"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Tuesday, July 28, 2009

මගේ Love එක


ජීවී , අජීවී , හෙල්ලෙන ,නොහෙල්ලෙන , කලු , සුදු , පාට පාට , ලස්සන , කැත , දිලිසෙන , විකෘති , කෘතිම , ස්වාභාවික , තැලිච්ච , බිඳිච්ච , කන , බොන , සූප්පු කරන , පිළිකුල් , ආරක්ෂිත , අධිආරක්ෂිත , මරණීය , පිපෙන , පරවෙන , ඉදෙන , කුණු වෙන , විසිවෙන , නොසැලෙන , ආදරය , ලැජ්ජාව , සතුට , දුක , විමතිය , අවකාශය , ජීවිතය වැනි වාතය ඇරෙන්නෙට මෙලොව අප අවට පවතින සෑම දෙයක්ම නොහොත් ස්වභාදහම එකතු කරගන්නට මට උදව් වෙච්ච මගේ ම ආදරණීය...

"Sony DSC-S980" 12.1 මෙගා පික්සලිත කැමරාව.

මෙය ෆෝකස් කිරීමට ගොස් තරුණියන්,ඔවුන්ගේ මෑණිවරුන් අනන්ත අප්‍රමාණ ඔරවා අහක බලාගෙන ගොස් ඇත.පොලිස් නිළධාරීන් අනන්තවත් කැමරාව පරීක්ෂා කොට ඇත.විශේෂ කාර්‍ය බලකායෙන්ද දෙවරක් පිරික්සා ඇත.මග සිටින්නවුන් උඩින් පාත්වූවෙකු ලෙස මා දිහා බලා ඇත." ලැජ්ජා නැද්ද බං??? " මිතුරන් ඕනාතරම් පවසා ඇත.එහෙත් එම ලැජ්ජා නැතිකම අදටත් පවතී.කෙදිනකවත් ඔය කියන ලැජ්ජාව නිසා මගදී දකින සුන්දර දසුනක් කැමරාවේ සටහන් නොකරගෙන ඒමට මට සිතී නැත.එය පූරුවේ පිනකි.

එසේම මෙම සටහන තබන්නේ මට මෙතෙක් මුදලින් මැනිය නොහැකි තරම් සොඳුරු මතකයන් ඉතිරි කරදුන් මගෙ ආදරණීය කැමරාවට කෘතගුණ සැළකීමක් වශයෙනි.

මගේ කැමරාවට දීර්ඝායුෂ වේවා !!!
කැමරාව මට ආදරෙයි..මම කැමරාවට ආදරෙයි...
Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

25 ක්ම තියෙනවා අදහස්:

ක්‍රිෂාන් රංදික ජයකොඩි said...

තව ලස්සන ටිකක් දාන්නකො ඔය පාරෙදි දැක්ක කට්ටියගෙ එහෙම ලොල් !!

Rachintha Jayawardhana said...

එහෙම හරි නැහැනේ ක්‍රිශා..ඒකයි දැම්මේ නැත්තේ :ඩී

Prabodha said...

මටත් තිබුනා තරුණියන්ට ෆෝකස් කරන ෙලෙඩ්,එත් මට තිබුෙන් ෙනාකියා 6630 ෙපාන් එෙක් තියන 1.3 මෙගා පික්සල් කැමරාව බන්,එකයි එකම ෙවනස....,දිගටම කැමරාව ෆෝකස් කරන්න ඔයා,හබැය පරිස්සමින් දැන් නිති තදයි බන්. තරුණියන්ට ෆෝකස් කරන ෙකාට බලා ෙගන(OB) මතකෙන් කිවිවා....

Rachintha Jayawardhana said...

OB ලෙචා කිව්වා කියලා මගේ පුරුදු අතාරින්න පුළුවන්ද බං..නීති තද තැන් වලත් මම මේක පාවිච්චි කරල තියෙනවා.

Prabodha said...

ෙහාදා ෙහාදා පරිස්සමින් ෙහාද සිහිෙයන් ............

Kaushalya said...

oyage කැමරාවට දීර්ඝායුෂම wenna ona ane

Rachintha Jayawardhana said...

@Kaushalya: ඒ ප්‍රාර්ථනාවට නං බොහෝම පිං කෞශි..

Narada said...

අනේ ෂෝක් පික්ස් ටික!

කැමරාව නෙමේ බං දස්සයා ඒක පිටි පස්සේ ඉන්න මනුස්සයා මිසක්!

Rachintha Jayawardhana said...

@Binku: තැන්කියූ මචෝ..දක්ෂයා පිටිපස්සේ ඉන්න මනුස්සයා උනාට කැමරාව ඒ මනුස්සයාට ලොකූ හයියක් !
මට ඇත්තටම ඒක දැනෙන්නේ ජීවී වස්තුවක් විදිහට

Anju said...

ලස්සන පින්තූර ටික..සුභ පැතුම්,,!!!

malee_msg said...

ඇත්තෙන්ම ලස්සන පිංතූර ටික.!

චා_එස් එල් said...

පිකාසාව දෙන්නකො බලන්න..

Rachintha Jayawardhana said...

@Anju & @malee : බොහෝමත්ම ස්තූතියි කමෙන්ටුවට..

@චා: මට ඉල්ලපු දේ හරියට තේරුනේ නෑ මචෝ...

sachiiiiiiiiii said...

lassanai...camerawa oyage life eka ne? pics tikath harima lassanai...camerawata jaya wewa!!!!!!!!!!!!!!!!!!

Rachintha Jayawardhana said...

thankuuu

Rachintha Jayawardhana said...

මූනු පොතේ මගේ ඇත්ත මුහුණතේ ඉන්න උන් මගේ ඇල්බමයන්ගෙන් වැඩිදුර ෆොටෝ බලාගන්න..එහෙම නැති කට්ටිය මූනු පොතේ "මුචා මුචලින්ද" ට රික්වෙස්ටයක් එවලා නියම මුහුණත ගැන අහන්න.

හැබැයි ඉතින් ඔච්චරම හොයාගෙන ඇවිල්ලා බලන්න තරම් ලස්සනක් මගේ ෆොටෝ වල නැහැ..

දුකා said...

හ්හ්හ්ම්ම්ම්ම් නියමයි . . . හොදට ආදරේ කරල තියෙනව වගේ . . . අරන් තියෙන පික්ස් වලින් පේනව ආදරේ හොදට ලැබිලත් තියෙනව කියලා . . . දිගු ආදර ගමනකට සුභ පැතුම් . . . !

Rachintha Jayawardhana said...

බොහෝමත්ම ස්තූතියි දුකෝ !!!
ලැබුනට වඩා කරලා නං තියෙනවා. :D

කන ලග යාලුවා said...

මාත් ඒක්ක ගිහින්ෙන් බන් උබ ඔය Camera ඒක ගත්ෙත්. මතකද ? ඒ්කයි උෙබ් Photos ලස්සන :)

මම හරි ෙන්ද මුචා ?

Rachintha Jayawardhana said...

කැමරා එක බැලුවේ උඹත් එක්ක තමයි..ඒත් ගත්තේ උඹත් එක්ක ගිහින් නෙමෙයි.උඹත් එක්ක ගියානං එදා ඒ කඩේ කැමරා ඉවර වෙනවා.මොනව උනත් කැමරා එක ගන්න යන්න ආවට තැන්කියූ වෙන්ඩ ඕන!

Anonymous said...

මචන් මේ ටික නම් නියමයි. තව අදහස් ගොඩක් හිතට ආවා.

මටත් කැමරාවක් ගන්න කැසිල්ල තියෙනවා. මොනවා කරන්නද කියලා දැනට ඉන්නවා.

Rachintha Jayawardhana said...

කොහෝමහරි සල්ලි එකතු කරලා ගනින් මචෝ !
ඒක හුඟාක් වටිනවා..අනිත් එක දැන් SONY 12.1 මෙගා පික්සල් කැමරාවක් වෙන්නේ රුපියල් 25,500 2GB මෙමරියක් එක්ක.

Gayan Tharaka said...

කැමරාවේ පින්තූරයක් ගන්න බැලුවෙ නැද්ද? :D

Rachintha Jayawardhana said...

amathaka unaane bang!

Anonymous said...

aneeeeeeeeeeee shoiiiiiiiiiiiiiiii

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!