහිපාරෙන් බිම
අසරණයි උඹයි මායි
පැති දෙකක වෙලත්
Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

4 ක්ම තියෙනවා අදහස්:

බිඟූ said...

මොකෝ මුච, චන්දෙන් පරාදද?
එත් දෙන්නගෙන් එකෙක් හරි දිනන්න ඕනැනේ...

/බිඟුවා...!

Rachintha Jayawardhana said...

මම පරාදයි බං!

malee_msg said...

චන්දේ පැත්තක දාමු.. ඒක සත පහකට වැඩක් නෑ.. ඒ වුනාට මේක කියෙව්වම මට අංජුව මතක් උනා.. 8 දෙනෙකුගේ සෙ‍ට් එකක හිටිය අපි දෙන්නා අනිත් 6 දෙනා එක්ක හා උන් හාන්කවිස්සියක් වත් නොදැන නටපු පිස්සුවක්..! අනේ අද ඌ සහ මං... දුකේ බෑ වෙලාවකට.. වෙලාවකට අම්බානෙකට හැපී...!!

Rachintha Jayawardhana said...

හ්ම්ම්ම්...ඒක ඇත්ත අක්කේ. දුකේ බෑ වෙලාවකට.. වෙලාවකට අම්බානෙකට හැපී...!!

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!