"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Friday, November 15, 2013

මස් ඇඟ


රස්නෙ අඩු මාතලේ ටවුමට
දිස්නෙ දෙයි නුඹෙ රුව ලතාවට
දෙඇස් හතිලනවා විඩාවට
ආයි ඇඟ හොල්ලපං තුනියට

දුවන මිනිසුන් සහ ඇදෙන බස්
යළිත් නැවතී බලයි ඇඟ මස්
ආස මුත් ගනු බැහැනෙ සුපහස්
රජයටම දී පොකැට්ටුව හිස්

කාමරේකුත් හොයාගත්තත්
පාලනෙත් සීයට තුනක්
වපර ඇස් මංමුලා කෙරුවත්
නුඹව ගන්නට වරම් නොමලත්

මිදි ඇඹුල් යැයි කියා ලෝකෙට
ස්පෙෂල් බෘ ගෙන හලං උගුරට
බැදපු රටකජු හපල තරහට
පුරුදු රමණය හොඳයි ගෑනිට Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

3 ක්ම තියෙනවා අදහස්:

Anonymous said...

මේ ළඟදි උසාවියෙ, ගණිකාවක් හා සම්බන්ධ නඩුවක් විභාග වෙනකොට, නීතිඳයා කොහොම වෙතත්, උඩ පුටුවෙ හිටි කෙනා සෑහෙන්න තාවර වෙවී ඉන්නවා පෙනුණා. නඩුව ඉවර වුණාම අපි ඒ කාන්තාව ළඟට නිකමට ගියා. ඒ කාන්තාව ගෙ මුහුණෙ (ගණිකාවක් යැයි ඔවුන් පවසා ඇප දෙන ලද) උපේක්ෂා සහගත වුණත් පුංචි පහේ උපහාසයක් රැඳී තිබුණා. උඩ පුටුවෙ හිටි කෙනා උඩට එන්න අවුරුදු හතකට ඉස්සර හිඳලා තියෙන්නෙ යට පුටුවක. යට පුටුවෙ ඉද්දි ඈ සමඟ ගිය පළමුවැන්නා ඔහු. දැන් ඔහු උඩ පුටුවෙ. ඇය.. විත්ති කූඩුවෙ... දණ්ඩ නීති සංග්‍රහයෙ කොතන හරි වැරදිලා ද? සමාජ ක්‍රමයෙ කොතන හරි වැරදිලාද කියලා තවම මම කල්පනා කරනවා. සහෝධරයා

අධිකරණ ලියුම් කරුවෙක්

Unknown said...

අර දේවේලේ පේන එකාගේ කරමලය සුදුයි කිව්වා වගේ ඒ මස් ඇඟටත් ලොබ බැඳලා යම් කිසි දවසක් එපා වෙන්න පුලුවන්.www.amuthusithuwili.wordpress.com

kalebulanski said...

Top 5 best casinos - JeTHub
Top 5 best casinos · 상주 출장안마 BetMGM Casino: 김천 출장안마 $5,000 Welcome 창원 출장마사지 Bonus · Caesars Casino: $50,000 Bonus · FanDuel Casino: $5,000 Casino 경상북도 출장안마 Welcome Bonus · FanDuel Casino: $5,000 서산 출장안마 Welcome Bonus · Sportsbook Promos:.

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!