"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Thursday, May 26, 2011

නුඹටත් දැනුනාද සකියනේ


සදා දුඹුරු වත මගටම සසල වුණේ
පතා සුවහසම තම තමන් වෙනුවෙනේ
විටෙක විරිඳු තවිටෙක කවි ගයමිනේ
සිඟනුන් වීදියේ වැඩි කිමද නිරිඳුනේ

දෑසේ දුක මවා රැවටුවද කෙනෙකුත්
දෙකකුල් කොර කරං නැම්මුවද හිතකුත්
දරුවෙකු වඩං යහමින් හැඬුවද කොතෙකුත්
කෙසේ පුදනු වෙද මගියා නොහැකි මුකුත්

තේකට පෙඟුණු පාන් වේල සරිද සිරිනිණේ
දා පෙරුණු මිණිසුන් ලුහු අතින් නෙවෙද විසිරුණේ
බැලුවත් නොදුටු මෙන් උඩ බලනවාද සිඟනුනේ
මරණයෙහි සුවඳ නුඹටත් දැනුනාද සකියනේ

ටයි පොලු දමා යටි මඩිකම් තොරක් නැතී
සළුපට ලිහා දෙන වත වෙත අධි මිලැතී
කාකි ඇඳුම වෙත පගාව ඇවිද එතී
සිඟමන උඩට ඔය පක්කලි යටට යතී

පන්සල් රෝහල්ද මහ සැල් අසල හිනැහුණේ
දුකම උරුමයද යට ගිලි නෙතු තුල තිබුණේ
රුපියල දෙකට එක්වුණු අත් බිම නැමුණේ
හෙටක් නැති රටක ධජය නුඹලාද සිඟනුනේ


"මංජුල වෙඩිවර්ධන කවියක්" පාදක විය.
ඡායාරුව අයත් වෙබ් අඩවියට යෑමට ඒ මත ක්ලික් කරන්න.
Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

9 ක්ම තියෙනවා අදහස්:

Dee said...

සිඟනුන් වීදියේ වැඩි වෙන්න, සිඟන මුදලාලිලා වැඩි වීමත් හේතුවක්!

තාරා said...

ලස්සන කවියක්...

හතුරා ;) said...

දැක්ක ගමන් මම හිතුෙව් Photo එකත් උඔ ගත්ත එකක් කියලා.එෙහම උනානම් පටිට. අදහස ලස්සනයි මචං. එල....

පිටස්තරයා said...

හෙටක් නැති රටක ධජය නුඹලාද සිඟනුනේ

unofficially ඔව් කියන්නත් පුලුවන්.

කතාවක් තියෙනවනේ රටක සමාජ දියුණුව මනින එක සාධකයක් කියල ඒ සමාජෙ අන්තම තත්වයෙ ඉන්න අයට සලකන විදියෙන්.

සිරා වචන ටික!

hare :-) said...

ඇමරිකවෙත් හිඟන්නු ඉන්නවලු. ගොඩක් පෝසත් රටවලත් හිඟාකෑමෙන් ජීවත් වෙන කොටසක් ඉන්නවලු. (සෑහෙන්න කාලෙකට කලින් කියෙව්වා) ඒක සමාජයේ රටාවන් තුලනය කරන එකක්ය කියලයි මට හිතෙන්නේ. අපි ඕක මානුෂික අර්ථයකින්නෙ බලන්නේ :D

මරු!

Lishan Puwakovitage said...

පරිසර තුලනයට කබරයාගේ සහ කපුටාගේ දායකත්වය කොතරම්ද ඒ තරමට ම මනු සමාජයකට ඌණ ආදායම් ලබන්නන්ගේ සහ යදින්නන්ගේ දායකත්වය වැදගත් වෙනවා.., ලංකාවේ ගණිකාවෝ ලියාපු මහාචාර්යවරයාගේම තවත් නිබන්ධනයක් වෙන ලංකාවේ යාචකයෝ පොතේ මේ මිනිසුන්ගේ චර්යා රටා හොඳින්ම විදහා දක්වලා තියනවා.., සමහර අවස්ථාවල ආණ්ඩුවේ රස්සාව කරන ක්ලාක් කෙනෙකු ලබන දෛනික පඩියකට වඩා වැඩි වේතනයක් ලබන මේ මිනිසුන් කොට්ඨාසය අතීතයේදී සිඟමන් යැද්දේ තමන්ගේ ජීවිකාව සඳහාම වුවත් මේ වන විට ඔවුන් වෙනත් ජීවිකාවකින් උපයන්නට නොහැකි තරමේ වෙතනයක් ලබන නිසාවෙන් මෙහි යෙදී සිටිනවා යැයි කියන්නටත් පුලුවන්, මේ මගේ පෞද්ගලික අදහස..,
මොනවා උනත් යදින්නා කියන තත්වයට [සිඟමන් ම නොවුනත්] වෙනත් මාර්ගයකින් හෝ අපිත් කුමක් හෝ යදින තත්ත්වයට කවදා හරි මොහොතකට හරි පත්වෙන්න ඉඩතියෙන බව මම අදටත් අදහන දෙයක්..!
ප.ලි.► උඹේ අතින් දැන් කවි ලියවෙනවා අඩුයි.., ලස්සන හැකියාවක් දියවෙන්න දෙන්න එපා..!
ජය!

Rachintha Jayawardhana said...

ඩී කියන්නා වගේම ඒක ඇත්ත. රඟපාන්න පුරුදු කරන හිඟන ඇක්ටින් ස්කූල්ස් ගොඩායි.

හර්ෂයා, පින්තූරෙත් මටම ගන්න තිබ්බනම් හොඳයි තමා. ඒත් මොනා කරන්නද?

චමිලයා, අන්තම තත්වෙ උන්ට සලකන විදිහත් හරි නෑ, උන් ඉන්න විදිහත් හරි නෑ, උන්ට හරියට ඉන්න බැරි කමකුත් නෑ.

ඔව් උන්ට පඩිත් දෙනවලු හරේෂ් අයියෙ

ලිෂා, හපෝ ඔව් අපි හැමෝම යදින්නෝ නෙ. හොයන් කියවන්න ඕන ඔය පොත. එහෙම මගුලක් නෑ බං, එන විදිඅහට තමා කවි ලියන්නෙ. හිතට එන්නෙම නෑ!

රවා said...

ශ්‍රි ලංකාවෙ යාචකයා,මහාචාර්ය නන්දසෙන රත්නපාල මහත්තයා ලියපු පොතක්. කියවපන්.. මම එ පොත කියව්වට පස්සෙත් එද්දි සාක්කුවෙ ඉතුරුවෙන රුපියල 5, 10 ය හිගන්නෙකුට දෙනවා.. කවුරු හරි කෙනෙක් ජිවත් වෙනවානෙ කියලා හිතලා. ඔය ලොකු ලොකු ටයිකොට් දාගෙන, සුපිරිවාහන ඇතුලෙ පැද්දෙන හිගන්නන්ට වැඩිය ඔය පාරෙ හිඟාකකා ඉන්න හිගන්නො රටකට වටිනවා එක අතකට. හිඟන්නො බිස්නස් එක නතර කරලා ප්‍රොෆිට් එක බලන වෙලාවට හිමිට කිට්ටු කරලා බිස්කට් එකක් දිපන් මොකද වෙන්නෙ කියලා බලන්න...
කවිය වැදුනා.. අන්තිමටම කල්පනා කරද්දි අපි හැමොම හිගන්නො බන්... හිගන්නො ඇවිල්ලා සුපිරි පොහොසත්තු...

Jay said...

ඇත්තටම මරු...

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!