"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Thursday, March 24, 2011

විකෘති

හ්ම්හ්හ්. . . වසත් කාලය මනරම්ව ගත කල අතර, කරුම ගෙවීමට කාලය පැමිණ ඇත. "නිදියහන කැලඹෙයි" නොබැලුව මුත් මනස දැඩි ලෙස කැලඹී ඇත. එයද බැලීමට නොහැකි වූයේ ගමේ හෝල් එකට චිත්‍රපටය නොපැමිනි නිසාවෙනි. ඇස් වහගෙන ගැරඬින් මෙන් වෙලී සිටීමක් උදෙසා A/C හෝල් වලට නොගෙවන්නට අප දෙදෙනාගේ දැඩි එකඟතාවයක් ඇත. දෙහිවලට පමණක් සත්තු වත්තක් තිබීම ගැන අප උරණ වූ අතර, කෞතුක භාන්ඩ එක බිල්ඩිමකට කොටු නොකොට කොළඹ අවට තැන් තුනක පමණ තිබුනානම් මේ ඒකාකාරී බවෙන් මිදීමට අපට හැකිව තිබිනි. රුපියල් පනහක මුලු වියදමට කෞතුකාගාරය අපට පාරාදීසයකි. සතියේ දිනවල සෙනගද නැත. පාක්. . . හෙහ්. . . ගස් අප එනු දුටු විට විළියෙන් ඇඹරෙයි. සිකුරිටි අන්කල් අයිඩෙන්ටිය නොබලයි. මේසයක් පුටුවක් නැති ප්‍රධාන කාර්‍යාලය තුල  මූන කට පූට්ටු වූ ජෝඩු අවමය දොලහක්වත් ඇත. පාක් එකට එන සුද්දන් සිතනවා විය යුත්තේ "ගෲප් සෙක්ස්" කියා විය යුතුය. හිස් වන බංකුවකට පොරකෑමට ඉඩක් ලැබෙන තෙක් ඇයත් මමත් ගස් මුල් රත් කරමු. අනන්ත අප්‍රමාන මිතුරන් හමුවෙති;

  • මේ මෙයාට.. පොඩ්ඩක් පාඩං කරන්න බං!
  • දන්නැද්ද මුචා! අද නිවාඩු දවසනේ බං..
  • අද පංසල් යන්න කියලා බං. වෙලා වැඩියි; ඒකයි මේ පැත්තේ..
උන් මං අහන්නත් කලින් මෙයාකාර බොරු කියනතර, උන්ගේ ගෑනු විළියෙන් ඇඹරේ. දෙයියනේ අපිත් ඇතුලට එන්නේ පාඩං කිරීමේ සුපසන් සිතින් වුවද, අනිත් උන්ගේ "පාඩං නකෝ" දුටු විගස අපේ පාඩමට බාලගිරි ගසයි.

ගෝල්ෆේස්, එකම අවුල  ඉර අව්වම පමණය. මූදු හුලං ප්‍රතිරෝදය කපාගෙන යන්න දඟලන ෆිට්නස් කපුටන්ට කෝචොක් එකට හිනාවෙන අප; මුහුදු රැලි ගල් වල වැද ඉහල නගින තෙක් කැමරා මානගෙන සිටිමු. තොල් වලට විවේකයක් ලද ඇසිල්ලේ අනිත් ජෝඩු "මුන්ට පිස්සු දැ"යි ඔලුව හරව හරවා බලති. හුණුපිටියේ වැව මැද හට් එකේ අව්වට අමතර කපුටු අවුලක්ද ඇත. සැවොම පොරකන කොට්ටම්බා ගස් හෙවනේ බංකුව පමණක් සුව ගෙනදේ. දිනෙක නවලෝක පෙට්ටි කඩෙන් සමෝසා ප්ලේන්ටී පහසින් සැනහෙන අප, දිනෙක ස්ටාර් ඩෝග්ස් හොට් ඩෝග්ස් කා රූට්ස් හී ජූස් බොති. වෙනස හරියටම රුපියල් හත්සියයකි. ඒ අප දෙදෙන සති ගණන් තිස්සේ වේල් මගහැර ඉතිරි කල මුදල්ය.  The Cafe 5th හී ළමාතැනී හඩු ඇඳුම් ඇඳ, රබර් සෙරෙප්පු ජෝඩු දමං එන ජෝඩුව දෙසට හෙලන්නේ ජුගුප්සාජනක බැලුම්ය. එහා වැටේ වන "රහීමා" හී කලු කොට වේටර් බුවා බිත්තර රොටි දෙකක්, පරාටා හතරක් සහ මස් හොද්දක බිලක් දාන ජෝඩුවට දක්වන සුහදශීලී සිනහව ඉදිරියේ Cafe 5th ළමාතැනී නිරුවත් වෙයි.

ආදර සිතුවිලි දෝර ගලවන අතරම සාද වෙනුවෙන්ද කලක් වෙන්කල යුතුව තිබුනි. පාසල් කල පටන් සෙට් වන මිතුරන් හත්දෙනා, සෙට් වීම් සෙට් එක, ඉස්කෝලේ සෙට් එක, මොරටුව එක්සත් බේබදු ළමා සමාජය, සයිබර් අවුරුදු උත්සව සංවිධායක කමිටුව, "නිකං ඉන්න බැරි මෝඩයෝ" හී පලමු බැචේ සෙට් එක, දෙවන බැචේ සෙට් එක, මම නොකරන ඩිග්‍රි බැචේ සෙට් එක, පාර්ලිමේන්තුවේ පියාගේ මිතුරු කැල සහ නෑදෑයෝ යනාදී නොයෙකුත් පාර්ශව අතර හමුවීම් සඳහා කාලය වෙන්කල යුතුව ඇත. බේරුවල, පානදුර, මොරටුව, ගල්කිස්ස, දෙහිවල, වැල්ලවත්ත යනාදී බීච් වලද, ඇට්ලාන්ටික්, ලෝටස් ලීෆ්, ඇක් ඔපල්, වයිට් හෝස්, ඩාන්ස්කෝ මෙන්ම කුරණ, වත්තල, මීගමු ප්‍රදේශ වල අවන්හල්ද, තවද අමතක නොකරම බැරි වාද්දුව සෙට් වීම් මූලස්ථානයටද යාම් ඊම් නිතර සිදු වුනි.
අවසානයේ කරපු ලව්, කාපු කෑම, බීපු බීම මෙන්ම ඇවිද්ද මතකයන් දෙකොණින් යාමට වැඩ සිද්ද වී ඇත. සියලු නෝට් ෆොටෝ කොපිය. නිබන්ධන වල ඇති ඉංග්‍රීසි හෝඩිය පමණක් තේරුම් යයි. මෙතුවක් ලියූ විභාග තරමක් ශේප් අතර ඉදිරිය අති භයංකරය. භයට වාක්‍ය අවසන්ය. ඉතිරිව ඇත්තේ කවි පද හතරකි.

ප්‍රොජෙක්ට් සබ්මිට්ය, දත කාගෙන කර    නා
විශයන් භයංකර, තඩි ගිරවුන් දම             නා
ක්ලාස් කැලේ, මෙඩලය පමණක් ගන්     නා
කිසිඳු හතුරෙකුට, මෙ'විපතක් නොවෙ     නා

"විකෘති" හී ප්‍රසිද්ධ ගීයකි.
විභාගේ තමයි අපේ අභාගේ
Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

23 ක්ම තියෙනවා අදහස්:

Abeetha Edirisinghe said...

හිහ්..... මල්ලි.... ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්න ඕන.. පිස්සු විකාර කරන්න හදන්න එපා.. දෙමවුපියන්ගේ සල්ලි... මොනවද මේ එක එක තැන්වල රස්තියාදු ගගහා බිබී කරන වැඩ.. අර අහිංසක ගෑණු ලමයගේ අනාගතේ එක්ක නේද මේ සෙල්ලම් කරන්නේ..... එහෙම හරි නෑ නේද?

තව ලියන්න තිබ්බට ලියන්න බෑ ඕයි.... මටම හිනා යනවා වැදි බණ නේද මේ කියලා මතක් වෙලා......... හික් හික්....

Jay said...

හෙහෙහෙහෙ.. මටත් ඔහොම කාලයක් තිබ්බා වගේ මතකයි.. :D

Indranama said...

සුපිරි මචං!

෴ හසියා ෴ said...

හික් හික් හික් හික්.....

බලලා හොදට හිනාවුනා....මලා බලලා තියෙන්නේ කණ්නාඩියකින් නේද‍....

Thushara said...

අතට කීයක් හරි හම්බවෙන්නේ එහෙමත් දවසකය. එදාට අතිජාත මිත්‍රයන් කීපදෙනෙකුගේ හමුවද නොවරදී. මිත්‍රත්වය දොරේ ගලා යන අතර බෝතලයක් දෙකක් හිස්වේ. අතේ තිබුණු සත පහටද කෙලවේ. ඉදින් දවස් හතර පහක් දෙවේලෙන් ෂේප් කරගැනීමේ මහා සටන ඇරබේ...

පූසා said...

මටත් මේ පාර කෙළවෙයිද මන්දා. මට දුක මම ඔච්චර දේවල් නොකරපු එක ගැන. ඔහොම කරලනම් ෆේල් වුනත් සතුටුයි අෆ්ෆා :(

Unknown said...

අද චරිතාපදානයක්නෙ බොල ලියල තියෙන්නෙ. කාගෙද කියලනම් ම්ම දන්නෙ නැහැ :)

කොහොමහරි ගුරා මට කීව කතාවක් මම බොට කියනව, "උදා වූ වසන්තේ සදා කල් රැඳේවා !!!"

Rachintha Jayawardhana said...

@අභියා: ඔය පේපර් එකට මම ලිව්වා VB

ඈන්ස්: මතකනම් හොඳයි ලොකු අක්කා

@රවා: සියල් සතුන් විඳිති

@හසියා: විනාසයක් නේ ඕයි

@ඉන්දරේ: තැන්කියු ලොක්කා

@පූසා: වටිනම කමෙන්ට් එක. සහ මමත් හිතහදාගන්න හිතන එකම සිතුවිල්ල.

@උමේෂ්: කාගෙද? කාගෙද? තැන්කියු මචං!

පිණිබිඳු... said...

එක සෙමෙස්ටර් එකක් ඉවර වෙලා විභාගෙ ලියද්දි හිතනවා අනික් එකේදිවත් මුල ඉඳලම පාඩම් කරන්න ඕනෙ කියලා. ඒත් හැමදාම විභාගෙට සතියක් ඉතුරු වෙනකල් පාඩම් කරන්න හිතෙන්නෙම නෑ. එක සතියකින් මාස තුනක දේවල් ගිරවා දාගන්නවා. මේ ගිරවා මැරිච්ච දවසට තමා තරු පේන්නෙ.

duliponline said...

අඩේ නවලෝකෙ පෙට්ටි කඩෙයි The Cafe 5th එකයි වෙනුවට Fan Tab එකයි "මලර් කැෆේ" එකයි දැම්ම නං . . . . මගෙ ජීවිත කතාවමයි . . . .

sorry.com said...

oya kiyana rasa apa karaganna englend waren bro..

hare :-) said...

ඉස්සර ඇයත් සමග ලගින්නට තැනක් සොයමින් පාරවල් දිගේ ඔහේ ඇවිද ගිය කාලය මතක් විය. උඹලාට මෙන් කරන්නට පාඩමක්ද නොවීම ගැටළුවක් නොවුණේ දන්නා උන් හමු නොවූ නිසාය. එහෙත් රාජකාරියට හොරෙන් පැන ඒම්, බොරු ලෙඩ දමා නිවාඩු ගැනීම් නම් අම්බානක් සිදුවිය.

ආගන්තුකයා | Stranger said...

අනේ මන්දා බං.. ඕක කාගේ වැරැද්දද? කපල් හැමතැනම. එක අතකට උන්ට යන්න තැනක් නෑනේ.. මම නම් කියන්නේ තමන්ට යන්න ඕනි තැනට තමන් යන්න ඕනි. ඒත් අපේ සිස්ටම් එක ඇතුලේ අපිට ඕනි තැන් හොයාගෙන යන්න බෑනේ. ඒක නිසා මේක ඇතුලේ සස්ටේන් වෙන්න දෙයක් තමා හොයාගන්න වෙන්නේ. ඉතිං ඕක තමා අපි හැමෝම අත්දකින ඇත්ත.

Pasan said...

හික් හික්.. සුපිරියි ඇ.............එකම බෝට්ටුවෙද මන්දා.. හික්ස්........

Pathum Punchihewa said...

රචියාගේ සහ අනෙකුත් සුවහසක් ප්‍රේමවන්තයන්ගේ චරිතාපදානය... කමක් නෑ, දැන් බලනකොට විභාගේ හිතුවට වඩාලේසිනේ. හෙට ඉඳන් ආයේ පටන් ගනින් රස්තියාදුව. නාකි වෙලා ඔහොම රස්ති ගහන්න බෑනේ බන්. (මේ ඒක නෙවෙයි උඹ දැන් කෞතුකාගාරේ මැප් එක කටපාඩමින් දන්නවා ඇති නේ) :)

හිස් අහස said...

මුචා ඔයා ලිවීමට උපන් හපං කොල්ලෙක් ඒවගේමයි මට පේන්නේ බීමටත් හපනෙක් .. මේක කියවන කොට මට තේරුනේ එකම දෙයයි උඹ ගත කරන්නේ සුපිරි ජීවිතයක් ... (මේ මගේ ඇසින් )

මුදියන්සේ said...

මරු මචන්...!
ලංකාවේ ආදරේ කරන එවුන්ගෙ පැත්තෙන් බලලා ලියල තියනවා,
බාටා කටු දාගෙන හරි, පරාටා ප්ලේන්ටී බීගෙන හරි හොදට ආදරය කරපල්ලා. සදා ජය...!!!!

Rachintha Jayawardhana said...

අම්මටසිරි.. තාත්තට ආසිරි.. කමෙන්ට්ස් තොගේ! තැන්කියුස් වේවා!

@පිණිබිඳු: ආයිත් අහලා
@ඕනේ: ඒ කියන්නේ මම ඒතරම්ම චාටර්ද?
@සොරි: අප්පා.. එහේ එච්චරටම අවුල්ද?
@හරේ: පෙර දිනයන් වල අසා ඇථ.
@ආගා: අනේ ඔව් බං. තියෙන පරිප්පුවම එක එක විදි වලට කනවා
@හිප්සි: පාඩං දත් අහනවා. තවත් එක්සෑම් කටු දෙකක් ඇත.
@හිස් අහස: අඩෝ මම එහෙම බොන්නේ නෑ ඕයි. මට එහෙම බොන්න බෑ. සුපිරියක්ම නැතත් ආතල් තමයි!
@අමිලයා: තැන්කියු මචා. ඒක අනිවා එහෙම තමා!

Randika Sedara said...

නොගියෙමි පාක් මට කෙල්ලෙක් නැති හින්දා
නොකලෙමි ගෙදර වැඩ ඒ වැදගත් වැඩ හන්දා
සබ්ජෙක්ට් ඇනී ප්‍රජෙක්ට් කඩා ඇත කොන්දා
ඒ උබ කරපු වැඩමම මං ද කල හන්දා

LishWish said...

මේවා හරි සුන්දර වැඩ..,වටිනාකම එන්නේ තව අවුරුදු 10කින් විතර මේව්ඣා මතක් කරන කොට. මීටරෙන් කලත් බොළඳ උන්ත් ආදරේ කියන්නේ ආදරේම තමා.., අන්න ඒ අවංක කමට උඹ ගරු කරන බව දන්න නිසා මට මේ ලියමන මාර ම එකක්..! මිනිස්සු විසූක දස්සන, මල සමයං කියලා කැටගරි කරන මේ අපේ වයසේ එවුන්ගේ ආදරේ දකිනකොට ඉරිසියා හිතෙන්නේ උන් උංගේ වයසේ දී මේ දේවල් නොකල හින්ද ද මන්දා..!! මොකක් උනත් මේ අත්දැකීම් මටත් එක් කාලෙක් වින්ද නිසා මමත් [තරමක්?] වාසනාවන්තයි කියලා මට ම හිතෙනවා..!
BTW ► exam ගොඩදාපන්..!

කසුන් said...

:)

kanchana said...

කතාවේ ගෑනු සීන් එකේ පොඩි පොඩි කෑලි පීලි පැන්නෙ නැත්නම් සෑහෙන දුරකට සමාන වෙන නිසා කොමෙන්ට් කරන්න හිතුනා.

සරලවම නම් මරු..........

Uuuura said...
This comment has been removed by the author.

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!