මේ වයසට ටොපි කන්න හිතෙන එක ලෙඩක් මචං... ටොපි කන එක ලෙඩක් වෙච්ච ලෝකෙකට ටොපි හදන එකත් ලෙඩක්... හැබැයි මේ ටොපි ලෙඩට හොඳයි මචං...

Showing posts with label වේදනාව. Show all posts
Showing posts with label වේදනාව. Show all posts

Friday, January 29, 2010

මම ඔහේ ගියා. . .

















වීදුරු අතගගා අඬන
පන්තියේ දෙවනියා වෙන
සෙල්ලමේදී ඇඳුම් ඉරෙන
උඹ කන ගුටි. . .

කුප්පිය සෙට් උනේ නැතිව
අල වෙවීම ඉන්න
ආණඩුවට පාඩං උගන්නපු
උඹ මැරිලා ගිය හැටි. . .

වැඩ අඩු උනාම බොසාගෙනුයි
පඩි මදි උනාම ගෑණිගෙනුයි
කොල අඩු උනාම වේසිගෙනුයි
උඹ බැනුම් අහපු හැටි. . .

උඹලා තොල් හෙලෙව්වේ
රහ ගැන කියන්නද?
"නොකරන්!" කියන්නද?
මම ඔහේ ගියා. . .

Thursday, November 19, 2009

දිව්‍ය කුමාරී | ආදරවන්තී


මෙම කවිය ලිෂාන් සහෝදරයාගේ ආදරවන්තී | දිව්‍ය කුමාරී කවි පන්තිය කියවීමෙන් සිතට නැගුනක් බැවින්,කරුණාකර ඉහත සඳහන් කල කවි පන්තිය පළමුව කියවා සිටින්න.
කොට්ටෙට
ඔබ නම මුමුණමින්
මිරිකගෙන
සැතපෙමි සුවෙන්
ආදරවන්තී,දිව්‍ය කුමාරී

කකුල් දෙකෙන්
බස් රියේ නැගිගමන්
හිත දුවනවා කකුල් තියලා
මගේ හිත
ඔබ ගෙනිහින් මා දිව්‍ය කුමාරී

කනටම ඇලවිච්ච
ඉයර් ෆෝන් දෙක
බෑග් එකේම පුස්කනවා
මගේ වටේම පිරිච්ච
ඒ හුරතල් කටහඬ නිසා

දාපු මුද්ද
ගලෝගන්න බෑ
හිත හයිය නැතුව නෙමෙයි
ඇඟිල්ලට මස් පිරිලා
ගලවලා දෙන්නකෝ,දිව්‍ය කුමාරී

Sunday, October 18, 2009

රෝමය ගිනි අරං


අත්දුටු මිතුරන්,

ඒ මේ අත දිව්වෝය...

දෑත් ඔළුවේ ගසාගෙන හැඬුවෝය. .

රැය පහන් වනතුරු DCSL පිහිට පැතුවෝය. ..

සමහරු කලක් අතුරුදන් වී සිටියහ. . .

සමහරු අරකිට පොල් ගැසුවෝය.. .

අත්විඳි මම වයන්නට වීණාවක් සොයමින් සිටිමි.

Wednesday, September 9, 2009

කෙල්ල ලෙඩවෙලා. . .

මව් පුවරුවෙන් නෑ බීප් එකක්..
මම කලබලයෙන්. .
මොනිටරේට නෝ සිග්නල් ලු..
හිත දෙගිඩියාවෙන්. .
VGA අවුල්ද..
කේබල් අවුලක්ද ..
කන්වර්ටර් එකේ අවුලක්ද..
පිස්සු හැදිලා. ..
අහන්න ඕන නදීකගේ වෙරෝනිකා. .
මට පිස්සූ . . .හූ.. හූ..
ගහගත්තා අමුඩයක්..බැස්සා කම්පියුටරේට..
මොකුත් පෙන්නේ නෑ..ඔක්කෝම දූවිලි වළාවකින් වැහිලා. ..
කොහොමහරි ඔක්කෝම ඔපරේෂන් කරලා හොයාගත්තා අවුල. . .
ඒක තියෙන්නේ මව් පුවරුවේ..
හුරේ. . . .
කොච්චර හොයාගත්තත් තියෙන්නේ අවුලක්නේ..
හුරේ නෑ. . . .
කියපු හුරේ එක ආපහු ගත්තා..
යමුද ගත්තු තැනටම..
වොරන්ටිත් තියෙනවනේ..
ඒත් කල් යනවනේ..කමක් නෑ ඔන්න ඔහේ..
ගියා එතනට..එතන හොර ගුලක්..
ලෙඩේ හොයලා කියන්න දවස් දෙකක් යනවලු..
හත් ඉල්ලව්වේ මම පැය දෙකෙන් හොයාගත්තනේ..
මක්කොරන්නද ඉතිං..
අවාසනාවක හැටි. . .
අම්මා කියන විදිහටනං මගේ ගෑනි ලෙඩ වෙලා..
කාමරේ ඉන්න හිතෙන්නේ නෑ..
ඒක දැන් සොහොනක් වගේ (ඉස්සරත් ඒ වගේ). . .
තනි නොතනියට හිටපු මගේ ගෑනි ලෙඩවෙලා. . . .
සමහරු මගෙන් අහනවා "කම්පියුටරේ නැති හින්දා පාඩං කරන්න අමාරුද?" කියලා. ..
මට එහෙම අහන එවුන්ගෙන් අහන්න තියෙන එකම ප්‍රශ්නය. . .
මොන පිස්සුද ???
තමුන්ගේ ගෑනිව ඕන වෙන්නේ කෑම උයාගන්නම විතරද ?

Thursday, September 3, 2009

ලෙක්චරෙක්සෑම් සහ ස්ටඩී ලීව්

ඔවුන්,
එයි..
ස්ලයිඩ් දමයි.. වු
මයික්‍රෆෝනයෙන් බෙරිහන් දෙයි.. න්
කෑගහන්න එපා කියයි..
බනියි..
නැවත බනියි..
ආපහුත් බනියි.. ඩි
ගෙදර ගිහින් පොත් බලපාං. .වැඩ කරපාං. .කියයි.. .
යයි. .

අපි,
එයි..
කයි.. පි
ඇඹරෙයි..
ඈනුම් අරියි..
ආගිය තොරතුරු කියවයි.. පො
රොබෝවන් සේ කියනා දෙයම කරයි..
ගෙදර ගිහිනුත්. .කයි.. ට්
නිදාගනියි..
බීච් එකේ සෙට් වෙයි..
කෙල කරගනියි. නී
.

එහෙව් අපිට ඉතිරිවෙන අන්තිම කාලය තමයි ස්ටඩී ලීව් කියන්නේ.එහෙනං මම පාඩමට යනවා මාසයකට විතර.විභාගේ මේ මාසේ දාහතර වෙනිදා පටන් ගත්තහම ලබන මාසේ නම වෙනිදා වෙනකන් තියෙනවා.ඉතිං මම ටික කාලෙකට විතර මේ පැත්තේ එන්නේ නැති වෙයි.ආපහු මම එන්නේ ටොපියටයි සදාහරිතෙටයි කරුණු හා අත්දැකීම් ගොඩාක් අරගෙන.එතකං මේක කියවපු නොකියවපු සිංහල බ්ලොග් සංසදයේ සහෝදර සහෝදරියන්ට සහ මගේ අනෙකුත් සියළු මිතුරන්ට බුදු සරණයි ! (මගේ ආගමට අනුව)

Monday, August 24, 2009

Online ආදරයෙන් මට්ටු වුනෙමි. . .

ඇය මාගේ අපොස සා.පෙළ පන්ති වල සිට මිතුරියක් වූවාය.

ඒ දින වල සිට ඇගේ රූපයට ආශා කලද. . .ඇය ගැන ආදරයක් මසිතේ කෙළවරක හෝ නොතිබ්බේය. . .

ලඟ ඇසුරක් නොතිබුනු නිසාවෙන් සා.පෙළින් පසු අපට අප අමතක වී තිබුනි. .

කෙසේ හෝ තුන් අවුරුද්දකට පසු මූණු පොත විසින් අපව යලිඳු මිතුරන් ලෙස එක් කලේය. . .

ඇයගේ සොඳුරු අදහස් කතා බහ විලාශය මා සිත් ගත්තේය. . .

කිසිඳු පැකිළීමකින් තොරව මම ඇයට ආදරය පුද කලෙමි. .ඇයගෙ පිළිතුර "අනේ" විය. . .

ඇය මුසා කියන චරිතයක්ද නොවේ (මම වගේ :කැපිටල් ඩී)

හේතුව වූයේ,ඇයට තවමත් ආදරය වැනි හැඟීමක් ඇතිවී නොමැති බවයි. .අනික Online ආදරයද ඇයට රිස්සුවේ නැත. . .

මට දුක සිතුනේ,ඇගේ ආදරය දිනා ගැනීමට නොහැකි වූ නිසා පමණක් නොව. .වයස 21ක් වුවද ආදරය නොපිවිසුනු ඇගේ ළාමක සිතට කුළුඳුලේම ආදරය කිරීමට හා ඇයව එසේ පෙලඹවීමට තරම් මා පාපතරයකු වූ බැවිනි. . .

සියල්ල අමතක කොට මා නැවතත් සුවෙන්...

මෙම කෙටි සටහන මාගේ එක් ඒක-පාර්ශවික ආදරයක මතක සුවඳ ඔබ හමුවේ තැබීමටය. ..

Sunday, August 16, 2009

ඔබට අවැදගත්. . මට වැදගත්. . .


මේක මම අද පළකරන්න හිටපු ළිපිය නෙමෙයි.අද පළකරන්න හිටියේ පසුගිය ඉරිදා මට වෙච්ච සිද්ධි ගැන.ඒත් මේක කරන්න උනේ. . මගේ ජීවිතේ එක බඩවැල කඩාගෙන නොආවත් තමුන්ගේ සහෝදරයෙකුට තරම් ආදරය කරන,උපදෙස් දෙන,බනින,ගහ,මේ බ්ලොග් එකෙත් විශේෂ ස්තූතියක් හිමිවෙලා තියෙන නිදර්ෂනී අක්කා මගෙත් එක්ක තරහා වෙලා ඉන්න එක හේතුවෙන්.අන්න එතනදියි මේ ළිපිය ඔබට අවැදගත් වෙලා මට වැදගත් වෙන්නේ.මේක ලියන වෙලාව වෙනකොට මගේ හිතේ තියෙන දුක දන්නේ මම විතරයි.ඒ දුක අඩු කරගන්නයි මේක මගේ බ්ලොග් එකට ලියන්න හිතුවේ.එහෙම නැතුව ඕගොල්ලොන්ටත් මේක මුලින්ම කියවගෙන යනකොට හිතෙන,ෂේප් කරගැනීමේ න්‍යායෙන් නෙමෙයි මේක ලියන්නේ.

ක්ලාස් එකේදී පලවෙනි පාරට හිනාවුනාම,පස්සේ කාලෙක මේ තරම් ළෙන්ගතු සහෝදරියෙක් වෙයි කියලා හීනෙකින්වත් හිතුවේ නෑ.මුලින්ම පාර මට කෙමිස්ට්‍රි කියලා දෙනකොට (ඒක කිසිම වැදගම්මකට නැති විෂයක් උනත්)මම බොහෝම උනන්දුවෙන් අහගෙන හිටියා.එදා මට කියලා දුන්නේ Fe නොහොත් යකඩ ගැන.හැමදාමත් කෝල් කරා.දුක සැප හෙව්වා.මූණු පොතට එයා ආවට පස්සේ අපි තවත් ලං වුනා.මේක ලියනකොට මට හිතුනා මගේ කලින් ළිපියක් වෙච්ච ත්‍රී සිස්ටර්ස් ළිපිය ෆෝ සිස්ටර්ස් කරානං හොඳයි කියලා.ඒකේ සඳහන් කරපු සහෝදරියන්ගෙන් මට ලේ නෑකමක් වත් තිබුනත්,එහෙම සම්බන්ධයක් හෝ නොතිබී එයා මට මට මෙච්චර ලෙන්ගතු වෙච්ච එක ගැන මට ආඩම්බරයි වගේම පුදුමයි.

මගේ කලිං ළිපියකත් සඳහන් වෙච්ච මගේ හත් දෙනාගේ මිතුරු කැලේ එකෙක් එක්කම ආදරෙන් වෙලිලා ඉන්න මගේ අක්කා. . .(මට පොඩ්ඩක් ආඩම්බරයි. .මොකද ඒ දෙන්නා සෙට් උනෙත් මම හින්දා).එයාගේ ඕනම ප්‍රශ්ණයක්. .කොටින්ම කිව්වොත් වැඩකරන තැන,යාළුවොත් එක්ක ගමන් බිමන්,ගෙදර දේවල්,ඒ වගේම එයාගේ කම්පියුටරේ කැඩුනහමත්,කොටින්ම කිව්වොත් ඔවුන්ගේ ප්‍රේමාන්දරය ගැනත් මගෙත් එක්ක කියලා තියෙනවා.අපි කොච්චර රණ්ඩු වෙලා තිබ්බත් කවදාවත් තරහා වෙලා නැති හින්දා මේක මට හුඟාක් දැනෙනවා.

කවදාවත්ම එයා මට මල්ලී කියලා විතරක් කතා කරලා නෑ.මගේ මල්ලියෝ කියන සුපුරුදු ආදර බර වචන මතක් වෙද්දී දැන් හරිම දුකයි.මම දන්නේ නෑ ඒක මම කොහොම දරා ගන්නද කියලා.මගේ ෆොටෝ එකකට මුල්ම කමෙන්ටුව දාන,මගේ ඕනම නින්දිත වැඩකට මුලින්ම බනින,මගේ විභාගයකට මුලින්ම සුභ පතන මගේම අක්කාව නැතුව හිතට දැනෙන පාළුව හුඟාක් දරුණුයි.මගේ මැරියන්වත් හිටියේ නැත්තං මම ඉවරයි.

මේ ඔක්කෝම සිද්ධි උනේ මගේ කරුම කට හින්දා.මේක ගැන අපේ සහෘදයෙක් වෙච්ච ක්‍රිශාන් හොඳටම දන්නවා.නිදර්ෂනී අක්ක හැමදාම මට කියන "ඔයාගේ ෆොටෝ වලින් Exhibition එකක් තියමු මගේ මල්ලියෝ" කියන වචන පේළිය කිව්වම ඉස්සර මගේ කටින් පිට වෙච්ච "පිස්සුද අක්කේ. .මගේ එව්වත් ෆොටෝ ද?" කියන පිළිතුර වෙනුවට දාහතර වෙනිදා මගේ කටින් "රෙද්ද" කියන වචනේ කියවුනේ මොන කරුමයකටද මන්දා.ඒක ගැන මම දැනටත් හුඟාක් පසුතැවෙනවා වගේම දහස් වාරයක් මගේ අක්කාගෙන් සමාව ඉල්ලනවා.

ප:ළි :- මේක Draft කරලා මොහොතක් යන්නත් කලින් සතුටු හිතෙන සිද්ධියක් වුනා.මගේ අක්කා මූණු පොතෙන් පණිවුඉඩයක් එව්වා මෙහෙම.

"මම හැමදාමත් ඔයාගේ අක්කා !!
ඒක වෙනස් වෙන්නේ නෑ මගේ මල්ලියෝ."

Wednesday, July 22, 2009

ත්‍රී සිස්ටර්ස්

පියාගේ වැඩිමහල් සොහොයුරියගේ දියණියන් තිදෙනා. ..

හමුවෙන සෑම මොහොතකම මා හට වද දුන්නෝය..
පෙම් සබඳකම් ගැන සොයා බැලුවෝය..
අධ්‍යාපනය ගැන සොයා බැලුවෝය..
මගේ Gel Tub එකට සිද්ධාලේප මුසු කලෝය..
මගේ කොන්ඩය කැපුවෝය..
හිසේ සිට පාදාන්තය තෙක් මයිල් ඉස්මයිල් වෙනතුරු නානාප්‍රකාර විකාර කලෝය..
ලෙඩ දුකකදී සෑම සත්කාරයක්ම කලෝය..
ඔවුන්ගේ දෙමාපියන්ට,පෙම්වතුන්ට හා අනෙකුත් සහෝදරකම් වලට වඩා මට ආදරය කලෝය..
එහෙත් දැන් ඔවුන් බොහෝ දුරකය..

ඔවුන් නැති දුක අඩුව මට මරණීය වේදනාවකි. ..