"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Monday, January 17, 2011

මම එයාට ලියපු කවි

හැඩවූ විජ්ජුලතාවෝ

කට්ට කළුවරේ
හඳක් බයෙන් වලාකුලක් එක්ක
නිදිවදින වෙලේ...
මම හැඩ මැව්වා
උඹගේ...
දඩාං ගාගෙන
රටා මවපු
විජ්ජුලතාවක් ඇතුලේ...



ඔබේ ආදරේ

[තාලය හොයලා දීපු ලිෂාන්ට ස්තුතියි.]

විඳින පැතුම් සොඳුරු සිතුම්
දකිනා සිහිනන් මනරම්
බලන බැලුම් නිරන්තරෙන්
ඔබ වෙනුවෙන් මා සැමදත්

කලෙක වැනුම් සොඳුරු දෙසුම්
ආලය වඩවයි තවමත්
ඔබත් එක්ක ලොව දකින්න
ආසයි මං මේ ලෙදටත්

සුදූ මැණිකේ මයේ *****
ආදර කම්මැලි නිදිමත
ඇහැරි බලන් තවත් වරක්
මා ඉත්දැයි ඇඳට යටින්

කොට්ටේ බදං තුරුලේ විකං
මැණික් හොයං උණත් බලං
පොඩි ආදර දඟලනවද?
දෙන්න දෙකක් පස්සේ කිරිත්



මම වෙමි

ඔඹේ කඳුල සිනහවක් වන තුරුත්
පරාජය ජයග්‍රහනයක් වන තුරුත්
ඔබ අසලින් නොසෙල්වෙන එකම මිනිස් පුළුට මම වෙමි.

පින්සරු ගැහැනියක්
සොඳුරු හදක්
සුසුඳු වතකට
රෙජිස්ටර් වීමට පොරකන එකම වාසනාවන්තයා මම වෙමි. Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

16 ක්ම තියෙනවා අදහස්:

Anonymous said...

සිරා. මොනවද අර තරු?

අග්න

දුකා said...

මම හැඩ මැව්වා
උඹගේ...
දඩාං ගාගෙන
රටා මවපු
විජ්ජුලතාවක් ඇතුලේ...

මේක තේරුනේ නෑ බන්.
මම හිතාගෙන හිටියේ විජ්ජුලතා කියන්නේ අකුණු ගහනවට කියලා.

Anonymous said...

ලස්සනයි මුචා කවි ටික. හරිම ආසයි උඹලව දකින්න.. මෙ කවි වලින් විතරනෙ දකින්නෙ උබලව..
රවා

වියත් said...

ෆට්ට මචෝ

පූසා said...

උපරිමයි මචං.......

සුලා said...

nice thoughts. . . nice loving experiences. . . nice poetry. . .

නදීෂ said...

හෙහ් හෙහ්. ගති කවිය බුවා. බඳින්න කලින් ඇඳ යට ඉන්නත් එපා; අම්මලට අහුවුනොත් හොඳ නැති නිසා. බැන්දට පස්සේ ඇඳ යට ඉන්න එපා; ආත්ම ගෞරවේට හොඳ නැති නිසා. හෙහ් හෙහ්.. කවි තුනක්ම එක පාර දාපු එක අපරාදේ මොනවා උනත්.

හිස් අහස said...
This comment has been removed by the author.
හිස් අහස said...

මුචා අයියා . පලමු වෙනි එක මගේ ගොං මොලේට වැටහුනේ නෑ .. හැබැයි දෙවනි තුන් වැනි පදවැල් ටිකනම් පට්ට .

ජය වේවා !!

Rachintha Jayawardhana said...

@දුකා: ඔව් ඔව් ලොකු අයියේ.. දිගට ගහන අකුණු වල මට පේන්නෙම එයාගේ රැලි කොන්ඩෙමයි!

@අග්න: මම ටිකක් කල් ලියපු කවියක් මචං.එතන අකුර බොඳ වෙලා ගිහින්!

Comments on other places

Hasith Prasanga Athukorala January 17 at 8:57pm Reply • Report
sira oiiiii.... :)

Tharuka Lakwijaya Mallawa Arachchi Mamath kenekta kavi liwwa, but ithuru une kavi witharai :(
You are lucky macho :)
about an hour ago · Like

පූසා බබා January 17 at 6:45pm Reply • Report
fatta machan :)

Upeksha Premathilaka January 18 at 8:17am Report
godak lassanai malli........

Yasasi Nirma Rajapakse January 18 at 2:44am Reply • Report
1stma kawiya nam niyamayi :D

අනිත් සද්දයක් දාපු උන්ටත් තැන්කියු වේවා!

Lishan Puwakovitage said...

මේව කියවනකොට පොඩ්ඩක් අතීතේ මතක වෙනවා ඒත් මේ ලියලා තියෙන විදියට කැමතියි.., මොකෝ කියන්නේ කවි පොතේ ඉතිරි ටිකත් එක්කලා දාලා ගහමුද පොතක්..?
[ඔන්න අයිඩියාව දැම්ම.., වැඩේ කොරන එක උඹේ ගේමක්] :)

Rachintha Jayawardhana said...

පිස්සුද යකෝ! මෙව්වා පොත් වල ගහන්න තරං දිග සිරා ලස්සන කවි නෙමෙයි. අනික මේවා පොතක ලියලා අදාල තැනට දැනටම යවලත් ඉවරයි. මොනා උනත් තැන්කියු!

Unknown said...

මැව්ව හැඩ, රටාවත්
හිමි නෑ ඉතින්
ඇසුරු සැනින්
පලා ගොසින්
විජ්ජුලතා මා
දමා ගොසින්

සහෝ, උඹ ලව්ව හැඩ මැව්ව විජ්ජුලතාව, මටත් දඩාං ගාලා වැදුනා. :D

බිඟූ said...

අග්න මිසක් නග්න නෙමෙයිනේ...
මරු මචන්

Jay said...

මරු..!

අයේෂා said...

නියමයි අය්යා.... :)

Sinhala Music Videos, Online Watch, New songs, Sinhala songs,Online watch videos ,
Sinhala Music ,Sinhala videos, Hindi music Videos, Hindi movie songs, Hindi Songs


Download music albums , videos and audios...
Sinhala songs , English Songs, Hindi Songs.. Any Song Free Download...100% FREE


Do you like to Enjoy?
A collection of interesting articles , Read nice things here
Funny , Tragedy stories, Love stories, Love Quotes , Life Quotes, Allegory,
Fairy tales, Friendship , Something to learn for life.

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!