මේ වයසට ටොපි කන්න හිතෙන එක ලෙඩක් මචං... ටොපි කන එක ලෙඩක් වෙච්ච ලෝකෙකට ටොපි හදන එකත් ලෙඩක්... හැබැයි මේ ටොපි ලෙඩට හොඳයි මචං...

Sunday, August 16, 2009

මේ ඉරිදා ගිය ඉරිදා වාගේ නං නෙවෙයි. . .

මේ ළිපියට මුලින් දාලා තිබිච්ච නම තමයි අද දවස.මේක සතියක් පරක්කු නිසාත්,අද දවස කිව්වම නිකන් ජ්‍යෝතිෂය පැත්තට බරයි වගේ දැනෙන නිසාත් එම්.එස්. මහත්තයගේ සින්දුවක කෑල්ලක් සංස්කරණය කරලා දැම්මා.ඔන්න ඉතිං මෙහෙමයි ගිය ඉරිදා කතාව.ඒ මදිවට දුකා අයියාගේ කථා කියවලා . . .කථාව මැද්දේ දිගට හරහට තිත් පේළි.හැබැයි ඒකත් මරු වැඩේ.ඒකේ ලොකු හැඟීමක් තියෙනවා.

සුපුරුදු පරිදි පාන්දර 11ට විතර නැගිටලා තත් තුනක් විතර තිබිච්ච ගිටාරයෙන් සරිගම කකා ඉන්නකොට අපේ ගෙදර බුදුන්ගෙන් නියෝගයක් නිකුත් වුනා.
"කිරි එක බීපාන්. . . "
මමත් ඉතිං සුනඛයා වගේ ඒක බොන්න කියලා කුස්සිය පැත්තට ඇදෙනකොට පියාණෝ මහා කැත හිනාවක් දාගෙන කාමරේට ගියා.මලහතිල්ලව්වයි. . සරොං කටට වඩා ලොකු හිලක් මගේ සරම මැද්දේ වැජඹෙනවා.ගැලෙව්වා සරම. . ඇඳගත්තා ෂෝටක්.බිව්වා කිරි එක.ආවා කාමරේට (පියාණෝ කියන විදිහටනං ගුබ්බෑයමට).ඉරිදා දවසනේ. . .දැම්මා ඔළුව ටීවී එකට,අක්කා නගෝ ඉන්නවද බලන්න.එතකොට උං දවල්ට කාලා බුදිලු.මම ඒක දාද්දී දොලහමාරට විතර ඇති.මොකද්දෝ හින්දි කුණුහරුපයක් තියෙනවා කියලා තිබ්බත්,මම ඔය කෙහෙල්මල් බලන්නේ නැති හින්දා ගියා මූණු පොතට ඇබ්බැහි වෙන්න.ආතල් එකේ වත්තකට පැනලා පලතුරක් කඩාගෙන ඉන්නත් පුළුවන්නේ.

දෙයියනේ කියලා නදීක ගුරුගේ ගේ උත්ථානය අහගෙන ඉන්නකොට ලිලානයගෙන් කෝල් එක ආවා ගයානයගේ ගෙදර යන්න ලෑස්ති වෙයන් කියලා.බුදු තාත්තේ. . ඊට පස්සෙනේ මතක් වුනේ ඌ ගෙදරට ගෙවදිනවා කියලා.ඉතිං උගේ අපාය සහය මිත්‍රයෝ වෙච්ච අපි නොගිහින් බැහැනේ.අපිත් ඉතිං පොඩ්ඩක් හරි ගෙදරට ගොඩවදින්න එපැයි.දවල්ටත් බත් පාරක් කාලා,රුපියල් දාහකුත් ගෙදරින් කොටාගෙන ලිලානයයි මායි ආපිකෝ එක ළඟදියි සෙට් වුනා.ඉතිං ආපිකෝ එක ඇතුලේ රවුමක් ගහලා සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව ගත්තා රුපියල් දාහකට බිත්ති ඔරලෝසුවක්.අනේ හැබෑටම මෙහෙමත් නාටක කියලා. . .දෙන්නා ගාවම පන්සීය ගානේ ඉතුරුයි.ඕක ගෙදර ගෙනිච්චොත් තාත්තගෙන් බැණුම් අහන්න වෙනවානේ. .සමහරවිට ගුටිත් කන්න වෙයි(මොකෝ හිනාවෙන්නේ ?).ඉතිං ගියා රැජිණ කැෆේ එකට.ඒවටත් ගැලපෙන්න නං දානවා නේද. .කැෆේ නෙමෙයි කැපේ.අපිත් සබ්මැරීන් දෙකක් ගිලලා පෙප්සි දෙකක් ඇදලා දාලා. .දෙයියනේ කියලා රුපියල් අටසීයක් ගෙවලා ආවා.

ඊට පස්සේ ඉතිං පුරුදු පරිදිම තියෙන දුරම පාරෙන් උන්ගේ ගෙදරට ගියා.ගිහිල්ලා ආපහු පාරක් කෑවා.කාලා කූල් ඩ්‍රින්ක්ස් දෙකකුත් බිව්වා.යාළුවෝ කියන කතාව හරි.මට තියෙන්නේ රබර් බොක්කක්(කන්න කන්න ඇදෙනවා).ඕන්න ඉතින් සුපුරුදු පිස්සෝ සෙට් එක සෙට් වුනා.ඔමා,මම, චංකයා,ලිලී,ජෝන්,ගයියා සෙට් වෙච්ච තැනක පාළු නෑ.බිව්වෙත් නෑ.බෙඩ්ෂීට් පාටියකුත් දාලා මහන්සි හින්දා අටට විතර රෑට කෑවා.කෑවා කිව්වට කෑවෙම නෑ ගිල්ලා.ෆ්‍රයිඩ් රයිස්,චිලී චිකන්,චොප්සුඉයි,චිලී පේස්ට්. .ඊට පස්සේ දැවිල්ල හින්දා වටලප්පං පෝඩ්ඩකුත් කෑවා.

ආපහු බෙඩ්ෂීට් පාටියකුත් දාලා. . බොරු ටිකකුත් කියලා. . . ගෙදරට මංගැච්චුවා.චංකයාගේ වාහන එලවිල්ලත් හොඳ හින්දා අවුලක් නැතුව දොලහා වෙද්දී ගෙදර ආවා.ඊට පස්සේ ඉතින් මාතෘත්වයෙනුයි,පීතෘත්වයෙනුයි අහපු බැණුම් ගැන ලියන්න ඕන නෑ.හොඳකට තිබ්බේ මගේ මැරියන් බැනපු නැති එක විතරයි.

ඔබට අවැදගත්. . මට වැදගත්. . .


මේක මම අද පළකරන්න හිටපු ළිපිය නෙමෙයි.අද පළකරන්න හිටියේ පසුගිය ඉරිදා මට වෙච්ච සිද්ධි ගැන.ඒත් මේක කරන්න උනේ. . මගේ ජීවිතේ එක බඩවැල කඩාගෙන නොආවත් තමුන්ගේ සහෝදරයෙකුට තරම් ආදරය කරන,උපදෙස් දෙන,බනින,ගහන,මේ බ්ලොග් එකෙත් විශේෂ ස්තූතියක් හිමිවෙලා තියෙන නිදර්ෂනී අක්කා මගෙත් එක්ක තරහා වෙලා ඉන්න එක හේතුවෙන්.අන්න එතනදියි මේ ළිපිය ඔබට අවැදගත් වෙලා මට වැදගත් වෙන්නේ.මේක ලියන වෙලාව වෙනකොට මගේ හිතේ තියෙන දුක දන්නේ මම විතරයි.ඒ දුක අඩු කරගන්නයි මේක මගේ බ්ලොග් එකට ලියන්න හිතුවේ.එහෙම නැතුව ඕගොල්ලොන්ටත් මේක මුලින්ම කියවගෙන යනකොට හිතෙන,ෂේප් කරගැනීමේ න්‍යායෙන් නෙමෙයි මේක ලියන්නේ.

ක්ලාස් එකේදී පලවෙනි පාරට හිනාවුනාම,පස්සේ කාලෙක මේ තරම් ළෙන්ගතු සහෝදරියෙක් වෙයි කියලා හීනෙකින්වත් හිතුවේ නෑ.මුලින්ම පාර මට කෙමිස්ට්‍රි කියලා දෙනකොට (ඒක කිසිම වැදගම්මකට නැති විෂයක් උනත්)මම බොහෝම උනන්දුවෙන් අහගෙන හිටියා.එදා මට කියලා දුන්නේ Fe නොහොත් යකඩ ගැන.හැමදාමත් කෝල් කරා.දුක සැප හෙව්වා.මූණු පොතට එයා ආවට පස්සේ අපි තවත් ලං වුනා.මේක ලියනකොට මට හිතුනා මගේ කලින් ළිපියක් වෙච්ච ත්‍රී සිස්ටර්ස් ළිපිය ෆෝ සිස්ටර්ස් කරානං හොඳයි කියලා.ඒකේ සඳහන් කරපු සහෝදරියන්ගෙන් මට ලේ නෑකමක් වත් තිබුනත්,එහෙම සම්බන්ධයක් හෝ නොතිබී එයා මට මට මෙච්චර ලෙන්ගතු වෙච්ච එක ගැන මට ආඩම්බරයි වගේම පුදුමයි.

මගේ කලිං ළිපියකත් සඳහන් වෙච්ච මගේ හත් දෙනාගේ මිතුරු කැලේ එකෙක් එක්කම ආදරෙන් වෙලිලා ඉන්න මගේ අක්කා. . .(මට පොඩ්ඩක් ආඩම්බරයි. .මොකද ඒ දෙන්නා සෙට් උනෙත් මම හින්දා).එයාගේ ඕනම ප්‍රශ්ණයක්. .කොටින්ම කිව්වොත් වැඩකරන තැන,යාළුවොත් එක්ක ගමන් බිමන්,ගෙදර දේවල්,ඒ වගේම එයාගේ කම්පියුටරේ කැඩුනහමත්,කොටින්ම කිව්වොත් ඔවුන්ගේ ප්‍රේමාන්දරය ගැනත් මගෙත් එක්ක කියලා තියෙනවා.අපි කොච්චර රණ්ඩු වෙලා තිබ්බත් කවදාවත් තරහා වෙලා නැති හින්දා මේක මට හුඟාක් දැනෙනවා.

කවදාවත්ම එයා මට මල්ලී කියලා විතරක් කතා කරලා නෑ.මගේ මල්ලියෝ කියන සුපුරුදු ආදර බර වචන මතක් වෙද්දී දැන් හරිම දුකයි.මම දන්නේ නෑ ඒක මම කොහොම දරා ගන්නද කියලා.මගේ ෆොටෝ එකකට මුල්ම කමෙන්ටුව දාන,මගේ ඕනම නින්දිත වැඩකට මුලින්ම බනින,මගේ විභාගයකට මුලින්ම සුභ පතන මගේම අක්කාව නැතුව හිතට දැනෙන පාළුව හුඟාක් දරුණුයි.මගේ මැරියන්වත් හිටියේ නැත්තං මම ඉවරයි.

මේ ඔක්කෝම සිද්ධි උනේ මගේ කරුම කට හින්දා.මේක ගැන අපේ සහෘදයෙක් වෙච්ච ක්‍රිශාන් හොඳටම දන්නවා.නිදර්ෂනී අක්ක හැමදාම මට කියන "ඔයාගේ ෆොටෝ වලින් Exhibition එකක් තියමු මගේ මල්ලියෝ" කියන වචන පේළිය කිව්වම ඉස්සර මගේ කටින් පිට වෙච්ච "පිස්සුද අක්කේ. .මගේ එව්වත් ෆොටෝ ද?" කියන පිළිතුර වෙනුවට දාහතර වෙනිදා මගේ කටින් "රෙද්ද" කියන වචනේ කියවුනේ මොන කරුමයකටද මන්දා.ඒක ගැන මම දැනටත් හුඟාක් පසුතැවෙනවා වගේම දහස් වාරයක් මගේ අක්කාගෙන් සමාව ඉල්ලනවා.

ප:ළි :- මේක Draft කරලා මොහොතක් යන්නත් කලින් සතුටු හිතෙන සිද්ධියක් වුනා.මගේ අක්කා මූණු පොතෙන් පණිවුඉඩයක් එව්වා මෙහෙම.

"මම හැමදාමත් ඔයාගේ අක්කා !!
ඒක වෙනස් වෙන්නේ නෑ මගේ මල්ලියෝ."

Wednesday, August 12, 2009

ප්‍රේමණීය අතීතය



ඉස්සර. . . . අපේ අම්මාගේ සමරු පොතක තාත්තා තියපු සටහනක්.

තවත් එක් සැඳෑවක හුදකලාවී සිටින විට සිතුනි මට අමතන්න ඔබ මෙසේ..

මා ආදරණීය සුරංගි..

විසිදෙකයි අටයි අසූ දෙකදා
ජීවිතයේ මෙතෙක් නොදුටු
තවත් සුන්දර පැත්තක
රස බැලීමට ඔබ පාදා දුන් මග,

අවසාන වන තුරු
යමි ඔබ සිහි කරමින්
පුදමි ඔබට මගේ
සෙනෙහෙබර පැතුම් මින්

වාසනාවන්ත අනාගතයක් !

මම
ඔබේ
ආදරණීය
කෝලිත ජයවර්ධන

Tuesday, August 11, 2009

කන ලඟ යාලුවා

සුන්දර බණ්ඩාරවෙල ඉපිද,උගෙන,ප්‍රේමයකුත් ඇතිකරගෙන වැඩිදුර ඉගනීමට කොළඹ පැමිණි ඔහු,පරිගණක ඉංජිනේරුවෙකු ලෙස නිමකිරීමට බලාපොරොත්තු වන උපාධියේ දෙවන වසරේ හෙවත් උසස් ඩිප්ලෝමාවේ උගනිද්දී මා ඔහුගේ කන ලඟ යාලුවා කරගනිමින් ඔහු කරගැහුවේ පාපයකටද යන්න මසිත කෑගැසුවද ඔහු කෙරෙන් ඒ බවක් පෙනෙන්නට නොමැතිවිය(එහෙමද දන්නෙත් නෑ).

හදිස්සියකට අදහසක් ඇවිල්ලා බ්ලොග් එකේ Draft එකක් දාගත්තැයි කියලා,පැයක් විතර මහා හයියෙන් බැන්නත්..මගේ පරම ආදරේ වෙච්ච හුරතල් මැරියන් ගැන හිත හිත හිටියා කියලා,වටපිටාවේ ඉන්න කෙල්ලෝ පවා හැරිලා බලලා අවඥාවෙන් හිනාවෙන තරමට කුණු කතා කිව්වත්..පාටියකට ගිහිල්ලා ලෙක්චර්ස් කට් උනොත්,පහුවදාට ආවහම ස්කාගාර වැහෙන තරමට කැත කතා කියලා බැන්නත්..ඒ බැන්නේ තරහකටවත්,පිස්සු නටනවාට ඇති අකමැත්තට වත් නොවී මම කියන චරිතය හෙවත් උගේ කන ලඟ යාලුවා විනාශ වීමට ඇති අකමැත්ත නිසාම බව මම හොඳින්ම දනිමි.

මොහු. . .වැඩිදුර අධ්‍යාපනය ලබන්නට මා සමග සෙට් වූ මිතුරන් අතරින් කෙට්ටු ෂෙහාන් සහ තඩියා ෂෙහාන් ට අමතරව,අපේ භාෂාවෙන් හොඳම බොක්ක හෙවත් හිත හොඳ කොල්ලෙක් විය.මගේ ජීවිතයේ මා දුටු අහින්සකම වුන් අතරින් පලමු තැන කෙට්ටු ෂෙහාන් ට හිමිවන අතර..දෙවන තැන අනිවාර්‍යයෙන්ම අත්කරගන්නේ මොහුය.තවද හරියා,මනා,ශ්‍රී,දොරේ ගේ ව්‍යවහාරයට අනුව,මොහු එනු දුටු විට මට පවසන්නේ "අන්න..උඹේ තාත්තා එනවා" කියාය.එසේ තාත්තා කියා කීවද අප දෙදෙනා එකිනෙකා ඇමතීමේදී කුණුහරුපයකින් තොරව අදහස් හෝ අපගේ සංවාද හුවමාරු කරගැනීමට මැලි වන්නෙමු.තවද එකම විදිහේ දේ වලට අසා නොකරන මුත් එකම විදිහේ දේ වලට වෛරකරන අප දෙදෙන,ඒ පිළිබඳ සිත් තුල ඇතිදේ පැකිලීමකින් තොරව එලියට දැම්මෙමු(ඒ පිළිබඳ මින්පෙර ළිපියකත් සඳහන් කර ඇත.).

අන්තර්ජාතික ව්‍යවහාරයට අනුව Desk Mate වන කන ලඟ යාලුවා යන්න...මුගෙයි මගෙයි මිත්‍රත්වයට අනුව කන ලඟ සහෝදරයා ලෙස වෙනස් විය යුතුය යන්න මා මතයයි.

ප:ලි :-මෙම ළිපිය මොහුත් මාත් අතර සිදුවන දරුණු මත ගැටුම් සහ අමනාප සමනය කරගැනීමට ලියන ලද්දක් නොවේ.තවද මෙයට අඩුවැඩියක් ලෙස කන ලඟ හතුරා විසින් මට විරුද්ධව අදහස් තීරයට එකතු කරන දෑ සියල්ල අසත්‍යයන් වන බවද කරුණාවෙන් සලකන්න.තවද මෙය වැඩි දෙනෙකුට අදාල නොවන බැවින්ද,මෙය උදෙක්ම මා විසින් පළකරන ලද්දේ මා මිතුරා වෙනුවෙන්ම බැවින්ද,මෙය කියවා යම් තරමක හෝ කාලය නාස්තිවීමක් සිදු වුනි නම් සමාව අයදිමි.

Friday, August 7, 2009

සොඳුරු අතීතයේ


පළමු දවසේ පාසල් ගේට්ටුව ළඟදී අම්මාගෙනුයි තාත්තාගෙනුයි වෙන්වෙලා ඇතුලට යනකොට දැනිච්ච දුක මට මතක නැතිවුනත්,

මම පන්තියට ගිහිල්ලා විජේරත්න මැඩම්ගෙන් ඉගෙනගෙන (ඉගෙනගෙන කිව්වට...ඉතිං) ආපහු එළියට එනකොට ආවේ යාළුවෝ තුන්දෙනෙකුත් එක්ක..(තාත්තා කිව්ව විදිහට) ලු.

උන්ගෙන් දෙන්නෙක් එක්ක දැන්නම් එච්චර දරුණු යාළුකමක් නොතිබ්බත්,අනිත් එකානං පූරුවේ පවකට හෝ පිනකට තාමත් මගේ හොඳම යාළුවෙක් (ඌ හිතාගෙන ඉන්න විදිහට) ;-)

හැමදාම උදේට සුනිල් එදිරිසිංහ මහත්තයගේ "බානෙන් බැඳ","මල්ලියේ නරක මිතුරන්" වගේම අමරදේව මහත්තයගේ "මහමෙව්නා උයනේ","රත්න දීප"..තවද මරියසෙල් ගුණතිලක මහත්මියගේ "සිහින නෙළුම් මල්" වගේම රූකාන්ත ගුණතිලක මහත්තයගේ "උකුළට නාවත්" අහලා...
තාමත් ඒවා මගේ හදගත් ගීත ගොඩේ තියෙන්නේ නොදැනුවත්වමයි.

අට වසරෙදී පළවෙනි පාරට හොරෙන් ඉස්කෝලෙන් එළියට පැන්නේ..පනින්න කලින් ගිටාර් ගගහා තිබිච්ච කකුල් දෙක... පැනලා දෙමටගොඩ මවුන්ට්මේරී හරියට ආවහම හිතට දැනිච්ච කූල් එක... ඒ වගේම ඒ ජයග්‍රාහී හැඟීම තාමත් මතකයි හොඳටම. (ඒත් ඊට පස්සේ දහය වසර වෙනකන් ඉස්කෝලෙන් පැන්නේ නෑ)

මගේ පූරුවේ තිබිච්ච ලොකුම පිනකට සහ ශිෂ්‍ය නායක මුළුවේ තිබිච්ච ලොකූ අවාසනාවකට(මම හිතන්නේ) ඒකට බැඳෙන්න ලැබුනේ.පාන්දර 4.30 ට විතර ඉස්කෝලෙට ගිහිල්ලා කන්න තියෙන රැග් ඔක්කෝම කාලා යාන්තං Junior Prefect බැජ් එක ගැහුවා...

"...න්දා මෑණියන්ගේ අකලංකබාවයත් කීර්තිරාවයත් පවිත්‍රතාවයත් වඩ වඩාත් දීප්තිමත් කිරීමේ අවංක අධ්‍යාෂයෙන් යුතුව..මා සතු සියලුම හැකියාවන් හැකි සෑම අවස්ථාවකදීම විද්‍යාලය හා සම්බන්ධ සකල ස්ථානයන් හීදී යොදවන බවටත් ඔබ සෑම දෙනා ඉදිරියේ මෙසේ දිවුරා ප්‍රකාශ කර සිටිමි.ඒ බවට ඔබ සියල්ලෝම සාක්ෂි දරත්වා.ස්තූතියි!"

කියලා දිවුරපු දිවුරුම තාමත් මතකයි.මම මේ වෙනකනුත් ඒක ඒ විදිහටම රැකලා තියෙනවා. පළවෙනි දවසෙම කම්මුල පුපුරු ගහන්න කම්මුල් පාරක් කෑවා.ඈනුමක් ඇරියා කියලා අත තියන්නේ නැතුව..එදා ඉඳන් දිගටම අවුරුද්දක් යනකනුත්. . .

හොඳට සීට් තියෙන 154 බස් වල හිටගෙන ගියේ පශ්චාත් ප්‍රදේශයේ පාරවල් හිටින තරමට කොසු පොලු වලින් ගුටි කාපු නිසා(ඒකත් ආතල්).

එහෙම ගුටි කෑවේ Deciplene හදාගන්න කියලා ඒ දවස් වල හිතුනේ නැති උනාට,පහුවෙලා සීනියර් උනාට පස්සේ ගුටි කනවා අඩු වෙනකොට කම්මුලටයි,පිටටයි,ඔළුවටයි,පශ්චාත් ප්‍රදේශයටයි හරිම පාළුවක් දැනුනා. . .

ඒ වගේම අපිත් සීනියර් වෙලා අපේ පොඩි එවුන්ට වැරැද්දකට ගහනකොට උඩින් කොච්චර ඔරවගෙන හිටියත් හිතින් ලොකු බරක් දරාගෙන හිටියේ..

මේ අතරතුර මගේ උසස් පෙළ පන්තිය ගැනත් පොඩි සඳහනක් කරන්න ඕන.ඒකට කිව්වේ "අන්ජනං අඩවිය" කියලා.කොහොම උනත් ඔය අන්ජනං අඩවියේ මහ අන්ජනම හෙවත් පන්ති නායකයෝ වුනේ මම ඇතුළුව තුන් දෙනෙක්.

අවසානයේ හිතේ ලොකුම හීනය සපුරගන්න කාලය ආවා.ඒ උසස් පෙළ විභාගය එහෙම නෙමෙයි.ඒ තමයි මගේ ජ්‍යෙෂ්ඨ විධායක ශිෂ්‍ය නායකයෙකු වීමේ සිහිනය.ඔන්න දැන් මම සම්මුඛ පරීක්ෂනයේ. . .

මුලින්ම ඇහුවේ පන්ති බාර කවුද කියලා..මළ කෙළියයි !අපේ පන්තියේ ඒ වෙනකොට පන්ති බාර කට්ටිය තුන් දෙනෙක් මාරු වෙලා තිබුනා.මම කොහොමද අලුත්ම එක්කෙනාගේ නම දන්නේ.මම වෙනින් බර බර දේවල් නේ පාඩං කරලා ගියේ.

ආපහු.. "කව්ද ?"
"අර සුදු කෙට්ටු මැඩම්" මගේ උත්තරයක් මිමිණුනා. මළ හත් ඉල්ලව්වයි! අපේ පන්ති බාර මැඩම් ඉන්ටවිව් බෝඩ් එකේ ඉන්නවලු.(එයා සුදුයි මහතයි..කවුද දන්නේ?)
මාස තුනකට පාරක්නේ පන්තියට යන්නේ.කුණු බැණුම් අහලා කොහොමහරි ඒ බැජ් එකත් ගැහුවා.

Prefect ජීවිතේ පට්ටම අත්දැකීම තමයි "Work Shop" එක.ඒක දවස් තුනක් තිබ්බා ඉස්කෝලේ.ඒක ගැන ලියන්න ඉන්න හොඳම කෙනා තමයි මම.මම ඒකේ හැමෝටම මතක හිටින චරිතයක්.

ඒක හුඟාක් කාෂ්ඨක දරුණු කාළයක්.මගේ යාළුවෝ මහ පාරේ බඩගාද්දී..පපුවේ අමාරුවක් ගත්තු මම හොඳට නිදාගෙන හිටියේ.අපේ සීනියර්ස් ලව එහෙම ලේසියෙන් රවට්ටන්නත් බෑ.උදාහරණයක් විදිහට කළන්තේ දානකොට පේන්නේ මොන පාටද? කළන්තේ දානකොට ඇඟ බරවෙන්නේ මොන පැත්තටද ?හදිසි පපුවේ අමාරුවකට ප්‍රථමාධාර ? ඔය ඔක්කෝම දැනගෙන ඉන්න ඕන ඔය හොර වැඩ කරන්න නං.

ඒ මදිවට පාන්දර 6ට විතර යාළුවෝ ගල් ෂෝටවල් ඇඳගෙන මියුසියස් එක ගාවින් දුවද්දී මම ඉස්කෝලේ ඇතුලේ ආතල් එකේ ඇවිද ඇවිදැ හිටියා.එදා මට ආතරයිටීස් තිබ්බා.
කොහෝමහරි ෆන්ම දවස වෙච්ච අන්තිම දවසේ සීනියර්ස්ලා පුදුම කරවමින් කෙලින් වෙච්ච මම දවස ඉවර කලේ සින්දු කියලා,නාට්‍යයක් කරලා...Hotel School එකෙන් අපිට දීපු Three Course Menu එකත් ඉවරයටම ඉවර කරලා.

මම විභාග වල කොපි කරපුවා ගැනනං කියන්න යන්නේ නෑ.

කොහොම උනත් මේ ළිපිය මෙතනින් ඉවර කරන්නේ..ඉස්කෝලේ හිටපු අන්තිම දවස ගැන කියනකොට ඇස් පෙනීම බොඳ වෙන හින්දා.ඒ අත්දැකීම ඕගොල්ලෝ හැමෝටමත් ඇති.නැත්නම් විඳියි ඉදිරියට.

කියවපු හැමෝටම නළඳ මව් සරණයි !

ප:ලි :- ඕගොලොන්ගේ ජීවිතේ පාසැලේදි ශිෂ්‍ය නායකයෙක් වෙනවද නැද්ද කියන තීරණය ගන්න ආවොත්,දෙමව්පියෝ ගුරුවරු කොච්චර කිව්වත් ඒ දේ කරන්න.ඒක තමුන්ට ජීවිතේ දීපු පාසලට පොඩ්ඩක් හරි ණය ගෙවන්න පුළුවන් විදිහක් !

Wednesday, August 5, 2009

හිතට වද දෙන හොඳම මිතුරිය

හිතට වද දෙන දෙයක් ඉවත් කරගැනීමට ඇති හොඳම මග කොහේහරි ලියන එක කියලා මම කිව්වට,මේක ගැන එහෙම ලිව්වේ නැත්තේ මේක ඉතාම රහසිගත වගේම සුන්දර නමුත් වේදනාබරිතද වූ නිසයි.එහෙත් දුකා ලියා තිබූ ඔහුගේද සොඳුරු පෙම් හබයක් මගේ කථාව මෙලෙස එලියට එන්නට මහත් පිටුවහලක් විය.ඒවගේම මේක Draft කරන වෙලාව වෙනවිට සිරස නාලිකාවේ හින්දි චිත්‍රපටයේත් නළුවා මම වගේ නොවුනත් නිළිය නං ටිකාක් එයා වගේ.මේක ලියන්න ඒකත් රුකුලක් උනා.

අපේ පළමු හමුවීම පෞද්ගලික ටියුටරියකදී.එයා ඇඳලා ආවේ කළු පාට T-Shirt එකක්.ක්ලාස් එකේ කොල්ලොම ඔක්කෝම එදා ඉඳං මෙයාට ට්‍රයි.මටත් ඒක හිතුනේ නැත්තේමත් නෑ.ඒත් තදට දැනුනේ නෑ.මොකද මම එතකොට එක්කෙනෙකුට බොකු කඩාගෙන ලව්.කොහොමහරි ඔය දවස්වල,මම පන්තියේ කෑගහනවා කියලා සර් මාව කෙල්ලෝ දෙන්නෙක් ගාවට දැම්මා.එදා ඒතරම් නොවුනත්,පස්සේ කාලෙක වගේම තාමත් ඒදෙන්නා මගේ ජීවිතේට හුඟාක් ලංවුනේ නොදැනුවත්වමයි.

මට Note ලියලා දුන්නා.ගෙදර වැඩ කරලා දුන්නා.පොත් වලට කවර දාලා දුන්නා.මගෙත් එක්ක කෑවා.කොටින්ම කිව්වොත් ඒගොල්ලෝ ක්ලාස් එනකොට මට පැන්සලකුයි,රතු පෑනකුයි,අඩි රූලකුයි පවා ගේනවා(මමත් ඉතින් බොහෝම අමාරුවෙන් නිල් පෑනකුයි පොතකුයි උස්සගෙන යනවා).

ඉතින් මේ කථාවේ කථා නායිකාවට,ඒ කියන්නේ මගේ හොඳම මිතුරියට අපි ශලනි කියලා කියමු.එතකොට මගෙ එහා පැත්තේ හිටපු අනෙක් මිතුරියට තාරකා කියලා කියමු.ඉතින් මුල්ම දේ වුනේ ඔය ශලනි මගෙත් එක්ක හුඟාක් කුළුපගු උනාට පස්සේ...,එක දවසක් මම ගෙදර ඇවිල්ලා මගේ පොත්බෑග් එක ඇරලා බලද්දී(මම පාසලේ ඉඳලා කෙලින්ම පන්ති ආපු දවසක.)මගේ බෑග් එක ඇතුලේ ශලනිගේ පෙන්සිල් කේස් එක තිබ්බා.ඒකේ අමුත්තකට තිබ්බේ ඒ මුළු පෙන්සිල් කේස් එක පුරාවටම කොල්ලෙක්ගේ නමක් (අපි xxx කියමු.) ලියලා,එයාට ආදරෙයි..එයා තමයි මගේ ජීවිතේ කියලා තිබුනා.මම හිතුවේ ඕක මගේ බෑග් එක ඇතුලට දැම්මේ පන්තියේ කොල්ලෙක් වෙන්න ඇති කියලා.ඒත් දවස් දෙකකට විතර පස්සේ ආපහු ඇය හමුවුනාම තමයි ඇගේ මුහුණෙන් ඇතිවෙච්ච වෙනසෙන් දැනගත්තේ මේක ඇයගේ වැඩක් කියලා.ඉතින් මම මොකුත් නොවිච්ච ගානට එයාගෙන ඇහුවා xxx කවුද කියලා.එතකොට එයා ගත්තු කටටම කිව්වේ ඒ එයාගේ පෙම්වතා කියලා.ඊට පස්සේ එයා ගැන විස්තරත් ගොඩාක් කිව්වා.එයා මොරටුවෙන් බිහි වෙච්ච ප්‍රසිද්ධ පාසැල් ක්‍රිකට් ක්‍රීඩකයෙක්.

අන්තිමට එයා මගෙන් ඇහුවා එයාගේ හොඳම යාළුවා වෙනවද කියලා.මමත් ඉතිං ඒ දවස්වල තිබිච්ච අමුතු කිතියටත් එක්ක ගත්තු ගමන්ම හා කිව්වා.එදා ඉඳලා තමයි හුඟාක් දේවල් වෙනස් වුනේ.එදා ඉඳලා එයා මම එනකන් පන්තිය ගාව බලාගෙන හිටියා.මම නැති දවස් වල එයත් ගෙදර ගිහිල්ලා තිබුනා.මගෙත් එක්ක විතරයි කෑවෙත්.ටික දවසකින් මගේ කෙල්ලට කනින් කොණින් මේක ගැන ආරංචි ගිහිල්ලා තිබුනා.ඒක හින්දා මම සර්ට කියලා වෙනින් පේළියකට මාරු උනා.මට තේරුනා ශලනිගේ හිතේ මට කැමැත්තක් තියෙනවා කියලා පොඩියට හරි.නැත්තන් කෙල්ලෙක් මෙහෙම කරන්නේ නැහැනේ.එයා සර් උගන්නන වෙලාවටත් මගේ දිහා හැරිලා බලාගෙන ඉන්නව කියලා මගේ යාළුවොත් මට කියලා තියෙනවා වගේම මමත් දැකලා තියෙනවා.දවසක් මම එයාට මගේ කෙල්ල මට දීපු ප්‍රෙසෙන්ට් එකක් පෙන්නුවා.ඒක Pure Silver CROSS පෑනක්.ඒකේ කේස් එක ඇතුලේ එයා මට ආදරෙයි කියලා ලියපු පුංචි කොල කෑල්ලකුත් තිබුනා.ශලනි ඕක දැක්ක ගමන් ඒක අරගෙන දෙකට ඉරුවා.මම නොදැනුවත්වම මගේ කටින් එයාට නරක වචන ගොඩාක් කියවිලා බැණුනා.එදා ඉඳන් සමහර දේවල් වෙනස් උනා වගේම සමහර දේවල් හුඟාක් වැඩි උනා.

ඒ අතරේ අපේ පන්තියේ මේස වලත් වගේම මගෙ පොත්වල සහ අනෙකුත් භාන්ඩ වල,ඒ මදිවට පන්තියේ White Board එකෙත් මෙයා මගේ නමයි එයාගේ නමයි ලියලා තිබුනා.මම ඕක මගේ යාළුවෙකුට කිව්වම ඌ කිව්වා ශලනිට මාණසික ආබාධයක් ඇති කියලා.මටත් ඒක හිතිලා තිබුනා (නැත්තන් අච්චර ලස්සන හොඳට ක්‍රිකටුත් පුලුවන් එකෙක් ඉන්දිද්දී මම වගේ කාළකන්නියෙක්ට ලව් කරාවිද?)..තවත් දවසක් එයා මට එයාගේ පෙම්වතාව මට මුණගැස්සුවා.ඊට පස්සේ එයා කිව්ව එදා දවසම එයා xxx ගේ ගෙදර හිටියේ කියලා.මටත් ඒක ටිකාක් දැනුනා(ඇයි දන්නේ නෑ ?).ඊට පස්සේ තවත් දවසක් පන්ති තිබිච්ච නැති දවසක මට පන්තියට එන්න කිව්වා,වැදගත් දෙයක් කියන්න තියෙනවා කියලා.මමත් ගියා.එදා එයා මට කිව්ව "එයා කියන්න ආපු දේ මට කියන්න හිත්දෙන්නේ නෑ" කියලා.ඊට පස්සේ මගේ පපුවට ඔලුව තියාගෙන "අනේ මට ඔයාව අට වසරෙදි හම්බුනානං" කියලා අඬ අඬ කිව්වා.මොකද එයාට් එයාගේ පෙම්වතාව හමුවෙලා තියෙන්නේ නවය වසරෙදීලු.මම ඒවෙලාවේ මගේ දෝරේ ගලන්න තිබිච්ච ඔක්කොම හැඟීම් හිතේ තද කරගෙන හිටියා.මට එයා ගැන හුඟාක් දුක හිතුනා.

පන්තිය අවසන් වෙච්ච දවසේ රෑ එයා මාව පන්තියේ ඔක්කොමලා අස්සෙන් පන්තියේ කොණකට අරගෙන ගිහිල්ලා මාව බදාගෙන ඇඬුවා.මට කඳුළුත් ආවා.ඒවා එළියට නොදා ඉන්න බැරි උනා.එදා රෑ එයා මට Message එකක් එව්වා.

" Please..Leave me behind,but dont leave your soul !
Because no difference between you and your soul
But your soul is with your love in recent :'(
Please leave it to me... Please !!! "

ඊට පස්සෙත් අපේ ආශ්‍රය සාමාන්‍ය විදිහට තිබ්බා.ඒවගේම මේ වැඩේ හින්දා අපේ පන්තියේ කොල්ලෝ ගොඩාක් මගෙත් එක්ක හිත් නොහොඳ උනා(ගොඩාක් කිව්වට හතරක් විතර.).උන් තාමත් හිතාගෙන ඉන්නේ ශලනි මගේ ලව් එක කියලා(මගේ ලව් එක තමයි මැරියන් කියලා දන්නෝ දනිති.)..

මේ සිද්ධියෙන් අවුරුද්දකට විතර පස්සේ ශලනි රට යනවා කියලා මට කිව්වා එයා හම්බුවෙන්න එන්න කියලා.මමත් ගියා එදා අඟුලාන හන්දියේ Perera And Sons Bakers ඇතුලේදී එයා මගේ එක කම්මුලක ලාවට එයාගේ තොල් දෙක තියලා ගියා.තාමත් ශලනි මට Call කරනවා.ඒත් අපි දෙන්නා ගාවම ඉස්සර තිබිච්ච ලෙංගතුකම නෑ.දැන් එයාගේ ප්‍රේම කතාවත් ඉවර වෙලා.හැබැයි තාමත් මට එයා ගැන ඕප-දූප කතා ඇහෙනවා.එයාගේ චරිතය නරකයිලු.පන්තියේ සර් එක්කත් සම්බන්ධයක් තිබ්බලු.මට තාමත් හිතාගන්න බෑ... මට ඒවා විශ්වාස කරන්න හිතෙන්නේ නැත්තේ ඇයි කියලා.අනේ මන්දා...

ප:ලි :- මේක සත්‍ය සිද්ධියක්.මේක මම ලිව්වේ කෙල්ලෙක් මගේ පස්සෙන් ආවා කියන සංසිද්ධිය එළියට දාන්න නෙමෙයි.මගේ හිතේ මේක මතක් කරනකොට එන අමුතුම හැඟීම හින්දයි ලියන්න හිතුවේ.දුකා සහෝදරයත් කිව්වේ..වෙනින් කාටහරිත් මේ වගේ අත්දැකීමක් තියෙනවනම් මේක ලියන එක ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා.එහෙම නැතුව,මාව දැකලා තියෙන යාළුවෝ දන්නවා මේතරමටම ලස්සන ශලනි වගේ කෙල්ලෙක් තමුන්ගේ පෙම්වතාවත් අමතක කරලා දාලා මට ලව් කරන්න තරම් ලස්සනක් මගේ නෑ කියලා.සමහරවිට මගේ අදහස් ටිකක් පිස්සු හින්දා වෙන්න ඇති මට එයා කැමති වෙන්න ඇත්තේ.

Saturday, August 1, 2009

මොහොතේ පැවතීම

සුනාමිය ආවේය,විනාශ කලේය,ගියේය..
වැළපුන වුන් හට එය යළිඳු සිහිවන්නේ සමරණ දිනකට පමණි.

මමත් සමග ගොඩ දෙනෙක් A/L කෙල කරගත්තෝය..
බැන වැදුනු පිරිසට දැන් එය මතකවත් නැත.

අපට 2007 ක්‍රිකට් ලෝක කුසලානයේ ශූරයන් වීමට නොහැකිවිය..
ඔලුවේ අත් ගසාගෙන සිටිවුන් දැන් අප පකිස්ථානය පැරදවීම සම්බන්ධව උද්දාමවෙයි.

ප්‍රදීප් රංගන සුපිරි තරුව විය..
ඔහුට ඡන්ද යැවූ,අත්පුඩි තලපු උන්ගේ කටේ තවමත් ඇත්තේ ජෝතිගේ හෝ මිල්ටන්ගේ සින්දුවක් පමණි.

කේමදාස මාස්ටර් අභාවප්‍රාප්ත විය..
බදාගෙන කඳුළු පෙරපු උන් "හෙමින් සැරේ පියා විදා" විකුණගෙන කයි.

රාජපක්ෂ ආණ්ඩුවට බස්නාහිර ගියේය..
අඬාවැටුනු අලින්ද,කරණම් ගැසූ බුලත් කොලයන්ද දැන් සද්දයක්වත් නැත.

ත්‍රිවිද හමුදාවෝ දේෂය නිදහස් කරගත්හ..
දන්සැල් දුන් උන් හට දැන් බත් කටක් කන්නටවත් වේලාවක් නැත.

පොප් රජු මියගියේය..
කඳුළු පෙරපු උන් දැන් Thriller ගයමින් Moon Walk දමයි.

ජීවිතය නම් එයම වෙයි..
"එනම් පවත්නා මොහොතට පැවතීමයි"