"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."

Monday, December 27, 2010

අප්පා ඉප්ප සාප්පාටීංගලා?

මා හාන්සි පුටුවේ ඇලවී හිස ඒ මත කුෂන් කැබැල්ලට බර කලෙමි. මහත් සිසිලක් ගත මෙන්ම සිත පුරාද උඩුදුවමින් ඇත. එකල මගේ දෙමව්පියන්ද පැවසූ ලෙසක දරුවන්ගේ විවාහය දෙමව්පියනට කොතරම් අස්වැසිල්ලක්දැයි දැණුනි. මාගේ විවාහයෙන් පසු මාගේ දෙමව්පියන් කෙරෙන් දුටු ඒ සිහිලස මගෙන්ද විහිදෙනු මට දැණිනි. එහෙත් සිතෙහි යම් කුහුලක් දැනෙයි. ඒ කුහුලක්ද? මා සිස්ටම් එක සුණු විසුණු කරන්නට අණුබල දුනිද? මිතුරන් යමක් සිත්හී සඟවා මා සමග සාමීචියේ යෙදෙන්නේද? පියඹගේ මුහුණෙන් යම් උත්තේජිත තිතක් ඉවත්ව ඇති බවක් මා ඇය දෙස බලන සෑම මොහොතකම සිත කියන්නේ ඇයි? මගේ ලේලිය අඩු පාඩුද? නැත. ඇයට දරුවන් වැදිය නොහැකි බවක් වෛද්‍ය පරීක්ෂණ වලින් ඔප්පු වී ඇත්ද? නැත. තිබූ කුහුලද සඟවමින් ඇය ලේලියක ලෙස මා ඍණෙන් ධනට ඇද ඇත.

ඒ සොඳුරු ආදරය ජාතියකින් යට නොවී මා පුතුට ලැබෙන අපූරුව මා හට සිහියට නංවන්නේ මා ජීවිතයේ වසත් කාලය නොවෙත්ද? රැකියාවට පිටවන මාඅ පුතුගේ අතක් වට කොට ඇගේ අතින් බදා උරිස්සට බරව තොඳොල් වන්නේ තවත් මොහොතක හෝ ලබන උණුසුම ඇයට මහෝඝයක් බැවින් නොවෙත්ද? මොණර නිලැති සාරියද, එය වට කල රත්‍රන් රේන්ද ගෙත්තමද ඇයගේ දිස්නයට වැඩිමනත් යමක් එක් කලේය. පතිනයක් බවට ආඩම්බරයෙන් ඇයගේ පුළුල් නළල් තලය මත වැජඹෙන රතු තිලකය ඒ ගර්වය මෙන්ම කෙතරම් ප්‍රියයක් සිතට නගනවාද? තබන තබන පියවරක් පාසා සළඹ නගන රාවය ඇය තරුණ ලැසි ගමනට කෙතරම් රිද්මයක් සපයනවාද? ඇගේ වැල ගැහෙන දෙකොපුල්, ඉරියව් සහ සුහදකම් මගින් මතු කරවන ලාලිත්‍ය මින් තිස් සතලිස් වසරකට පෙර මා පියඹගෙන් මා දුටු ඒ සොඳුරු ලාලිත්‍යම නොවේද? 

දිනෙක උළුවස්සෙන් මිදුල බලා සිටින මට ඉස්තෝප්පුවේ සොඳුරු රූ රටා දකිනු සිත් විය. මා ඒ ක්‍රමයට අනුගත වෙමින් පැවතීම පිලිබඳ මා හද සියුම් සතුටක් මිශ්‍ර වූ චකිතයක්ද ඇති විය. මීලඟ තෛපොංගල් දිනට පුතු අත එම යෝජනාව එක්කර බැලිය යුතුය. මා හට අවැසි දේ කියන්නට තවමත් සිතේ චකිතයක් ඇත. ඇගේ ඇඟිලි තුඩින් පනින පාට කල හාල් පිටි වලින් නැගෙන හැඩ රටා අප නෙතට සොඳුරු දසුනක් මෙන්ම ඈ සිතටද කෙතරම් සිහිලක් උපදවයිද? මදහසක් නගා ඇය මා වෙත පාන ඇඟිලි පුච්චන උළුඳු වඩේ මාගේ රස නහර පිනවන බව මා පෙර සතියේ ලද අත්දැකීමෙන්ම දනිමි. අද උදෑසන ඈ පිළිගැන්වූ පිඟාන මා පිළිගත්තේ එදාට වඩා ගර්වයෙනි. ඈ මා පුතුගේ බිරිඳයි. මාගේ දියණියක් තරමටම කුළුපග සොඳුරු ලේලියයි. දියණියයි.

ඈ මා පුතු සමග සයනේ සුරතල් වී ලොවට තිළිණ කරන අග්‍රඵලය, මුවින් නගන කිරිකැටි සිනහවක මා දෙමල කම සොයන්නේද? ඒ බිලිඳු කැත කුණු කිසිඳු පැකිලීමකින් තොරව මේ සීයා අත නොගාන්නේද? උප්පැණ්නයේ අග නම මගෙන් පුතුටද, පුතුගෙන් මුණුබුරුටද උරුම වීම මා හට කෙතරම් සතුටක් දනවන්නේද? මාගේ පියාද මේ සතුට විඳීමට සිටියානම් යෙහෙකැයි මට සිතිනි. පොඩ්ඩා විසින් මා හට සීයා කිව්වද, පෙරියප්පා කිව්වද එය මාහට සම සතුටක් කැඳවනු ඇත. මුල නම් සඳහා හුරුබුහුටි සිංහල නමකුත් දෙමල නම් පොඩියකුත් තිබීම ඉතා සුන්දර නොවන්නේද? කුමන නමක් යෙහෙක්දැයි සෙවීමට මා සිත උගහට විය.

  • මිත්‍ර රාජන් ජයවර්ධන
  • හිරූ නෙයොමාල් ජයවර්ධන
  • රචින්ත ශක්ති ජයවර්ධන
පෙරදින අමතකව ඇසුවා සේ "අප්පා ඉප්ප සාප්පාටීංගලා?" යැයි විමසන තෙක් මා ගත හාන්සි පුටුවේම තබා සිටියේය. "තාත්තා දැන් කමුද?" යැයි මෙවර පැණය නැගුනු සොඳුරු සිංහල ඌරුවට මද සිනහවක්ද කට කොනට නගාගෙන මා නැගිට්ටෙමි. ප්‍රියඹද පිටුපසින් විත් මා හා කෑම කාමරය දිහාවට යාමට එක්වූවාය. අතුරුදහන් වූ උත්තේජිත තිත ඇගේ මුහුණේ යලිඳු නැගී තිබුණි. Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

15 ක්ම තියෙනවා අදහස්:

පිණිබිඳු... said...

ආදරේට ජාතියක් ජන්මයක් ආගමක් කොහේද?

Chamath Soysa said...

Thats cool! Keep it up!

නිසල් said...

තෝ කැරියෙක්.. තෝ මහ අම්බ කැරියෙක්.. මේක නියමයි ඩෝ! හිතට තිබ්බ පොඩි බයත් නැති උනා. උඹ යකෙක්!

Lishan Puwakowita said...

මේක කියවනකොට මට අමරසිරි පීරිස් ගේ මගේ පුතේ නුඹට ගීතය මතක් වෙනවා මචන්.., අනික මේ අත්දැකීම මට වඩාත් සමීප මගේ නැන්දාගේ පුතාගේ කතාවත් මේකම නිසා..!
ජාතිබේද මොනවා උනත් මේ හම් කෑල්ලට යටින් නහර වල දුවන ලේවල පාට රතු කියලා ආපහු ඔලුවට ඇනලා මතක් කරලා දෙන ලියවිල්ලක්..! මරු!!

ප.ලි► නිසල් කීවාසේ ම උඹ හම්බ යකෙකි..,

අභීත said...

මේකටද මේ මූණු පොත පෙරලුවේ....

පට්ට මචන්..... අපි කවුරුත් එක වගේ සිතිය යුතු තවත් එක දෙයක්....

Anonymous said...

චිකේ.

දුකා said...

ම් ම් ම් ම්
හොඳයි.

චමිල said...

ලියල තියන විදිහ නියමයි මචන්.... සෑහෙන්ඩ රස වින්දා...

රංග - මගේ ලෝකය said...

නියමයි මචං. ආදරේට ජාති බේද නෑ. ඒත් වෙන ජාතියක කෙනෙක්ට ලව් කරන එක ලේසි පාසු වැඩකුත් නෙමෙයි.

මුචලින්ද said...

ස්තූති වේවා! හිතුන හිතුන පොඩි දේක ඉඳන් කියලා ගියාට ස්තූතියි!

ම.ලෝ.: ඇත්ත වෙන්නැති. උඹ ඉතින් ලව් ගැන දන්නැතුව වෙන කවුරු දන්නවද බං!

රංග - මගේ ලෝකය said...

මුචා : නෑ බං. කරන්න බැරි කමක් නෑ. හැබැයි මුල ඉඳන් දැනගෙන ඉන්න ඕනෙ හිතනවට වඩා ප්‍රශ්න ගොඩකට මූන දෙන්න වෙනව කියල. අත්දැකීමෙන් තමා කියන්නෙ.

ඉන්දික උපශාන්ත said...

මුචෝ කලු දෝංකාරය පොතෙත් මීට සමාන කතාවක් යටින් යනව. ආදරේට ජාති භේද නෑ වගේම ජාතිවාදයට ආදරයක් දැනෙන්නෙත් නෑ!

සහෝදරයා said...

ආදරේ වෙනුවෙන් ඕනෙ රිස්ක් එකක් ගන්න පුලුවන් මාර හිත හයිය කෙනෙකුට විතරයි නේද... බොහොම දුකයි මට ඒක කරන්න තරම් ශක්තියක් නැති එක ගැන.... කතාව එල

මුචලින්ද said...

@ම.ලෝ: හ්ම්ම්ම් මටත් හිතුනා මචන්. මටත් මේක මෙහෙම ලියන්න හිතුනේ මගේ යාලුවෙක්ගේ ප්‍රශ්නයක් නිසයි. ඔය උඩ නිසල් කියලා කමෙන්ට් කරලා තියෙන්නේ ඌ තමයි!

අදහස් දැක්වුවට ස්තූතියි සෙට් එකටම!

දිනේශ් දීපාල් said...

Great!!!

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!