කියපු වැරදි වගේම නොකියපු වැරදිත් තොගයක් තියෙන මිනිහෙක් මම. නොකියපු වැරදි නොකියපු කැටගරියෙම තියෙන්නේ මතක් කරන්න, ඒ ගැන කතා කරන්න අකමැතිවට මිසක් හංගන්න ඕනවට නෙමෙයි.හිතන් හිටියා මේ ගැන ලියන්න බ්ලොග් එකක්. ඒක කවි සෙට් එකක් කරනවද, කතාවක් කරනවද කියලා හිත දෙගිඩියාවෙන් තාමත්. මෙතන ඉඳන් ලියවෙන්නේ හිතේ තියෙන ටික තමයි කතාවෙනුත් කවියෙනුත්.
මම තාමත් මතක් කරනවා. . .
මිනිස්සුන්ගේ පොරත්වයට අපි හිනා වෙච්ච හැටි
අපේ ලැජ්ජාවක් නැතිකමට මිනිස්සු හිනාවෙච්ච හැටි
කොල හැලිච්ච ගස් වල ලස්සන විඳපු හැටි
මූදු රළක් උඩ නගින හැටි බලන්න වරු ගානක් අපි මානගෙන හිටපු හැටි
සූස් සූස් ගගා දැවිල්ල කාපු හැටි
රබර් කුට්ටං, කිළුටු ඩෙනිම් දාගෙන ලොකු රෙස්ටූරන්ට් වලින් කාපු හැටි
විසි පහේ ටිකට් දෙකකට මියුසියම් එක ඇතුලේ පිළිම වලට මුවාවෙච්ච හැටි
පාක් ඇතුලේ විසිල් වලින් බේරිච්ච හැටි
කොටින්ම අද මෙහෙම දෙයක් කියන්න ඕන උනේ "ඈ"ත් "මා"ත් "අපි" වෙලා අවුරුද්දක් අදට. මම ආසා කරා. . .
ඒ සිම්පල් විදිහට
ඇඟට වඩා බර බඩු මුට්ටු අතේ පයේ නැති එකට
සත්තුන්ට තිබිච්ච ආදරේට
පොත් වලට තිබ්බ ආසාවට
පෙට්‍රල් සුවඳට ආසාවට
සල්ලි වියදම් කරන විදිහට
අහන්න කැමති පරණ ලස්සන හින්දි සින්දු වලට
මට කතා කරපු "අමු" විදිහට
මගේ ඉස්සරහා ලැජ්ජාවක් නැති කමට
ඒ ඉවසීමට
මගේ කඳුළු යට දාපු විදිහට
මිනිහෙක්ට තවත් මිනිහෙක් අඳුරගන්න අවුරුද්දක් මදිවෙන්න පුළුවන්. මාත් තාම අඳුරගෙන නැතුව ඇති. ඒත් මේ අඳුරගත්තු ටිකට මම කැමතියි! අද සමරන්න ගත්තු සැමරිල්ල තවත් පනස් වතාවක්වත් සමරන්න මම කැමතියි. එහෙම වෙන්නේ මමත් එයත් තව අවුරුදු පනහක් ජීවත් උනොත් විතරයි. ඒක විතරයි අවුරුදු පනහක අපේ ආදරේට යන්න නොදෙන්න තියෙන එකම බාධකේ. ඒ වෙනකං අපේ ආදරේ තියෙයි කියලා, අවුරුද්දක් තිස්සේ අඳුරගත්තු උඹ ගැන මට විශ්වාසයි.
තැනක් නොතැන නැති සිත්වුනු ඇසිල් ලේ
නුඹත් මමත් පිරි වසරක් මුළුල් ලේ
මොකා වෙතත් නුඹ මම ගැන විමසිල් ලේ
තවත් ගොඩක් දුර යමු නිවිහැනහිල් ලේ






34 ක්ම තියෙනවා අදහස්:
ආදරේ හිතෙනවා මටත් කවියක්ම ලියන්න පුළුවන් වුනානම් කියලා. මා ඕට ගෝ ආයි මගේ ආදරේ හැමදාම..........
අවුරුදු 50 ට 100ක් එකට ඉන්න ලැබේවා!!!!
හදපිරි සුබපැතුම් රචියෝ දෙන්නටම...!!!
වැඩට යන්න කලින් කියෙව්වේ! මාර ප්‍රබෝධයක් දැනෙන්නේ මේක කියෙව්වම!
ඔය හිතිවිල්ලේන් හැම දාම ඉන්න පුලුවන් වෙන්න කියලා මමත් උණු උණු සුබ පැතුම් එකතු කරනවා...
මම ඒ කෙල්ලව තාම අඳුනන්නෙ නැහැ. ( දවසක අඳුනගන්න ලැබේවා ) උඹල උඹලගෙ ආදරය දකින විදිය ගැන මට අප්‍රමාණ සතුටුයි. ජය!!!!
දිගු ගමනක් යන්න ආසිරි!!!
මේ ආදරේට දිගු ගමනක් සතුටින් යන්න සුභ පැතුම්!
එලම කිරි රචියෝ... සර්වාංගෙන්ම සුභපැතුම් දෙන්නටම :D
අනේ මරු රචියෝ... උඹ ඔහොම උඹේ ගෑනි ගැන මහාම ආදරයකින් ආඩම්බරයකින් හිතන එක නම් මරේ මරු... ඒකි හෙන වාසනාවන්තයි.. ඔන්න පරක්කු වෙලා හරි මගෙනුත් උඹලා දෙන්නටම සුභ පැතුම්. මේ අවුරුද්ද වාගේම ඊළඟ අවුරුද්දෙත් මෙවැනිම සොඳුරු සැමරුම් සටහනක් දාන්න ලැබේවායි ප්‍රාර්ථනා කරනවා..
ස්තූති වේවෝ කමෙන්ට් එකකින් සුබ පතපු, ෆේස්බුක් එකේ ලයික් දාපු හැමෝටම!
@නොදරු: හම්බෙයි ලඟදිම! අපේ ඊලඟ සෙට් වීමට එක්කගෙන එන්නම්!
මම නම සෑහෙන්න ප්‍රමාදයි.. බ්ලොග් කියවනවා අඩුයි නේ මේ දවස් වල...
මගේ හද පිරි සුභ පැතුම්.
ඔය විදියට ආදරෙන් තව චිරාත් කාලයක් ඉන්න ලැබේවා..!!!
අප්පට සිරි.. අවුරුද්දක් උනාද ? O_o
ඒ... මේ බලාපල්ලකො මේකා..:P
මේ අවස්ථාවේ ඔය කියන අක්කගෙන් මම අහන්න කැමතියි..
අක්කෙ මොකද කැම ක්ලාස් එකකට ගියොත් ? :P
සුභ පැතුම් දෙන්නටම...
අවුරුදු 50 ක් මදි බොල :D
80වක් වත් ඇද ගන්න බලපිය !!
දැක්කෙ නැති නමට සමාව..! ඇඟිල්ලෙන් ඇනලා කියනකම්ම සිහිය සැපැත් වුනේ නැහැ නෙව..! :/
.
මේක තමා රචියා ජීවත් වෙනවා කියන්නේ..! ආදරේ.. ආදරේ.. ආදරේ..! ඕක තමා ඒකට කියන්න තියෙන හොඳම විදිය වෙන විදි ගොඩක් ඇති හැබැයි මේ තරම් දැනෙන්නේ නැහැ..!
.
හරි ලස්සනයි මේ මතකය ගොඩාක් දුර අරන් පලයං මේ විදියට ම..! ජය..!
දෙදෙනාටම ජයසිරි මංගලම් වේවා ලඟදිම දිනයක
හදපිරි සුබපැතුම් රචියෝ දෙන්නටම.
ලබන අවුරුද්දෙත් ඊට පස්සෙන් එන අවුරුදු වලත් අපි නාකි උනහමත් පොත් ප්‍රදර්ශනයෙදි 'මෙදා පාර' වගේම මුණ ගැහෙන්න ලැබේවා...!!
හරිම සතුටුයි.....! සුබ පැතුම්....!!!!!!!
මුචා.. ගොඩක් පරක්කුයි අද මම. සුභපතනවා, අවුරුදු තව බර ගණනක් එක්ව ජිවත් වීමට අවශ්‍ය ධෛර්‍ය් ශක්තිය ලැබෙවා කියලා පතනවා උඹලා දෙන්නටම. උබත් ලස්සන කවියෙක් එක නිසා උඹට අලුතෙන් කියලා දෙන්න යමක් නැහැ. එහෙම කියලා දෙන්න යම්ක් තිබුනා නම් මෙහෙම කවි ලියවෙන්නෙත් නැහැ. උබ අපිට කියලා දෙන දේ වලටත් ස්තුති විතරයි..
බොහෝමත්ම පිං අපිට සුබ පැතුවට! බොහෝමත්ම!
පට්ටම පට්ටම පට්ට මචං ..... කෙල්ලෝ නිසා කොල්ලෝ හැදෙනවා, කොල්ලෝ නිසා කෙල්ලෝ හැදෙනවා..... කොහොම බැලුවත් දෙගොල්ලොම හැදෙනවා
මොන වුනත් බන් එල ගමනක් ඇවිත් තියෙන්නේ... තව යමු තව යමු... පස්සෙන් අපි ඉන්නවෝ .... මගේ ගමන නම් නවතන නේ බන්... එත් ගොඩක් සතුටු යාළුවා ඇදගෙන යන එක.... හිප් පීප්........
සුබ පැතුම් එක් කරපු හැමෝටම බොහොමත්ම ස්තුතියි!!!
Ane wasanawan.....:))))) Mage subapathum....:))))
දිගු කල් වැජඹෙන්න සුබපැතුම්!
ස්තුති වේවා කමෙන්ට් කරපු, මෙසේජ් කරපු, කෝල් කරපු හැමෝටම! විශේෂයෙන්ම මට ෆෝන් එකට ආන්සර් කරගන්න බැරි වෙච්ච රංගි අක්කට! වගේම අනිත් හැමෝටමත්!
RT @ම: අවුරුදු 50 ට 100ක් එකට ඉන්න ලැබේවා!!!!
ම්ම්ම්ම් කවද්ද මං අපේ මැරියන් නගාව මුලින්ම දැක්කේ.. ම්ම්ම්.. හා පාර්ක් එකේ රංගි අක්කා එක්ක.. එදාම මට හිතුනා කෙල්ල ෆිට් කියලා.. වැඩි කතාවක් නැතිව නොර්මල් එකේ ඒත් ෆිට් එකේ ඉන්න ඔය වගේ ලමයි ඉන්නේ හරි ටිකයි. මොකෝ කතා නොකර හීන් නූලෙන් ගේම දෙන කෙල්ලෝ තමයි වැඩි.. එහෙම එව්න් අස්සේ මැරියන් කියන්නේ අදහන්න වටින කෙල්ලෙක් මොකෝ උඹලා අපි වගේ උන් එක්ක ඉන්න එකත් මල්ලියේ ලොකු ගේමක්..
පරක්කු උනා උනත් උඹ දන්නවා ඇති මේ අක්කා උඹට හැම විදියකටම සුභ පතනවා කියලා.. නේ?
Aniwaryenma mage akke.fone eken apu hinda ubata sinhalen reply eka
danna bari une
andenava lokka...!!!!
matath bokkenma kallak karanna hithenava.... :P
සිරා මචෝ...උඹලා දෙන්නා පට්ට විදියට ගැලපෙනවා.....උඹලා දෙන්නට ආත්ම ගානක් යනකන් එකට ඉන්න ලැබේවා...මන් බොක්කෙන්ම උඹලා දෙන්නට සුබ පතනවා.......බුදු සරණයි..
thankiyu weawaa ubalaa dhennatama!
50ක්....ඉන්නකො 100ක්.......සුබපැතුම්
Post a Comment
කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!