මව් පුවරුවෙන් නෑ බීප් එකක්..
මම කලබලයෙන්. .
මොනිටරේට නෝ සිග්නල් ලු..
හිත දෙගිඩියාවෙන්. .
VGA අවුල්ද..
කේබල් අවුලක්ද ..
කන්වර්ටර් එකේ අවුලක්ද..
පිස්සු හැදිලා. ..
අහන්න ඕන නදීකගේ වෙරෝනිකා. .
මට පිස්සූ . . .හූ.. හූ..
ගහගත්තා අමුඩයක්..බැස්සා කම්පියුටරේට..
මොකුත් පෙන්නේ නෑ..ඔක්කෝම දූවිලි වළාවකින් වැහිලා. ..
කොහොමහරි ඔක්කෝම ඔපරේෂන් කරලා හොයාගත්තා අවුල. . .
ඒක තියෙන්නේ මව් පුවරුවේ..
හුරේ. . . .
කොච්චර හොයාගත්තත් තියෙන්නේ අවුලක්නේ..
හුරේ නෑ. . . .
කියපු හුරේ එක ආපහු ගත්තා..
යමුද ගත්තු තැනටම..
වොරන්ටිත් තියෙනවනේ..
ඒත් කල් යනවනේ..කමක් නෑ ඔන්න ඔහේ..
ගියා එතනට..එතන හොර ගුලක්..
ලෙඩේ හොයලා කියන්න දවස් දෙකක් යනවලු..
හත් ඉල්ලව්වේ මම පැය දෙකෙන් හොයාගත්තනේ..
මක්කොරන්නද ඉතිං..
අවාසනාවක හැටි. . .
අම්මා කියන විදිහටනං මගේ ගෑනි ලෙඩ වෙලා..
කාමරේ ඉන්න හිතෙන්නේ නෑ..
ඒක දැන් සොහොනක් වගේ (ඉස්සරත් ඒ වගේ). . .
තනි නොතනියට හිටපු මගේ ගෑනි ලෙඩවෙලා. . . .
සමහරු මගෙන් අහනවා "කම්පියුටරේ නැති හින්දා පාඩං කරන්න අමාරුද?" කියලා. ..
මට එහෙම අහන එවුන්ගෙන් අහන්න තියෙන එකම ප්‍රශ්නය. . .
මොන පිස්සුද ???
තමුන්ගේ ගෑනිව ඕන වෙන්නේ කෑම උයාගන්නම විතරද ?
සැලකීම අල්ට්රා
1 week ago