"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Friday, August 6, 2010

මදහස

සැමදා මා ඇහැරවන තුනවන එලාමයට මා දිරිගෙන නැගී සිටියේ තවත් වරක් එය පස්සට යැවීමට සිත පස්ස ගැසූ බැවිනි. පෙරදින මත තවමත් මා පෙලන මුත් පෙරදින සිත් කාංසි දුරලීම හේතු කොට මත ගැන ඇත්තේ හිතකි.

මිල්ලේ සෙවිය යුතුව ඇත. කෙසේ හෝ සෙවිය යුතුව ඇත. අත් පා නොකඩා සෙවිය යුතුව ඇත. හිතකට දුකක් නොදී සෙවිය යුතුව ඇත. කොටින්ම පොලීසි ගත නොවී මිල්ලේ සෙවිය යුතුව ඇත. මගේ බල්ලත් නොයන පොලීසි. . . එහ්

අඳයට වැඩ කරන කොන්දෙකු බැවින් තවකෙකුට හදිසි වෙනකම්ම ඉවසිය යුතුය.

මුදලා. . ලී..

හ්ම්

ඒ අද වැඩ කරපන් යැයි විධානයයි. පෑ කාලක් යන්නට මත්තෙන් සිරි අයියා ගාල් කෙරූ 7538යේ වාඩි උනේ, ආපහු පුක තියාගන්න ඉඩක් ලැබෙන්නේ දවල් කෑමට බැවිනි.

**********************************************************************************

අයියේ ඉතුරු

දෙන්නං මල්ලී

ප්‍රේමදාස රුපියලකුත් රත්තරං රුපියලකුත් පමනක් ඉතිරිව තිබූ අත ඔහු වෙත පෑයේ පොඩි උන් නහයට නාහන බැවිනි. පිටිපස්සේ හීනියට උන්ගේ බජව්වකි. මගේ එකාද මෙලහට මේ බජව්වම දාගෙන යනවා විය හැකිය. දැන් මුන් මුමුනන්නේ රම්බරීය. මටත් යන්න ඉස්කෝලයක් තිබ්බනං එමෙස් ගේ මුතු මැණික් මුමුන මුමුන යන්න තිබිනි.

කේ හත්සියපනහ තියේද?

හ්ම්ම්

කීයද ?

හයාමාරක්

යකෝ උස්සපුවැයේ ගනං.

පෙරේදා කෝල් කරපු වෙලේ ලොක්කා නාහෙන් ඇඬුවේ කේ හත්සියපනහක ටය.කුඩ්ඩෝ දාහට හමාරට ගෙනත් දෙන එව්වා වෙලත් මුන් විකුනන්නේ පහක් වත් තියාගෙනය.

අම්මප මුන්ට ගහන හෙණත් අපරාදෙ!

**********************************************************************************


කොළඹ කැම්පස් බහින්ඩා. . . !

සිරි අයියා ඉස්සරහට එන්නට සන් කලේ මොකාක් හෝ ටිප් එහෙකට විය යුතුය.

එහ්! කෝට් එක දාගෙන ටිකට් කඩපං ඉක්මනටඃ. ජයසිංහ ලොක්ක ඊයේ කිව්වා අද ටික්කෝ සෙට් වෙනවැයි කියලඃ. මම තව ටිකක් ගහං ඉන්නං, උඹ කඩහං.

පැත්තාට වෙන්ඩා.. කෝ අයින් වෙන්ඩඃ.. ඔය නෝනට බහින්ඩ ඉඩ දෙන්ඩ මහත්තයා.. ටිකට් ගත්තනං ඉස්සරාට යන්ඩා.. මාරු නෑ මහත්තයා.. තව ඉස්සරහ නෝනඃ මම ආවම කියන්නං.. හරේඃ

**********************************************************************************

ටොරිංටන් බීඑමයිසීඑච් ටිකට් ගත්තාට්ටිය බහින්ඩා. . . !


ෂික් පොකට් කාරයෙක්. මේ හැතිකරෙත් සෙට් වෙන්නෙම මේ වෙලාවට. අම්මපා හොඳ හයිය කොල්ලෙක් හොයලා යකඩ පොල්ල අතට දුන්නනං නෙලවන්න තිබ්බා මුගේ ඔලුවේ කිරි කටට වැටෙන්න. තාම අතට හුරු නැති ටිකට් මැෂිම නොපිටට හැරෙයි.

බඩුවක් ටයි මහත්තයෙකුට හඳ පෙන්නන ගමන් ය. අවජාතක වලත්තයෙක් කිරි දෙන අම්මා දිහාට ඇහැ හරෝගෙනය. ජැකාලා වැඩට යන ගෑනු පස්සේ වැටීගෙනය.අම්මපා මේ පොල්ලක් හින්දනේ මුන්ට මේ කැසිල්ල!

බොරැල්ලෙන් සුදාගේ චකාට ටර්න් එකේ ගාන දික්කලේ, අද දවසට සුමේ ඉවර වෙච්ච එක ගැන සතුටු වෙමිනි.

**********************************************************************************


කිරිබත්ගොඩින් බසය බාරදී දෙදාස් පන්සීයත්, බෙදිච්ච මාටි දෙදාහත් ඔබාගෙන බෝඩිමට ගොස්. ෆෝන් එක චාජරයට ගසා ඉහට වතුර කෝප්ප දෙකක් හලාගෙන චොක්කාගේ ඉස්තරං මස් කොත්තුව ලං කරගත්තේ කලින්දා තියපු කාලට පොඩ්ඩක් වැඩි ගල් බෝතලෙත් සමගමිනි.

බොහෝ කලකට කලින් තාත්තා යාලුවෙකුට මිමිනූ පරිදි පලවෙනි ෂොට් එක රහට ගැසිය යුතුය. සෝඩා බිඳක් හලා හුස්මට ගිල දැමූ වීදුරු බාගය බඩ ලඟින් නතර වූයේ මා ඉඳ සිටි නිසා විය යුතුය.

හහ්. . .

මට මදහසක් නැගිනි! Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

19 ක්ම තියෙනවා අදහස්:

Shadow/හේමලයා said...

මරු....

Udara || උදාර ධර්මසේන said...

පට්ට කථාව චූට්ටි පු‍තා... ලියමුද කෙට්ටි කථා පොතක් හෙම ? ;)

Jay said...

පට්ට..
(මෙය සම්පූර්ණයෙන් කියවන ලදී)

෴ හසියා ෴ said...

පට්ට කියන්නේ කොස් පට්ට වගේ....

චමිදේවා said...

වාව්... නියම්යි නේන්නම්...
ලියමු ලියමු තව මේවගේ ඒවා...
ජය...

Prabath Chaminda said...

Supiri, Uba ayeth aluth post ekak liyanakal maga balan inne.!

වන්නි said...

පට්ටම පට්ට...

(හබෑට ඔය ජොබ් එක කොරාවත්ද මීට කලින්? :ඩී)

Rachintha Jayawardhana said...

සද්දයක් දාලා ගිය සෙට් එකටම තැන්කියූ!

Teena said...

තේරුන්නැති තැනක් දෙකක් තියෙනවා.. ඒත් කතාව උපරිමෙන් රසවින්ඳා..!මරේ මරු!!

Rachintha Jayawardhana said...

@ෆා: තේරුනේ නැති තැන් ටික අහන්න අක්කේ.මට හිතෙන විදිහට
1) 7538: බස් එකේ නොම්බරේ
2) බොරැල්ලේ සුදා කියන්නේ චන්ඩියා.චකා කියන්නේ උගේ චක් ගෝලයා.බස් එහෙක ටර්න් එකකට උන්ට ගානක් දෙන්න ඕන.
3)චොක්කා: කොත්තු ගහන මනුස්සයා
4) කෝට් එක: බස් රථ සේවකයොන්ගේ නිල ඇඳුම

එච්චරයි දැනට කට්ටිය මගෙන් ඇහුවේ!

රවා said...

මුචා

154 ජිවිතෙත් පුදුමයි, හැමතැනම රවුම් ගහල යන්නෙ. මම තනියම යන්න එන්න පුරුදුවුණ කාලෙ 154 මගෙ ප්‍රියතම බස් එක. උඹ එක ලස්සනට දැකලා ලියලා තියනවා. උඹට ජය මචන්..

malee_msg said...

හොදයි මලයෝ...

Dar[K] said...

නරකද කෙටිකතා පොතක් ලිව්වොත්?

CD Athuraliya said...

රසවත්!

Narada said...

උපරිමයි මචං උපරිමයි!

ඉරි ගහලා වෙන් කලාම නිකං ඔලුවේ කතාව දුවන්නේ ටෙලියක් වගේ තමා! ජය වේවා!!!

Indranatha Thenuwara said...

ඔබේ බ්ලොග් එක මම අනිවාර්යයෙන් ම කියවනවා. එහි භාෂා ශෛලියට, අන්තර්ගතයට සහ ආකෘතියට මම හරි ම කැමැති නිසා.. කොමෙන්ට් නොදැම්මාට තරහා වෙන්න එපා. සමහර වෙලාවට කොමෙන්ට් දාන්නවත් වෙලාවක් වෙන් කර ගන්න අමාරුයි..! නමුත් අගය කරනවා විතරක් නෙමෙයි මගේ අයට ඒක ෂෙයාර් එකකුත් දානවනෙ.

දුකා said...

පොදු ජන හද ගැහෙන හැටි උඹේ බ්ලොග් එකේ සිත්තම් වෙන්නේ අපේ හිත් වල අපි එක්ක නිතර ගැටෙන සමහර ජනකොටස් ගැන කාලයක් තිස්සේ පිලිල ලියලලා මහා ගස් වෙලා තිබුනු තරහවල් ඉර එලියේ තියපු බටර් වගේ දියකරන ගමන් . . .

හරිම අපූරුයි මලයෝ . . . මාරයි . .

Abeetha Edirisinghe said...

මාරම සිරා මචන්... වැඩක් නෑ කියලා.. රත්තරන් කතාව

Rachintha Jayawardhana said...

සද්දයක් දාලා ගියාට තැන්කියු වේවා සෙට් එකටම!

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!