"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Thursday, February 18, 2010

. . ..ට්ටාඋඩු බස් එක.

මේ මාතෘකාව මෙලෝ රහක් නැති උනාට වෙනදා වගේම ගත යුත්තකුත් නැති උනාට,මේක නොලියම බැරි නිසයි මම ලියන්නෙත්.අනිත් එක ඉතින්,මගේම කියලා ඩොමේන් එකක් නැති උනාට මගේ බ්ලොග් එකනේ.මම ලියන්නන් ඕගොල්ලෝ කියවන්න.ඊට පස්සේ ඕගොල්ලෝ කමෙන්ට් ලියන්න මම කියවන්නන් :-දිව දොට්ට .මේක විනාඩි හතලිස් පහක විතර සිද්ධියක්.ඒ තමයි මම අද ආපු බස් එක.ඉතින් ඔය කියන බස් එක තමා මම ආසම වගේම මම දෙවනියට වැඩිපුරම යන එන බස් එක.වැඩිපුරම යන්නේ 154 උනාට,මම මේ කියන්න 255 සම්බන්ධව මට හරිම ප්‍රේමණීය සම්බන්ධෙකුත් නැතුව නෙමෙයි <තුන.


ඔන්න ඉතින් අද මම කොට්ටාවෙන් 255ක නැග්ගා වැඩ වගයක් ඉවර කරලා.හත්තිකේ ඒකේ පට්ටෙට සෙනග.වෙනදට එහෙම නෑ.ඒකත් එතන ඉඳන්ම කතාව අමුතුයි.මුලින්ම දැක්කේ සුද්දියෙක්ව.ඒකි බස් එක ඇතුලේ මිනිස්සුන්ගේ ෆොටෝ ගන්නවා.ගෑනුනන් ඇඹරි ඇඹරී හිටියා,හරියට කැමරාව කොන්ඩම් එකක් වගේ හිතාගෙන.පිරිම ටික නං කැමරාව ඇතුලට බහින්න උනත් ලැහැස්තිය.ඒ ඔක්කොම අස්සේ කොන්දා සහෝ කෑගැහුවා "ටිකට් ගන්න බලන්න" කියලා.එතකොටම පොඩි එකෙක් කියපි "ඉතින් දෙන්න" කියලා.ඒක උනා විතරයි උගේ අම්මත් ඇඹරෙනවා.ඒ අස්සේ අර සුද්දි අර පොඩි එකාගෙත් ෆොටෝ එකක් ගත්තා.මගෙත් එකක් ගත්තා."අලි ඇඟක් තියෙන නයෙක්" කියලා හිතලා වෙන්නැති.ඔන්න ඉතින් බස් එක යන්න පටන් ගත්තා.මූ මුලින්නං හෙන හෙමින් ගියේ.බස් එකේ හෙවනට වෙලා මිනිස්සු පයින් ඇවිදගෙන ආවා.ඒ තරමට හෙමින් ;-හිනා .මෙන්න බොලේ එක පාරට රියදුරු මහත්තයගේ කලිසම අස්සට කඩියෙක් රිංගලාද කොහෙද මූ හෙන ගහන්න වගේ ඒක එලවන්න පටන්ගත්තා.ඒ එලවිල්ල නං අර කපුගේ මහත්තයගේ පාරේ වත් එලවන්න බෑ.ඒ කිව්වේ මේ "කවුරුත් එන්නැති,කවුරුත් දන්නැති,මල් පෙති ඉහිරුනු මල් පාර".බස් එකට කිලෝමීටරයක් ඉස්සරහ ඉඳන් මිනිහෙක් අත දැම්මොත් ඌට නගින්න තව කිලෝමීටරයක් දුවගෙන එන්න වෙනවා.ඊටත් වඩා වැදගත් සතෙක් තමයි ඒකේ හිටපු කොන්දා සහෝදරයා.මිනිහට නං තිබ්බේ අමුතුම තදියමක්.ඉක්මනට ටිකට් ගන්න, ඉක්මනටනගින්න, ඉක්මනට ඉස්සරහට යන්න. . .ඒ මදිවට ඌ මාර ඇඩ්මන්.ඌ හෙන එක්ස්පීරියන්සඩ් කියලා පෙන්නන්න මූ හෙන වේගෙන් වැඩ කරන්නේ.කොත්තු ගහනවා වගේ ටිකට් මැෂිමට ගහන්නේ.ඌ තිහක් ඉතුරු දෙනකොට හතලිහක් බිම වැටෙනවා.ඔය ඔක්කොම අස්සේ මාත් ගිනි බයෙන් අල්ලගෙන බස් එක පිළියන්දලට ආවා.

ඔන්න ඉතින් හෝස් ගාලා සද්දයකුත් දාලා ඒක නැවැත්තුවා.ඒකත් කොටුව ඉස්ටේෂම වගේ හැම හත් ඉල්ලව්වම එතන නවත්තනවා පැය ගනං.ඉතින් ඔන්න මිනිස්සුත් ගොඩක් බැහැලා ගිහින් නිදහසේ වාඩි උනාම බස් එකට නැග්ගා සින්දු කියන ඩයල් එකක්.මෑන් අමුතුයි.ලස්සන ඩීසන්ට් පාත්තු දෙකක් දාලා ගිටාර් එකකුත් අරගෙන (ආහ්..වැරැදියට හිතන්නෙපා මිනිහා අනික් ඇඳුනුත් ඇඳලයි හිටියේ).ඔන්න මිනිහා කිව්වේ මම ආසම ඒත් ඉක්මනටම අමතක වෙන,වගේම මෙලෝ වචනයක් මතක හිටින්නැති සින්දුවක්.මට දැනුත් ඒක මතක නෑ.ඉස්සරත් මට එහෙම සින්දුවක් තිබ්බා.සමන් ද සිල්වා ගේ "නියරේ පියනගලා".ඉතින් ඔය විදිහට මේකත් කවදාහරි මතක හිටීවි.මිනිහා ඒක මාරම ලස්සනට කිව්වා.ඇත්තම කියනවානන් සමිතා මුදුන්කොටුව හිටියා නං බිම පෙරලිලා වඳින සයිස් එකට සින්දුව කිව්වා :-දිව දොට්ට .මම කවදාවත් ඔය හොර හිඟන්නොට සල්ලි දෙන එකෙක් නෙමෙයි.ඇත්තටම මේ විදිහ හැකියාවක් තියෙන මිනිහෙක්ට සල්ලි නොදී හරි නෑ.කොහොම උනත් බස් එකේ හිටපු ගොඩක් මිනිස්සු හුගක් හොඳට මිනිහගේ හැකියාව ඇගයුවා.ඇත්තටම ඔය විදිහේ ටැලන්ට් එකක් තියෙන මිනිස්සු. . .සිහින තරු,සුපිරි තරු වෙන්න හදන්නේ නැතුව මේ වගේ එකක් කලා නං අඩු තරමේ බස් එකෙක් යන මිනිස්සු ටිකවත් හොඳින් සතුටෙන් යනවා.ඊට පස්සේ බස් එකට නැග්ගා කකුල ගැලවිලා අතට සෙට් වෙච්ච එකෙක්.නියම ඇම්ඩන් කැරැක්ටර් එකක්.ඌ කතා කරන්නෙත් නෑ.සල්ලි දෙනකන් යන්නෙත් නෑ.ඌත් මොකද්ද මන්දා හත්ඉල්ලව්වක් කරලා බැහැලා ගියා.

ඔන්න ඒ වෙලාවේ තමයි එතන සන්ටෙල් එකක් වහලා ඒකේ කෙල්ලෝ දෙන්නා බස් එකට නැග්ගේ.උන් වතුර බොන්නෙත් පපුව අල්ලගෙන.අහවල් එක දකීවි කියලා.මට ඉතින් කියන්න හිතුනා ඔය දොඹ ගෙඩි දෙක බලලා වැඩක් නෑ.මං වෙනුවෙන් රන් තැඹිළි ගෙඩි දෙකක් තියෙනවා කියලා ;-හිනා .එතකොටයි දැක්කේ උන්ගෙන් එකෙක්ගේ ටී ෂර්ට් එහෙක ගහලා තිබ්බා "Face Ass Twins" කියලා.ඒක නං හැබැයි ඒ කෙල්ලට අනුව ඇත්ත.ඒකිගේ මූනත් පශ්චාත් ප්‍රදේශය වගේම ඇති.හැබැයි පශ්චාත් ප්‍රදේශය ඊට වැඩිය ලස්සනදත් මන්දා :-දිව දොට්ට .ඔන්න ඔව්වත් බලාගෙන මම ආවා මොරටුව යුනිය ගාවට.එනකොටම එකෙක් පාර පනිනවා.ඌත් ඇම්ඩන් ලුක් එක තියෙන එකෙක්.උගේ දකුණු අතයි, දකුණු කනයි ෆෝන් එහෙකට බද්ධ වෙලා.උගේ වම් පැත්තම ඔත්පල වෙච්ච ලුක් එකක් තිබ්බේ (ඒ පැත්තටත් ෆෝන් එකක් නැති හින්දා වෙන්නැති ).මම ඌට ධනික කියලා තමයි කතාකරේ.අනේ වාසනාවන් ඌ මෙලෝ සද්දයක් නැතුව රඹුටන් ගහ දැකපු වවුලා වගේ ඇවිල්ල බස් එකේ එල්ලුනා (අඩෝ ධනිකයා,තෝ මේක කියවනවානං මම තොට හොඳවැයින් කුණුහරුප තුනක් කිව්වා කියලා හිතාගනින්.)මීට පස්සෙවත් හරියට පාරේ පලයං.මම වගේ(නැතුව).කොහොමින් කොහොමින් හරි ඔය විගඩම් බලාගෙන මම ආවා කටුබැද්ද හන්දියට.එතනින් නැග්ගා මාර අක්කා කෙනෙක්.එයාගේ මූණ එම්බාම් කරපු ලුක් එකක් තිබ්බේ.සුදූ වෙලා.බෙල්ල කලුයි.වඩාත්ම වැදගත් එයාගේ ඇඳුම.ඒක මාර ඇඳුමක්.මම හිතන්නේ ඒක මොකක් හරි ලොකු කොම්පැනියකින් ඇනිවසරියට මහපු එකක් :-දිව දොට්ට .ඒ අක්කගේ....... .අනේ මන්දා ඕවා කියලා මේක කියවන අහින්සක හිත් තියෙන, පෝය දවසට දකුණු අත පාවිච්චි කරන්නේ නැති, කොකාකෝලත් ෂැන්ඩි කරලා බොන (අරක්කු වලින්) පොඩි උන් නරක් වෙන හින්දා මම නොකියා ඉන්නං.ඔන්න ඔය වගේ සර්ව ආතල් බස් ගමනකින් පස්සේ මම ඒකෙන් බැස්සා.
Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

40 ක්ම තියෙනවා අදහස්:

said...

නියමයි ආ....
මොනාද බන් උඹ බස් එකේ යනවද පාරේ යන ගෑනුන්ගේ Measurement ගන්නවද?
හැබෑට මොනාද බන් දොඹ කියන්නේ? පළතුරක් ද?

Rachintha Jayawardhana said...

ඔය තියෙන්නේ පොඩි ගෙඩි ජාතියක්.මම ගත්තේ පාරේ යන ගෑණුන්ගේ නෙමෙයිනේ බං.ඒකි මගේ ලඟම හිටගෙන හිටියේ.බොරු ඇඩ් ඕන නැහැනේ.ඒකයි ලිව්වේ!

ධනික | Dhanika said...

හෆ්‍ෆා... උඹ මාව දැක්කා එහෙනම් අද...?
ඉතිං යකෝ දැක්කනං ටිකක් හයියෙන් කෑ ගහන්න එපැයි.. උඹලා හරියට මල් කඩන්නැති උන් වගේනෙ කතා කරන්නෙ... උඹේ ඔය දකුණු අතයි දකුණු කනයි ෆෝන් එකට බද්දවෙන්නෙ නැතුවම ඇති මැරියන් එකක් මල කඩද්දි... අනෙ මගෙ කට! :D
අර උඹ කිව්වයි කියලා හිතාගන්න ගනිං කිව්ව ලස්සන වචන තුනට නම් තෑන්ක්ස් කෝටියක් ආ.... :D :D

ප.ලි. දැන් උඹෙ කටින් 3ට 333ක් කියවෙයිද දන්නෑ... හි හි... :P

malee_msg said...

හාහහා..!! මේක කියවලා හොදට හිනා උනා.. අපේ අප්පෝ අද කාලේ ගෑණු ළමයි‍න්ගේ ඇදුම් වල අමුතු අමුතු ඒවා ලියලා තියෙන්නේ.ඒවා ඇදන් පාරේ යන්න නම් ඉංග්‍රිසි නැති රටකටම යන්න ඕනි.. මං හිතන්නේ ඔය අදින අය ඉංග්‍රිසි දන්නේ නැහැ.. පව්..

අපෝ හිඟන්නෝ ගැන ලියන්න ඕනි නම් කළුතර බස්ස්ටෑන්ඩ් එකෙන් බස් එකකට නගින්න..!

Buddhi said...

විමසිලිමත් දෑසින් ඉන්න එක කොචිචර හොදද! කොහොම උනත් මුචලින්දයො බලාගෙන දොඔගෙඩි ගැන හොයනවා ඒවයේ අයිතිකාරයො දැක්කොත්...

මල්$han said...

අෆ්ෆා ෆුල් ආතල්......සිරා ස්ටෝරිය....

Anonymous said...

255ද?

@#$%@#%$@#%#

ඔය අ***ගේ බස් කාරයා ගේ කලිසම අස්සෙ කඩිය කන්නේ පින්හේනත් පහු කරගෙන ආවම. බස් එකේ හොඳ භාණ්ඩ යනවා තමයි. හැබැයි මටනම් යන්න එපාම කරපු එකක්. මම හැම තිස්සෙම ඔය පාරෙ නැතුව වෙන පාරක යන්න බලනවා.

උඹට නිකමටවත් කෝල් එකක් දෙන්න බැරි වුනා නේද ගෙවල් ගාවින් යද්දී? දොඹ ගෙඩි දැක්කාම මෙලෝ සංසාරයක් නැති වුනා ද?

Machan said...

සහතික ඇත්ත.මමත් 154 යන්නෙ.හොද හොද සෙල්ලම් ඒකෙත් වෙනවා....ඒක නෙවේ දොඹ ගෙඩි කියන්නෙ මොනවද බන් ඇත්තටම ;)

Kanishka said...

ෆට්ට කතාව :D අපිත් යන්නෙ 255 තමා. හැබැයි ඉතිං කැම්පස් එකේ ඉඳන් කටුබැද්දට :D

Anonymous said...

පට්ට පතුරු!!!! නියම කතාව මචෝ. ඉස්සරනම් TV එකේ කියනවා වටපිටාව ගැන විමසිලිමත් වෙන්න කියලා. උඹ නම් තාමත් නියමෙටම විමසිලිමත් වෙනවා. හොඳ ළමයි. :P

ඒක නෙවෙයි දැන් ඉතින් ඇත්ත දොඹ ගෙඩි ගැන පෝස්ට් එකක් දාහන් කට්ටියට දැනගන්න. :D

Anu said...

පට්ට ස්ටෝරිය. දැන් ඉතිං දොඹ ගෙඩි ගැන ලියන්නම වෙනවා

Prabodha said...

හ්ම් කතාවනම් නියම්යි..පට්ටයි..මුචාත් මාර මාර එවා තමයි නේ දකින්නේ....මටත් ආසයි 255 ගිහින් බලන්න :පී

දුකා said...

hafoi . . .. ara kella ge T shirt eke tibunu eka . . . eki eke teruma dananwanam bada kapagena marei neda????

Sandun Dasanayake said...

ඒකනේ කියන්නෙ ලස්සන තියෙන්නෙ හිතේ කියලා. ඒ ඒ විදිහට බලනවනම් මේ වගේ කටුක අවස්ථාවක් උනත් සුන්දර අත්දැකීමක් කරගන්න පුළුවන්.

Sandun Dasanayake said...

මෙන්න දොඹ ගෙඩි දැකලම නැති අය මෙතනින් බලාගන්නකෝ

Unknown said...

මරු බං, පොඩ්ඩක් (කිව්වට අම්බානක්) හිනාවෙන්න පුලුවං උනා.

GNS said...

ඇම්ඩො ගොඩක් හම්බවෙලා වගේ.. :P

RasankaSachitha said...

හික් හික් අපි සතුටු වෙන්න ඔනි එ ගෑනු ලමයගෙ නිහතමානීත්වය ගැන.....සිරා ආටිකල් එක

Narada said...

චඃ!
අපරාදේ සන්ටෙල් පැත්තේ කෙල්ලෝ ටික! =D

සිරාවටම ෆන් එකක් ගත්තේ මේක කියවලා!

uditha said...

මමනම් කවදාවත් දකුනු අත පාවිච්චි කරල නැහැ.ඇත්තටම....වම තමයි හැමදේටම

Anonymous said...

මොකද්ද අනේ දකුනු අතේ කතාවෙ තේරුම?

හෂිත said...

දිව දොට්ට... !

Anu said...

@දසයා
දොඹ ගෙඩි කියන්නෙ මේවටද? නරකම නෑ. හැබැයි පොඩ් වැඩියි වගේ.

ආගන්තුකයා | Stranger said...

:- මගෙත් දිව දොට්ට..

Unknown said...

අනේ යකෝ...

:(දිව දෙපාරක් දොට්ට)

sanjeew said...

බස් ගමන පාඩු නෑ වගේ

ශාකුන්තල | Shaakunthala said...

හවසට පිහිට වෙන්නේ මතකයයි අතයි... හික් හික්...! :D

Buddhi said...

මුචලින්දයෝ, අන්න තිලිනි අහනවා දකුණු අතේ කතාව මොකද්ද කියලා? දැං ඉතිං කියල දීපං වෙන කාගෙන් හරි අහන්න කලිං? හුක් හුක් හූ.......

Mandy said...

නයාගෙ කතාව මරු...
මට නං හොදටම හිනා ගියා....

Mandy said...

අර සිංදුව කියන්නෙ විජේ කුමාරතුංග නේද?
"නියරේ පියනගලා"

Rachintha Jayawardhana said...

නෑ නෑ. . .මට ෂුවර්!
මොකද එයාගේ පුත්තු දෙන්නයි,දුවයි මගේ හොඳම යාළුවෝ.මම ෂුවර් එකටම දන්නවා.

Unknown said...

මේක තඩි නයෙක්ද දන්නෙ නෑ නේද? මොනව උනත් හරි සෝක් කතාව... මම හරියට විනෝද උනා!!!!

CD Athuraliya said...

":-දිව දොට්ට"
මේක තමයි සිරා වැඩේ!!!

Anonymous said...

255 නේද..මතක් වෙනකොටත් දැනෙන සනීපෙ..
90 ගණන්වල කොට බස්වල ගිය කාලෙ ඊටත් වඩා සැපයි

ත‍රිඳු said...

මම නම් සම්පූර්ණයෙන් විරුද්ධයි. කාන්තා විමුක්තියේ දෝංකාරය වගේ අපි, මේ කාන්තාව වෙලඳ භාණ්ඩයක් කිරීම තරයේ හෙලා දකිනව. මේව මේ බටහිර කුමන්ත්‍රණ. දේශීය සංස්කුරුතිය විනාස කරන්න අටවන උගුල්.

ප.ලි. :- දිව දොට්ට - උඹ පට්ට

Jay said...

එළ..
:D

realskullzero said...

මචන් ඇඩෙනවා! හීහී..අඩො මම ඉන්නෙත් 255 පාරෙම තමා...උඹ් කිව්ව කතාව සහතික ඇත්ත. මරු පොස්ට් එක...:D

පිස්සා පලාමල්ල said...

පට්ට බන්. ලන්කාවෙ බස් වල යන එක දුකක් උනාට ඒක විදින්න දන්නවනම් පට්ටම ආතල්.

නිලැස් | Niles said...

අඩෝ... අදයි බං පෝස්ට් එක දැක්කෙ... සුපිරි ආ... :)

Rachintha Jayawardhana said...

තැන්කියු සද්දයක් දාලා ගිය හැමෝටම!

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!