"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Tuesday, December 29, 2009

බොරුව

මම කියනකොට හරි ෂෝක් උනාට
මට කියනකොට පොඩ්ඩක් පපුවට දැනෙන
අනුන් අඳිනකොට මරු ෆන් උනාට
මමත් ඇඳගෙන කියලා දැනගත්තම
මරුවිකල් වෙන. . .

දේශපාළුවෝ රටටම කියන
දොස්තර ලෙඩාට කියන
හබියා වයිපරේට කියන
මම මැරියන්ට නොකියන
බොරුව. . .

කොටුවේ වෙළෙන්දෝ
කොම්පියුටර් කඩකාරයෝ
ටියුෂන් කඩකාරයෝ
වැඩියෙන්ම කළාකාරයෝ
කරන බොරුව හෙවත් ප්‍රෝඩාව. . .

වැඩිපුරම විකිණෙන
ඉගෙනගන්න අමාරුම
අපිත් බැන බැන ඒකම කරන
කෘතජ්ජනයොන්ට නොකරම බැරි
මූලික බොරුව. . .
Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

18 ක්ම තියෙනවා අදහස්:

LishWish said...

හරියට ම හරි ඒක. ඒත් අපිත් ඇඳගෙන කියලා දැනෙනකොට. ලැජ්ජාව එලියට පැන්නත් කමක් නෑ කියලා ඇඳි වස්තරෙන් මූන වහගන්න හිතෙනව බං..!

මරු කවි පොඩිත්ත...!

Rachintha Jayawardhana said...

මක්කොරන්නද අයියේ ඉතිං :)

සචී said...

"..හබියා වයිපරේට කියන
මම මැරියන්ට නොකියන.."

ඔයත් 'හබියා' උනාම මැරියන් 'වයිපරේ'ට ඔය බොරුව කියයිද, නොකියයි ද??

Rachintha Jayawardhana said...

කියයි නේද අක්කේ?

Buru Babe said...

sachiege prasnema math ahannada?

Rachintha Jayawardhana said...

epa epa akke :)

sanjeew said...

ඇත්තටම මැරියන්ට එක බොරුවක්වත් කියල නැද්ද ........ හෙ... හෙ ...

Narada said...

ඔයා බොරු කියනවද මචන්?
.
..
...
එහෙනම්
...
..
.
ඇයි අපිට බොරු කියලා තියෙනවා ඒත් මැරියන්ට කියලා නැත්තේ?
.
..
...
හරි හරි
...
..
.
ඔන්න තව බොරුවක් කිව්වා!


මචන්, සුන්දර අහිංසක බොරු චාටූ නැතුවම යන ලව් ස්ටෝරිස් අඩුයි මචන්. නැද්ද මං කියන්නේ???

දුකා said...

හ්හ්ම්ම්ම් . . . . මේ දවස්වල බොරු හොඳට මාර්කට් කරන නිසා උඹටත් බොරුව ගැන ලියන්න හිතුනද . . හික්ස්

සිංහ said...

බොරුවක් කියන එක හරිම ලේසියි... ඒත් එක බොරුවක් කියන එක තමයි අමාරු...

Sachii said...

boru kiyana eka rasawath unath nokiya inna eka thama watinne..atta thitta unath eka thama loke pawathinne

ආගන්තුකයා | Stranger said...

සමහර වෙලාවට බොරුවත් කියන්න වෙනවා...

C0dE | කෝඩ් said...

බොරුවට ගිය කලක් කිව්වලු, හැබැයි පු‍තෝ බොරුවට ආයුෂ නම් අඩුයි. සමාවෙන්න ඕනේ කලින් ලිපි කියෙව්වෙ නෑ තාම. මගුලේ මොනිටර් එක දස වදයක් දුන්නා.

LG said...

කාටවත් කරදරයක් නොවන එකක් , ලාවට කිව්වට අව්ලක් නෑ මගේ හිතේ :-P

malee_msg said...

ඒජි ලමයා කිව්ව අදහසම තමා මටත් තියෙන්නේ අනේ.. :පී

Rachintha Jayawardhana said...

BEAUTIFUL SRI LANKA: thaama nae mayea hithea..kiwwath mathakewath nAthi podi boruwak kiyalaa Athi!

~බිன்ku~: සිරාවටම පොඩී බොරුවක් කියලා තියෙන්නත් ඕන.ඒ බොරුව අහුවෙලා තියෙන්නත් ඕන.නැත්තං කික් එකක් නෑ!

දුකා: අනේ මාකට් වෙන නිසා නෙමෙයි අයියේ.හරිනං මේ මාතෘකාව මම මුලින්ම ලියන්න ඕන එකක්.මට ඉස්කෝලෙදි,ගෙවල් පැත්තේ,ටියුෂන් වලදී මුචලින්ද කියලා කිව්වේ මම බොරුව දන්නෙම නැති හින්දනේ.දැනටත් කට්ටිය මගෙන් බොරු අහගෙන ගිහින් කියනවා!

Rachintha Jayawardhana said...

@සිංහ: ඔව් මචං උඹ කියන එක ඇත්ත.

@Sachii: ඔව් ඒක ඇත්ත.බොරු නොකියා ඉන්න තරමට හිත් සුද්දයි.

@ආගන්තුකයා: ඔව් නොකියා ඉන්න බැරිවෙන අවස්ථා තියෙනවා නෙව.හිත් රිදෙන්නේ නැති විදිහට එකක් කිව්වට කමක් නෑ!

Rachintha Jayawardhana said...

@Code: ඔව් ආයුෂ නං අඩුයි තමයි.ඒකට මොකෝ බං.පස්සේ හරි කියවහන්!

@LG: ඔව්. . .පොඩී හුරතල් එකක් කමක් නෑ!

@Malee: එහෙනන් එයාට දීපු උත්තරේම තමයි ඔයාටත් දෙන්නේ අක්කේ!

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!