මේ වයසට ටොපි කන්න හිතෙන එක ලෙඩක් මචං... ටොපි කන එක ලෙඩක් වෙච්ච ලෝකෙකට ටොපි හදන එකත් ලෙඩක්... හැබැයි මේ ටොපි ලෙඩට හොඳයි මචං...

Showing posts with label උදව්. Show all posts
Showing posts with label උදව්. Show all posts

Monday, May 10, 2010

පුංචි විසි දෙකේ මං

මේක ටිකක් පහු වෙලා දැම්මා උනත් මේක දාන්නේ පහුගිය අප්‍රේල් තිස් වෙනිදට ලබපු මගේ විසි දෙවෙනි උපන්දිනේ නිමිත්තෙන්.හොඳ වෙලාවට අප්‍රේල් තිහ ඉපදුනේ.බැරිවෙලාවත් මැයි පලවෙනදා ඉපදුනානං මටත් ඉපදෙන්න වෙන්නේ "ලෝක වාසී කාන්තාවන්ගේ ශෝක දිනය" දවසෙයි.ඒක ශෝක දිනය වෙන්න හේතුව දැනගන්න "මැයි පලවනදා" අනිත් පැත්ත හරවලා බලන්නකෝ.සහෝදරියෝ ටික කේන්ති ගන්න එපෝ.කේන්ති යන්නත් එක්ක කියවන්නකෝ මේක.

සපුරත් දෙවිසි වසරක් ගිහි ජීවිතයේ
නොතිත් කම්කටොළු ඇති වුනි එක කලයේ
අතහැර නොදා මා සමගම සිටි තලයේ
දිරි දුන් සැමට තුති පුදනෙමි මෙම කවියේ

ගෙදර වටපිටද නාලන්දය මෙන්ම
වෑන් එකට, බස් එකටත් පිං වෙන්න
NIBM ද වලකිය සෙට් වෙන්න
සෙට් වුනු බොක්කවල් හට තුති පුදනෙමි ඔන්න

සාපෙට උපෙට සහ අනෙකුත් විෂයන්ට
ටියුටරි තොගයකට ගිය හේතුව වන්ට
ලකුණු නැතත් මා හට ඉන් ගොඩ යන්ට
මිතුරන් පිරී ඇත දිවි මං ගොඩවන්ට

මූණු පොතත්, ට්වීටරයත් සමගින්නා
සයිබර් මිතුරු කැල මා සමගම ඉන්නා
බ්ලොගින් ජීවිතෙත් යහමින් ගතවෙන්නා
උඹලා නැති කලට මට විපතක් වෙන්නා

සොඳුරු කොනිති, ගුටි, බැණුමුත් පිරී ඇතී
මැරියන් නමට මා හද ආදරෙන් වෙතී
මෙතෙකැයි කියා නැති අපේ ආදර කැටිතී
නොදරුවා මෙන්ම දවසක හිර කෙරෙනු ඇතී

අදරින් ලඟට ගෙන මා සනසන අම්මා
සිතින් පමණකිය අපේ අප්පගේ පෙම්මා
දිවිතුරු රැකගතිය ආදර පුත්තම්මා
විසිදෙක සපුරන්න දිරිදුන්නේ සැවොමා

Monday, November 2, 2009

ස්විච් එක


බඩ වැඩි හින්දා උඩ පනින්න බැරිවුනත්
පෙරලි පෙරලි පිස්සු නටපු මාව
එක තැන ගල් කරපු ස්විච් එක උඹ. . .

ආසාව වැඩිකමට
නැවතිල්ලක් නැතුව කොත්තු කාපු මාව
වතුරෙන් විතරක් ජීවත් කරවන් ස්විච් එක උඹ. . .

කෙටි කරගන්න බැරිකමට
වැල වගේ ඇදිච්ච කතා ලියපු මගෙන්
එකලඟ කැටි වෙච්ච කවි ලියවපු ස්විච් එක උඹ. . .

දහයට ඇඳට ගියත්
දොලහ වෙනකන් මනෝ ගහපු මාව
වැටිච්ච ගමන් දොයි කරවපු ස්විච් එක උඹ. . .

කොච්චර ටෝච් කෑලි,හුළු අතු තිබ්බත්
කලුවරේ තිබිච්ච මගේ ජීවිත පොජ්ජට
එළි පොජ්ජ මන්දු කරපු ස්විච් එක උඹ. . .

අයිස් ගහලම දාඩිය පිරිච්ච
මගේ ඇඟට
සිසිල ගෙනපු ෆෑන් එකේ ස්විච් එක උඹ. . .

කව්ද මේ උඹ ?

Tuesday, July 28, 2009

මගේ Love එක


ජීවී , අජීවී , හෙල්ලෙන ,නොහෙල්ලෙන , කලු , සුදු , පාට පාට , ලස්සන , කැත , දිලිසෙන , විකෘති , කෘතිම , ස්වාභාවික , තැලිච්ච , බිඳිච්ච , කන , බොන , සූප්පු කරන , පිළිකුල් , ආරක්ෂිත , අධිආරක්ෂිත , මරණීය , පිපෙන , පරවෙන , ඉදෙන , කුණු වෙන , විසිවෙන , නොසැලෙන , ආදරය , ලැජ්ජාව , සතුට , දුක , විමතිය , අවකාශය , ජීවිතය වැනි වාතය ඇරෙන්නෙට මෙලොව අප අවට පවතින සෑම දෙයක්ම නොහොත් ස්වභාදහම එකතු කරගන්නට මට උදව් වෙච්ච මගේ ම ආදරණීය...

"Sony DSC-S980" 12.1 මෙගා පික්සලිත කැමරාව.

මෙය ෆෝකස් කිරීමට ගොස් තරුණියන්,ඔවුන්ගේ මෑණිවරුන් අනන්ත අප්‍රමාණ ඔරවා අහක බලාගෙන ගොස් ඇත.පොලිස් නිළධාරීන් අනන්තවත් කැමරාව පරීක්ෂා කොට ඇත.විශේෂ කාර්‍ය බලකායෙන්ද දෙවරක් පිරික්සා ඇත.මග සිටින්නවුන් උඩින් පාත්වූවෙකු ලෙස මා දිහා බලා ඇත." ලැජ්ජා නැද්ද බං??? " මිතුරන් ඕනාතරම් පවසා ඇත.එහෙත් එම ලැජ්ජා නැතිකම අදටත් පවතී.කෙදිනකවත් ඔය කියන ලැජ්ජාව නිසා මගදී දකින සුන්දර දසුනක් කැමරාවේ සටහන් නොකරගෙන ඒමට මට සිතී නැත.එය පූරුවේ පිනකි.

එසේම මෙම සටහන තබන්නේ මට මෙතෙක් මුදලින් මැනිය නොහැකි තරම් සොඳුරු මතකයන් ඉතිරි කරදුන් මගෙ ආදරණීය කැමරාවට කෘතගුණ සැළකීමක් වශයෙනි.

මගේ කැමරාවට දීර්ඝායුෂ වේවා !!!
කැමරාව මට ආදරෙයි..මම කැමරාවට ආදරෙයි...