"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Monday, November 22, 2010

දේශීයත්වය, දේසීයත්වය, දේෂිඃයත්වය

චොකලට් බිස්කට් මැද්දට හෙයා ජෙල් යොදා ආහාරයට ගෙන කටෙහි ඉතිරි වූ ජෙල් තට්ටු කොරෙක්ස් ඩී වලින් බඩ තුලට සෝදා හැර අතුරුපසට හාන්ස් ටිකක් තොල් වැටියේ තබාගෙන දේශානුරාගය සිත්හී උපදවා කියවනු මැනවි!


හවස හයටද පාන්දරටද පිරිත් අහන, කොටට ඇඳගත්තු බඩු උදේ පාන්දරට ටීවී එකේ ආයුභෝවණ් කියන දේශීයත්වයෙන් පිරිච්ච රටක කඩයකට වැද කන්නට ඉඹුල් කිරිබත්, වැලි තලප, අග්ගලා සෙවූ කලෙක. . . කොටුවට රුපියල් තිහක් ගාල්ල පැත්තට දුරින් තියෙන කඩවලත් පිරී තිබුනේ ඔම්ලට් බන් සහ චිකන් පේස්ට්‍රිය. මා පලමු වරට ඉඹුල් කිරිබත් කෑවේ මාගේ ගම වෙච්ච දෙනියායේදීය. සීනිසම්බෝලද, පැනි පොල්ද දමා දෙවිදියකට අපේ නැන්දා විසින් සාදා තිබූ ඒවා තරම් තවත් කෑමක් එදා මට නොමැති විය. එසේ වූයේ මා දේශීයත්වය අගය කරන්නෙකු නොව සිතට සරිලන්න අගයන්නෙකු බැවිනි. ඕනෑම මිනිසෙකුට තම දේශය සහ ඒ දේශීයත්ව පිලිබඳ ආඩම්බරයක් තිබිය යුතු නමුදු එය හත්පොලේ ගාගත යුතු නැත. තමන්ගේ අවශ්‍යතාවයට සරිලන විකල්ප දේශීයව ගොඩ නැගී ඇත්නම් යමෙකු ඒ කරා යා යුතු නමුදු දේශීයත්වය කරේ තබාගෙන වලේ වැටිය යුතු නැත.

කොන්ඩම් උදාහරණයක් වශයෙන් ගත්කල, ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ආරක්ෂක උපත් පාලන ක්‍රමයක් නොමැතිනම් ඒ සඳහා අප විදේශීය නිෂ්පාදිතයක් භාවිතා කල යුතුය. මන්දයත් දේශීය නිෂ්පාදන කර ගසා ඒ තුල ඒඩ්ස් පිළිලයක් කරගත නොහැකි නිසාවෙනි. නොමැතිනම් අවුරුදු විස්සේදී ළමයෙකුත් සමග අවුරුදු තිහක ගැහැනියක් බාර ගත නොහැකි බැවිනි. මා කොන්ඩම් උදාහරණයකට පමණක් ගෙනහැර පෑ බැවින්, ලංකාවේ නිෂ්පාදිත කොන්ඩම් ගැන අදහස් තීරුවේ නිෂ්ඵල දේශන දී පිම්පියෙකු තත්වයට ඇද නොවැටීමට වග බලාගන්න.

එකල චමින්ද වාස් බෝලය දැමීමට පෙර හත් අට වරක් කලිසමේ බෝලය උලන බැවින්, මමද හත අට වසරේ ක්‍රිකට් ගසද්දී ටෙනිස් බෝලය තුන් හතර වරක් උලා එල්ල කල අතර එහෙ දෝලනයක් නොතිබිනි. එහෙත් අතිවිශිෂ්ඨ චමින්ද වාස් ආකාරයෙන් බෝල දැම්මා යැයි සිතා මා වාස් උස්මූර්තියට පත්විය. දැනුදු ශ්‍රී ලාංකීය රැප් කලාවේ සිදුවන්නේ එය වන අතර, අන්තර්ජාතික මට්ටමේ රැප් සංගීතකරුවන් අඳින පලඳින ආකාරයට ඇඳ, ඔවුන් ආකාරයට ඇඟිලි සකසා මෙලෝ රහක් නැති කුණුහරුප තොගයක් ඉරාජ් ප්‍රමුඛ ලංකාවේ අනෙකුත් සිපයි කණ්ඩායම් මෙරට සංගීත ක්ෂේත්‍රයට දායාද කරමින් සිටියි.

එයට වරදක් නොකිව හැක්කේ මේ ගොලහන්ත ජාතිය සොයන්නේ වින්දනයක් නොව ඇමරිකන් උස්මූර්තියට පත්වීමක් පමණක් බැවිනි. උන්ට ඇමරිකාවට සාපේක්ෂව දළ ජාතික නිෂ්පාදිතය වැඩිකරගැනීමට උවමනාවක් නැත.


එසේ ගත්කල සලකා බැලිය යුතු දේශීයත්ව ඉදිම්මවීම් තවත් ඇත.
  • කැසිනෝ සූදුව නීතිගත වන රටේ, මළ ගෙවල් වල හීනියට තෙල් අංශයකුත් එක්ක යන බූරු පැදුර නීත්‍යානුකූල විය යුතුය.
  • A. සුනීත හිමි, B. සෝභිත හිමි සමග එක්ව ඇබ්බැහිය නවත්වන, කොටලා පැනපු එවුන් ගෙන්වන, කැඩිච්ච පෙට්ටි රීකන්ඩිෂන් කරන රටක මදක් පාවිච්චියට අබිං පොට්ද, මසාජ් සෙන්ටර් ද, ග්‍රාම සේවා වසමකට එක බැගින් ඉදි කල යුතුය.
  • විශේෂ අවස්තාවකදී පොඩ්ඩක් ගැනීම අනුමත කරන පුරාවිද්‍යා සුවාමීන් ඉන්න රටක වෙල් ෆැන්ටා නොහොත් සුදුවා නීතිගත විය යුතුය.
  • පෙට්ටි කඩාගත් සුද්දියන්ගේ පෙට්ටි ආපහු කැඩේයැයි බියෙන් ගාල්ලෙන් පෙම්වතුන් දුරු කරන උරුමයක් ඇති රටක, පත්තිනි විදෙශිකයන්ට නොපෙනෙන්ට පෙම්වතුන්ට නොමිලේ රිංගන්න තැන් පිහිටුවිය යුතුය.
සංස්කෘතික ඇමතිතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි!
  • පත්තරේට මූනු දමා දේශීය වෙසඟනන් අල්ලන රටක , කොටු කාමරයක තනිව රැය ගෙවන පිරිමියෙකුට ස්වයං වින්දනය සඳහා නෝටි ඇමරිකාවට සරිලන දේශීය විකල්පයක් සාදා දෙනු මැනවි.
  • Iraj with ILL Noize සහ Fill-Tලට Fansලා වැඩිවන යුගයක "ස" ප්‍රසංගයට, "ශ්වේත රාත්‍රිය" ටද බලෙන් හෝ රසික පිරිසක් අද්දවා දෙනු මැනවි.
  • ලණුව පැන්නූ විට හෝ පොලු කැඩුනු විට ගජගා වයා කස්තිරම් අල්ලවන වෙස් Cheer Leadersලා වෙනුවට, පනින රිලව් කිහිප දෙනෙකු වත් ආදේශ කරනු මැනවි.
Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

27 ක්ම තියෙනවා අදහස්:

පිටස්තරයා said...

වටින යෝජනා ටිකක්. මේවා ත්‍රස්තවාදීත් නැහැ. අත්‍යවශ්‍ය සේවා!!!

කැසිනො එක දැම්ම එකේ මොනව හරි කරල ගොඩ දාලා දෙන්න බැරි වෙයි ද දන්නේ නැහැ.

දුකා said...

නියම යෝජනා ටික බන් . .

තව මෙහම දේකුත් ඕන නම් යෝජනා කරන්න පුලුවන් . .

කෙල්ලෝ කොල්ලනට රිංගන්න තැන් හදන්න අමාරුයි නම් කොල්ලන්ගේ අහවල් එක කපලා දාන්න . . කෙල්ලන්ගේ අහවල් එකට ඉටි පුරවන්න වගේ දේකුත් යෝජනා කරන්න ඇහක් නේද . .

Anonymous said...

අවුල් අවුල්. අසාධාරනයි!

"කොටු කාමරයක තනිව රැය ගෙවන පිරිමියෙකුට..."
මොකක්ද අන් මේකෙ තේරුම?

ඇයි පිරිමියෙකුට කියල දැම්මෙ?
ගෑණුන් මේව කරන එක තහනම් ද?
පිරිම් විතරද මේව කරන්න ඕනෙ?
මේතනදි උඹත් ආණ්ඩුව වගේ බන්.
පිරිමියෙකුට හෝ ගැහැණියකට කියල වෙනස් කරපන් ;)

අනිත් ඒවගෙ නම් අවුලක් නෑ.....
:D

dinesh said...

පට්ට ඇත්ත.ඔක්කොම අනුන්ගෙ දේවල්...අනේ අපේ උන් යන "ස" ප්‍රසංග.

hare :-) said...

අනිත්වා කොහොම වෙතත් මතටනං මේ පාර තිතටම තිත තියයි වගේ... මිලියන 200ක්ම වෙන් කරලලු ඕං...

දේසීයත්වෙනං ඉතිං මොකක්ද කියල දන්නෙ නැතිවට කමක් නෑ... ඒකට කවුරුහරි මොනව හරි කිව්වොත් උගෙ හත්මුතු පරම්පරාවටම බණින්න තරම් දේසීයත්වෙ ඇ‍ඟේ තිබුණම ඇති!

Unknown said...

supiri machan...

Bunny said...

ඉරාජ්ට බනින එකට මගේ විරෝදය...

හැම එකාම කියන කියන පලියට සුපර්, පට්ට ගාන්නට මම කැමති නැත..!

ලංකාවේ අහන්න පුලුවං හොද සිංදුවක් මෑතකදි බිහි උනාද ? මගේ පුද්ගලික රසාස්වාදය අනුව..මැතක බිහිවෙච්ච කෙනෙක් විදියට ඉරාජ්ගේ සංගීතයට මම කැමතිය...නැතිව මල්ගස්වටේ දුවන හා ටකරං සංගීත ඇති සිංදු නම් එමට ඇත.. ඒවා අසා හිත ගූගොඩක් කරගැනිමට මම කැමති නැත..

කවුරු මොනවා කිවත් ඉරාජ් තරම් මම හෝ ඔබ දක්ශ නැතිවෙන්න පුලුවං..!

ඔබේ අනික් යෝජනා ටිකට නම් මම කැමතියි..!! :-)

Rachintha Jayawardhana said...

@බනියා: මෙහෙමයි ලොක්කා! ඒක උඹේ කැමැත්ත වෙන්නත් පුලුවන්! ඉරාජ් ගේ හොඳ මියුසික් නැහැ කියලා මම කියන්නේ නෑ. ඒත් ඒ පලවෙනි ඇල්බම් එකේ. ඒවත් ඌ මියුසික් කරපුවා විතරයි.

අනික්වා ගත්තම උගේ ඩෙනිමයි ජොක්කුයි නැතිවීම, උට බඩගිනි වීම, වහලෙන් පයින්නට බල්ලන්ට මස් කටු දීම, හැටේ දශකයේ මුල ඔක්කොම කොනක ඉඳන් රීමික්ස් කිරීම වගේ ගොන් ආතල් වලට හොඳයි කියන්න බෑ. ඒ වගේම ඉරාජ්ට වැරැද්දක් කියන්න බෑ. ඌ කරන්නේ මැනේජ්මන්ට්! ඌ මේ රටේ එවුන් හොයන උස්මූර්තිය ලබා දෙනවා. තව දවසකින් ඌ කන්ස්ට්‍රක්ෂන් සයිට් වල දාන ගල් තොප්පියක් දාගෙන ස්ටේජ් නැග්ගොත් අපේ ඒ දේත් කරනවා ෂුවර්! ගංජා ගැහුවට, මිනී මැරුවට ජොකා පේන්න ඇඳුම් ඇන්දටම රැප් කියන එක ඇඟට එන්නේ නෑ.

අපේ රටේ මේ කාලේ හොඳ සින්දු ඇවිල්ලා නැත්තේ නෑ. සුනිල් එදිරිසිංහ, මේරියන්ස්, අමරසිරි පීරිස්, සුනිල් පෙරේරා, කසුන් කල්හාර, නදීක ජයවර්ධන, නදීක ගුරුගේ, නිරෝෂා විරාජිනී මේ දිගටම තමුන්ගේ හොඳ නිර්මාණ එලියට දානව.

ඒ වගේම දැන් හොඳ නිර්මාන නැත්තන් ඒක හරියන්න තියෙන එකක් ඇහුවට වැඩක් නෑ; ඒකට පරන සින්දු අහන්න!

කෙලින් කතා කරාට ස්තූතියි!

කමෙන්ට් කරපු අනිත් සෙට් එකටත් ජය!
අකිල කියන දේට 100%ක් එකඟයි!

වන්නි said...

මීලඟ පාර්ලිමේන්තු සැසියේදී මේ සම්බන්දව විශේෂ සැසි වාරයක් යොදා සාකච්චා කිරීමට අණ දෙනවා. දඩාං - (කොලේ සීල් එක ගැහුවා)

හැබැයි මචං, සාහිත්‍යරසය විඳින පිරිසකුත් රටේ නැතුවා නොවේ. පහුගිය සතියේ බණ්ඩාරවෙලදී ශ්වේත රාත්‍රිය බැලීමට ටිකට් එකක් ගැනීමට මාන බලද්දී ඒවා වේල පහ ඉවර වී ඇත.

හැබැයි උඹ කියන කතාවත් ඇත්ත.
මන්දයත්, අපේ ලොකු අම්මා කී ලෙස ශ්වේත රාත්‍රිය බැලීමටද තාත්තාගේ ටී සේට් ඇඳ සාක්කු දුසිමේ කොමාන්ඩෝ ටයිප් කලිසම් ඇඳ ඇඟිලි ගණනට වැඩිය මුදු දමා උරහිස පැත්තකට බර විච්චා කොල්ලන් කිහිප දෙනෙකු ආවේලු. හැබැයි ඉවරවෙන මොහොතේ උන් පේන්නට නොසිටියේලු. ;-)

ජීවිතේ මල් said...

අහා අහා හා... මේව මල් මසුරන් යෝජනානේ...

Unknown said...

පොඩි දෙයක් කියන්නම්, අද ලිපියෙන් උඹ මට හිතන්න යමක් ඉතිරි කලා..

පිටස්තරයා said...

@Bunny

ඉරාජ්ගේ සින්දු අහන එක එකක්. හොඳ සිංහල සින්දු බිහිවුනේ නැහැ කියන එක තව එකක්. අහන්න දෙයක් නැති නිසා ඉරාජ්ගෙ සින්දු අහනවා කියන්නේ මුචා කියන එක හරි කියන එක නේද? මොකද අපි බස් එකේ යනකොටත් වෙන අහන්න දෙයක් නැති නිසා බස් අජිත්ගේ සින්දු අහනවා.

අනිත් එක ඉතිං කසුන් කල්හාර, ඉන්ද්‍රචාපා වගේ අයත් මේ ලඟඳිත් හොඳ සින්දු එලියට දැම්මා.

ඉරාජ්ගේ සින්දු වලට කැමතියි කියන්න අනිත් සින්දු වලට බනින්න ඕනෙ නැහැ. කැමති වුනාට අවුලකුත් නැහැ. එකම අවුල ඒවට අකමැති සෙට් එකකුත් ඉන්න එකයි.

Buddhi said...

මේවා උඔ හරි කිව්ව එක ලොකු දෙයක්.....

Bunny said...

@මුචලින්ද @පිටස්තරයා..

උබලා දෙන්නාගෙ කමෙන්ට් මම පිලගන්නවා..ඇත්ත ඒක හරි...ලොකුම වැරැද්ද අපේ රටේ මිඩියා වල හා 70 දශකයේ එහෙම තිබ්බ තාක්ශණික ගැටලු..

එකම ප්‍රශ්නය ඉරාජ්ගෙ බාතිය හා වෙනත් අයගේ සිංදු එක්ක පැරණි සිංදුවක් දැම්මම මාර්කට් එක බහින නිසා වෙන්න පුලුවං.. ඉතිං උං බලන්නෙ මොනා හරි කමක් නැ.. අලුත් එකක් දාන්න..

ඒක නිසා හොද අයගේ ගීත වලට තැනක් නැති වෙලා...

කසුන් කල්හාර මම කැමතිම ගායකයෙක්..ඒත් ප්‍රසිද්දිය මදි කම නිසා ගොඩක් දේ හැංගිලා...

මම කවදාවත් ඉරාජ්ගෙ සිංදුවට කැමති වෙලා නැ.. ඒත් ඒකේ තියෙන මියුසික් වල අපුර්වත්වයට හුගක්ම කැමතියි..! ඌ හැමදාම කලේ අලුත් යමක්.. අන්න ඒකටයි මම කැමති...
නැතිව උගේ මෝඩ ආතල් වලට හා මොංගල්තෙරුම් ඇති සිංදුවලට නෙවේ... ඒක සමහර විට ඉරාජ් විසිං පුම්බන්න හදන ගායකයාගෙ වැරැද්ද වෙන්න පුලවං.. මොකද සමහරු හදන්නෙ මොකක් හරි හොද එයක් කරන්න නෙවේ ගොං ආතල් එකක් දිලා ප්‍රෙක්ශකයා අල්ල ගන්න...

මුචා කිවා වගේ 70-60 ගීත රී මික්ස් කලා.. ඇත්තම කිවොත් මට අලොකේ සිංදුව හුගක් දෙනෙක්ට මතක් උනේ ඉරාජ් ඕක රී මික්ස් කරලා ගත්තමම. ඔන්න ඊට පස්සෙ තමා හැමෝටම මතක් වෙන්නෙ මේක පරණ සිංදුවක්, මූ මේක කාලා, කක්කා කරලා කියලා..

ඔය වගේමයි BnS ලාගේ මා හඩවලා එකත්... මම ඒක ඇහුවෙත් මුලිංම BnS ලා ගෙන්මයි..!

උබේ අදහස් වලටද මම ගරුකරමි..!!
වැදගත් දෙයක් කතා කරන්න චාන්ස් එකක් දුන්නට උබට පිං !

Rachintha Jayawardhana said...

@බනියා: ඒ තාක්ෂණික ගැටලු වලත් මාර ආතල් එකක් තියෙනවා. ඒ පරන ගතියෙත්. එහෙම කිව්වත් දැන් කියලා සවුන්ඩ් ඉන්ජිනියරින් වල මහ දෙයක් වෙලා නෑ. ඉක්විප්මන්ට් විතරයි!
උඹ ගොඩ්ස්මැක් ඇල්බම් එකක් ඇහුවනම් හිතේවි කොච්චර ටෙක්නික්ලි සක්සස් ද කියලා.

සහෝදරයා ප්‍රසිද්ධිය මදිකම කියන්නේ හේතුවක් නෙමෙයි. උඹට සින්දු ඕනනම් මගෙන් ඉල්ලපන්. ප්‍රසිද්ධිය නෙමෙයි වැදගත් ජනප්‍රිය කම. ප්‍රසිද්ධිය කියලා උඹ අදහස් කරන්නේ එෆෙම් වල ඉන්න එකයි, අතින් වියදම් කරන් ෂෝ තියන එකයි, හොර ටීවී චාට් වල එක වෙන එකයි නම් ප්‍රසිධ්දිය කියන්නේ මහම මහ මෝඩ ආතල් එකක්!

ඉරාජ් අලුත් දෙයක් කලේ උගේ වොයිස් එකෙන් නෙමෙයි. ඒ වගේම අලුත් කියන හැමදේම අපි බාරගන්න ඕන නැහැ. මොකද අලුත් හැමදේම හොඳ නෑ. ඒ වගේම ඌ ගොන් ආතල් එකක් දීලා ප්‍රේක්ෂකයා අල්ලගන්නේ උගේ ප්‍රේක්ෂකයාටත් ඕන ඒකම නිසා.

දැන් තියෙන්න ඕන පරන හැම එකටම අලුත් ලූප්ස් දාලා රීමික්ස් කරන එක නෙමෙයි, සින්දුවේ කවර් Version එකක් ගහන එක. ඒකියන්නේ තමුන්ගෙම විදිහකට පරන ප්‍රසිද්ධ සින්දුවක් ගහන් එක. ඒත් ඉරාජ්ලා කරන්නේ සම්පූර්ණයෙන් නැසීමක්. උන් කියන එව්වා ඇහුවම පරන එකත් එපා වෙනවා. ඉරාජ් ගෙන් අලුත් සින්දු ඇහුවට කමක් නෑ; ඒකෙන් පස්සේ පරන සින්දුව හොයාගෙන යන්න පුලුවන්නම්!

ජය!

කමෙන්ට් කරපු අනිත් සෙට් එකටත් ජය!

Bunny said...

@මුචා

මම ප්‍රසිද්දිය මදි කම කීවේ, මීඩියා වලින් දෙන ප්‍රසිද්දිය. අපිම හොයාගෙන යන්න ඔනිනේ..
මං ගාව ගෙදර මැසිමේ පැරණි සිංදු 160GB හාඩ් එකක්ම පුරවලා තියෙනවා :-)

ඔය බොරු ආටෝප කාරයින්ට නම් පැනලා මිඩියා වලින් සපෝට් එක දෙන්නෙ..

උබ කියන දේ මම පිලිගන්නවා..

දැන් ඉන්නෙ
සල්ලි කාර තාත්තලාගේ..විනාස කාර දූලා, පුත්තු.. :-)

උබට ජය..!

Rachintha Jayawardhana said...

@බනියා: ඔව් මචන්, මාත් ඕය තැන කිව්වේ මීඩියා ප්‍රසිද්ධිය තමයි! මීඩියා ප්‍රසිද්ධිය දෙන්නේ හොඳ දේට නෙමෙයි යන දේට සහ වාසි දේට!

chanux said...

නාගය කියන ගොඩක් දේ වලට එකඟයි.

අපේ රටේ සංස්කෘතිය කියන්නෙ ඒක ගැන කතා කරන කෙනාට සංසකෘතිය වෙන්න ඕන දේට. නැතුව ඒකට හරි අර්ථ දැක්වීම් නෑ. මහාචාර්ය රැල්ෆ් පීරිස් ගෙ 'සිංහල සමාජ සංවිධානය - මහනුවර යුගය' කියන පොතෙත් තියනව අපේ යටගියාව ගැන කියල. ඒකෙ තියන ගොඩක් ඒව අපේ සංස්කෘතිය කියල ප්‍රසිදධියේ කවුරුවත් කියන්න යන්නෙ නෑ. මොකද ඒව සුද්දන්ගෙන් අපට ආපු සභ්‍යත්වයට නොගැලපෙන නිසා.

කොටින්ම සංසකෘතිය කියල කවුරුත් කෑ ගහන්නෙ දේශපාලන හෝ වෙළඳ අරමුණක් ඉටු කරගන්න විතරයි. ඒ නිසා ඔය සංසකෘතිය කියන මරාලෙ මට එපා වෙලා තියෙන්නෙ.

එදා ඉඳන් අපි තුළ පැවතුනු දේවල්, පස්සෙ වෙනත් ජාති ආගම් එක්ක සම්මිශ්‍රණය වීමෙන් අපට එක් වුන දේවල්, පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි පාලනයෙන් අපට ලැබුනු දේවල් සහ තාක්ෂණය තුළින් ලෝකය සමග එක් වීමෙන් අපට ලැබුණු දේවල් සහ ඉදිරියට ලැබෙන දේවල් එකතු වෙලා ස්වභාවිකව පරිණාමය වන දෙයක් සංස්කෘතිය කියන්නෙ. කාටවත් මේ වෙනස අල්ලල නවත්තන්න බෑ ඒක හොඳ වුනත් නරක වුනත්. මේක තේරුම් අරන් ඉදිරියට යන්නෙ නැතුව බොරුවට දඟලන එක තමයි අද රටට වෙලා තියෙන්නෙ.

--

ඉරාජ් කාරයගෙ පළවෙනි සිංදු සෙට් එක හොඳ වුනත් පස්සෙ ආපුවනම් නිකං කතා වගේ. ඌටත් වෙන කරන්න දෙයක් නැතුව ඇති. රටේම ඉන්න මීඩියා වලින් instant hits ඉල්ලද්දි music ටිකකට මොනව හරිවචන සෙට් එකක් අතෑරල දාල දෙන්නෙ නැතුව පැවැත්මක් නෑ.

malee_msg said...

මරු බං!
මේකට මරු විතරක් කියලා මදි..! ඒ උනාට මරු විතරක් කියලා මෙතනින් ශේප් වෙලා යනවා දිග කමෙන්ට් ලියන්න කම්මැලි හින්දා.. අනිවාර්යෙන්ම හම්බ උනූ දවසක අපි කතා කරමු!

Unknown said...

පැරණි ගී re-mix කිරීම වෙනුවට තමන්ගේම ශෛලියකට Cover version එකක් කිරීම සුදුසු බවයි මගෙත් පිළිගැනීම. නියම ලිපියක්. මේ මගේ මිත්‍රයෙක් ව්සින් කළ cover එකක්.

http://www.youtube.com/watch?v=xrL5skwWcI8

Rachintha Jayawardhana said...

අන්තිමට සද්දයක් දාලා ගිය තුන් දෙනාටත් ජය!

Jay said...

මැක්සා..!!
:D

පිස්සා පලාමල්ල said...

යෝජනා ටික නම් මරු... ඒත් 2/3 බලයෙන් ඔව්ව ඔක්කොම සම්මත නොවෙන තැනට ඇවිල්ලා නොවැ දැන්... ඇති එව්වො කති බොති අරක කරති මේවා බොති... නැති එව්වො ලෙවකති....

නීති හදන්නෙ ඇති එව්වො ඌ කල නැති එව්වොන්ට හෙන ගැසුවදෙන්.

ඉරාජ් ගැන නම් මුල්ම ඇල්බම් එක නම් ගින්දර කියල කියත හැකි... ඒත් දැන් නම් ඉරාජ් ල වැඩ කරන්නෙ ගංජා ගසලදැයි විශ්වාස නැත

Rachintha Jayawardhana said...

අදහස් වලට ස්තුතියි! ජය!

Anonymous said...

මුචා.. "ස" එකට ක්‍රවුඩ් නෑ කියන්න අමාරුයි.. 5000 ටිකට් ඉවරයි ඔක්කොටම කලින් තාමත්.

Pamuditha Zen Anjana said...

මරු සටහනක් මචං...උඹ වගේ කොටු නොවී, නිදහසේ හිතන එවුන් ඉන්නවා කියලා දැන ගන්න ලැබීම ඇත්තටම සන්තෝසයක්!!! උඹට ජය!!!

Rachintha Jayawardhana said...

@Ano: මිත්‍රයා, 5000 ටිකට් කවදත් යනවා ආසා මිනිහා අරගෙන. යන්න ඕන 5000 ටිකට් එක නෙමෙයි. අඩුම ටිකට් එක. දැන්නං ඒකත් යනවා රැල්ලට. අපිත් "ස" බැලුවය කියන්න ඕනවට.

@Zen: ස්තූතියි ලොක්කා!

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!