මා නිදි අතර දරුණු අඩි තබන ශබ්දයක් ඇසී, ඇහැරී බැලූ අතර යෝද මකුළුවන් දෙදෙනෙකි. උන් ආවේ මාගේ එක්සයිස් මැසිම තිබූ කාමරයේ සිටය. උන්ගේ ආම්ස් හොඳින් වැඩී තිබූ අතර, මා ඇහැරවූ ශබ්දය පැමිණියේ ඒවා පොලොවේ ගැටීමෙන් බව උන්ගේ ගමන බලා සිටි මට සක්සුදක් සේ පැහැදිලි විය.
මේ සියල්ල පටන් ගත්තේ මා කෙට්ටුවීම අරබයා පියා විසින් එක්සසයිස් මැසිමක් නිවසට ගෙන ආ දිනයේ පටන්ය. එහි නම නොදන්නේ එහි නම මැකී ඇති බැවිනි. දෑවුරුද්දක් පුරා එහි ලූ මදක් වේලුනු රෙදි හේතුවෙනි. රෙදි වල තෙතට නම මැකී ගොස් ඇත. පලමු සතිය තුල මනාව කියූ පරිද්දෙන්ම වැඩකටයුතු සිදු වූ අතර. . . දෙවන සතිය තුල එය මත හිඳ ඉදිරිපිට තිබූ කන්නාඩියෙන්, ස්වකීය බේරෙන බඩ හුස්ම ඉහලට ගෙන කෙට්ටු කර බලා මාගේ මනෝ ශාරීරික සෞඛ්‍යය පිළිබඳ සතුටු වීමි. තෙවන සතියද එසේම ගෙවුනතර. . . මැසිම උඩ සිට කෙරුනු ස්වයං මෛථුන්‍යය නිසා හෝ කෙසේ හෝ ඉන අඟල් තුනක් අඩු වී තිබුනි. මේ මල වද තවත් දැරිය නොහැක.
සිව්වන සතිය ගෙවුනේ මැසිම එහා පැත්තේ තිබූ ඇඳ මතය. මා දොර වැසූ කාමරයේ සිට දොරත් හැර එලියට එන විට තාත්තා සතුටු විය. අම්මා ආඩම්බර විය. කාමරයෙන් එලියට එන විට දහඩිය පෙරාගෙන එනු පිණිස කාමරයේ විදුලි පංකාව නිවා දමා සිටීමට පුරුදු විය.
වේල් තුනක් කෑ පසු තව දෙකක් ඇතී
අතර මැදදි බියරුත් එහි වැටෙනු ඇතී
එක තැන හිඳ සිටීමෙන් බඩ වැඩෙනු ඇතී
ගෑණිට සුව යහන මගේ උදරයම වෙතී
මදුරු වදයට මදුරු දැල් උවමනා නැත. මදුරු කොයිල් පමණක් සෑහේ. මන්ද ලංකාවේ මදුරු කොයිල් බලපාන්නේ එය තබන මට්ටමේ සිට පහලට පමණක් බැවිනි. කොයිල් එක දෙපා ලඟින් තබාගත් පසු වැඩේ හරිය. මන්දයත් අප නිවසේ මදුරුවන්ට ඉහල පියෑඹිය නොහැකි බැවිනි. වේට්ස් කර උන්ගේ ඇඟ බර වැඩි වීම නිසා පියාපත් වලින් ඉහල පියෑඹිය නොහැක. උන් ඉහලට ආවත් එන්නේ පුටු කකුල්, මේස කකුල් වල එල්ලීගෙනය.
ගණනය කිරීම් වලට අනුව තවත් මසකින් පමණ සැට් එක ඩිරෙක්ට් බැලිය නොහැකි වනු ඇත. බැලිය යුතු වන්නේ කන්නාඩියෙනි. ඔලුව නවා පහල බැලූ පසු වර්ග අඩි කිහිපයක ප්‍රමාණයක් බඩෙන් වසාගෙන සිටී. ඉතිරිව ඇත්තේ නැවතත් මකුණන් මදුරුවන් සහ මකුළුවන් එලවා දමා එක්සසයිස් පටන් ගැනුම පමණි.
මෙය කීවේ ස්වයං මඩකට නොව, ඔබට සිනා සීමටද නොව, යන්තමින් හෝ ඉදිරියට නෙරා එන බඩවල් අඩු කරගනු පිණිසය. ඒ අප අපගේ හොඳටම පමණි.
skip to main |
skip to sidebar
"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."
Sunday, September 26, 2010
Subscribe to:
Post Comments (Atom)
ටොපිය ආතල් ටයිප් හතකට බලන්න.
ලියන්නේ
- Rachintha Jayawardhana
- Moratuwa, Sri Lanka
- මේ මගේ වගේම ඔබගේත් අත්දැකීම් සහ විඳීම්.
ටොපි සූප්පුකරුවෝ
වැඩි වෙලා සූප්පු කරපු ටොපි
-
ඉස්සර දැක්කේ රොබින් හුඩ්ගේ ගෑනී වගේ.. . ඉතින් මම උඹට මැරියන් කිව්වා. . එදා ඉඳන් මගේ හිතේ වීරයා වෙච්ච රොබින්ට ඊරිසියා කලා. . . ඉනික්බිති ආවා ...
-
දෙනියාය දුර වැඩි වූයෙන් පියාගේ මව මොරටුවේ උන් මට.. වැඩිය ලං නොවූවත්. . . මම අතපයක් හොලවන සියළු ඇසිල්ලක් පාසා.. මම ඔබේ සෙවනේ. . . කිරි අම්මා,...
-
සුදු යට සායේ රතු ලේ පාරක්. ගෙදරට දුවගෙන ඇවිත් ගවුම ගලවලා හෙටට අඳින්න අවුවට දාපු නිසලි යට සාය දිහා බලද්දි තමුන්ටම පොඩි ලැජ්ජාවක් දැණුනා. ...
-
හොරකමක් කියල අන්තිමටම කළේ ෆැබ් එහෙකින් හොරෙන් කාපු එක. ඊයෙ රෑ අන්තිම හොරකම ඉවර වෙලා මහන්සියට ඇඳට වැටුන නිසා උදේ ඇහැරුනේම පුදුම බඩගින්නකින...
-
ඊයෙ රෑ ගෙවුනෙ, මතක් වෙද්දිත් ඇඟ කිළිපොලවන විදියෙ සම්පූර්ණ රමණයක් එක්ක. අද උදේ ඇහැරෙද්දිත් ලෝකෙ පෙනුනෙ කහපාටකට. නිකං හිතන්න මිරිසට උයපු කට්ට ...
ප්ලග් වෙච්ච තවත් තැන්
සහෘදයෝ
-
පුත්තලං ගමන1 day ago
-
-
Caputo1 week ago
-
2023 මොකද වුනේ?3 months ago
-
දෙනෙත්5 months ago
-
-
ආර්තිකේ අපේ අතේ7 months ago
-
මේක තමයි සංසාරෙ ණය ගණුදෙනුව7 months ago
-
ප්‍රසන්න මධුර සුඛං8 months ago
-
ගීකයාගේ නොස්ටැල්ජියාව8 months ago
-
වෙරෝනිකා මැරෙන්න තීරණය කරයි!9 months ago
-
මතකයක් යට හිඳ..!1 year ago
-
සිදු විය යුත්තේ කුමක්ද?1 year ago
-
-
ඇස නොගැටුන කර්මාන්ත පුරවරය2 years ago
-
පණගැහෙන ඒ දම්පාට හදවත්…!2 years ago
-
-
-
-
COVID කතන්දර3 years ago
-
දාවිත්3 years ago
-
-
Autumn Thoughts4 years ago
-
-
කොළ මැඩපන් ඔයි රාමා...!4 years ago
-
දවස් තුන !5 years ago
-
මෙසී5 years ago
-
-
-
ගැලවීම5 years ago
-
මා හූනා6 years ago
-
-
මල් කැකුළු ඇත හැංගී6 years ago
-
අපේ ලොකුම ලොකු වැරදි 5ක්6 years ago
-
සයිටම්: ඇඟිල්ල දෙස බලා අනතුර එන්ජෝයි කිරීම7 years ago
-
අවසර7 years ago
-
-
ප්‍රහාරක ගුවන් යානා අටක්7 years ago
-
අපේ ඉස්කෝලේ සහ ඔවුන්ගේ ඉස්කෝලේ7 years ago
-
Bangkok the city of angels7 years ago
-
-
kuveni කුවේණි8 years ago
-
යුද භීතිය, ජාතිවාදය සහ මැතිවරණ ප්‍රතිඵලය8 years ago
-
Sahampathi thoughts - අකුරැස්සේ ගමන8 years ago
-
-
රන්9 years ago
-
නිර්මාණ කියවීමේ සැන්දෑව9 years ago
-
කහ පිච්ච වැල9 years ago
-
වාරියපොල නංගී වීරවරියක්9 years ago
-
සමාවේ ආතල්9 years ago
-
Simon Nawagattegama Images9 years ago
-
-
Momentary Rain9 years ago
-
කටු කම්බි සහ වීදුරු කටු අතර මම9 years ago
-
අංගරාජිණී..10 years ago
-
-
බැරකුඩාවේ කුඩාවට...10 years ago
-
ඇනෝනිමස් ත්රස්තවාදයට එරෙහි වෙමු..!10 years ago
-
-
විනෝද සමාජය Society (forced) enjoyment10 years ago
-
~:@ අම්මප මල :@~10 years ago
-
-
මොකද්ද මේ....11 years ago
-
-
මේ මගේ සඳයි ගැන නෙවේ හලාල් ගැනයි11 years ago
-
මිරැන්ඩා11 years ago
-
පණපිටින් හිටි උන් වළපල්ලට යවා ඇටකටු වලට වැදීම11 years ago
-
Good bye ???11 years ago
-
Write to express, not to impress12 years ago
-
පාසලට ආදරය කරන්න.12 years ago
-
Off Marks12 years ago
-
මිලර් බාස්ගෙ මුක්කුව (කෙටිකතාවක් නොවේ)12 years ago
-
-
කේ. ජයතිලක.12 years ago
-
අනේ අපි දැක්කෙ නැහැ..12 years ago
-
-
-
කින්නර අඩවිය … 1012 years ago
-
සෑම පිරිමියෙක්ම කියවිය යුතු පොතක්.....12 years ago
-
ගිරිපාද ජනපදය වනාහි ගිරුවාපත්තුවයි.12 years ago
-
ඈ මැරෙන්නට තීරණය කලාය !!!! - වෙරෝනිකා !!!12 years ago
-
ඔයාගේ පාටිය කවද්ද?13 years ago
-
කොලූගේ සමුගැනීම13 years ago
-
අමුතුකතාවක් 20 කොටස13 years ago
-
ජාඩියට මූඩිය – ජාඩි13 years ago
-
-
18 th amendment & future13 years ago
-
මෘදුකාංග නිර්මාණය13 years ago
-
-
-
-
මයෙ මැණික් කැටේ(දෙවන කොටස)14 years ago
-
-
-
~ක්‍රිස් තුස්~15 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
යන්තන් ලිව්වේ මුචලින්ද. Powered by Blogger.
14 ක්ම තියෙනවා අදහස්:
උඹ ඔහොම කියනවා.... මම මේ ලේසියෙන් බර වැඩි කරගන්න කරමයක් හොයනවා... :D
මේක කියවලා මට හොඳටම හිනා...
මේ ඇත්තටම මුචාගේ කතාව කියලා අපි දන්නවනේ.
නියමයි..!!!
මටත් උදරය ඉදිරියට නෙරා ඒම දැන් ප්‍රශ්නයක් වෙලා. උඹ අද මගේ බඩ දැකල නෙමෙයිනෙ මේක ලීවෙ? :)
ඔයාව දැක්ක ගමන් මට හිතුන ඕක තමා වෙන්න ඇත්තේ කියලා.....හික්ස්..:)
මරු මරේ මරු..! කියවලා මට ඉනා ගියෙත් නැහැ. මොකද ඔය තරමින් ම නොවුනත් මගේත් උදරය නෙරීම තිබෙන නිසා..! ඇක්සයිස් පටන් ගන්න එක නම් හොඳයි..! මොකද මම උඹව අනාගතයේදී වැදගත් පහේ ලෙඩ රෝග වලින් පෙලෙනවා දකින්න කොහොමට වත් උවමනාවක් නැති නිසා..! [එහෙම කීවට මටත් ඒකම වෙයිද දන්නේ නැහැ]
මේක මටත් අම්බානක දැවෙන ප්‍රශ්නයක්.. =S
මටනං මේක කියවද්දි ඇඩෙනවා.ඉස්සර කොහොම ඇගක් තියාගෙන හිටපු කොල්ලෙක්ද මං? දැන්නං බඩ විතරමයි තියෙන්නෙ
මුචලින්ද මහතා යනු ඛඩවසම් කොල්ලෙකි
1. මම චූටි කාලෙ හිතන් හිටියෙ නම අගට මහතා කියන්නෙ මහත අයට කියල
2.බයන්න වගේ කයන්න දැම්මෙ හිතාමතාමයි
ඒක නෙවෙයි, නයාලට ඇඟේ දිගට ගැලපෙන්නෙ දිග බඩක් තියෙනව කියල දැනන් හිටියට , නයාලගෙ බඩ විතරක් මහත් වෙනව කියල ඇහුවෙ අදමයි
පුහ්.... නියමයි.... මේක දැක්කම එක්කෙනෙක්ට මාර ආතල් එකක් යයි. ඇයි එහෙත් මේ වගේමනේ...
ඒ මචං දුකයි බං මේක කියවන කොට.. අපේ පැත්තෙත් දැන් හූනෝ එහෙම සෙට් එක දාලා කිඹුලෝ වගේ සයිස් වෙලා ඉන්නේ..
මොනව උනත් දැන් නම් හිතෙනවා රෙදි වේලන මැසිමකට මෙච්චර සල්ලි වැය කලේ මොකද කියලා.... අර කිව්වත් වගේ ගෙනාපු මුල් සති දෙකේ විතරයි.
එළ එළ. . . සද්දයක් දාලා ගිය සෙට් එකටම තැන්කියු වේවා!
හෆොයි කොලුවෝ . .. . මේ වයසක මගේ බඩ ඔන්න ඔහේ කමක් නෑ කියලා හිතුනා එදා උඹේ බඩ දැක්කාම මේ ලිපිය දැක්කාම ඇඬෙනවා බන් අමාරුවෙන් හදා ගත්තු බඩ ගැන හිතිලා . ..
හප්පා
Post a Comment
කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!