සැමදා මා ඇහැරවන තුනවන එලාමයට මා දිරිගෙන නැගී සිටියේ තවත් වරක් එය පස්සට යැවීමට සිත පස්ස ගැසූ බැවිනි. පෙරදින මත තවමත් මා පෙලන මුත් පෙරදින සිත් කාංසි දුරලීම හේතු කොට මත ගැන ඇත්තේ හිතකි.
මිල්ලේ සෙවිය යුතුව ඇත. කෙසේ හෝ සෙවිය යුතුව ඇත. අත් පා නොකඩා සෙවිය යුතුව ඇත. හිතකට දුකක් නොදී සෙවිය යුතුව ඇත. කොටින්ම පොලීසි ගත නොවී මිල්ලේ සෙවිය යුතුව ඇත. මගේ බල්ලත් නොයන පොලීසි. . . එහ්
අඳයට වැඩ කරන කොන්දෙකු බැවින් තවකෙකුට හදිසි වෙනකම්ම ඉවසිය යුතුය.
මුදලා. . ලී..
හ්ම්
ඒ අද වැඩ කරපන් යැයි විධානයයි. පෑ කාලක් යන්නට මත්තෙන් සිරි අයියා ගාල් කෙරූ 7538යේ වාඩි උනේ, ආපහු පුක තියාගන්න ඉඩක් ලැබෙන්නේ දවල් කෑමට බැවිනි.
**********************************************************************************
අයියේ ඉතුරු
දෙන්නං මල්ලී
ප්‍රේමදාස රුපියලකුත් රත්තරං රුපියලකුත් පමනක් ඉතිරිව තිබූ අත ඔහු වෙත පෑයේ පොඩි උන් නහයට නාහන බැවිනි. පිටිපස්සේ හීනියට උන්ගේ බජව්වකි. මගේ එකාද මෙලහට මේ බජව්වම දාගෙන යනවා විය හැකිය. දැන් මුන් මුමුනන්නේ රම්බරීය. මටත් යන්න ඉස්කෝලයක් තිබ්බනං එමෙස් ගේ මුතු මැණික් මුමුන මුමුන යන්න තිබිනි.
කේ හත්සියපනහ තියේද?
හ්ම්ම්
කීයද ?
හයාමාරක්
යකෝ උස්සපුවැයේ ගනං.
පෙරේදා කෝල් කරපු වෙලේ ලොක්කා නාහෙන් ඇඬුවේ කේ හත්සියපනහක ටය.කුඩ්ඩෝ දාහට හමාරට ගෙනත් දෙන එව්වා වෙලත් මුන් විකුනන්නේ පහක් වත් තියාගෙනය.
අම්මප මුන්ට ගහන හෙණත් අපරාදෙ!
**********************************************************************************
කොළඹ කැම්පස් බහින්ඩා. . . !
සිරි අයියා ඉස්සරහට එන්නට සන් කලේ මොකාක් හෝ ටිප් එහෙකට විය යුතුය.
එහ්! කෝට් එක දාගෙන ටිකට් කඩපං ඉක්මනටඃ. ජයසිංහ ලොක්ක ඊයේ කිව්වා අද ටික්කෝ සෙට් වෙනවැයි කියලඃ. මම තව ටිකක් ගහං ඉන්නං, උඹ කඩහං.
පැත්තාට වෙන්ඩා.. කෝ අයින් වෙන්ඩඃ.. ඔය නෝනට බහින්ඩ ඉඩ දෙන්ඩ මහත්තයා.. ටිකට් ගත්තනං ඉස්සරාට යන්ඩා.. මාරු නෑ මහත්තයා.. තව ඉස්සරහ නෝනඃ මම ආවම කියන්නං.. හරේඃ
**********************************************************************************
ටොරිංටන් බීඑමයිසීඑච් ටිකට් ගත්තාට්ටිය බහින්ඩා. . . !
ෂික් පොකට් කාරයෙක්. මේ හැතිකරෙත් සෙට් වෙන්නෙම මේ වෙලාවට. අම්මපා හොඳ හයිය කොල්ලෙක් හොයලා යකඩ පොල්ල අතට දුන්නනං නෙලවන්න තිබ්බා මුගේ ඔලුවේ කිරි කටට වැටෙන්න. තාම අතට හුරු නැති ටිකට් මැෂිම නොපිටට හැරෙයි.
බඩුවක් ටයි මහත්තයෙකුට හඳ පෙන්නන ගමන් ය. අවජාතක වලත්තයෙක් කිරි දෙන අම්මා දිහාට ඇහැ හරෝගෙනය. ජැකාලා වැඩට යන ගෑනු පස්සේ වැටීගෙනය.අම්මපා මේ පොල්ලක් හින්දනේ මුන්ට මේ කැසිල්ල!
බොරැල්ලෙන් සුදාගේ චකාට ටර්න් එකේ ගාන දික්කලේ, අද දවසට සුමේ ඉවර වෙච්ච එක ගැන සතුටු වෙමිනි.
**********************************************************************************
කිරිබත්ගොඩින් බසය බාරදී දෙදාස් පන්සීයත්, බෙදිච්ච මාටි දෙදාහත් ඔබාගෙන බෝඩිමට ගොස්. ෆෝන් එක චාජරයට ගසා ඉහට වතුර කෝප්ප දෙකක් හලාගෙන චොක්කාගේ ඉස්තරං මස් කොත්තුව ලං කරගත්තේ කලින්දා තියපු කාලට පොඩ්ඩක් වැඩි ගල් බෝතලෙත් සමගමිනි.
බොහෝ කලකට කලින් තාත්තා යාලුවෙකුට මිමිනූ පරිදි පලවෙනි ෂොට් එක රහට ගැසිය යුතුය. සෝඩා බිඳක් හලා හුස්මට ගිල දැමූ වීදුරු බාගය බඩ ලඟින් නතර වූයේ මා ඉඳ සිටි නිසා විය යුතුය.
හහ්. . .
මට මදහසක් නැගිනි!
skip to main |
skip to sidebar
මේ වයසට ටොපි කන්න හිතෙන එක ලෙඩක් මචං... ටොපි කන එක ලෙඩක් වෙච්ච ලෝකෙකට ටොපි හදන එකත් ලෙඩක්... හැබැයි මේ ටොපි ලෙඩට හොඳයි මචං...
Showing posts with label කෙටි කතා. Show all posts
Showing posts with label කෙටි කතා. Show all posts
Friday, August 6, 2010
Thursday, July 1, 2010
කපුටොත් ආදරෙයි
පැය කාලක් විතර තිස්සේ මිලාගිරියේ ඉඳන් අද්ද අද්ද ආපු කකුලත් එක්කම බස් හෝල්ට් එකට රිංගුවේ වැල්ලවත්තේ ෆ්ලැට්ස් ඉස්සරහා ගස් වල කපුටොන්ට බඩේ අමාරුව හින්දා.
අහ්. . වැඩේට හරියනම මිනිහා!
බස් හෝල්ට් එක යට ඉඳන්ම මගේ අලුත ගත්තු සැන්ඩ්ල්ස් කුට්ටමේ වම් පතුල දික්කරේ එතනට ගියානං ඔලුවට බෙටි පූජාව වැටේවි කියලා හිතපු නිසා.මැද්දෙන් මැද්දෙන් කහට පිරිච්ච දත් ටික එලියට දාලා අවංක මුහුනකින් හිනා වුනේ ශේක්ස්පියර්ගේ ජුලියස් සීසර් එකේ ෆ්ලේවියස් සහ මැරලස් ට සපත්තු මහන්නා දීපු උත්තරේ මගේ ඔලුවට ඔබ්බන ගමන්.
ෆ්ලේවියස්: මොකද්ද තොගේ රස්සාව ගොනෝ?මොකද්ද උඹ කරන රස්සාව නිකමෝ?සපත්තු මහන්නා: අනේ මං එක්ක කේන්ති ගන්නෙපා මහත්තයෝ.හැබැයි මහත්තයා හරි සවුත්තු උනොත් මට හදන්න පුලුවන්.මැරලස්: මාව හදන්න ජඩයෝ.තෝ මොකාටද එන්ඩ හදන්නේ?සපත්තු මහන්නා: මහත්තයාගේ සපත්තු සවුත්තු උනොත් මට ඒවා මහලා දුන්නැහැකි.
මමත් කවදාහරි ඩිග්‍රියක් ගන්න ඉන්න එකෙක්! ෂික්! ඔය හිතුවිල්ල හිතට ඇවිත් පපු කැනැත්තටම ගහන්න මට ඕන උනේ ඒ අහින්සක මනුස්සයගේ හිනාවයි, මට මගේ වම් පතුල ගලවලා දික්කරන්න ගිය වෙලාවයි විතරයි!
ටික වෙලාවකින් ගාලු පාරේ ජනාකීර්ණම නගරයක් මැද්දේ හිත හෙල්ලුම් කාලා තිබ්බ නිහැඬියාව බින්දේ මනුස්සයාමයි.
මහත්තයා පන්ති යන ගමන්ද? හදිස්සිද?
අපෝ නෑ අයියේ. . . මේ වැඩ ඔක්කෝම ඉවර කරගෙන ගෙදර යන ගමන්. තකහනියක් මේ හෝල්ට් එක පයින් එන්න උනේ මේක හින්දා. දැන් එව්වැයේ කිසිම කොලිටියක් නෑ.
මොකේ කියලවත් කොලිටියක් තියෙනවද මහත්තයෝ. හැබැයි අපිට තමයි වාසි. දැන් මිනිස්සු අලුත්වා ගන්නෑ. පරන එකම හදෝනවා.
කකුල දෙදුරුම් කාගෙන ෆෝන් එක රිං උනේ, මගේ ගෑනිගෙන් වෙන්නැතියි කියලා හිතලා අතට අරගෙන බලනකොට මගේ හිතට හිනහ ගියේ මට කෝල් එක එන්නේ "ආදරේ" කියන කන්ටෑක්ට් එකෙන් නිසා. ලලිත් අයියා පතුල මහනකං මම ආන්සර් කලේ එයාට ලෙක්චර් ඉවර ඇති කියල හිතිච්ච නිසා.විනාඩි දෙකෙන් ඕන කරන ඔව් නෑ බෑ උත්තර ටික කියලා ෆෝන් එක තිබ්බේ ලලිත් අයියා සපත්තුව මහලා ඉවර වෙන්න ලං වෙලා නිසා.
මං ලලිත්.
කෝල් එකට කලින් මම නම අහපු වෙලේ මනුස්සයා මට කිව්වේ එහෙමයි.මම ඔක්කොම ඉවර කරලා බලද්දි මනුස්සයා චැරියට් එකෙන් ගත්තු සමෝසා එකක් කනවා.
කපුටොන්ගෙන් කරදරයක් නැද්ද අයියේ. .
ඇයි මහත්තයෝ ඒ ?? පුදුමෙන් වගේ මං දිහා බැලුවේ තොල උඩ නැවතිච්ච සමෝසා කෑල්ලක් දිවෙන් ඇතුලට වට්ට ගන්න ගමන්.
නෑ ඉතින් කුඩයක්වත් ඉහලගෙන නැති නිසා.මෙතන වටේම කාක් බෙටි නේ.අනික කනකොට වත් ලඟට එන්නේ නැද්ද?
මුං දන්නවා මහත්තයෝ මාත් නැති බැරි එකා කියලා.විස්සක් ඇති. . සල්ලිත් ගන්න ගමන්
අනික මුන් මට ආදරෙයිනේ. මේං උන්ගේ පංගුව. කියලා මට තවත් චැරියට් බෑග් එහෙක සමෝසාවක් පෙන්නුවේ එක හිතුවිල්ලක් දෙදුරුං කවන ගමන්!
කපුටොත් ආදරෙයි.
"චස්" ගාලා ආපු සද්දෙත් එක්ක, එහා පැත්තෙන් මොනර නිලට හුරු සාරියක් ඇඳන් ගිය ගෑනියෙක් වාතවෙවී ගියේ කපුටු වර්චසයක් නිසා කියල හිතිච්cඉ මට උඩ බැලුනම තේරුනේ මමත් දැන් පැය කාලක් විතර තිස්සේ ඉඳලා තියෙන්නේ ආවරනය නොවී විත්තිය.
කපුටොත් මරු ජාතිය!
Subscribe to:
Posts (Atom)
ලියන්නේ
මං කියවන උන්
-
-
-
-
මිස්ටර කොත්තු සහ බිග් චුන්4 weeks ago
-
-
නෑන.. ලා2 months ago
-
සීගිරියේ මෙකී නොකී සියළු කතා6 months ago
-
-
කැනඩා10 months ago
-
මේඝලතාවක්11 months ago
-
අම්බිකා සත්කුනනාදන් කොටි බැල්ලි නීතිය කනවා.1 year ago
-
ඇමරිකාවට ගියොත්1 year ago
-
-
-
මේ ලොව යම් තැනක ඔබ හොඳින් ඉඳීම !6 years ago
-
ද්වයින්වෙන් නම් ශුද්ධවර පෙම්වතී6 years ago
-
-
අවුරුදුම දහ අටක්…!6 years ago
-
පරණ වු ආලයක්!6 years ago
-
-
වඳවීමෙන් ගැලවීමට...6 years ago
-
පොඩිහාමිගේ කතාව6 years ago
-
-
අසාගනිල්ලා දුම්රිය සවුදම...!!!7 years ago
-
-
ඒ කාලය ආයේ පතමි !7 years ago
-
-
පුතා..!7 years ago
-
ලියුමක්8 years ago
-
වඳුරන්ගේ රට.8 years ago
-
මා හූනා8 years ago
-
මල් කැකුළු ඇත හැංගී8 years ago
-
සයිටම්: ඇඟිල්ල දෙස බලා අනතුර එන්ජෝයි කිරීම9 years ago
-
බ්‍රන්ත පිරුණු ග්රන්ථයක්9 years ago
-
Bangkok the city of angels10 years ago
-
කෑම කියා අප වහ කනවාද?10 years ago
-
-
kuveni කුවේණි10 years ago
-
ප්‍රේමයේ පෑන් තුඩ (කොට කවි)10 years ago
-
යුද භීතිය, ජාතිවාදය සහ මැතිවරණ ප්‍රතිඵලය10 years ago
-
Sahampathi thoughts - අකුරැස්සේ ගමන11 years ago
-
කවි බූන්දි | වේ උවදුර - [සුරේඛා සමරසේන]11 years ago
-
රන්11 years ago
-
නිර්මාණ කියවීමේ සැන්දෑව11 years ago
-
කහ පිච්ච වැල11 years ago
-
සමාවේ ආතල්11 years ago
-
Simon Nawagattegama Images11 years ago
-
-
Momentary Rain12 years ago
-
අංගරාජිණී..12 years ago
-
-
බැරකුඩාවේ කුඩාවට...12 years ago
-
මුහුණු පොත සහ ජනමාධ්‍ය12 years ago
-
ඇනෝනිමස් ත්රස්තවාදයට එරෙහි වෙමු..!12 years ago
-
-
ඇඟ පෙන්වලා ඡන්දේ ගන්න බැරිද ?12 years ago
-
-
විනෝද සමාජය Society (forced) enjoyment12 years ago
-
පාර ඉවර වෙනතුරු මම12 years ago
-
~:@ අම්මප මල :@~13 years ago
-
-
මොකද්ද මේ....13 years ago
-
මේ මගේ සඳයි ගැන නෙවේ හලාල් ගැනයි13 years ago
-
මිරැන්ඩා13 years ago
-
පණපිටින් හිටි උන් වළපල්ලට යවා ඇටකටු වලට වැදීම13 years ago
-
-
Good bye ???14 years ago
-
'S' නැතුව 'සරසවි'යේ පීනන ශ්‍යාම්..14 years ago
-
Write to express, not to impress14 years ago
-
පාසලට ආදරය කරන්න.14 years ago
-
Off Marks14 years ago
-
මිලර් බාස්ගෙ මුක්කුව (කෙටිකතාවක් නොවේ)14 years ago
-
-
කේ. ජයතිලක.14 years ago
-
අනේ අපි දැක්කෙ නැහැ..14 years ago
-
-
-
කින්නර අඩවිය … 1015 years ago
-
සෑම පිරිමියෙක්ම කියවිය යුතු පොතක්.....15 years ago
-
ගිරිපාද ජනපදය වනාහි ගිරුවාපත්තුවයි.15 years ago
-
ඈ මැරෙන්නට තීරණය කලාය !!!! - වෙරෝනිකා !!!15 years ago
-
ඔයාගේ පාටිය කවද්ද?15 years ago
-
කොලූගේ සමුගැනීම15 years ago
-
අමුතුකතාවක් 20 කොටස15 years ago
-
ජාඩියට මූඩිය – ජාඩි15 years ago
-
-
18 th amendment & future15 years ago
-
මෘදුකාංග නිර්මාණය16 years ago
-
-
-
-
මයෙ මැණික් කැටේ(දෙවන කොටස)16 years ago
-
-
-
~ක්‍රිස් තුස්~17 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
ප්ලග් වෙච්ච තවත් තැන්
රචින්ත ජයවර්ධන. Powered by Blogger.
