වෙල්වට් රෙද්දට කොල ඇමිනූ ලකුණු පුවරුවේ එල්ලී සිටියේ දැක පුරුදු රුවකි. රුවැත්තියකි. එකල, එනම් වසර තුනකට පමණ පෙර එක පන්තියේ එකට උගත්තද වචනයකුදු කතා නොකල අප අපගේ වාචික මිතුරු සම්බන්ධය පටන්ගත්තේ සිනහවකින් සහ "හලෝ" යනුවෙනි.
මා: අපි කෝපි එකක් බොනගමන් කතාකරමු.
ඈ: මම කෝපි බොන්නේ නෑ.
මා: මමත් කැමති නෑ.
ඈ: එහෙනං ඇහුවේ ?
මා: මම අහලා තිබ්බා කෝපි බොන කට්ටිය ලස්සනයි කියලා. . . ඒකයි!
ඈ: බොරු. ..
මා: ඔව් බොරු.. දැන් මම දන්නවා කෝපි නොබොන කට්ටියත් ලස්සනයි කියලා.
ඈ: ඔයානං මොකුත් දන්නේ නෑ. .
මා: ඔයා මොකුත් නොදන්නෙත් නෑ.
මා: මේ !
ඈ: ම්ම්ම්. . .
මා: මම ඔයාගෙන් හෙන කට්ටක් කාලා නොම්බරේ ඉල්ලගන්නවට වඩා. . . ඔයා ඒක මට එක පාරින් දෙන එක ලේසියි නේද?
ඈ: ඒ මොකටද?
මා: ලේසි නිසා. ..
ඈ: ලේසි හැමදේම කරන්න ඕන නැහැනේ. .
මා: එහෙනං මං අමාරුවෙන් ගන්නං.. . ෂිහ්!
ඈ: ඇයි?
මා: හෙට විභාගෙකුත් තියෙනවා.
ඈ: ඉතින්?
මා: ඉතින් අද ඔයාගෙන් නම්බරේ ඉල්ල ඉල්ල ඉන්නකොට මට පාඩං කරපුවා අමතක වෙනවනේ.
ඈ: හාපෝ! හොරා..
මා: මට ඉස්සර එක්කෙනා කිව්වේනං හොරගෙඩියා කියලා!
ඈ: දැන් කෝ එයා?
මා: හොයාගන්න නෑ!
ඈ: ඇයි ඒ?
මා: මගේ හිතෙන් ගියාට පස්සේ කොහොම හොයන්නද?
ඈ: එහෙනං දැන් මතක් උනේ?
මා: ඒ ඔයා මතක් කරපු නිසානේ!
ඈ: හ්ම්ම්...
මා: ම්ම්හ්...
ඈ: ඇයි ඇස් වහගෙන; එයාව මතක් උනාද?
මා: නෑ මම ඉස්සරහට ඉන්න විදිහ ගැන හිතුනා!
ඈ: ඒ කොහොමද?
මා: ඒක ඔයාට Surprise එකක්!
ඈ: අනේ මන්දා මුචලින්ද
මා: මෙච්චර වෙලා වචන නාස්ති කරන්න මට මොකද්ද වගේ.
ඈ: ඒ කිව්වේ?
මා: මම කියන්න යන දෙයක් මෙච්චර වෙලා හිර කරං ඉඳලා මට පුරුදු නෑ.
ඈ: ඉතින් මොකද්ද? කියන්න!
සතුටින් නිමි.
skip to main |
skip to sidebar
"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."
Friday, August 27, 2010
Subscribe to:
Post Comments (Atom)
ටොපිය ආතල් ටයිප් හතකට බලන්න.
ලියන්නේ
- Rachintha Jayawardhana
- Moratuwa, Sri Lanka
- මේ මගේ වගේම ඔබගේත් අත්දැකීම් සහ විඳීම්.
ටොපි සූප්පුකරුවෝ
වැඩි වෙලා සූප්පු කරපු ටොපි
-
ඉස්සර දැක්කේ රොබින් හුඩ්ගේ ගෑනී වගේ.. . ඉතින් මම උඹට මැරියන් කිව්වා. . එදා ඉඳන් මගේ හිතේ වීරයා වෙච්ච රොබින්ට ඊරිසියා කලා. . . ඉනික්බිති ආවා ...
-
දෙනියාය දුර වැඩි වූයෙන් පියාගේ මව මොරටුවේ උන් මට.. වැඩිය ලං නොවූවත්. . . මම අතපයක් හොලවන සියළු ඇසිල්ලක් පාසා.. මම ඔබේ සෙවනේ. . . කිරි අම්මා,...
-
සුදු යට සායේ රතු ලේ පාරක්. ගෙදරට දුවගෙන ඇවිත් ගවුම ගලවලා හෙටට අඳින්න අවුවට දාපු නිසලි යට සාය දිහා බලද්දි තමුන්ටම පොඩි ලැජ්ජාවක් දැණුනා. ...
-
හොරකමක් කියල අන්තිමටම කළේ ෆැබ් එහෙකින් හොරෙන් කාපු එක. ඊයෙ රෑ අන්තිම හොරකම ඉවර වෙලා මහන්සියට ඇඳට වැටුන නිසා උදේ ඇහැරුනේම පුදුම බඩගින්නකින...
-
ඊයෙ රෑ ගෙවුනෙ, මතක් වෙද්දිත් ඇඟ කිළිපොලවන විදියෙ සම්පූර්ණ රමණයක් එක්ක. අද උදේ ඇහැරෙද්දිත් ලෝකෙ පෙනුනෙ කහපාටකට. නිකං හිතන්න මිරිසට උයපු කට්ට ...
ප්ලග් වෙච්ච තවත් තැන්
සහෘදයෝ
-
බල්ලා කැටුව යන මිනිහා8 hours ago
-
-
-
-
Caputo8 months ago
-
ගීකයාගේ නොස්ටැල්ජියාව1 year ago
-
-
මේ ලොව යම් තැනක ඔබ හොඳින් ඉඳීම !4 years ago
-
ද්වයින්වෙන් නම් ශුද්ධවර පෙම්වතී4 years ago
-
සුන්දරම මතකය4 years ago
-
-
අවුරුදුම දහ අටක්…!4 years ago
-
පරණ වු ආලයක්!5 years ago
-
-
වඳවීමෙන් ගැලවීමට...5 years ago
-
පොඩිහාමිගේ කතාව5 years ago
-
-
අසාගනිල්ලා දුම්රිය සවුදම...!!!5 years ago
-
-
ඒ කාලය ආයේ පතමි !6 years ago
-
-
පුතා..!6 years ago
-
මඩුවන්වෙල වලව්ව, කොලොන්න6 years ago
-
-
ලියුමක්6 years ago
-
වඳුරන්ගේ රට.6 years ago
-
මා හූනා6 years ago
-
කෙළ වුන් මටමමය.6 years ago
-
මල් කැකුළු ඇත හැංගී7 years ago
-
ඔබත් කූඹියෙක්ද?7 years ago
-
සයිටම්: ඇඟිල්ල දෙස බලා අනතුර එන්ජෝයි කිරීම7 years ago
-
බ්‍රන්ත පිරුණු ග්රන්ථයක්7 years ago
-
කිරිඇල්ල8 years ago
-
Bangkok the city of angels8 years ago
-
කෑම කියා අප වහ කනවාද?8 years ago
-
-
kuveni කුවේණි8 years ago
-
ප්‍රේමයේ පෑන් තුඩ (කොට කවි)9 years ago
-
යුද භීතිය, ජාතිවාදය සහ මැතිවරණ ප්‍රතිඵලය9 years ago
-
Sahampathi thoughts - අකුරැස්සේ ගමන9 years ago
-
කවි බූන්දි | වේ උවදුර - [සුරේඛා සමරසේන]9 years ago
-
රන්9 years ago
-
නිර්මාණ කියවීමේ සැන්දෑව9 years ago
-
කහ පිච්ච වැල10 years ago
-
සමාවේ ආතල්10 years ago
-
Simon Nawagattegama Images10 years ago
-
-
Momentary Rain10 years ago
-
අංගරාජිණී..10 years ago
-
-
බැරකුඩාවේ කුඩාවට...10 years ago
-
මුහුණු පොත සහ ජනමාධ්‍ය10 years ago
-
ඇනෝනිමස් ත්රස්තවාදයට එරෙහි වෙමු..!10 years ago
-
-
ඇඟ පෙන්වලා ඡන්දේ ගන්න බැරිද ?10 years ago
-
-
විනෝද සමාජය Society (forced) enjoyment11 years ago
-
පාර ඉවර වෙනතුරු මම11 years ago
-
~:@ අම්මප මල :@~11 years ago
-
-
මොකද්ද මේ....11 years ago
-
-
මේ මගේ සඳයි ගැන නෙවේ හලාල් ගැනයි12 years ago
-
මිරැන්ඩා12 years ago
-
පණපිටින් හිටි උන් වළපල්ලට යවා ඇටකටු වලට වැදීම12 years ago
-
-
Good bye ???12 years ago
-
'S' නැතුව 'සරසවි'යේ පීනන ශ්‍යාම්..12 years ago
-
Write to express, not to impress12 years ago
-
පාසලට ආදරය කරන්න.12 years ago
-
Off Marks12 years ago
-
මිලර් බාස්ගෙ මුක්කුව (කෙටිකතාවක් නොවේ)13 years ago
-
-
කේ. ජයතිලක.13 years ago
-
අනේ අපි දැක්කෙ නැහැ..13 years ago
-
-
-
කින්නර අඩවිය … 1013 years ago
-
සෑම පිරිමියෙක්ම කියවිය යුතු පොතක්.....13 years ago
-
ගිරිපාද ජනපදය වනාහි ගිරුවාපත්තුවයි.13 years ago
-
ඈ මැරෙන්නට තීරණය කලාය !!!! - වෙරෝනිකා !!!13 years ago
-
ඔයාගේ පාටිය කවද්ද?13 years ago
-
කොලූගේ සමුගැනීම13 years ago
-
අමුතුකතාවක් 20 කොටස13 years ago
-
ජාඩියට මූඩිය – ජාඩි14 years ago
-
-
18 th amendment & future14 years ago
-
මෘදුකාංග නිර්මාණය14 years ago
-
-
-
-
මයෙ මැණික් කැටේ(දෙවන කොටස)15 years ago
-
-
-
~ක්‍රිස් තුස්~15 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
යන්තන් ලිව්වේ මුචලින්ද. Powered by Blogger.
27 ක්ම තියෙනවා අදහස්:
ඔය සිංදුවට අපි දෙන්න හරිම කැමතියි.
කවුද බන් මේ ඈ.....
ෂා පට්ට වටයක්නෙ ගහලා තියෙන්නෙ.
මට හිතාගන්න බැරි මුචලින්දට හරියන්න "ඈ" උත්තර දුන්නද?, "ඈ" ට හරියන්න මුචලින්ද උත්තර දුන්නද කියලා...
අඩේ මාර ගතියක් තියනවා මටනම් බං මේකේ.....
නියමයි...
== ඈ: ඉතින් මොකද්ද? කියන්න!
සතුටින් නිමි. " ==
වැඩේ හරිගියෙ නෑ නේද? (කොටම කෙටිකථාව තියරියෙන්)
maxxa.....
මේ වගේ වෙලාවට තමා පරණ අයව මතක් වෙන්නේ..! ඒක මාර ම මාර මතකයක් අප්පා..!
මෙහෙම අත්දැකීමක් නම් මට නැහැ. හැබැයි කෙනෙක්ගේ නොම්බරයක් මම ඉල්ලගත්ත හැටිත් පරණ මතකයක් ඇවිස්සුණා.
මේක මැක්සා, පෝස්ට් එක.
අතීතයට ගෙන ගියාට ස්තූතියි මුචා...... මේ වෙලාවෙත් මගෙ කට කොනකට හීන් හිනාවක් එනවා..... :)
දැන් මේක සත්‍ය සිදුවීමක් ඇසුරින් ලියපු එකක් ද?
ඇත්තට දැරිවියෙක්ගේ නොම්බරේ ඉල්ලගන්න එකත් මාරම මාර ගේමක් නේ... නැද්ද මුචා???
ගොඩක් දේවල් උඹ කෙටි කරලා එක පෝස්ට් එකකට... සතුටුයි!
මේහෙම අත්දැකිමක් නම් තියෙනවා..මිට ටිකක් වෙනස්. ලයිව් නෙවේ..!! සිරා පොස්ට් එක.අතිතේට ඇදන් ගියා..!!
ෂා... සිම්පල් මිෂන් එකක්. ගේම ෆිනිෂ්ඩ්. ෆයිල් ක්ලෝසඩ්. නවකයන්ට හොඳ ආදරශයක්. :)
දවසින් දවසම මේ ලියන දේවල් කියවද්දි ඒ අස්සේ ඉන්න නිර්මාණකරුවා ගැනත් හිතන්නම වෙනවානේ.
මම හිතන්නේ ඔයා දැන් ඒ පැත්ත ගැණ බලන්න ඕනේ කාලේ.
මේක කියවද්දි මට හිතුනේ මූ නම් බිංදුවෙක් වෙන්න බෑ කියලායි.
සද්දයක් දාලා ගිය සෙට් එකටම තැන්කියු වේවා. දැනුයි නුවර එළියේ ගිහිලා ගෙදර ආවේ. මහන්සියි හොඳටම! පස්සේ රිප්ලයි කරන්නං.
පලි: ඒ වගේම මේකට කමෙන්ට් එකක් දාලා නැතත් අතුරලිය සහෝදරයට බොහොම ස්තුතියි මේක වචන වල වැරැද්දක් හොයලා දුන්නට. දැන් මම ඒක හැදුවා.
මොකද්ද එයාගෙ නොම්මරේ?
@නොදරු: හිහී. . . මෙය මනඃකල්පිත කතාවකි.
හූන කියන්නැහෙ කියංඤ්ඤං...මේක “නිකමට හිතෙනා“ වෙන්ඩ බෑ... “මවිසින් විඳිනා“ තක්කෙටම... ආව් ආව්... සිරියාවෙ බෑ!
:P
maruuuuuuuuuu :)))))
මුචා,
ගොතාපු එකක් උනත් ඈත්ත වගේ. මේ ටොපිය නං මාර රහයි!
මේක ගොතාපු එකක් වෙන්ටම ඈති උඔ කියන්නැහේ....
නැත්තං කොන්ඩෙ පොකුටු මැරියන් අක්කගේ කඩු හරඔ ගැන කියවෙන ටොපිත් අපිට රහ බලන්ට ලැබෙයි ලඟදීම..:D
(ටොපියේ රහට හදිස්සියෙ ටයිප් කරන්ට ගොස් අකුරු දෙක තුනක්ම කාණුගත විය. ඒම නිසා ඒවා මකා දමා පෝස්ට් එක කැත කිරීම වෙනුවෙන් සමාව භජනය කරමි)
මේකේ තව මොනවා කැත වෙන්නද බං! හිහ්හී!
ඔව් බං ගොතපු එකක්! උඹට වගේම සද්දයක් දාලා ගිය සෙට් එකටම තැන්කියු වේවා!
වචන ටිකයි ඒත් රසය උපරිමයි . . . .
හරියට හීනයක් වගේ . . ලස්සන ගීතයක් වගේ . .. කෙටි නාට්‍යක් වගේ . . .
කොල්ලෝ උඹේ නිර්මාණශීලීත්වය ගන මට මාර ආඩම්බරයි . .
සිරාවට
@ගයාන් කල්හාර: උඹ මොකෙක්ද යකෝ ආදරේ ගැනයි, කෙල්ලෝ ගැනයි මගෙත් එක්ක කතා කරන්නවත්!
Post a Comment
කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!