"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Tuesday, August 16, 2011

මගේ තාත්තා


සදා තෙදැති ගත හෙටටම වෙහෙස වුනේ
පතා සුවහසම මා සහ මවුන් වෙනුවෙනේ
විටෙක උපදෙස්ද විටෙක රැවුම් රවමිනේ
තාත්තා හට අදට පනහක් සපිරවුනේ

දුරදිග සිතා මොනයම් කීවද කොතෙකුත්
නොඅසයි නම් මෙමා තව කීවද සැරෙනුත්
කෙදිනක හෝ ඔබ මා සිතුවිලි සමමුත්
කෙසේ එකඟ වෙද මුරණ්ඩු ලෙයෙහි අරුත්

රෑ තුරු මා එනතෙක්ම ඇහැ ඇරන් සිටිමිනේ
කිසිත් නොම කියා ඇයි ඔබ නින්දට යැවුනේ
මුවගට සිනා රැල්ලක් නොවැ ඇඳී තිබුනේ
"අති විශේෂ" සුවඳ දැණුනා නොවෙද පියාණනේ

මගේ පැරදුමට ඔය නෙත් හැඬූ බව දනිමී
එලෙස දිනුමටද නෙත් දිලිසෙනු දුටිමී
සියල් තැන්හී මා පසුපස ඔබ විඳීමී
පොඩි රහසක් පවා ඔබ හට නොසඟවමී

පරිපාලන මහ බිල්ඩිං තුල ජවයෙන් දිලිස වුනේ
දැණුම පුරවගන්නට නිති වෙහෙස වුනේ
නුඹෙන් සවිය ලද අත් දෙක එකතු වුනේ
මා පවතින ලොවට මහ රජ නුඹ පියාණනේ

තාත්තට ජයෙන් ජයම වෙන්න ඕන. සුබ උපන්දිනයක් ලොක්කා!
Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

16 ක්ම තියෙනවා අදහස්:

Unknown said...

උඹේ තාත්තට : සුභ උපන්දිනයක් වේවා.. මෙවන් පොරක් සැදූ ඔබට තුති.. :)

malee_msg said...

කොල්ලෙකුට ඉන්න පුළුවන් හොඳම වර්ගයේ තාත්තා කෙනෙක් වෙච්ච මුචා පියාට සුභම සුභ උපන් දිනයක් වේවා..!! වැඩි වැඩියෙන් සතුටම ඉතිරේවා...!!!

සිරාවටම ‍මුචෝ ඩැ‍ඩාට පණහද? එච්චර පෙන්නේ නැහැනේ..!!!!

කොම්පීතරයා said...

සුබම සුබ උපන්දිනයක් කියුවා අපිත් එහෙනම්.....:D

දුකා said...

උඹේ ආදරණීය තාත්තාට සුභ උපන්දිනයක් වේවා . . .. !

Buddhi said...

උඔයි තාත්තායි සතුටුසාමිච්චියෙ යෙදෙද්දි යාලුවො දෙන්නෙක් වගේ ෆිට් එකේ ඇති නේද?

Unknown said...

Adamai awe topiyak kanna

gune ayya

හා පැටික්කි (MS) said...

අපිත් අයිය‍ගේ තාත්තට සුභම සුභ උපන්දිනයක් එක්ක නි‍රෝගි සම්පතින් පිරුණු දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා......!!!!

කවි පන්තිය අමුතු හැඟීමක් හිතට ‍ගේනවා තාත්තා ගැන.

පබලු said...

ඔයාගේ තාත්තට සතුට පිරුනු උපන්දිනයකට සුභ පතනවා :DDDDDD

රවා said...

උඹේ ආදරණීය තාත්තාට සුභ උපන්දිනයක් වේවා . . .. !

Buru Babe said...

රචී පියාට සුභ උපන් දිනයක් වේවා....
අර නාග බුලත් කොල දීලා නේද වැන්දේ...

පූසා said...

උඹේ තාත්තාට සුභම සුභ උපන්දිනයක් වේවා!

hare :-) said...

වාද්දුවෙ අංකල් මචංට පස්සෙ අපට ඉන්න අංකල් මචං මුවාගෙ පියා මචං තමයි. සෙට් වෙලා නැතිවට ඒ වගේ සමීපයි. පුතා මොකද අප්ප මොකද? සුභ උපන් දිනයක් එක්ක දීර්ඝායු ප්‍රාර්ථනා කරනවා. :D

හිස් අහස said...

මුචාගේ තාත්තට සුබම සුබ් උපන්දිනයක් වේවා කියලා මාත් ප්‍රාර්ථනා කරනවා !!

උදයංග said...

මුචාගේ පියාට සුබේ සුබ, සැපේ සැප උපන්දිනයක් වේවා!! ආයුබෝ වේවා !!!!

Jay said...

මුචාගෙ පියාට මගෙත් පමා වු සුභ පැතුම් දෙන්න.
දීර්ඝායු පතනවා.
[කාලෙකින් රීඩරේට ගොඩවුනු නිසා කියවන්න පමාවුණා, මේ පෝස්ට් එක දැක්ක ගමන් කමෙන්ට් එකක් දාන්න ගොඩ වුණේ]
:)

Rachintha Jayawardhana said...

එළ! සෙට් එකටම පට්ට ස්තූතියක් සද්දයක් හලලා ගියාට!

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!