කියපු වැරදි වගේම නොකියපු වැරදිත් තොගයක් තියෙන මිනිහෙක් මම. නොකියපු වැරදි නොකියපු කැටගරියෙම තියෙන්නේ මතක් කරන්න, ඒ ගැන කතා කරන්න අකමැතිවට මිසක් හංගන්න ඕනවට නෙමෙයි.හිතන් හිටියා මේ ගැන ලියන්න බ්ලොග් එකක්. ඒක කවි සෙට් එකක් කරනවද, කතාවක් කරනවද කියලා හිත දෙගිඩියාවෙන් තාමත්. මෙතන ඉඳන් ලියවෙන්නේ හිතේ තියෙන ටික තමයි කතාවෙනුත් කවියෙනුත්.
මම තාමත් මතක් කරනවා. . .මිනිස්සුන්ගේ පොරත්වයට අපි හිනා වෙච්ච හැටි
අපේ ලැජ්ජාවක් නැතිකමට මිනිස්සු හිනාවෙච්ච හැටි
කොල හැලිච්ච ගස් වල ලස්සන විඳපු හැටි
මූදු රළක් උඩ නගින හැටි බලන්න වරු ගානක් අපි මානගෙන හිටපු හැටි
සූස් සූස් ගගා දැවිල්ල කාපු හැටි
රබර් කුට්ටං, කිළුටු ඩෙනිම් දාගෙන ලොකු රෙස්ටූරන්ට් වලින් කාපු හැටි
විසි පහේ ටිකට් දෙකකට මියුසියම් එක ඇතුලේ පිළිම වලට මුවාවෙච්ච හැටි
පාක් ඇතුලේ විසිල් වලින් බේරිච්ච හැටි
කොටින්ම අද මෙහෙම දෙයක් කියන්න ඕන උනේ "ඈ"ත් "මා"ත් "අපි" වෙලා අවුරුද්දක් අදට. මම ආසා කරා. . .ඒ සිම්පල් විදිහට
ඇඟට වඩා බර බඩු මුට්ටු අතේ පයේ නැති එකට
සත්තුන්ට තිබිච්ච ආදරේට
පොත් වලට තිබ්බ ආසාවට
පෙට්‍රල් සුවඳට ආසාවට
සල්ලි වියදම් කරන විදිහට
අහන්න කැමති පරණ ලස්සන හින්දි සින්දු වලට
මට කතා කරපු "අමු" විදිහට
මගේ ඉස්සරහා ලැජ්ජාවක් නැති කමට
ඒ ඉවසීමට
මගේ කඳුළු යට දාපු විදිහට
මිනිහෙක්ට තවත් මිනිහෙක් අඳුරගන්න අවුරුද්දක් මදිවෙන්න පුළුවන්. මාත් තාම අඳුරගෙන නැතුව ඇති. ඒත් මේ අඳුරගත්තු ටිකට මම කැමතියි! අද සමරන්න ගත්තු සැමරිල්ල තවත් පනස් වතාවක්වත් සමරන්න මම කැමතියි. එහෙම වෙන්නේ මමත් එයත් තව අවුරුදු පනහක් ජීවත් උනොත් විතරයි. ඒක විතරයි අවුරුදු පනහක අපේ ආදරේට යන්න නොදෙන්න තියෙන එකම බාධකේ. ඒ වෙනකං අපේ ආදරේ තියෙයි කියලා, අවුරුද්දක් තිස්සේ අඳුරගත්තු උඹ ගැන මට විශ්වාසයි.
තැනක් නොතැන නැති සිත්වුනු ඇසිල් ලේනුඹත් මමත් පිරි වසරක් මුළුල් ලේමොකා වෙතත් නුඹ මම ගැන විමසිල් ලේතවත් ගොඩක් දුර යමු නිවිහැනහිල් ලේ