සදා තෙදැති ගත හෙටටම වෙහෙස වුනේ
පතා සුවහසම මා සහ මවුන් වෙනුවෙනේ
විටෙක උපදෙස්ද විටෙක රැවුම් රවමිනේ
තාත්තා හට අදට පනහක් සපිරවුනේ
දුරදිග සිතා මොනයම් කීවද කොතෙකුත්
නොඅසයි නම් මෙමා තව කීවද සැරෙනුත්
කෙදිනක හෝ ඔබ මා සිතුවිලි සමමුත්
කෙසේ එකඟ වෙද මුරණ්ඩු ලෙයෙහි අරුත්
රෑ තුරු මා එනතෙක්ම ඇහැ ඇරන් සිටිමිනේ
කිසිත් නොම කියා ඇයි ඔබ නින්දට යැවුනේ
මුවගට සිනා රැල්ලක් නොවැ ඇඳී තිබුනේ
"අති විශේෂ" සුවඳ දැණුනා නොවෙද පියාණනේ
මගේ පැරදුමට ඔය නෙත් හැඬූ බව දනිමී
එලෙස දිනුමටද නෙත් දිලිසෙනු දුටිමී
සියල් තැන්හී මා පසුපස ඔබ විඳීමී
පොඩි රහසක් පවා ඔබ හට නොසඟවමී
පරිපාලන මහ බිල්ඩිං තුල ජවයෙන් දිලිස වුනේ
දැණුම පුරවගන්නට නිති වෙහෙස වුනේ
නුඹෙන් සවිය ලද අත් දෙක එකතු වුනේ
මා පවතින ලොවට මහ රජ නුඹ පියාණනේ
තාත්තට ජයෙන් ජයම වෙන්න ඕන. සුබ උපන්දිනයක් ලොක්කා!
16 ක්ම තියෙනවා අදහස්:
උඹේ තාත්තට : සුභ උපන්දිනයක් වේවා.. මෙවන් පොරක් සැදූ ඔබට තුති.. :)
කොල්ලෙකුට ඉන්න පුළුවන් හොඳම වර්ගයේ තාත්තා කෙනෙක් වෙච්ච මුචා පියාට සුභම සුභ උපන් දිනයක් වේවා..!! වැඩි වැඩියෙන් සතුටම ඉතිරේවා...!!!
සිරාවටම මුචෝ ඩැඩාට පණහද? එච්චර පෙන්නේ නැහැනේ..!!!!
සුබම සුබ උපන්දිනයක් කියුවා අපිත් එහෙනම්.....:D
උඹේ ආදරණීය තාත්තාට සුභ උපන්දිනයක් වේවා . . .. !
උඔයි තාත්තායි සතුටුසාමිච්චියෙ යෙදෙද්දි යාලුවො දෙන්නෙක් වගේ ෆිට් එකේ ඇති නේද?
Adamai awe topiyak kanna
gune ayya
අපිත් අයියගේ තාත්තට සුභම සුභ උපන්දිනයක් එක්ක නිරෝගි සම්පතින් පිරුණු දීර්ඝායුෂ ප්රාර්ථනා කරනවා......!!!!
කවි පන්තිය අමුතු හැඟීමක් හිතට ගේනවා තාත්තා ගැන.
ඔයාගේ තාත්තට සතුට පිරුනු උපන්දිනයකට සුභ පතනවා :DDDDDD
උඹේ ආදරණීය තාත්තාට සුභ උපන්දිනයක් වේවා . . .. !
රචී පියාට සුභ උපන් දිනයක් වේවා....
අර නාග බුලත් කොල දීලා නේද වැන්දේ...
උඹේ තාත්තාට සුභම සුභ උපන්දිනයක් වේවා!
වාද්දුවෙ අංකල් මචංට පස්සෙ අපට ඉන්න අංකල් මචං මුවාගෙ පියා මචං තමයි. සෙට් වෙලා නැතිවට ඒ වගේ සමීපයි. පුතා මොකද අප්ප මොකද? සුභ උපන් දිනයක් එක්ක දීර්ඝායු ප්රාර්ථනා කරනවා. :D
මුචාගේ තාත්තට සුබම සුබ් උපන්දිනයක් වේවා කියලා මාත් ප්රාර්ථනා කරනවා !!
මුචාගේ පියාට සුබේ සුබ, සැපේ සැප උපන්දිනයක් වේවා!! ආයුබෝ වේවා !!!!
මුචාගෙ පියාට මගෙත් පමා වු සුභ පැතුම් දෙන්න.
දීර්ඝායු පතනවා.
[කාලෙකින් රීඩරේට ගොඩවුනු නිසා කියවන්න පමාවුණා, මේ පෝස්ට් එක දැක්ක ගමන් කමෙන්ට් එකක් දාන්න ගොඩ වුණේ]
:)
එළ! සෙට් එකටම පට්ට ස්තූතියක් සද්දයක් හලලා ගියාට!
Post a Comment
කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!