ඇපල් ගෙඩියට මා ෂැන්ඩි ලෙස භාවිත කරන්නේ වැගන් පාක් ය.වැගන් පාක් වනාහී මා අතරැඳි මුවට දිවෙන ඇපලයේ සැර බාල කරන ඔසුවකි.කනට ඔබාගෙන සිටින ඇබ දෙක වැගන් පාක් සංගීතය එහි පුරවාලයි.එය කෙතරම් මිහිරිදැයි විඳින්නට නම් ඔබ අත කොල ඇපල් ගෙඩියක්ද, ඔබ ඉදිරිපිට මහේල ක්‍රීඩා කරමින් සිටිය යුතුය.වැගන් පාක් මා ජීවත් වන නො එසේනම් මා ආඩම්බරයෙන් ජීවත් වන මොරටු පුතෙකුගේ සහ ඔහු මිතුරු කැලකගේ වැඩකි.පාසල් ජීවිතය අවසන් කාලයේ මා අතිශය රොක් පිස්සෙකු විය.නොනැවතී උඩ බිම පැද්දුනු හිස නිසොල්මන් කලේ වැගන් පාක් හී බුද්ධි ඩිමෙල්ය.ඔහුට මෙන්ම ඔවුනට නීති නැත.නිශ්චිත ප්‍රක්ශක පිරිසක් නැත.හොඳ පැණි බේරෙන වචන නැත.ඇත්තේ හැකියාව සහ විඳීම් පමනකි.රොක් ඇන්ඩ් රෝල්/බ්ලූස් මා මොලය තුල පිරී ඇත.සින්දුවක් මවුත් ඕගනයෙන් සහ රිදම් එකට වදින බොක්ස් ගිටාරයෙන් කෙලින්නට බුද්ධිට හැක.තවත් ගිටාර, ඕගන් ඩ්‍රම්ස් සහ බේස් එක්වූ විට අපිත් දැන් ඇත්ත වෙනුවෙන් ඇත්ත හොයාගෙන ඇත්තට ජීවත් වනවා යන හැඟීම ඔබටද ඉපදිය හැක.
ඔවුනට භාෂා ප්‍රශ්නයක් නැත. දෙමල පුලුවන් වූ කලෙක උන් දෙමලෙන්ද සින්දු කියනු ඇත.උන් රැඩිකල් නැත.නමුත් සිම්පල්ය.මා ඒ වචන ඒ විඳීම වලට ආසා වූයේ මා චාල්ස් බුකොව්ස්කි ගේ තැපල් කන්තෝරුව ප්‍රිය කරන්නෙක් නිසාවෙනි."වැගන් පාක්" කරත්ත නැවතුමේ නොනැවතී ඉදිරියටම යනු ඇත.බලන්න වැගන් පාක්!Now I walking down the streetයාලුවෙක්වත් නැද්ද මා ලඟ...ඔන්න ඔහොම යනකොටලොල්ලෙක් දැම්මා සීන් එකමං දුන්නා හක්කට...කැරකිලා බිමට වැටෙන්න
අපි ඉන්නේ ලංකාවේ මොරටුව අපි ජයගත් නගරේ!
ජීවිතේ සුන්දරයි කියන්නේ ටීවී එකේ
අපේ මේ ජීවිතේ නෑ කිසිම හීනයක් දැක්කේ
සිහිනයෙනුත් අපි දුටුවේ සූස්තියක ආතල් එකනේ!මට වැගන් පාක් විඳිය හැක.මොරටුවේ අපට ඇති ආඩම්බරය, දේශපාලනය, ඇල්කොහොල් ගංජා සබ්ජෙක්ට් නොයෙකුත් දෙයින් වැගන් පාක් අප වින්දනය කරයි.නොකියා යැයි බ්‍රෑන්ඩ් කර ඇති ඇබ දෙකෙන් මාගේ කනට ඇතුල් වන වැගන් පාක්, මුවෙහි රැඳි කොල ඇපලය ඩයලූට් කරයි.මට ඉතිරිව ඇත්තේ බයිට් එකට අත පෙවීම පමනි.රිමෝටයේ අංක නමය එබූ විගස "සං" ගා පත්තු වූයේ වූයේ මාගේ බයිට් එකයි.මහේල ජයවර්ධන.මාද තවත් එක් ජයවර්ධනයෙකූ වීම පිළිබඳ ආඩම්බරයක් මාහට ඇති කරවයි.මහේල මෙන්ම මාද නාලන්දාව පාසල කොට ගත්හ.මහේල මෙන්ම මාගේද බාල සහෝදරයා කුඩා කලම මිය ගියේය.නමුත් මහේල මෙන් මට ක්‍රිකට කෙලිය නොහැක.කොටින්ම බ්‍රැඩ්මන් ටවත් මහේල මෙන් ක්‍රිකට් කෙලිය නොහැක.වාර්තා වලින් මට තඹයක වැඩක් නැත.ඔහු බිංදුවට ගියද දැවී යන්නේ ක්ලාස් එක තබාගෙනය.ෆොටෝ ගැහිල්ලට කැසිල්ල ඇත්තෙකු ලෙස මා දන්නා කරුණක් වෙයි.ඒ මාහට ෆොටෝ එකක් ගැසීමට හොඳම හැඩය ලබා දෙන්නේ මහේල ජයවර්ධන හෝ ජිම් කේරි බවයි.
මහේල ඉහල ඉමවල් කරා යනවාට මා කැමති නැත.ඒ මගේ බයිට් එක පල් වෙනවාට මා අකමැති හෙයිනි.ඔහුගේ ලකුනු පනහක් මගේ Don, මොරටුව, Cohomothe(Flat), කොහෙද යන්නේ මල්ලේ පොල් කියන වැගන් පාක් සින්දු හතරකට සහ කොල ඇපල් දෙකකට හොඳටම සෑහේ.
12 ක්ම තියෙනවා අදහස්:
වැගන් පාක් ගැන නම් එච්චර දන්නෑ.. මහේල ගැන ආයේ කියන්න ඕන නෑනේ...කොල ඇපල් ගැන කියනවනම් මේ දවස් වල මටත් දොල දුකක් හැදිලා තියෙන්නේ ගම්මිරිසුයි ලුණුයි දාලා කොල ඇපල් කන්න.. මේ කාගෙදෝ ෆොටෝ වගයක් බලලා..!! හිහි!!
මල්ලි මගේත් වැඩි මනාපය කොල ඇපල් ය. රතු ඇපල් වලට ඇපල් කීවෙ කොල ඇපල් රස නොවිඳි සමයේය. කොල ඇපල් රසවිඳීමට ගත් පසු මා ඇපල් කියන්නේ කොල ඇපල් වලට විතරමය. මට කවුරුන් හෝ ඇපල් ගෙඩියක් අඳින්න යැයි කීවොත් මම අඳින්නේ කොල ඇපල් ගෙඩියකි. පාට පෙට්ටියේ කොල පාට තිබ්බේ නැත්නම් මම රතු පාට උලා කිසි විටෙකත් ඇපල් වලට අපහාස නොකරමි. ඒ වෙනුවට ඇපල් ගෙඩියේ මැද පැන් සලකින් "කොල පාට" කියා ලියමි.
ඔන්න දැන් තමයි වැගන් පාක් ගැන ඇහුවෙත්. අපි ඉතිං ක්ලැසිකනේ. හැබැයි මාර ටේස්ට් එක තියනවා ඔයා දීපු සින්දුවේ. නියම "වොකැබ්ලරි" එක. සිරා.
නියමයි! දැන් ඉතිං හොයන්න වෙනව. ෆෝන් එකට දාගෙන එන්න ඊලඟට සෙට් වෙද්දි...
වැගන් පාක් නම් කියලා වැඩක් නෑ.....
පට්ටම පට්ට.....
මහේල ගැනත් කියලා වැඩක් නෑ....
ඇත්තම ඇත්ත.....
ක්ලස් එකෙත් කිසිම අඩුවක් නෑ......
ඕනෑ වෙලාවට වදිනවානම් එච්චරයි....
මම් කීවෙ මහෙලටයි...කොළ ඇපලුයි.....
මමනම් ගන්නෙ එකම එක කොළ ඇපල් ජාතියයි...
ඒක ටිකක් ඇඹරිලා තමා තියෙනවා ඕං......:D
කොළ ඈපල්වලට මගෙත් ලොකු කැමැත්තක් තියෙනව. මල පෙරේතකම ඉහට ගහල, බ්‍රෑන්ඩ් එනකන් පිට දෙයක් උගුරෙන් පහළට දා ගත්තට පස්සෙ, පහුවෙනිදා හැදෙන මාර ඔලුවේ කැක්කමත් සමග එන, වෙලේ යන එකා කානුවේ යන අසනීපයට අත්දුටු ම ප්‍රතිකාරය ස්වල්ප වශයෙන් කොළ ඈපල් කෑම බව මම සහ සුද්දෙන් ම දැන ගත්තේ දොස්තර නංගීගේ උපදේශයට වඩා, වැස්සකටවත් ඉස්පිරිතාලයකට ගොඩ නොවැදෙන බාල මලයාගේ උපදේශ පිළිපැදීමෙනි.
"වැගන් පාක්"ගැනනම් මම මෙලෝ සංසාරයක් දන්නේ නැත. ඒ නිසා ඒ ගැන තව විස්තරයක් තිබුණානං මසුරන් වටින්නේය..!!
@ ෆා ද බ්ලොගී : ඔයා මේ කොල ඇපල් ගැන දන් නෑ වගෙ.
කට්ටිය වැඩිය මේ ගැන කියන්න එපා අන්තිමට ගෑනු දැනගත්තාම කරදරේ......
මුචත් නාලන්දෙද..?සතුටුයි දැන ගැනීමට ලැබීම..
වැගන් පාක් නම් වැදුනා බොක්කටම!
හෝව් හෝව්!! මම ඉහත කොමැන්ටුවේ කොල ඇපල් ලෙස සඳහන් කර ඇත්තේ ගස් වල හැදෙන ඇත්තම කොල ඇපල් බව කරුණාවෙන් සලකන්න!
අදහසක් දාලා ගිය හැමෝටම තැන්කියු!
අද තමයි මේක කියෙව්වෙ.
වැගන් පාක් එකේ මගෙත් අතිජාත මිත්‍රයෙක් ඉන්න නිසා මමත් ගියා ඒ කාලේ ප්‍රසංගයක් බලන්න. තනියම නම් නෙමෙයි ගියෙත්. කොහොම හරි එයාට ඒ ප්‍රසංගය එතරම්ම ඇල්ලුවේ නැති නිසාද මන්දා මමත් ආස උනේ නැහැ ඔවුන්ගේ සංගීතයට. සිරා පෝස්ට් එක.
Post a Comment
කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!