"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Monday, April 26, 2010

වායු"හුඃ"මීකරනය

මේකට පොඩි පොඩි වෙනස් කම් ටිකක් කරන්න උනා.ඒ ගැන සමාවෙන්න.
මේක හුඟාක් කාලෙකට කලින් මම පොතක ලියපු සිද්ධියක්.මම හිතන්නේ අවුරුද්දකට විතර කලින්.මේ සිද්ධිය මම කම්මැලි කමට නිකන් පොතක ලිව්වේ.තද පැහැයෙන් ලියපුවා පලකරන අවස්ථාවේ එක් කරන ලද ඒවා බව කරුණාවෙන් සලකන්න.කතාව ටිකක් දිගයි!

අද කියන්න යන්නේ මට මෙතුවක් කලක් සිදු වුනු,දැනුත් සිදුවෙන, ඉදිරියටත් සිදුවේ යැයි බලාපොරොත්තු වෙන ලොකු අසාධාරණයක් ගැනයි.

වේලාව: දහවල අහාරයෙන් පසු
ස්ථානය: නිකන් ඉන්න බැරි මෝඩයෝ
අවස්ථාව: ලෙක්චර්ස්

ලෙක්චර් එක කරන්නේ "කොලොම්බා" ලෙස අන්වර්ථ නාම ලත් ගුරුවරයෙකි.දැනට ආයතනයෙන් විශ්‍රාම ගොස් තවමත් සිසුන්ට උගන්වන්නෙක්.සමහරුනට ඔහු කොලොම්බා වන්නේ ඔහුගේ නාමයෙන් බිඳී ආ දෙයක් ලෙසයි. එහෙත් තවත් සමහරෙකුට ඔහු කොලොම්බා වන්නේ කොලොම්බියාවේ සිදුවූ ජන්ම විපර්යාසයකින් ඇති වූවෙකු ලෙසයි.කෙසේ වෙතත් ජීවිතයේ මාහට හමුවූ ගුරුන් අතරින් වඩාත්ම නිද්‍රාශීලී ගුරුවරයා ලෙස මොහු හඳුන්වන්න පුලුවන්.මෙය වඩාත් සාක්ශාත් වන්නේ ඔහුගේ හැසිරීමේ ආකාරයටම ඔහුට ඉගැන්වීමට සිදුවන විෂයයන් නිසාවෙන්.නමුදු ඔහුගේ ඉගැන්වීම ආයතනයේ සිටින එකම එක ගුරුවරියකට පමණයි දෙවනි වෙන්නේ.ඔහු ගැන යම් හැඳින්වීමක් කලහොත් දැනටද ඉදිරියේ සිටිමින් මෙලෝ රහක් නැති දේවල් මුමුණමින් සිටින අතර, තමන් පිලිබඳ අතිශය පොර ටෝක් දෙන්නෙකි.

මාතෘකාවට අනුව මා මේ කියනා දෙය වැරදිය.එහෙත් මා අතිශය නිද්‍රාශීලීව සිටින නිසාවෙන් මාගේ මේ මොන්ගල් ගද්‍යකරණය ඉවසන ලෙස ඉල්ලමි.මට ඇත්තටම රතුඉර දම් වෙන තෙක් මල පැන තිබුනද, එයට ප්‍රධාන හේතුව කොලොම්බා නොවන්නේය.එයට ප්‍රධාන හේතුව අපෙ හෝල් එකේ හතර වටින් එල්ලී සිටින මේ කරුම වායුසමීකරන යන්ත්‍රයි.හෙයා ඩ්‍රයර් එකකින් මෙන් "හෝස් හෝස්" ගාමින් මාගේ මුහුනටම,එසේත් නැත්නම් කුඩා මොලයටම ඉලක්ක කර මෙය වදින්නට හේතු මම කල්පනා කර බැලුවෙමි.මා මුලින්ම සිතුවේ සිය පුත්‍රයාගේ සුව පහසුව තකා අප්පිලා ඇත්තෝ පැමිණිල්ලක් කරන්නට ඇතැයි කියාය.මන්දයත් මෙයට ඇතුළු වූ දා පටන් මෙලෝ සමීකරනයක් නැති පංකාවක් ඔහේ කැරකෙන ශාලාවක ආතල් එකේ සන්තෝසෙන් සිටි අපව,ටික දිනකින් නව ගොඩනැගිල්ලක් සාදා එහි ලැග්ගවීම සම්බන්ධවය.සමහර විටෙක මෙයින් අත්මිදෙන්නට නොහැකිව මවිසින් වායුහුඃමීකරනය යට ස්ථානයක වාඩිවී බැලූ අතර, එය එතරම් නරක නැතිමුත් මගේ කරුමෙට සමහර වෙලාවට වතුර බිංදු හිසට සහ පොතට වැටීම හේතු කොටගෙන එයද අසාර්ථක විය.මෙහි බිංදු යනු සෝමේ මාමි ගේ බිංදු නොවන බැවින් "කවුද යකෝ බිංදු?" කියා නොවිමසන මෙන් ඉල්ලමි.

මට ගුරුවරයෙකුට අපහාස කිරීමට කිසිම හිතක් නොමැත.මෙම කොටස එකතු කලේ මම මෙය පලකරන අවස්ථාවේදීය.මන්දයත් මා ලෙක්චරයක සිටිනා විට මාගේ අපහාස සිත ඉතාමත් දියුණු මට්ටමක සිටින ලෙසක් මට හැඟේ.තවද මෙය කියවීමෙන් පසු මාහට බැන, තමන් හොඳ දරුවන් වීමට බලා සිටිනා පිරිසක්ද ඇති හෙයින් මා පවසන්නේ, මේ කිසිවකුත් මා හොඳ සිහියෙන් නොසිටි අවස්ථාවකදී ලියන ලද ඒවා බවය.නැවතත් කතාවට. . .

උක්ත පුද්ගලයා මේ දැන් පිටුපස අසුන් අසලට පැමිණ නැවත ඉදිරියට ගියේය.මටනං මොහු පේන්නෙම මඩොල්දූවේ ධර්මසිංහ මහතා මෙනි.උපාලි ගිනිවැල්ලේට අනුව මොහුත් ගුඩු පොල් ගෙඩියකි.මම මොහු ගැන සිතුවෙමි.මට සිතාගත හැකිය.මොහුගේ ගෙවල් පැත්තේ මදුරුවන් මිය යන ක්‍රම දෙකකි.එකක් මොහුගේ ලේ බී නිදිමත වැඩිවී, බිත්ති වල හැප්පීමෙනි.අනෙක් ආකාරය නම් ලේ බිවු සැනින් ඇඳ උඩම නින්ද ගොස්, ඇඟට යටවීමෙනි.මට එක්වරම ඔහුගේ පසුගිය උපන්දින සාදය සිහිවිය.එක්පසක දනහිස ගාවට ගවුම් ඇඳ එය ඉන ගාවට පලාගෙන සිටින යුවතියන් පිරිසකි.ඒ ඔහුගේ මී මිණිබිරියන් වියහැක.මොහොතකින් සාදය ඇති ශාලාව වෙත මිනිසුන් අටදෙනෙකු විසින් වසන ලද යම් දෙයක් ගෙනෙන ලදී.මා මුලින් සිතුවේ උපන්දින ත්‍යාගය වශයෙන් නුදුරේදී ප්‍රයෝජනයට ගැනීමට ගෙන ආ මිණී පෙට්ටියක් විය හැකි බවයි.නැත එය උපන්දින කේක් ගෙඩියකි.මීමිණිබිරියන් වන තෙක් පරම්පරාවක් පැමිණ සිටියද මේ සා විශාල කේක් ගෙඩියක් කෑ නොහැක.ආසන්න වශයෙන් පර්චසයක් පමණය.කාරණය වැටහුනේ මදකිනි.අවුරුදු ගනණට ඉටිපන්දම් ගැසීමට හැකි වනසේ කේක් ගෙඩිය සාදා තිබිණි.මා දැන් මහළු වියේ කියා ගීතය ගැයීමෙන් පසු ගිනි නිවන හමුදාව පැමිණියේ ඉටිපන්දම් නිවීමටය.මටත් මේ වෙලාවට එන්නේ මහා කරුම අදහස්ය.වයිට් බෝඩ් මාකර් එකක් හොයාගෙන පොර එලියට ගියේය.එහා පැත්තේ සිටිනා කැනහිලා මාගේ දකුණු බාහුවට මහ හයියෙන් ගසා අහක බලාගත්තේය.ඌ මා උගන්නා අතරතුර එක එක දේවල් ලියනවාට අමුම මළය.ඌටද කුණුහරුපයක් කියා ඊලඟ ඡේදය ලියමි.

හදිස්සියේ බඩගින්නක් ආවේය.වෙලාව බැලුනි.දෙකයි කාළය.අවසන් වතාවට බත් චුට්ටක් බඩට දාගත්තේ දොලහයි හතලිස් පහටය.පැය එකහමාරකින් මෙලෝ දෙයක් බඩට නැත.මට බඩගිනිය.අම්මාගේ "පවුල් අලුවා" මතක් විය.පවුල් අලුවා යන නම තබන ලද්දේ අප්පිලා ඇත්තෝය.අපේ අම්මා හදන අලුවා අතිශය රසය.බොරු නොවේය.අම්මපා ය (මෙච්චර දිවුරලාත් විශ්වාස නොකරන උන්ට කුද ගහගන්නා ලෙස කියමි.).රස උනාට ලොකුය.පවුලකට එකක් කෑ හැකි බැවින් අප්පොච්චියා එයට පවුල් අලුවා කියයි.මා වතුර චුට්ටක් ඉල්ලගෙන මුවේ ලාගතිමි.අපේ එවුන් කසිකබල් පුටු උඩ ආපිෆෝම් සුවය ලබති.මේ සියල්ල වන් ඇන්ඩ් ඔන්ලි කොලොම්බා නිසාය.ශාලාවේ ජනේලයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව පෙනුනි.එය දුර්වර්ණ වී ගොසිනි.මා එහිදී ඩිග්‍රිය ගැනීමට පෙර ආණ්ඩුවට කෝල් එකක් දමා එය සුද්ධ කරන ලෙස කිව යුතුය.හැබෑවටම එයට බොහෝකල් ඇත.මට නිකමට මගේ රිපීට් ෆෝම් එක මතක් විය.එය ඇත්තේ රහසිගත ස්ථානයකය.ඒ අම්මිලා ඇත්තන්ගෙනුයි, අප්පිලා ඇත්තන්ගෙනුයි වහන් කරන්නටය.නිකමට හෝ බලා පිළිකුල් භාවනාව කිරීමට ගෙදර ගිය වහාම එය සෙවිය යුතුය.ඊටත් පෙර මොනවාහරි බඩට දමා ගත යුතුය.පාණ්ඩුව සෑදීම නිසා මාගේ බඩ ඉදිරියට නෙරා ඇත.

මහ මුචලින්දට මාගේ ඇඳුම් ගැන දුක හිතී ඩෙනිමක් ගැනීමට රුපියල් දෙදාහක්ම පුදකලේය.ගෙදර ගොහින් මොනවාහරි කන විට මා මිය යා සිටින්නට පුලුවන.එහෙයින් බම්බලපිටියෙන් මොනවාහරි බඩට දමාගැනීමට රුපියල් දෙසීයක් බැහැර කලේය.ඩෙනිමකට රුපියල් එක්දාස් පන්සීයකට වඩා කිසිසේත් නොසෑහේ.ඒ නිසා තවත් තුන්සීයක් ඉතිරිය.යනගමන් සරසවියට ගොඩවැදුනොත් ඒ තුන්සීයද මහා ධානපතියෙකුට පුදකල හැක.මගේ අප්පොච්චියාට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනය.ඒ වැඩි වැඩියෙන් ලැබෙන සියල්ල මට ලැබෙන්න ඕනය.ඉදිරියෙන්ම ඉන්න උන්ටික බොරුවට ඔලුව වනමින් සිටී.උන්ටද නිදිමත වැඩිවී විය හැක.මැද පේලි වල උන්ගේ නලළ බිම ගෑවෙන අතර මගේ මෙහා පැත්තේ එකා ස්කයිප් එකේ ගෑනිත් එක්ක මල් කඩයි.උගේ ගෑනි රටය.අනිත් පැත්තේ එකා කරන්නේ තනි ප්‍රෝඩාවය.ඊටත් එහා පැත්තේ එකා පෙරවගෙන බුදිය.මට තවත් ලියන්නට නොහැකි අතර, මාත් ඔහේ සැතපෙමි.

අනේමන්දා. . .මම නිදිමතේ ලියපුවා පසුව කියවද්දී මටම මොන්ගල් සෙයක් හැඟේ.ඔබටත් ඔලුව කැරකෙන්න ගත්තානම් ගැත්තාට සමාවන්න.

Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

26 ක්ම තියෙනවා අදහස්:

Rachintha Jayawardhana said...

කලින් පෝස්ට් එකේ කට්ටිය මෙහෙම කියලා තිබ්බා. . .

Ansh Lucky Sri Jay said...
පට්ට මුචා...!!!

APRIL 24, 2010 7:43 AM
ප්‍රබෝධ... said...
එපා කිව්වාට මාත් බැලුවා..හරිම අමුතුයි වගේ.....

APRIL 24, 2010 7:52 AM

Rachintha Jayawardhana said...

කලින් පෝස්ට් එකේ කට්ටිය මෙහෙම කියලා තිබ්බා

හර්ෂ නයනජිත් said...
නියමයි, සිරාවට ඇත්තම ලියලා තියෙනවා‍.හැබැයි මට පොඩි අවුල් තැන් 3ක් තියෙනවා.

1."එහා පැත්තේ සිටිනා කැනහිලා..." - කවුද යකෝ කැනහිලා ?

2."මාගේ දකුණු බාහුවට මහ හයියෙන් ගසා..." -
උ‍බේ තඩි අතට හයියෙන් ගහලා නැගිට්ටව ගත්තේ නැත්තන් කොලොම්බා උබව ඉස්සරහට අරන් නිදි කරවා ගන්නවා උගේ ලගින්ම.නැත්තන් උබේ ටොපිය ඒකා Publish කරලා දෙනවා කලින්ම උබේ Blog Diary එක බලලා.ඒකයි උබට අකමැත්තෙන් උනත් ගහන්නේ (සිරාවටම හරිම අකමැත්තෙන් :) )

3."අනිත් පැත්තේ එකා කරන්නේ තනි ප්‍රෝඩාවය" -
මේක පැහැදිලි කරපන් වෙලාවක මට.

APRIL 24, 2010 8:30 AM
හෙළයා said...
මටත් නිකම් මොංගල් වගේ

APRIL 24, 2010 8:41 AM

Rachintha Jayawardhana said...

මූණු පොතෙන් මෙහෙම පණිවුඩයක් තිබුනා. . .

Chathu Weerasena April 24 at 8:32pm
Ow...apita hambawuna nidimathama sir eya thama malliyo...Eth tharaha wenna epa malliyo...oya oke inna lassana nidimatha nathi madam la tikata wada sehena deyak eyagen apita igena ganna thiyenawa.......

Amaruwen hari eka dawasak ahagena hitiyanam kawada wath aye eyage lecs cut karanne nea....mama diploma kale QTC welawe pissu keliya...BIS lecs hitiyema nea....thawa subject ekakadi sir mage moonatama kiwwa ahagena inna kiyala...habai HD eke man asawenma igena gaththe SE.

Mata oya gena tharahak nea...eth sir gena hina wunama tikak duka hithuna..ekai kiwwe...Btw, oyage lipi nam maarai..man waraddanne nathiwa kiyawanawa...keep it up dude.

Rachintha Jayawardhana said...

මෙන්න ඒ සම්බන්ධව මගේ පිළිතුරු සැපයීම නොහොත් සමාව ඉල්ලීම. . .

මුචා මුචලින්ද April 24 at 8:40pm
na akke, mamath manussayage waraddak dakinne na.mokada oke inna anith okkomalatama wada manussaya hodata ugannanawa.ekai mama oya post eke maddedi kiwwe.

"matath oka ada kiyewwama duka hithuna.eth mama oka liyala thiyenne oya kenthiya aththatama ena welawaka(lecture ekak welawe).mama ekai post eka madden damme, mama mewa kiyanne hoda sihiyen nemei kiyala."

kathawa gana hithata poddak hari duka hithuana nan ee kiyanne oyata hithak papuwak thiyenawa.ehema kenek ekka mama eka parak hari hinawela katha karala thiyena eka gana sathutui.

ee wagema meka kiyawala oyata poddakhari duka hithunanan ee gana akurakata eka paara gaane samawa illanawa mage akke!

mama aththatama oka liwwe lecture ekak welawe!

දුකා said...

අඩෝ මල්ලියා . . මට මැරෙන්න හිනා බන් මේක කියවලා .. . . හෆෝයි . . .

ඔෆිස් එකේ මොකෙක් වත් නැති එක හොඳයි . .

පකිස්තාන් තේ හදන කොල්ලා දැකලා කොම්පූටරේට එබිලා බලනවා මම මේ මොන මගුලක් දැකලද මෙච්චර හයිය්යෙන් හිනා වෙන්නේ කියලා . . .

Unknown said...

එළ ආ... මමත් inbox මැසේජ් එකක් දාන්නද? hikz...

මුදිත දසනායක said...

මචො කතාවනම් එල.
වායු සමීකරණ කියන්නෙ
pv=nRt
වායු සමන වෙන්න ඔනි නෙ
එල එල!!!
දිගටම ලියපන්!!
ජය!!!

Rachintha Jayawardhana said...

ආහ්. . .ඔව් ඔව් වැරදිලා!
නිවැරදි කරාට පිං!

said...

"පාණ්ඩුව සෑදීම නිසා මාගේ බඩ ඉදිරියට නෙරා ඇත."
මචන් ඇඟිල්ලෙන් බඩට තට්ටුකරලා බලපන් බොල් සද්දයක් එනවද කියලා????

Rachintha Jayawardhana said...

තට්ටු කරලා බැලුවා.ඇතුලේ ඉන්න හිඟන පවුල කෑම ඉල්ලනවා!

Amila Chathuranga said...

ලා පාට පසුබිමේ තදපාට අකුරු තිබුනනම් මීට වඩා කියවන්න ලේසියි....මෙහෙම කියවන එක ඇස්ගෙඩි2කට වේදනාවක්.....

Rachintha Jayawardhana said...

සමාවෙයන් සහෝ එහෙම වේදනාවක් දීපු එක ගැන.හොඳ තීම් එකක් හම්බුනගමන් හරි, මම මේක සුදු පාටකරගෙන ග්‍රැෆික් ටිකත් එහෙම හදපු ගමන් ඒ වැඩේ කරන්නං.මේ ටිකේ මගේ විභාග නිසා මෙව්වා කරන්න හිතක් නෑ!

Kanch said...

මට මේක කියවලා බඩ පැලෙන්න හිනා ගියා ...ඔයාට ස්තුතියි මගේ ලේ පිරිසිදු කරාට හිහි හී...........:D
හරිම රසවත් විදියට ඔයා ලියනවනේ... ඔබට ජයවේවා!!!

Rachintha Jayawardhana said...

එහෙමනං සන්තෝසයි අක්කේ!

Uraj Deemantha said...

තමන් පිලිබඳ අතිශය පොර ටෝක් දෙන්නෙකි.

අපි නොදන්න කොලඹයා.... :P අපි යන කාලෙත් ඕකා ඔහොමම තමා.... :( එපා වෙනවා දවසම.....!! :(

mahesh said...

මමත් ඔයා ලබපු අත්දැකීම විඳල තියනව, නමුත් උගන්වන දේවල් ගැන නම් අඩුවක් කියන්න බැහැ, නිදිමත එන 1ක නම් සාමාන්යයි, අවදානෙන් අහගෙන ඉන්නව නම් මේ සර් ට චැලේන්ජ් කරන්න ගුරුවරයෙක් තවමත් **** ආයතනයේ නැහැ.

MS said...

apooo.... kolombaa thamai mama dakka epama karapu lecturer.
Balla piduru kanneth na, kana gonata denneth na

ආගන්තුකයා | Stranger said...

එල....! (මේක මුළු පෝස්ට් එකම කියවා යොදන ලදී)

Rachintha Jayawardhana said...

ඉත්තූති වේවා!

හුටපටයා said...

පාන්ඩුව සෑදීම නිස බඩ නෙරා ඇත. මේක නම් ඇත්ත . . උඹව දැක්ක හැම එකාම මේක නම් පිළිගනී. රට ගෑනි දැන් ලංකාවේ බං. එහා පැත්තේ එකා ලගදිම අල වවනවලු . . බදුල්ලේ

Rachintha Jayawardhana said...

මම දන්නවා යකෝ.ඕක ලිව්වේ ඉස්සරනේ!

Anonymous said...
This comment has been removed by the author.
Anonymous said...
This comment has been removed by the author.
Anonymous said...

ඉළ ඇදෙන්නට හිනාවී, අකුලාගෙන ලියමි.........
මුචෝ මචෝ,
කොළොම්බාගේ සපත්තුව දැක්ක පමණින්ම නින්දයන මම, බුවාගේ උපන් හැකියාව පිලිබඳ උඹේ කතාව හැබෑවක්ම බව ඉස්මුදුනටත් චුට්ටක් උඩින් අනුමත කරමි. වම් අතින් තට්ටයේ දකුණු පැත්ත කසනගමන් "when I was in that PARTICULAR company, a PARTICULAR problem has arised...... " කියා අපේ ඇදුරා ලෙක්චරයේ interesting(බුවාට විතරක්) හරිය පටන් ගනනා විට "අනේ මූ ඩේ කෙයාර් සෙන්ටර් එකක වැඩ කලානං මීට හොඳා" යැයි මමත් අනංත වාරයක් හිතා ඇත්තෙමි. බුවාගේ ඇත්තේ පසේබුදු සීන් එකකි. ඒත් සමහර උදවියට වඩානම් මිනිහා දහස් වාරයක් හොඳ බව මෙතනදී මතක්කල යුතුය. තමන්ගේ වරුණාව කියා පොර ටෝක්ස් දෙමින් නොදන්නාකම වහගන්න යන, අපේ සෑර්ලාටත්, මොලෝ රහක් නැතිව කුනුකුනු ගගා තොඳොල් වෙන මැඩම්ලාටත් වඩානම් මට කොළොම්බා හොඳය. අඩු තරමේ මිනිහාගේ ලෙක්චරයේදී හිතේ සන්තෝසෙන් සැපට නිදාගන්නටවත් පුලුවන්ය. කවුරු මොනා කීවත්,අමෙරිකාව සොයාගත්තාට ලබාතිබූ නම්බුවට අමතරව අලුතෙන්, ඉදිරි පෙළින් "ඩෑම් ෆූල්ස්"ලා සොයාගැනීමේ නම්බුව "කොළොම්බස්" නාමයට අත්කර දුන්නේ අපේ ඇදුරා බව ආඩම්බරයෙන් මතක්කරමින් මගේ කොමෙන්ටුවට තිත තබමි ('තිත')
එළේ එළ!! සුභේ සුභ!!!

Rachintha Jayawardhana said...

ස්ටිල් මම ඔබ කවුදැයි කියා නොදනිමි.දැනගැනුමට කැමති අතර, මටද යෙහෙන් නින්ද යයි!

RasankaSachitha said...

කොළොම්බා මතක් උනත් නිදි මතයි ඇත්තටම කිවුවොත් කොමෙන්ටුවක් නොදාන්නම නිදි මතයි නමුත් මම අඥාතයෙක් නොවන නිසා දාන්නෙමි :ඩී...හැබැයි 1 දෙයක් කිවිය යුතුයි කොළොම්බාගේ ලෙක්චර්ස් වලින් සෑහෙන්න වැදගත් දෙවල් ඉගෙන ගත්තෙමි ඒකට පින් දිය උතුය..බයි ද වේ උගෙ ටොයොටා සමාගමේ පම්පෝරිය සහ ලOකාවෙ ප්‍රතම කොම්පුටරේ පම්පෝරිය තවමත් කොල්ලොන්ට කියනා බවයි තවමත් ආරන්චිය

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!