"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Thursday, December 17, 2009

කරුම ඉන්දියාව



















පරක්කු වෙලා එනකොට ඔරවන්න
දොරට තට්ටුවක් දාලා සින්දු වල සද්දේ අඩු කරන්න
ඉඳලා හිටලා වත් පොතකට ඔළුව ඔබ්බවන්න
ඔයා ගෙදර නැතුව හරි පාළුයි තාත්තේ. . .

මහ ලොකුවට ලාබයි කිව්වට
කරුම ඉන්දියාවට වෙලා. . .
හරිම ටික කාලෙකට කිව්වට
මාස එකහමාරක් යනවලු

මහ ලොකු හෝටල් කිව්වට තුච්ඡ නවදිල්ලිය
හරියට කන්නවත් නෑලු. ..
හැමදාමත් රෑට බඩ පිරෙන්න බත් කාපු මනුස්සයා
ඊයේ රෑටත් චට්නියි පානුයි

අපි කොහොමද මෙහේ උයපුවා බෙදාගන්නේ
අම්මත් දුකෙන්. . .
අපිත් දැන් හරියට
මිලේනියම් එක එනකං පෙරුම්පුරපු ලෝකවාසියෝ වගේ. . .


තාත්තා ගෙදර නැති දවස් වල ලියවුනේ.දැන් නං තාත්තා ගෙදර ඇවිල්ලා.
Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

12 ක්ම තියෙනවා අදහස්:

sachi said...

niyamai ne...pada peeli hodata galapenawa..thathta dakkoth asa hithei..

දුකා said...

ගෙදර ආපු බව දැනගත්තු එක සතුටක් ..

නැත්නම් උඹලා තාමත් දුකෙන් කියලා දැනුනොත් අපිත් දුකෙන්නේ බං . . . !!

C0dE | කෝඩ් said...

එල එල.... නියමයි මුචා........දැන් ලියන්න තාත්තා ගෙදර ආපු එකටත්......

kaushalya said...

sathutui thaththa ava eka ahala.dan ithin parakku vela enna,haiyen sindu ahanna ehema bari vei aye ai poth padam karanna hoda vade :D

Prabodha said...

එල එල තත්තා අපු නිසා කොල්ලට සතුටුයි නේ...දැන් හබැයි පුතෝ නටල ඉවරයි...ඉන්දියාවේ හැටි ඔහොමයි බන්....කොහේ ගියත් ලංකාව තම අපිට අංක එක.....

malee_msg said...

මටත් ඔය අත්දැකීම නම් තියනවා.. තාත්තා ගෙදර නෑ කියන්නෙ නිකං ගෙදර කවුරුවත් ම නෑ ව‍ගේ..
මොනා උනත් මුචා මල්ලිගේ තාත්තා ආයේ ඇවිල්ලනේ.. ඒ ඇති.

Januka said...

එළ ම්චාන්.. කෑගහන වෙලාවට මලපැන්නට, තාත්ත නැතිවුනාම ගේ මාර හිස්..

Rachintha Jayawardhana said...

@Sachi:Thanks

Rachintha Jayawardhana said...

@Dukaa & CODE: තැන්කූ වේවා මචංලා.තාත්තා ආපු එකට ලියන්න හ්ම්ම්ම් බලමුකෝ.

Rachintha Jayawardhana said...

@Kaushalya: හිහ්හී...තාත්තා ආවා කියලා ඒවා නවතින්නේ නැතෝ.

Rachintha Jayawardhana said...

@Malee & Januka: ඔව් අප්පා.ආපු එකනං ලොකු දෙයක්!

Rachintha Jayawardhana said...

@Prabodha: ඔව් බං.අපිට කවදත් ලංකාවනේ එක!

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!