මේ සියල්ල පටන් ගත්තේ මා කෙට්ටුවීම අරබයා පියා විසින් එක්සසයිස් මැසිමක් නිවසට ගෙන ආ දිනයේ පටන්ය. එහි නම නොදන්නේ එහි නම මැකී ඇති බැවිනි. දෑවුරුද්දක් පුරා එහි ලූ මදක් වේලුනු රෙදි හේතුවෙනි. රෙදි වල තෙතට නම මැකී ගොස් ඇත. පලමු සතිය තුල මනාව කියූ පරිද්දෙන්ම වැඩකටයුතු සිදු වූ අතර. . . දෙවන සතිය තුල එය මත හිඳ ඉදිරිපිට තිබූ කන්නාඩියෙන්, ස්වකීය බේරෙන බඩ හුස්ම ඉහලට ගෙන කෙට්ටු කර බලා මාගේ මනෝ ශාරීරික සෞඛ්‍යය පිළිබඳ සතුටු වීමි. තෙවන සතියද එසේම ගෙවුනතර. . . මැසිම උඩ සිට කෙරුනු ස්වයං මෛථුන්‍යය නිසා හෝ කෙසේ හෝ ඉන අඟල් තුනක් අඩු වී තිබුනි. මේ මල වද තවත් දැරිය නොහැක.
සිව්වන සතිය ගෙවුනේ මැසිම එහා පැත්තේ තිබූ ඇඳ මතය. මා දොර වැසූ කාමරයේ සිට දොරත් හැර එලියට එන විට තාත්තා සතුටු විය. අම්මා ආඩම්බර විය. කාමරයෙන් එලියට එන විට දහඩිය පෙරාගෙන එනු පිණිස කාමරයේ විදුලි පංකාව නිවා දමා සිටීමට පුරුදු විය.
වේල් තුනක් කෑ පසු තව දෙකක් ඇතී
අතර මැදදි බියරුත් එහි වැටෙනු ඇතී
එක තැන හිඳ සිටීමෙන් බඩ වැඩෙනු ඇතී
ගෑණිට සුව යහන මගේ උදරයම වෙතී
මදුරු වදයට මදුරු දැල් උවමනා නැත. මදුරු කොයිල් පමණක් සෑහේ. මන්ද ලංකාවේ මදුරු කොයිල් බලපාන්නේ එය තබන මට්ටමේ සිට පහලට පමණක් බැවිනි. කොයිල් එක දෙපා ලඟින් තබාගත් පසු වැඩේ හරිය. මන්දයත් අප නිවසේ මදුරුවන්ට ඉහල පියෑඹිය නොහැකි බැවිනි. වේට්ස් කර උන්ගේ ඇඟ බර වැඩි වීම නිසා පියාපත් වලින් ඉහල පියෑඹිය නොහැක. උන් ඉහලට ආවත් එන්නේ පුටු කකුල්, මේස කකුල් වල එල්ලීගෙනය.
ගණනය කිරීම් වලට අනුව තවත් මසකින් පමණ සැට් එක ඩිරෙක්ට් බැලිය නොහැකි වනු ඇත. බැලිය යුතු වන්නේ කන්නාඩියෙනි. ඔලුව නවා පහල බැලූ පසු වර්ග අඩි කිහිපයක ප්‍රමාණයක් බඩෙන් වසාගෙන සිටී. ඉතිරිව ඇත්තේ නැවතත් මකුණන් මදුරුවන් සහ මකුළුවන් එලවා දමා එක්සසයිස් පටන් ගැනුම පමණි.
මෙය කීවේ ස්වයං මඩකට නොව, ඔබට සිනා සීමටද නොව, යන්තමින් හෝ ඉදිරියට නෙරා එන බඩවල් අඩු කරගනු පිණිසය. ඒ අප අපගේ හොඳටම පමණි.






14 ක්ම තියෙනවා අදහස්:
උඹ ඔහොම කියනවා.... මම මේ ලේසියෙන් බර වැඩි කරගන්න කරමයක් හොයනවා... :D
මේක කියවලා මට හොඳටම හිනා...
මේ ඇත්තටම මුචාගේ කතාව කියලා අපි දන්නවනේ.
නියමයි..!!!
මටත් උදරය ඉදිරියට නෙරා ඒම දැන් ප්‍රශ්නයක් වෙලා. උඹ අද මගේ බඩ දැකල නෙමෙයිනෙ මේක ලීවෙ? :)
ඔයාව දැක්ක ගමන් මට හිතුන ඕක තමා වෙන්න ඇත්තේ කියලා.....හික්ස්..:)
මරු මරේ මරු..! කියවලා මට ඉනා ගියෙත් නැහැ. මොකද ඔය තරමින් ම නොවුනත් මගේත් උදරය නෙරීම තිබෙන නිසා..! ඇක්සයිස් පටන් ගන්න එක නම් හොඳයි..! මොකද මම උඹව අනාගතයේදී වැදගත් පහේ ලෙඩ රෝග වලින් පෙලෙනවා දකින්න කොහොමට වත් උවමනාවක් නැති නිසා..! [එහෙම කීවට මටත් ඒකම වෙයිද දන්නේ නැහැ]
මේක මටත් අම්බානක දැවෙන ප්‍රශ්නයක්.. =S
මටනං මේක කියවද්දි ඇඩෙනවා.ඉස්සර කොහොම ඇගක් තියාගෙන හිටපු කොල්ලෙක්ද මං? දැන්නං බඩ විතරමයි තියෙන්නෙ
මුචලින්ද මහතා යනු ඛඩවසම් කොල්ලෙකි
1. මම චූටි කාලෙ හිතන් හිටියෙ නම අගට මහතා කියන්නෙ මහත අයට කියල
2.බයන්න වගේ කයන්න දැම්මෙ හිතාමතාමයි
ඒක නෙවෙයි, නයාලට ඇඟේ දිගට ගැලපෙන්නෙ දිග බඩක් තියෙනව කියල දැනන් හිටියට , නයාලගෙ බඩ විතරක් මහත් වෙනව කියල ඇහුවෙ අදමයි
පුහ්.... නියමයි.... මේක දැක්කම එක්කෙනෙක්ට මාර ආතල් එකක් යයි. ඇයි එහෙත් මේ වගේමනේ...
ඒ මචං දුකයි බං මේක කියවන කොට.. අපේ පැත්තෙත් දැන් හූනෝ එහෙම සෙට් එක දාලා කිඹුලෝ වගේ සයිස් වෙලා ඉන්නේ..
මොනව උනත් දැන් නම් හිතෙනවා රෙදි වේලන මැසිමකට මෙච්චර සල්ලි වැය කලේ මොකද කියලා.... අර කිව්වත් වගේ ගෙනාපු මුල් සති දෙකේ විතරයි.
එළ එළ. . . සද්දයක් දාලා ගිය සෙට් එකටම තැන්කියු වේවා!
හෆොයි කොලුවෝ . .. . මේ වයසක මගේ බඩ ඔන්න ඔහේ කමක් නෑ කියලා හිතුනා එදා උඹේ බඩ දැක්කාම මේ ලිපිය දැක්කාම ඇඬෙනවා බන් අමාරුවෙන් හදා ගත්තු බඩ ගැන හිතිලා . ..
හප්පා
Post a Comment
කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!