සිංහයා නිර්භයය බෝ කොළ හතර මැද
සියළු ජාති එක්වෙති බලදෙන්න තෙද
ධජය ඉහල යයි මුව දොර පිටිය මැද
මෙසිරිලකට ජය පතනෙමි බුදුන් වැඳ
නිදහස දිනුවෙහිය ඒ විරුවන්ගේ වෙරෙන්
ත්රස්ථයෝ පැරදුනිය මේ හෙළ පුතුන් බලෙන්
සැක බිය දුරුවුනිය ඒ මහා විකුම් කෙරෙන්
සව් සිරි සැප වෙන්න මේ කල පිනෙහි බෙලෙන්
අපෙ රට නිවහල්ය හතලිස් අටෙන් පසූ
කොටි බිය නිරවුල්ය දෙදහස් නවෙන් මතූ
මැර බිය එලෙසමය මෙතුවක් කලක් තුරු
පතනෙමි එයත් දුරුවන්නට මෙයින් මතු
මගතොට යන්න හැකිනම් බාධක නොමැතී
ඇත්තට ඉඩක් ඇතිනම් ගුටි වෙඩි නොවැදී
නිදොස් වෙන්න හැකිනම් මිල මුදල් නොදී
එම උස් නිදහසට මුළු සිරිලකම වඳී
9 ක්ම තියෙනවා අදහස්:
හරිම ලස්සනට අදහස් ගලපල තියනවා මල්ලි.
මේ යන විදියට මැර බිය පහ වෙයිද?
අපි බලන් ඉමු නේද?
සුමුදු
නිදහස සමරමු භක්තියෙන් . . .
අදහස නියමයි.
පට්ටයි....නියමයි...ඉස්සරහට බලමු.පතමු බොරු නැති මැරයෝ නැති රටක් වෙන්න කියලා.....එක සිතින්...
උඹ කීව ටික දැන් වෙලාද මුචෝ.......???
@අග්න: තාම නෑ!
@සුමුදු: බලං ඉන්නවා ඇරෙන්න වෙන මොනවා කරන්නද අයියා!
සද්දයක් දාලා ගියාට ස්තුති වේවා!
නියම පද ටික මචං. ඒත් නිදහස කියන දේ ගැන බහුතරයක් ලාංකිකයන්ට අදහසක් නෑ කියලයි මට හිතෙන්නෙ. පාර්ලිමේන්තුව බැලුවොත් මැර බලය වැඩි, ජනතාව බල්ලට දාලා ඉන්න දේශපාලකයින්ට තමයි වැඩිම මනාපය. අපි අවුරුදු හැටත් පහු කරලලු.
දැණෙනා දෙයක් කීමට නිදහස ඇත්නම්
අවංක සිතින් රට වෙත වැඩ කල හැක්නම්
ඕනම තැනක මව්බිම ගැන කිව හැක්නම්
වෙන නිදහසක් ඕනෑ නැත කොඩි උස්සන්
උපරිම!
Grreat blog I enjoyed reading
Post a Comment
කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!