"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Saturday, January 30, 2010

කුමට මෙරට මැතිවරණය,ඡන්දය සහ ජනපතින්


ඡන්දය යන්න වදනකි සිත් තොසින් පිරූ
මන්ද විසල් තුටු පඬුරකි සිනහ සැරූ
පහේ එකා සිට හැත්තෑ වෙනියා තුරූ
සැරසෙති විඳින්නට ඒ රංගයෙහි අරූ

දුදනන් පෝලිමක් ඇත අත් එකතු කර
රිළවුන් පෝලිමකි එය හා සරණ වැද
බැන බැන සිටද අප මෙලෙසින් එවුන් හට
වෙන්නේ නිරුත්තර අවසන් ඵලය දුට

මම කොල, උඹ නිල්ය, තවකෙක් රඹ පැහැය
සීය දෙකෙන් බෙදි ප්‍රතිශත අතගෑය
අපියි දිනන්නේ බාළයෝ මොරගෑය
එකෙක් දිනා ඇත අනෙකුන් ලබු කෑය

තැම්බූ කඩල ඉවරයි අළුයමට කලින්
පොල්, ගල් මූඩි ඇවිදියි වෙරි බමණ මතින්
ඡන්දෙට කලින් පිම්බුණු හැම එකා වෙතින්
ඉතිරිව ඇතේ බේරෙන තෙල් මූණු පිටින්

නොදනිමි කෙසේ දිනුවෙහි ඒ සක්කරයා
පතනෙමි ඉහල යන්නට ලක් දෙරණායා
මගේ ඡන්දයත් කොයිබද ගිය සේයා
අවසන ඉතිරි වූයේ බැලු සිනෙමායා
Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

24 ක්ම තියෙනවා අදහස්:

දුකා said...

eal ela machoe . . niyameta liyala tiyenawa . . .

බිඟූ said...

he he
nice
:0

Rachintha Jayawardhana said...

බිඟුවා...!: thankuu machang!
දුකා: thankuu wenna ona aiyeh !

සචී said...

ෂහ්! හරිම අගෙයි. මගෙ චන්දෙත් කොහෙ ගියාද මන්ද. මෝය කටෙන් මකර කටට මම හිතන්නෙ.

Jay said...

nice ...!!

Rachintha Jayawardhana said...

@සචී: අනේ මන්දා අක්කේ.ඔහොම තමා ඉතින්!දුකේ බෑ.අපි සදාහරිතෙට ලියපුවා මතක් වෙද්දී!

@asanka: thankuu machang !

Anonymous said...

Mage malliyooo,,,,,,
mood na dan nam kiyawanna.,.,
cuz ekama eka wachanayak laga
" Stuck ma mind " ^ ^*
kohoma unath, kola unath Rathu unath Nil unath .,. rainbow colors unath Sahodara kam hamadamath wenasak novi hamadama tiyanawa ., :))

Rachintha Jayawardhana said...

@Anonimous:ee mokadda ee wachane?
mage waraddak neweine ???

රවා said...

අයියො මුචා.... නියමයි... අනෙ මන්දා බන් මුලු සිද්දියෙ ඔක්කොම එක කවි පන්තියකින්....
උඹ දක්ෂයි .... උඹ සූරයි...
මොනද බොන්නෙ... හොර්ලික්ස්ද ..විවාද
කියපන් මටත් බොන්න බන්....

කොහොම උනත් ශබ්ද රසය ටිකක් අඩු උනාට අර්ථයෙන් නම් ගොඩක් පොහොසත්.. යහලුවා..

Anonymous said...

කියලා වැඩක් නෑ මුචා, ජනවාරි 26 දේශපාලනය එහෙම්පිටින්ම ලියලා තියෙනවා පද ටික ඇතුලේ..

මැක්සා

Rusiru Boteju said...

පට්ට පදටික මුචා පිස්සු කොර
"දුදනන් පෝලිමක් ඇත අත් එකතු කර
රිළවුන් පෝලිමකි එය හා සරණ වැද"

ලොල්ම ලොල් :D

Narada said...

චමිල, 26 වැනිදා විතරක් නෙමේ. හැමදාමත් ඔන්න ඔහොමයි වුණේ!

ඔයාගෙන් මට දකින්න ලැබුණ අගනාතම පැඳි පෙළ මේකයි!!!

Rachintha Jayawardhana said...

@රවා: උදේට කිරි කෝපි. . .හවසට කිරි තේ! තැන්කූ මචං කමෙන්ට් එකට!

@Chamila: තැන්කූ වේවා සහෝ!

@රුසිරු: හිහ්හී. ..ලොලේ ලොල්! තැන්කූ කොල්ලා

Rachintha Jayawardhana said...

~බිன்ku~: බොහෝම පිං සහෝ කමෙන්ටුවට!
ඔව් හැමදාමත් මෙහෙමනේ උනේ. ..

Anonymous said...

මම කවි බැලිල්ල අත් ඇරලා තිබ්බේ.. මට ඔය නොතේරෙන හරුප අවබෝධ කර ගන්න අමාරු නිසා..
ඒවුනාට මලේ මේක නම් එළ.
පට්ට...

Rachintha Jayawardhana said...

තැන්කියු වෙන්ඩ ඕනේ පිස්සා අයියේ1
අනේ ඉතින් මම ඔච්චර බර වචන දන්නේ නැහැ නෙව!

LishWish said...

සචී අක්කා කිව්වමයි මම මේක කියෙව්වේ...?
කියන්න වදන් නෑ මලේ..!

උපරිමයි

Rachintha Jayawardhana said...

තැන්කූ වෙන්ඩෝනේ ලිෂානයියේ!

Madhu said...

තවත් එක් මැතිවරණයක් හැටි
idea එක මරු . . . .

Rachintha Jayawardhana said...

තැන්කූ වෙන්ඩ ඕනේ මැඩම්!

Unknown said...

මෙන්න මචං කවි... අපූරුයි මිත්‍රයා. මම නම් කියන්නෙ මේක ෆොන්ට් සයිස් 70 න් විතර ප්‍රින්ට් කරල හැම තැනම අලවන්න ඕනෙ. බොරුද මං අහන්නෙ?

Rachintha Jayawardhana said...

හුටා...ඊට පස්සේ අරුන් අමුතු සයිස් එකක බුලට් හදලා මට තියාවි!
ස්තූතියි මිත්‍රයා!

ඩෝසන් said...

niyamai!

gindara wage kawi panthiyak!!

meka api boondi blog ekata gannawa,,,

Rachintha Jayawardhana said...

ela aiye..
thankuu wenda oona.
kisi awlak naa...මේ අකුරු සුදුසු බිම් වල පැල කරන්න. thamai kiyanna thiyenne

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!