මේ වයසට ටොපි කන්න හිතෙන එක ලෙඩක් මචං... ටොපි කන එක ලෙඩක් වෙච්ච ලෝකෙකට ටොපි හදන එකත් ලෙඩක්... හැබැයි මේ ටොපි ලෙඩට හොඳයි මචං...

Wednesday, November 20, 2013

කැප්සියුල් මොකටද?

නිමිත්ත : දෙහිවලදී රැහුණු කුමාරී දුම්රියෙහි ගැටී මියගිය තම පෙම්වතිය නිසාවෙන් පෙම්වතාගේ සිහි විකල් වෙයි. - පුවතක්




සාද මතකය සිතට නැගෙතත්
සිත යදියි ඔබවම තවත්
හැර ගොසින් මහ කලක් නොවුවත්
මත ගොසින් පාළුව නැගෙත්

වේගයෙන් ගිය රැහුණු දුම්රිය
නිසල කළ ජීවය පිරැණු කය
තාම ඇහෙනව ගැහෙන හඬ ලය
පීලි අතරෙහි මගහැරී ගිය

දරාගනු නොහී හදබර
පුරා විතක් මධු මත්කර
බෙදාගෙන හදෙහි මහමෙර
කඩා ඉහිරවමි කරදර

කරල් බෙහෙත් පෙති එන්නත්ද වටකර
සුරල් වයති චිකිත්සකද දොස්තරලා මැදිකර
දුම්රියෙන් රුගෙන ගිය විකල් මනසක් අතරමංකර
වෙහෙසක් දරනු කිම කියමින් ඇ‍ගෙන් තොර කතන්දර

Friday, November 15, 2013

මස් ඇඟ


රස්නෙ අඩු මාතලේ ටවුමට
දිස්නෙ දෙයි නුඹෙ රුව ලතාවට
දෙඇස් හතිලනවා විඩාවට
ආයි ඇඟ හොල්ලපං තුනියට

දුවන මිනිසුන් සහ ඇදෙන බස්
යළිත් නැවතී බලයි ඇඟ මස්
ආස මුත් ගනු බැහැනෙ සුපහස්
රජයටම දී පොකැට්ටුව හිස්

කාමරේකුත් හොයාගත්තත්
පාලනෙත් සීයට තුනක්
වපර ඇස් මංමුලා කෙරුවත්
නුඹව ගන්නට වරම් නොමලත්

මිදි ඇඹුල් යැයි කියා ලෝකෙට
ස්පෙෂල් බෘ ගෙන හලං උගුරට
බැදපු රටකජු හපල තරහට
පුරුදු රමණය හොඳයි ගෑනිට

Sunday, September 30, 2012

සුබ රාත්‍රියක් මිත්‍රයා!


උඹෙයි මගෙයි යාළුකම ඇතිවුනේ කොහොමද කියන එක දන්නෙ උඹත් මමත් විතරක් වුනාට ඒක තාමත් කවුරුත් නොදන්නෙ උඹෙත් මගෙත් යාළුකම අප්‍රසිද්ධ නිසා වෙන්නැති. අපි ඉස්කෝලෙදි මුණගැහිච්ච යාළුවො නෙමෙයි. මොරටුවෙදි මරදානෙදි ටොරිංටන් වගේ කිසිම තැනකදි උඹත් මාත් මුණගැහිල නෑ. අවුරුදු තුනක් පරණ අපේ යාළුකං මේ විදියට එළියට ඇදෙන්නෙ, උඹත් "අටවක පුත්තු" ඇතුළෙදි ලියනගේ අමරකීර්ති දමයන්තගෙ ඔළුව ඇතුළෙ මවපු අඩහඳයා වගේමදෝ කියලා මට තාමත් හිතෙන නිසා. මගේ ජීවිතේට මෙච්චර අප්‍රසිද්ධ යාළුවෙක් මට ඉඳල නෑ වගේම උඹ තමයි මම මේ ජීවිතේ රැකපු ලොකුම රහස වෙන්නෙත්. මේ වෙද්දි උඹ මැරිල ගිහින්. ඉඩක් ලැබෙන මුල්ම මොහොතෙ මං උඹෙ පෙට්ටි ගත වෙච්ච රූපෙ බලන්න එනවා. මොකද්ද ගේන්න ඕන පොත? උඹට එහෙදි මෙහෙ වගේ නිහඬ විප්ලව කරන්න වෙන එකක් නැහැ. එනිසා ගෙනිහින් කියවපං! බුකොව්ස්කිගෙ "පෝස්ට් ඔෆිස්".

මං ගෑනුන්ට වටිනාකමක් දීල සැලකුවා. ඒත් උඹ ඒකට කැමතිවුන්නෑ. උඹ, උඹේ කෙටිකතා ඇතුළෙදි මගෙත් එක්ක ජීවත්වෙච්ච මං උඹට කියල තියෙන ගෑනුන්ගෙ චරිතවල කුණුම පැත්ත විතරක් වැමෑරුව. උඹට මතකද මං පපු කැවුත්ත හූරගෙන ආදරේ කරපු වෙනින් එකෙක්ට අයිති ගෑනි. මං ඒකිගේ පණිවිඩයක් නැති එක ගැන වද වෙද්දි "උන්ට ඕන ආදරේ විතරයි. මිනිහගෙන් අඩුවෙද්දි උඹෙන්. නැත්තං ආපහු මිනිහගෙන්. වැඩි ප්‍රතිශතේ නීත්‍යානුකූලෙට. උන් ආදරේට නෙමෙයි ආදරේ, ආරක්ෂාවට"  උඹ මහ නැහැදිච්ච විදියට කිව්ව. උඹේ මහ දෙපිටකාට්ටු කතා තිබ්බ. මගේ ගෑනි මං අරක්කු බොනවට මොකුත් නොකිය හිටපු එකට උඹ බැන්න. "ඒකිට ඕනකමක් නෑ". ඒත් උඹ පොදුවේ ගෑනු වරිගෙටම බනිද්දි, ගෑනුන්ගෙ අරක්කු විරුද්ධෙ හේතුවක් කරගත්ත. උඹ හිතුවෙ මගේ පැත්තෙං විතරයිද? ඒවගේම, අහවල් එකටද? ආදරේට ඔච්චර බයින උඹ නන්දා මාලිනීගෙ හද විළ කළඹන, ආසම සින්දුව කරගත්තෙ.

අපේ ජීවිත වල අපි එක්කහු වෙලා කරපු බැරෑරුම්ම රාජකාරිය, උඹෙත් මගෙත් ජීවිත වල තනි තනියෙනුත් කරගහපු බැරෑරුම්ම ප්‍රශ්නෙ වෙන්නැති. ඒ රාජකාරිය කට්ටිය තවමත් හොයන, මිනිස්සු නාමමාත්‍රිකව තරහා වැඩක් වෙච්ච එක අපිට ඒ දේ දිගටම කරන්න කොච්චර හයියක් දුන්නද?. ඒකෙන් ආණ්ඩු හෙල්ලුනාද?, කට්ටිය තරහ උනාද කියන එක අපි තාම දන්නෙත් නෑ මචං. ඒක දැනටත් නැවතිලා නිසා, උඹේ මරණින් පස්සෙ ඒකට ආපහු අමුතුවෙන් නවතින්න දෙයක් නෑ. උඹේ මරණෙ අභිරහස් එකක් විත්තිය දන්නෙ උඹත්, උඹව මරවපු එකත් මමත් විතරයි. ඌ තාමත් නොදන්න දෙයක් තියෙන නිසා, ගිය සතියෙත් පුංචි බොරැල්ලෙදි ඌ මා එක්ක හිනාවුනා.

ඔක්කොම ඉවර වෙලා මචං. මිනිස්සු දැන් හිනාවෙවී. මාත් උං එක්ක හිනාවුනා. මං ටිකක් බිවුව. මේ කතාව ලිව්වෙ දවස් දෙහෙකට. ඩී නයින්ටියෙන් වැඩක්ගන්න ඕන. සල්ලි වලට එහා වැඩක්. මගේ ගෑනිගෙ ආදරේ ඇතුළෙ ගිළිල ඉන්න එක මේ දුක ඈතින් තියාවි. ඒත් ඒකිටත් මටත් කසාද සහතිකයක් නැති නිසා මේ දුක ආපහු ආපහු ලඟට එනව මචං. හීනි අරක්කු වඩියක් ඒ දුක වැඩි කරපුදෙං. උඹට සුබ රාත්‍රියක් මිත්‍රයා!

Wednesday, September 26, 2012

හොර ගෑනියෙක්ට



පෙම් දළු අගිසි හිත් කොණින් දිදුලන කලට
එහි වර වඩන හිරුටද
කොල ඇබින්දක හිත් කවි ලියන
විකල් වුනු කුරුල්ලා අමතකද?

වින්ද සැප කඳ සිතින් මගහැර‍
උඹ ගිහින් මට ගන්ඩ බැරි දුර‍
කොලය මත බත් කන්ද මහමෙර
පිච්චියන් බත් යටින් ගින්දර

තෙරක් හොර කරත් හිත වට
ගියත් පෙම බැදන් හිත මට‍
හංගපන් උඩින් පිටතට
ඉන්ඩවෙයි නැතොත් අකලට

Sunday, August 26, 2012

සඳ ගිනිගත් මහ දවාලෙ..


වැහි වළාකුළු බොරව ගිය
බොරව ගිය මුත් නොවසින
නොවසින මුත් කඳුළු වැසි මත
මත මතින් ප්‍රේමයකි දළුලන


නුඹත් මා ප්‍රේමයෙන් වෙලෙමින්
ගතෙහි ඉඳුරන් සනහනු පිණිස
එක්ව ගිය මහ ගිනි දවාලක්
නුඹට මතකද සොඳුරිය


ප්‍රේමයේ සුපහසින් දළුලා
නුඹත් මා බැඳි අත්පසුරින් වෙලිලා
රවුම් තල මත ඇඟිලි ඉරි අඳිමින්
අපට හස නැඟුනු සැටි මතකද සොඳුරිය


දැන් මා නුඹට, 'උඹ'
පසක් කරමින් නුඹත් මට
ගෙවෙන්නේ සංක්‍රාන්තියක්මද?
මමත් නුඹ මෙන් සිතමි සොඳුරිය...


Friday, August 24, 2012

Friends With Benifits

නින්ද නොගිය හද ගත නිදි කඩන සඳ
කැන්ද නොගිය දුක හිත වට දුවන ලෙද
වින්ද සෙනෙහසට පිරි දෙහදකින් වට
යන්ද සුරපුරට ඝන කඳු රුපුන් මැද

පීලි තුනක රැඳි අප ජීවිත අතරේ
ඔබ මම පීලි දෙකකය හද බැඳි අතුරේ
තෙවැනි පීල්ලේ සහකරුවන් විතරේ
පෙම යට කර නුඹ හට පවසමි 'මිතුරේ'

විසල් හදක බර මුළු සිරුරටම බෙදා
තුරු මල් පිරි සැලෙන හැඟුමක සුවය බදා
අනඟ රජ අපට මල් හී සැරය විදා
එක් කළෙහිය නොනිමෙන ගිනි හදෙහි සදා

Thursday, August 16, 2012

මැහැල්ල මියැදෙන්ට මැලිවෙත්

උන්න හැටියට සසර නොමදැන
වින්ද සැපකඳ සිතින් මදිවද
කන්ද උඩ අප වින්ද පෙම් සඳ
සබඳ දැන් මා කෙසේ විඳිමිද?

අරුනෝදයේ හිඳ පෙමින් බරවෙන
සියළු දේ අනියතැයි දනිමින
දරුමළුන් එහෙ මෙහේ දුවමින
අපේ සිත් සැනහුවා මතකද?

තඩි ගවුමකිය උපන් දිනයට
නෙත සුසුම්ලයි සිතින් හඬමින
සිත් සියළු දේ මිටට මොලවන්
මැරෙන්නත් කම්මැලියි පෙම්වත