මේ වයසට ටොපි කන්න හිතෙන එක ලෙඩක් මචං... ටොපි කන එක ලෙඩක් වෙච්ච ලෝකෙකට ටොපි හදන එකත් ලෙඩක්... හැබැයි මේ ටොපි ලෙඩට හොඳයි මචං...

Showing posts with label අසාධාරණ. Show all posts
Showing posts with label අසාධාරණ. Show all posts

Sunday, August 21, 2011

"ද සමනල කතාව" රෝස මල් රටාවෙන්...


ලිපියට පෙර ලියමි: මේකට අදහස් හෝ උපදෙස් වැඩක් නෑ.  විමසන්න ප්‍රශ්නයක් කියවන උඹලාට ඉතුරුත් නෑ. මේක ලියන්නේ එක සමනලයෙකුට වෙඩි තැබීමේ පරම අභිලාෂයෙන් පමණයි! මේක මෙච්චර සරලව ලියන්න හේතුවත් මේක වදින්න ඕන ගොබ්බ සමනලයට මේක නොතේරේවි කියලා හිතලයි.

තැනක් තිබ්බා බ්ලොග් කියලා.
එතන කියවන මිනිස්සුත් ලියන මිනිස්සුත් හිටියා.


ඔය අතරේ හිටපු එක ලියන්නෙක් කලක් තිස්සේ ඉඳන් ලියපු කෙනෙක්.

දවසක් මේ ලියන්නා තමන්ට හිතිච්ච දේ ඒ විදියටම ලියලා දැම්මා.
ඒක පොඩ්ඩක් සමහරුන්ට දරන්න බැරි උනාදත් මන්දා.


වෙනදා මේ ලියන්නව නොකියවපු උන් මෙදා මූව කියෙව්වා.

සමහරු ලියන්නාට ඒ ඒ දේ ගැන අලුත් අදහසුත් දුන්නා.

සමහරු හොඳ කිව්වා. සමහරු නරක කිව්වා.

එක පුද්ගලයෙක් නින්දා කලා.

නින්දා කලේ ලියන්නාට නෙමෙයි. ලියන්නාගේ ලෝකේ වීරයොන්ට. අන්න එතනදි මේ කතාව ඒ නින්දාව නොකල උන්ට නොතේරී යනවා.

නින්දා කරන්නා හිතුවා ලියන්නා තමන්ගේ වීරයෝ වගේ වෙන්න යනවයි කියලා. ලියන්නාගේ එකම උත්සහය එය උනත් මෙතරම් ඉක්මනින් එය ඉටු නොවන බවත්, මෙතරම් කෙටි කලකින් එතරම් යාන්ත්‍රනයක් හෝ තියරියක් තමන්ගේ වචන ගොඩක් ඇතුලෙන් එලියට දාන්න නොහැකි බවත් ලියන්නා දැන හිටියා.

තමන්ගේ ලෝකේ වීරයන්ව බාල්දු කිරීම සම්බන්ධයෙන් ලියන්නාගේ ඇතුලත කේන්තිය ලියන්නාගෙන් පිට වුනේ හිනාවකින්.

එනිසා ලියන්නා රෝස මල් වලට සමනල කතාවක් ලිව්වා.

නින්දාවට සෙනෙහසින් ඔහු සමනලුන්ට වෙඩි තිබ්බා.

හුකාගනින්!



Friday, June 10, 2011

අමරණීයත්වය නිශ්ප්‍රභා වීමට පෙර...

ආදම් සපමින් සිටි ඇපලය අතට ගෙන බැලීය. හේ ඊඩ්න් උයණේ පණුවන් කෙරෙහි උපන් කුසගිනි ශෝකයෙන් එය බිම දැමීය. එහෙත් ඒ වන විට ඒ ඇපල් ගෙඩියේ වූ දත් පහරවල් වලින් කැපුනු ඇපල්, තවමත් ආදම්ගේ දත් අතර සිරව තිබූ අතර ඉතිරිය හේ ආමාශයේ තැම්පත්ව තිබිණි. පණුවන් වූ කලී ආදම් ඇපල් ගෙඩියේ රස බැලූ බවට සර්ව බලධාරී දෙවියනට සපථ කිරීමට සිටි සපථ කරුවන්ය.  පණුවන් තමන් ගැන දයාව දැක්වූ ආදම් කෙරේ අනුකම්පා කොට, සාක්ෂි නසනු වස් ඇපල් ගෙඩිය ටයිග්‍රීස් ගංගාවට තල්ලු කර දැමීය. එය ටයිග්‍රීස් නිල් දිය මත පොලා පනිමින් අපූරු සලරූ දර්ශන මවන්නට විය. මේ සියල්ල දෙවියන් වහන්සේ නිලැති වළාකුලට ඉහලින් වූ හිරු මත හිඳ බලා සිටින්නට විය.

වේගය එන්න එන්නම වැඩිවූ අතර කෙදිනකවත් මෙතරම් චණ්ඩ නොවූ ගං දියේ බැස්ම, පෙරලි ගසමින් දෙවරක් සැපුම් පහර ලත් ඇපල් ගෙඩිය මුහුද දෙසට ඇදගෙන ගියේය. තමන්ගේ රැහේ පව්කාර පණුවන් කිහිප දෙනෙකු ගංදියේ මාලුන්ට බිළි දුන් පණුවන්, ඊට සලකා සපන ලද ඇපල් ගෙඩිය නොහොත් මනුෂ්‍යයාගේ අමරණීය බව නසන සාක්ෂිය විනාශ කරන ලෙස මාලුන්ගෙන් ඉල්ලූහ. එහෙත් මේ සියලු බලයන් නස්න කරමින් හිරු මත හිඳ සර්ව බලධාරී දෙවියන් වහන්සේ, සාක්ෂිය බේරා ගැනීමේ උත්සහයක නිරත විය. කෙසේ හෝ එය සාගර ගත විය. එය ලොව පලමු ඇපල් ගෙඩිය වූ අතර, සියලු මුහුදු ජීවීන් බියෙන් ඒ දෙස බලා සිටියහ. ලොව පලමු ඇපල් ගෙඩිය වූ එය අපරිමිත බලයකින් යුක්ත විය. එය මුහුදු රළ මත සෙමෙන් පැද්දෙමින් තිබූ අතර, හදිසියේ ඉහල නැගි වේගවත් රළ අතර දෝලනය වෙමින් දුරින් දුරට යන්නට විය. එය ඉන්දියන් සාගරය වෙත ලඟා වෙමින් තිබිණි. ඒ සඳහා ඒ රතු ඇපල් ගෙඩිය දිය මත නොගිණිය හැකි තරම් බොහෝ කාලයක් පෙරලි කල අතර, එහි වූ අසීමිත බලය හේතු කරගෙන ඇපල් ගෙඩියට කිසිඳු හානියක් නොවී තිබිණි.

එය තවත් ඉන්දියන් සාගරය වෙත ලඟා වෙමින් තිබිණි. අවසානයේ එය ඉන්දියන් සාගරයේ රළ සුව විඳින්නට විය. ඒ රාහුල උපත සිදුවූ සමයයි. උදෑසනම ඉන්දියන් සාගරයේ සොඳුරු සුව රැළි මත දිය කෙළියට පැමිණි මල්වර වියෙහි වූ කුමාරිකාවන් විය. බොහෝ දුරට ඒ සුද්ධෝදන රාජ සභාවේ අමාත්‍ය පුරෝහිතයන්ගේ දියණියන් වීමට පුලුවන. ඔවුන් සයුරු දියේ ඔවුන් දෙසට ඇදී එන රතු පැහැති වස්තුව දෙස උද්යෝගයෙන් බැලූහ. රංචුවේ විසේකාරම කුමරිය එය වෙත ගොස් එය රැගෙන බැලූ අතර එහි ඇති මිනිස් දත් පහරවල් දෙක දෙස විමසිලිමත්ව බැලූහ. මේ විශ්මිත සොබාදහම් නිෂ්පාදනයෙන් කුතුහලයට පත් කුමරියන් එය රෙදි කඩක ඔතාගෙන සයුරු දියේ ගොඩට පැමිණ නගරය වෙත පිටත් වූහ. ඒ වනවිටත් කිඹුල්වත් නුවර දෙදුරුම් කවන සිද්ධියක් සිදුව තිබුනා. පෙරදින රාත්‍රියේ සිද්ධාර්ථයන් ගිහිගෙය හැරගොස් තිබුනා. ඇපල් ගෙඩියද අතැතිව කිඹුල්වත් නුවරට යන කුමරියනට අනෝමා ගංතෙර ලය පැලී මියගොස් හුන් කන්ථක අසු හමුවුනා. තවමත් කිරිපිඬු පූජා කරන ලද තලිය උඩුගං බලා යමින් තිබුනා. එය කුඩා තිතක්ව කුමරියනට පෙනුනා. කුමරියන්ගේ ආදරය දිනූ හැඩැති සවියැති කන්ථක අසුගේ වියෝව කුමරියනට දරාගත නොහැකි උනා. සිහිසුන් වූ කුමරිය අතින් ඇපල් ගෙඩිය අනෝමා ගං දියට වැටුනා.

තවමත් සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ නෙත් ඇපල් ගෙඩියෙන් ඉවත්ව තිබුනේ නෑ. එසේම අපරිමිත බලයක් ගැබ්ව තිබූ රක්ත වර්ණ පලතුර පුෂ්ඨිමත්ව නිසොල්මනේ ගං දියේ පාවී ගියා. නැවත සාගර ගත වූවාට සැක නැහැ. තවත් වසර දෙදහස් හයසිය හයක් ගත වුනා. ඒ වන විට ඇපල් ගෙඩිය මදක් අව පැහැ ගැන්වී තිබුනා. ඒ, ලෝකයෙහි ඇපල් බහුල කාලයක්. අත්තික්කා කොලයෙන් විළි වසාගනු වෙනුවට, ගොරෝසු රෙදි කඩක් ඇඟ දවටා ගනු වෙනුවට, දුහුල් රෙද්දෙන් මසා නිමකල ඇඳුම් බොහෝ තිබුනා.

එකෙකුට බාගයක් සේ සරිලන ලෙස මිලදී ගෙන තිබූ අරක්කු නිමවී තිබුනා. මා සහ අනෙකුන් පස් දෙනා ගල්කිස්සේ අපේ මුහුදු වාඩියෙන් නික්ම වෙරළේ ඉබාගාතේ ඇවිදිමින් සිටියා. සැන්දෑවේ හතර පසුවෙමින් තිබුනා. වෙරිය වැඩි කරගනු වස් සියල්ලෝ දුම් උරමින් උන්නා. බාගෙට හප කල පුහුල් දෝසි කැබලි සියල්ලෝ අතේ උනා. රතු පැහැති යමක් මා වෙත මුහුද දිගේ ඇදී එමින් තිබුනා. එය මා වෙත ඇදී එමින් තිබුනා. මා බමණ මතින් මුහුදේ ඉදිරියට ඇවිද ගොස් එය අතට ගත්තා. ඇපල් ගෙඩියක්! හපාපු ඇපල් ගෙඩියක්! රක්ත වර්ණ සරල වටපිටාවේ නිල් පැහැයක් මවමින් සර්ව බලධාරී දෙවියන් වහන්සේ මතු වුනා. ඒ වන විට මා අතේ කූරක් දැල්වෙමින් තිබුනා. තැම්බූ සෝගම් දේව පානය බව බමණ මත ඔස්සේත් මට සිහියට නැගුනා. මා අත තිබූ රසෝඝය දෙස අවඥ්ඥාවෙන් බැලුවා. මා නැවත වෙරළ දෙස හැරී බැලුවා. සගයින්ගෙන් එකෙකු මා දෙස බලමින් කෝපාග්නිය පිට වෙන දෑසින් සිනහා වෙමින් උන්නා. තවකෙකු මා පසුපසින් ඇවිත් සිටි අතර ඌ මුහුදු ජීවියෙකු හා කතා කරමින් උන්නා. දෙදෙනෙක් අනවරත රිද්මයකට ගල් තලාවකට පිටදී වෙරළට සිනහා වෙමින් සිටියා. අනෙකෙක් ගල් බෝතලයක අවසන් බිඳු දාහතර එක්කරමින් සිටියා. නැවත දෙවියන් දෙසට හැරුණු මා අව පැහැ ඇපල් ගෙඩිය දෙවියන් වහන්සේ දෙසට විසි කලා. එය, මාගේ රක්ත වර්ණ ලෝකය මැද වූ නිල් පැහැ දුමාරයේ සැඟව ගියා. අවසානයේ සාක්ෂිය විනිසුරුතුමා අතට පත් වුනා.

ජීවීන්ගේ අමරණීයත්වය ගිලිහෙමින් තිබුනා. අමරණීයත්වය නිෂ්ප්‍රභා වීමට පෙර සිටම මාගේ මලණුවන් මිය ගොස් සිටි අතර, මාගේ අම්මාගේ එකම සහෝදරයා ඝාතනය කරනු ලැබ තිබුනා. මා කේන්තියෙන් නිල් පැහැ දුමාරය සොයමින් සිටියා... කේන්තියෙන්!

Thursday, January 21, 2010

ඩ්‍රයිවර්ගේ අඳෝනාව


රියදුරු දෑතට දෙවි පිහිටයි
දිලිසෙන දේව රූප ගොඩ මැද්දෙන්
රතු පාටට කොටලා
තිබ්බට. . .

හෙමින් ගියත්
හයියේ ගියත්
බත් පත ගන්න නැවැත්තුවත්
ගැස්සුනත්
හෙල්ලුනත්
බුලත් විඩට නැවැත්තුවත්

ගෙදරින් දුහුල් සරමට
දාගත්තු ටී ෂර්ට් කෑල්ලට
ඩක්කුවට නැග්ගම දාගන්න වෙන
තවත් දුඹුරු පාට ඕවර් කෝටයක්

නළලේ උනන දා බිඳු
දිවෙන් ලෙව කකා
උඹලයේ කුණු කතාත් අහගෙන
මම දත කාගෙන ඉන්නේ. . .
හවසට ගහන බාගේ මතක් කරගෙන.

Friday, January 8, 2010

හොරකම


මතක ලක්ෂයේ ඉඳන්
දුරක් ඇවිද ගිහින්
අතගා පස්ස පැත්ත බැලින්
විදලා විදලා

හීනෙක තලු මරනකොට
ඇහිච්ච කම්මල් සද්දෙට
ඇහැරී බැලින්
බිඳලා බිඳලා

වැඩ පොට්ටනි ඉවරවෙලා
ගෙදරට බඩගාන වෙලේ
මයේ මාලේ අරූ අතේ
කඩලා කඩලා


කිරි අම්මට ජයසිරිමා බෝ වඳින්න
මයේ පොඩ්ඩිගේ හිත සැනසෙන චොකලට්ටුව
මුලු මාසෙම බජට් එකත්
ආර්ථිකේ මිටියෙන් කුඩු කරලා

අපිට මොන බෝධිද
උඹ සූප්පු කරහන් ලොසින්ජර පුතේ
විදපු,බිඳපු,කඩපු,ගහපු එකාවත්
බඩවල් පුරවන්නැති නෙව ඌ පැටවුන්ගේ!

Tuesday, December 29, 2009

බොරුව

මම කියනකොට හරි ෂෝක් උනාට
මට කියනකොට පොඩ්ඩක් පපුවට දැනෙන
අනුන් අඳිනකොට මරු ෆන් උනාට
මමත් ඇඳගෙන කියලා දැනගත්තම
මරුවිකල් වෙන. . .

දේශපාළුවෝ රටටම කියන
දොස්තර ලෙඩාට කියන
හබියා වයිපරේට කියන
මම මැරියන්ට නොකියන
බොරුව. . .

කොටුවේ වෙළෙන්දෝ
කොම්පියුටර් කඩකාරයෝ
ටියුෂන් කඩකාරයෝ
වැඩියෙන්ම කළාකාරයෝ
කරන බොරුව හෙවත් ප්‍රෝඩාව. . .

වැඩිපුරම විකිණෙන
ඉගෙනගන්න අමාරුම
අපිත් බැන බැන ඒකම කරන
කෘතජ්ජනයොන්ට නොකරම බැරි
මූලික බොරුව. . .

Tuesday, December 15, 2009

විකිනෙන ලඳ

මෙය ලිෂාන් අයියාගේ ලිපියකටද,මහේෂ් මුණසිංහගේ අක්ෂර සෙනගේ කවියකටද,ටැබූ ගේ ලිපියකටද ඇබ්බැහි වී සිටින කල ලියන ලද්දක් බව කරුණාවෙන් සලකන්න.

වෛශ්‍යාව,ගණිකාව
එහෙමත් නැත්නම් වේසිය
සුරසැප දෙන්නිය. .
කොල්ලෝ ෂාහ් කියන
කෙල්ලෝ ෂීහ් කියන
රූමත් උනත් නැතත් ලඳ. . .

ලබන්නට යන එකා
කොලුකමට හෝ ඇබ්බැහිය. .
පෙම්වතියක් බිරිඳක් නැතිකමින්
හෝ ඉන්න කෙනාගේ අසම්පූර්ණත්වයෙන්
හෝ ඒ පැත්තේ නුවුවමනාව හින්දා. . .
සල්ලිත් හොයාගෙන

ඒ විකිනෙන ලඳ
ගමට සල්ලි යවන්න
ලෙඩ ඇඳේ ඉන්න මිනිහටයි
තාත්තා අඥාත වෙච්ච දරුවටයි
සස්ටජන් එකක් ගන්න. . .
වැඩි දුරකට ඉගෙනගන්න ආසාවෙන් හෝ

ඒ ඒකිගේ රස්සාව
ලොකු ලොකු තැන් වල ඉඳලා සල්ලි ගහනවාට වඩා
ලොකු ලොකු තන් පෙන්නලා සල්ලි හොයන එක
සාධාරණ නැද්ද ?
රස්සාවෙන් සීලේ කැඩෙනවද ??
මෙහෙව් කරන්නේ ගෑණු විතරද ???

අවසන පවකට හෝ පිනකට
මුදලට හෝ නොමිලේ
සතුටට හෝ පලිගැනුමට
වින්දනයට හෝ විඳවීමට
කොච්චර ආතල් වුවද
වරද වරදක්මය. . .

Wednesday, September 9, 2009

කෙල්ල ලෙඩවෙලා. . .

මව් පුවරුවෙන් නෑ බීප් එකක්..
මම කලබලයෙන්. .
මොනිටරේට නෝ සිග්නල් ලු..
හිත දෙගිඩියාවෙන්. .
VGA අවුල්ද..
කේබල් අවුලක්ද ..
කන්වර්ටර් එකේ අවුලක්ද..
පිස්සු හැදිලා. ..
අහන්න ඕන නදීකගේ වෙරෝනිකා. .
මට පිස්සූ . . .හූ.. හූ..
ගහගත්තා අමුඩයක්..බැස්සා කම්පියුටරේට..
මොකුත් පෙන්නේ නෑ..ඔක්කෝම දූවිලි වළාවකින් වැහිලා. ..
කොහොමහරි ඔක්කෝම ඔපරේෂන් කරලා හොයාගත්තා අවුල. . .
ඒක තියෙන්නේ මව් පුවරුවේ..
හුරේ. . . .
කොච්චර හොයාගත්තත් තියෙන්නේ අවුලක්නේ..
හුරේ නෑ. . . .
කියපු හුරේ එක ආපහු ගත්තා..
යමුද ගත්තු තැනටම..
වොරන්ටිත් තියෙනවනේ..
ඒත් කල් යනවනේ..කමක් නෑ ඔන්න ඔහේ..
ගියා එතනට..එතන හොර ගුලක්..
ලෙඩේ හොයලා කියන්න දවස් දෙකක් යනවලු..
හත් ඉල්ලව්වේ මම පැය දෙකෙන් හොයාගත්තනේ..
මක්කොරන්නද ඉතිං..
අවාසනාවක හැටි. . .
අම්මා කියන විදිහටනං මගේ ගෑනි ලෙඩ වෙලා..
කාමරේ ඉන්න හිතෙන්නේ නෑ..
ඒක දැන් සොහොනක් වගේ (ඉස්සරත් ඒ වගේ). . .
තනි නොතනියට හිටපු මගේ ගෑනි ලෙඩවෙලා. . . .
සමහරු මගෙන් අහනවා "කම්පියුටරේ නැති හින්දා පාඩං කරන්න අමාරුද?" කියලා. ..
මට එහෙම අහන එවුන්ගෙන් අහන්න තියෙන එකම ප්‍රශ්නය. . .
මොන පිස්සුද ???
තමුන්ගේ ගෑනිව ඕන වෙන්නේ කෑම උයාගන්නම විතරද ?

Sunday, August 30, 2009

ටෙලිවිශන් විකාර

මම එතරම් වෙලාවක් ටෙලිවිශනය නොනැරඹුවද මම ටෙලිවිශන් රසිකයෙකි (රූපවාහිනී රසිකයෙකු නොවේ).එහෙත් දිගුකලක් සිට එම ටෙලිවිශනයේ වැරදි තොගයක් මා දැක ඇත.මෙයින් වැරදි කිහිපයක් දැනට ප්‍රසිද්ධියේ කතාබස් වී ඇති මුත්. . .කතාබස් නොවූ ඒවාද ඇති බැවින් මෙසේ ඔබ හමුවට ගෙනෙන්නට සිතුවේ අද දිනට දැමීමට නියමිතව තිබූ ළිපියද පස්සට ඇද දමමිනි.මේ පිළිබඳ අප සදාහරිතයේකතාකොට ඇත.ඒ දේශපාලනික වශයෙන්ය.

පලමුව මතක් කිරීමට ඇත්තේ මහ හෝටලයේ හෙවත් ජාතික රූපවාහිනියේ අසේල බණ්ඩාරනායකවය.ඔහු දිනක් උදෑසන වැඩසටහනකදී රොමේෂ් සහ ලක්ෂාන් දෙදෙනා සමග පැවසුවේ නලින් පෙරේරා ගේ වැදගම්මකට නැති පැණි කොමඩු ගෙඩිය වැනි ගීත අතරේ ඔවුන්ගේ ගීත අගය කරන බවයි.තමාත් සමග එකම ශේෂ්ත්‍රයේ සිටින්නෙකුට තමාත් සම්බන්ධ කරගෙන ගැසූ පහරින් ගැලවී යාමට රොමේෂ් දක්ශ විය.නමුත් එතනදී සඳහන් කල යුතු වන්නේ අසේල බණ්ඩාරනායකනලින් පෙරේරා සමග පෞද්ගලික ආරවුලක් ඇත්නම් ඒවා මාධ්‍ය හමුවේ එලියට නොදැමිය යුතු බවයි.කිසිම විටකත් එය ඔවුන්ගේ ආරවුලක ප්‍රථිඵලයක් නොවන්නේ විය නොහැකිය.මන්දයත් ඉන් ටික කලකට පසු එනම් මීට මාස දෙකකට පමණ පෙර මෙම වැඩසටහනටම ළහිරු පෙරේරා ගෙන්වා ඔහු විසින් රම්බරී සුභ පැතුවේය.පැනි කොමඩු ගෙඩිය යොදාගෙන මවන්නට හදන ස්ත්‍රී හැඩය ගැන ලියැවුනු ගීතය හෙවත් අපේ භාෂාවෙන් නම් සින්දුව. . .රම්බරී වැනි කියන එකාවත් (ළහිරු පෙරේරාවත්) හරි හැටි තේරුම නොදත් ගීතයකට වඩා පහත් විය හැකිද ???

දෙවැන්න සොරු හෙවත් ස්වාධීන රූපවාහිනියයි.තුලාව යනු තරාදිය බව අප උගන්නේ තුන වසරෙදී පාසල තුල පොළ දමන විටය.එහෙත් තමන් රැඩිකල් යැයි පෙන්වන. . .ඕනෑම වැදගතෙකු ඉදිරියට ඕනෑම වැදගත් සාකච්ඡාවකට ටී-ෂර්ට් කෑල්ලක් හෝ කැමා ෂර්ට් උඩින් දමාගෙන,මැණික් කටුවේ සිට වැළමිට තෙක් පටි තොගයක් බැඳගෙන යන සුධර්මන් රදළියගොඩ මහතා එය දන්නේ නැත.(මෙහි සුධර්මන් රදළියගොඩ කියන නම බර කොරලා කියවන්න ඕන..එහෙම නැතුව ඒ මහත්තයගේ තත්වයට හරි නෑ :කැපිටල් පී)කොටින්ම කියතොත් තුලා ලග්න හිමි නරයෙකුගේ ගුණ සහ අගුණ දෙකම සමව පිහිටන බව පාසලක් දැක නැති පැරණි ජනයාද දන්නා කරුණකි.එසේනම් මෙකී තුලාවඩලස් අළහප්පෙරුමව පමණක් ගෙන්වා ප්‍රවාහනය ගැන විවාදයක් පැවැත්විය හැකිද ??? එතනදී සිදුවන්නේ ප්‍රවාහනය සම්බන්ධව ප්‍රණාමය පුදකිරීමක් පමණි.එසේත් නැතහොත් සුදු හුණු ගෑමකි.එතනදී එහි ඇති අඩු පාඩු කම් සහ දියුණු කලයුතු තැන් පිළිබඳ කතා වන්නේ නැත.අවම වශයෙන් ප්‍රදාන විපක්ශය නොවුවත් ජවිපෙන් හෝ එක් මන්ත්‍රී වරයෙකු විවාදයට ගෙන්විය යුතු නොවේද ???

මීලඟට ඉදිරි වසර කිහිපයක කාලයටද ශ්‍රී ලංකාව තුල පැවැත්වෙන සියළු ක්‍රිකට් තරඟ වල විකාශන අයිතිය හිමි නේත්තරා හෙවත් චැනල් අයි දෙස බලමු.විකාශන අයිතිය ලබාගැනීමට ටෙන්ඩරය දමා යම් මුදල් ප්‍රමාණයක් වියදම් වන්නට ඇත.එහෙත් මෙච්චර වෙළඳ දැන්වීම් කන්දරාවක්. . .තරඟයෙන් තරඟයට කෙනෙක් Title Sponser හෝ Main Sponser හෙවත් ප්‍රධාන අනුග්‍රාහකයෙක් ඇත.මීට අමතරව ඕවර දෙකක් අතර දිගු වෙළඳ දැන්වීම් දෙකක්.තරඟය අතරතුර තරඟයේ තොරතුරු තීරුව මෙන් තුන් ගුණයක වෙළඳ දැන්වීම් පේළියක්..ඊට අමතරව හෙවත් සම අනුග්‍රාහකයින් තොගයක්.එහි ක්‍රීඩාවට වඩා විකිනීමක් ඇත.ඕවරයක අන්තිම පන්දුව වයිඩ් පන්දුවක් හෝ නිපන්දුවක් වුවහොත් ඊළඟ පන්දුව නරඹා හමාරය.වෙළඳ දැන්වීම දමන බොත්තම එබීමට ඇඟිල්ලක් පුලු පුලා බලාහිඳී.නත්තලට වෙසක් එකට රාමසාන් වලට හා හජ්ජි යන සියල්ලටම තරඟ නරඹා හමාරය.උඩින් බෞද්ධ කොඩියයි නාලිකාවේ ලාංඡනයයි.යටින් දැන්වීම් තීරුවයි..දෙපැත්තෙනුත් තීරු දෙකක් මාර්කටින් සඳහා වෙන්වීම දුරක නොවේ.දැනටද ඉඳහිට යන එන දෙපැති දැන්වීම්ද ඇත.

ඊලඟ එක පොඩි එවුන්ගේ ටෙලිවිශන් කෙරුවාවය.ප්‍රධාන දෝෂාරෝපනය ඔළුව ටෙලිවිශනයට හෙවත් සිරස නාලිකාවටය.මුලින්ම මට මතක විදිහට ළමුන් ටෙලිවිශනයට ගෙන ආවේ ජාතික රූපවාහිනියයි.ඒ මුතුහර තුලිනි.ඉන්පසු පොඩිවුන් කරන වැඩසටහන් අතර ජනප්‍රිය වූයේ ස්වර්ණවාහිනියේ හපන් පැදුරයි.එය එක එක කලට අනුග්‍රාහකයා අනුව එක එක පැදුරවල් බවට පත්වූවත් අන්තර්ගතය වෙනස් නොවූයේය.දැන් අළුතෙන් කුඩාවුන් විසින් තවත් සින්දු කියන්නට වැඩසටහනක් පටන්ගෙන ඇත.ඒ සිරස තුලය.කලින් සඳහන් කල හපන් පැදුර තුල ගායනා කෙරුනේ ඉතා සුන්දර ළමා ගීතය.එහෙත් දැන් වෙනත් මාධ්‍යායතන වලින් පිම්බූ පණ්ඩිත පොඩීවුන් රැලක් ගෙන සිරසද එම වැඩයම පටන් ගෙන ඇත.මට එක ප්‍රශ්නයක් මේ සම්බන්ධව ඇත.එය ඔබලා තුල ඇත්ද නැත්ද යන්න මා නොදනී.එය නම් "හතර පහ වසරට ඇති ඇති එකම ගීතය හංස රාජිනී සේ ද ?" යන්නයි.හංස රාජිනී පොඩි එකෙකුගේ කටින් ඇසීමට වඩා ඕනෑම ස්ටාර් තරඟාවලියකින් උපරිම සාධාරණයකින් ඇසිය හැක.

මීලඟට ඇත්තේ කෙටි කරුණු දැක්වීමය.පළමුව ස්වර්ණවාහිනියෙන් පටන් ගනිමු.ඒ ගහෙන් ගෙඩි එන්නාක් මෙන් පටන් ගත් "ස්ටාර්" තරඟාවලි ගොන්නය.මා සිතනා ආකාරයට එය ඒවායේ අසාර්තකත්වයට හෙවත් කවුරුත් කියනා ආකාරයට කොලිටිය අඩු වීමට හේතු විය.ඔවුනටද සිදු වූයේ දොඩං ගොඩ බදාගත්තා වගේ වැඩක්ය.ඔවුන් Singing Star වැඩසටහන අරමුණු කරගත්තේ හොඳ කටහඬක් ඇති හොඳ හැකියාවක් ඇති පිරිසක් තෝරාගැනීමට විය යුතුය.ඔවුන් ""යන්නේ සිටම වරද්දා ගත්තෝය.ඔවුන් මුලින්ම කලේ සින්දු මතක තියන එවුන් තෝරන එකය.ඉන්පසු ඔවුන් තෝරන ගීතය මතක තියන එවුන්ය.එතැනට එනවිටම හොඳ එවුන් බාගයක් හැලී හමාරය.අවුරුදු ගනාවක් හෙළ ගී අඹරේ ගී කෝකිලාවිය ලෙස ගෞරව ලත් ලතා වල්පොල මහත්මියද කියන්නේ කොලය බලාගෙනය.දැන් ඉහත කී තරඟයේ අවසන් වටයට එළඹ ඇත.දැන් කැපී පේන්නේ නැටුමය.එනම් නර්ථන ශිල්පීන් දෙදෙනෙකු සමග තරඟකරු ගයමින් නටයි.ගයමින් කිව්වාට ගයමින්ම නොව කට සොලවමිනි.එමගින් ඔවුන් නරඹන පිරිසගේ විශ්වාශයද කාගත්තෝය.

ඊලඟ විමසුම ස්ටාර් පෙලේ Comedy Star ගැනය.එහි තරඟකරුවන් හොඳ මට්ටමක සිටී.ඉදිරිපත් කරන්නා ගන්නම දෙයක් නැත.අනෙක් එහි සඳහන් කල යුතුම කරුණ විනිශ්චය මණ්ඩලයයි.කාන්චනා මෙන්ඩිස් කොමඩි අහලකවත් නැති චරිතයකි.රොනී ලීච් ගේ ඇත්තේ බෝල තට්ටයක් සහ නටවන ඇස් දෙකක් පමණි.ඔහු තුට්ටු දෙකේ ක්ලබ් සින්දු කාරයෙකි.අනෙකා බිඳක්වත් වැදගම්මකට නැති. . .රෝයි ද සිල්වාය.ඒ ගැන ඔබලා සමග අදහස් හුවමාරු කරගෙන වැඩක් නැත.ඒ බව ඔබ සැවොම දනී.බන්දු සහ ටෙනිසන් දෙපල කරන දෙයකින් අවරගණයේ වානිජ චිත්‍රපටි තොග ගනන් සාදමින් ඔහු කල් ගත කරයි.

මධුවිතට කොටු දැමීම සම්බන්ධවද මෙහි සඳහනක් නොකරමි.මන්ද වාරණයන් සම්බන්ධව සදාහරිතයේ කතා කල ළිපියේ එය සඳහන්ව ඇති බැවිනි.

Loving Star ගැන මේ ටිකේම විමැසුනු නිසා මෙහි සඳහනක් නොකරමි.

ඉතිරිව ඇත්තේ ලඟදීම සිදුවූ දෙයකි.එනම් අවුරුදු දහනමය විස්සේ කෙල්ලෝ රංචුවකට ප්‍රවීන සූපවේදී පබිලිස් සිල්වා මහතා ලුණු මිරිස් සහ කට්ට සම්බෝල අතර වෙනස පහදා දී ඒවා සෑදීමට කියා දීමයි.එයද ජාතික රූපවාහිනියෙනි.එය ගැනද කිසිඳු තර්කයක් නොමැත.මොඩර්න් සංස්කෘතියේ කාලකණ්නි යුවතියන් ඇරෙන්නට අනෙකුත් ලාංකික සහෝදරියන් අවුරුදු පහලොව දහසය දහහත අතර වයස් මට්ටමට එනවිට පවුලකට උයන්නට පිහන්නට දැනසිටින බව මා දන්නා කරුණකි.ඉතිං කට්ට සම්බෝල කොතරම් ප්‍රාථමිකද ???

සැ.යු: මා ඉහත දක්වා ඇත්තේ ටෙලිවිශනය පිටුදැකීමක් නොවේ.අප කොතරම් අන්තර්ජාලයට සම්බන්ද වූවද මුළු ලංකාවම ගත්කල රසවින්දනය,දැනුම සහ තොරතුරු සපයන ප්‍රදානම මාර්ගය ටෙලිවිශනයයි.ටෙලිවිශනය වඩා වැඩදායී කරගැනීමට නම් පොදුවේ මෙම වැරදි වලට පිළිතුරු සෙවිය යුතුය.