"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Wednesday, August 31, 2011

චිත්ත වංකගිරි නිර්මාණය


මිනිසුන් අතරමං කිරීම.  පලමු සහ සුවිශේෂම කාරණය, මෙය අන් මිනිසුන් අසරණ කිරීමක් නොවන බව. ඔබේ දැනීම උදෙසා, ඔබ අන්‍යන් තේරුම් ගැනීම උදෙසා ආත්මාර්ථය පෙරටු කොටගෙන අන්‍යන් අතරමං කිරීම. මේ තුල ඔබටත් සුවිශේෂ ආරක්ෂාවක් නෑ. මෙය සිදු කිරීමට ඔබද ඔබගේ චිත්ත වංකගිරිය තුල ජීවත් විය යුතුයි. එසේ නැති වුවහොත් වංකගිරිය නිර්මාණය කරන ඔබේ සැබෑ ජීවිතයේ බොහෝමයක් දේ බිලිදීමට සිදු වෙනවා. එනිසා මෙය ඔබ පිටත සිට ආරක්ෂිතව සිදු කරන ක්‍රියාවක් නොවෙයි. ඔබ වෙත තිබෙන එකම වාසිය ඔබ එහි නිර්මාතෘ වීමම පමණයි. ඔබ එම වංකගිරියේ සැලැස්ම හොඳින් දන්නවා. එසේ දැනගත්තා වුවත් ඔබට එයින් පිට විය නොහැකියි. මන්දයත් ඔබ වංකගිරියෙන් පිටවුනු වහා එහි නිර්මාතෘ හෙලි කරගැනීමට පහසු වෙනවා. එනිසා ඔබ එය ඇතුලත ජීවත් විය යුතුයි. ඔබ එහි ප්‍රධාන නළුවා. සිහි තබා ගත යුතු දෙවන කාරණය, වංකගිරියෙන් පිටතද මිනිසුන් සිටිනවා. එනිසා තාප්ප සහිත ඔබේ වංකගිරියට වහලයක් සාදාගන්නේ නම් මැනවි.

මින්පෙර මෙයාකාරයේම ලිපියක් වෙනත් අඩවියක පලවී තිබුනා. එම ලිපියේ ප්‍රධානතම අවබෝධය දෙනු ලබන්නේ "අනන්‍යතාවය" ගැන. මේ ලිපියේ ප්‍රධානතම අවබෝධය දෙනු ලබන්නේ "අවබෝධය" ගැන. එසේ අවබෝධය ලබා ගැනීමට අනන්‍යතාවය වැදගත්. චිත්ත වංකගිරි වැඩිපුරම නිර්මාණය කල යුත්තේ මුහුණට මුහුණ වැඩිපුර හමු නොවන චරිත සඳහා. පෙර කිවූ අඩවියේ පලවූ ලිපිය අනන්‍යතාව සම්බන්ධව තව දුරටත් තර්ක කිරීමෙන් මා ඈත් කලා. එම නිසා එහි තර්කය අඥාත වූ අනන්‍යතාවයකදී අතිශය සාර්ථකයි. සෙවීම් නිෂ්ඵල විය හැකියි. ඔබ තවත් වංකගිරියකට ඇතුල් වූවාද දන්නේ නෑ. සිහි තබා ගත යුතු තෙවන කාරණය, මේ නිර්මාණය ක්‍රියාත්මක කරන්නේ සිහිනයක් තුල නෙමෙයි. සිහිනයක් තුලදී එහි ක්‍රියාත්මක වීමේ කිසිඳු බලපෑමක් පියවි ලොවේදී බලපෑමක් වෙන්නේ නෑ. සාමාන්‍යයි. පියවි ලොවේ ඔබේ සතුරෙකු සමග සිහින ලොවේදී ඔබ එක්ව යම් ක්‍රියාවක් කලා විය හැකියි. නමුත් පියවි ලොවේදී නැවතත් ඔහු ඔබේ සතුරා. නොඑසේනම් පියවි ලොවේ මිතුරාට සිහින ලොවේදී ඔබ එලව එලවා පහර දුන්නා විය හැකියි. නමුත් නැවතත් පියවි ලොවේදී ඔහු ඔබේ හොඳම මිතුරා. යටි සිත තුල යමෙකු පිළිබඳ ඔබේ ඇති සත්‍ය හැඟීම පියවි ලොවේදී බලපෑම් කරනවා අඩුයි. මන්දයත් "ලෝකය රඟ මඩලකි. අප එහි රඟන නළුවෝ වෙමු."

සිත පාලනය කිරීම මනුෂ්‍යයනට අපහසු දෙයක්. අන් අයට ඔවුන්ගේ සිත පාලනය කිරීම අපහසු බැවින් ඔබට එම වාසිය ඔබේ චිත්ත වංකගිරිය සඳහා යොදාගත හැකියි. සිව්වන කාරණය, ඔබ මනුෂ්‍යයෙකු බැවින් එය ඔබටත් බලපෑ හැකියි. චිත්ත වංකගිරි නිර්මාණයේ ඇතුලත, ඔබ හෝ ඔබ අතරමං කිරීමට සැලසුම් කරන පුද්ගලයා හෝ සමාජය උදෙසා නිර්මාණය කරන්න. ඔබට ප්‍රශ්නයක් මතු වේවි, ඔබට ආවේණික ආකාරයකට පසුබිම සකස් වීමේදී ඔබ දෙසට සැකයේ ඇඟිලි එල්ල වීමට ඉඩ ඇතියි කියා. ඔව්, ඒ සැකයක්. ඕනෑම අයෙකුට සැක කල හැකියි. නමුත් ඔවුනට සැකය ඔප්පු කරගත හැකි එකම මග ඔබගේම පාපොච්ඡාරණයකින් පමණයි. සිතට ගත යුතු පස් වන කාරණය, එය ඔප්පු කල හැකි වන්නේ ඔබෙන් සිදුවන "වාචික" පාපොච්ඡාරණයකින් පමණයි. මන්දයත් නූතන තාක්ෂණය තුල Photoshop මෘදුකාංග භාවිතය ඉතාමත්ම සරළ දෙයක් වීමයි. ආරක්ෂාව සඳහා වංකගිරිය සැලසුම් කිරීම ඒ ඒ මොහොතට සැලසුම් කරන්න. නැතහොත් ඔබේ ඉදිරි සැලැස්ම පිලිබඳ ඉඟියක් ඊට පෙර පිටවීමට පුලුවන්. ඔබත් මනුෂ්‍යයෙකු නිසාවෙන්.

වංකගිරි නිර්මාණයේ දක්ෂ වීමට එක්තරා මූලික අභ්‍යාසයක් තිබෙනවා. ඒ ඔබ අනුන්ගේ වංකගිරියක පැටලීමයි. පලමුව චිත්ත වංකගිරියක ඔබ පටලන්නට උත්සහ කරන්නෙකු සොයාගත යුතුයි. ඔව්, එවැන්නන් එමටයි. ඔවුන් සෙවීමට ඔබට යම් අවබෝධයක් තිබිය යුතුයි. ඉන්පසු ඔවුන් නොදැනෙන ලෙස ඔවුන් ගේ වංකගිරියේ සැරිසැරිය යුතුයි. එසේම ඔබ එම වංකගිරිය තුල පැටලී ඇති වග ඒ පුද්ගලයාට හැඟවිය යුතුයි. නමුත් අනුන්ගේ වංකගිරි තුල තමුන්ගේ අනන්‍ය ලක්ෂණ, රහස් සහ තොරතුරු පිටවීමේ අවධානම වැඩියි. එම නිසා ඒ වෙනුවට නියැලීමට ඔබට සරළ ජංගම දුරකථන ක්‍රීඩාවක් යොදාගත හැකියි. "Snakes", snakes ඕනෑම සරළ ජංගම දුරකථනයක ඇති ක්‍රීඩාවක්. Snakes හී විශේෂත්වය ඇම් යොදමින් ඔබ නම් වූ සර්පයා විනාශ කොට පරාජය කිරීමයි. එහි තත්වයන් ඉහල යාමේදී snakes ක්‍රීඩාවට mazes නොහොත් වංකගිරිද එක් වුනා. එය ක්‍රීඩා කරන්න. එම සියලු ඇමවල් ගිලින්න. ඒවා නොගිලන තාක් ඔබ එක තැන. ඇම සොයමින් යන්න. ඔබට ඇම යොදන පුද්ගලයාගේ සියලු ඇම් ඉවර කරන්න. ගඩොල් බිත්තියක ඔලුව හප්පා ගත්තද, තමුන් විසින් තමුන්ව නොකන තැනට වගබලා ගන්න. එහි සැරිසැරීමෙන් තමුන්ට ලැබෙන ඥානය අනුව ඒ තුල ඔබ වර්ධනය වනු ඇති. එම ක්‍රීඩාවේ මූලධර්ම ඔබ කරන චිත්ත වංකගිරියටද යොදාගන්න. එය මදක් සංකීර්ණ වන්නා සේම, එය මහත්සේ ප්‍රථිඵල ගෙනදෙනවා. එය පැරඩොක්සීය නැඹුරුවක්ම කර නොගන්න. මන්දයත් ජනප්‍රිය ක්‍රමයකට පිටුපෑවුන් ඔබට බොහෝමයක් හමු වනු ඇති.එය අන්‍යන්ට ප්‍රතිවිරුද්ධව සිත මෙහෙයවීමක් බවට පෙළඹවාගන්න. එවිට යම් මොහොතක ඔබට ජනප්‍රිය ක්‍රමයට පක්ෂව සිටීමටද සිදුවිය හැකියි. හයවන සහ අවසාන කාරණය, ඔබ නිර්මාණය කල වංකගිරිය ඔබට අවැසි වේලාවක, ඔබට හානියක් නොවී නැවැත්විය හැකියි. ජය වේවා!

ප.ලි: මේක Inception වගේ ගොබ්බ ෆිල්ම් එකකින් ගත්තු දෙයක් නෙමෙයි. මේක ඊට කලින් ඉඳන් තිබ්බ සිතුවිල්ලක්. මේකට චිත්‍රපටයකින් උදව්වක් ලැබුනනම් ඒ The Prestige චිත්‍රපටයෙන් පමණයි. Inception ඔස්සේ මේ ගැන හිතන්නෙපා!
Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

13 ක්ම තියෙනවා අදහස්:

Kasun said...

Inception :)

Prabhath said...

අතරමං....

Rachintha Jayawardhana said...

@Kasun: Inception නෙමෙයි. ඒක මෙලෝ රහක් නෑ. ඒ විදිහේ පොඩි රටාවක් තියෙනව තමයි. හැබැයි ඒක නෙමෙයි. මේ වෙනින් සිද්ධියක්.

තිස්ස දොඩන්ගොඩ said...

Alias...!!!

Anonymous said...

මට මේ පෝස්ට් එක කියවද්දි "Prestige" ෆිල්ම් එකේ මේ ඩයලොග් එක මතක් වුනා :)

""Every great magic trick consists of three parts or acts. The first part is called "The Pledge".
The magician shows you something ordinary: a deck of cards, a bird or a man. He shows you this object. Perhaps he asks you to inspect it to see if it is indeed real, unaltered, normal. But of course... it probably isn't.
The second act is called "The Turn". The magician takes the ordinary something and makes it do something extraordinary. Now you're looking for the secret... but you won't find it, because of course you're not really looking. You don't really want to know. You want to be fooled. But you wouldn't clap yet. Because making something disappear isn't enough; you have to bring it back. That's why every magic trick has a third act, the hardest part, the part we call "The Prestige"."
""

Anonymous said...

උඹ සෙල්ලං කරලා බලහං ෆ්ලෑස් ගේම් එකක් තියෙනවා වංකගිරියක...

මහා ලොකු දෙයක් නෑ හිතන්න දේකුත් නෑ... පාර හොයාගෙන එලියට යන්න තියෙන්නේ..., හැබැයි අනිත් පැත්තෙන් තව එකෙක් ඉන්නවා අපිත් එක්ක තරඟෙට...!

~ChAnDiKa~ said...

ආයෙ පාරක් කියවන්න වෙයි වගේ :(

හූනා said...

මැක්ස්. කියවන්න පටන් ගැන්මෙන්ම ඇදිල යන්නෙ inception එක්කල.සහෝගෙ විග්‍රහයත් එක්කල තමයි prestige අදාල කෙරෙන්නෙ. අදහස මරු.ටිකක් සංකීර්ණයි.

ජීවිතේ මල් said...

ලිපිය තාම කියෙව්වෙ නෑ... ඒත් උඩින් පල්ලෙන් දුටු එක දෙයකින් මට උඹට 5ක් දෙන්න හිතුනා..

ඉන්සෙප්ශන් එකෙ ශ්‍රෙස්ඨ කොයි දේද කියලා මාත් ලෝකෙ පෙරලගෙන හෙව්වා. හෑමෝම කිව්වා ඒක පට්ට ! කියලා.. කොහෙද ඒ 'පට්ට' තියෙන්නෙ කියලා ආයෙත් බෑලුවා... ගණිත ගැටලුවක් උනත් ගෑටලුව හදපු එකාට විතරක් විසඳන්න මට්ටමටම සංකීර්ණ කලාම එතන නිර්මානයක් තීයේද සෑකයි... නාට්‍යමය ස්වරූපය ගිලිහුනාට පස්සෙ ඒක එක පස්සෙ එක එන රූප පෙලක් නෙව !!! මන නම් ඉන්සෙප්ශන් දෑනුනෙ ඒ වගෙ !

PRESTIGE !!!! අන්න නිර්මාණ... ! ඒක නම් පට්ට !!!!!!
ලිපිය කියවල ඉතුරු ටික ලියන්නම්

කොම්පීතරයා said...

Snake කන පැලෙනකන් ගහ ගහ හිටියට මොකෝ,මෙහෙම දෙයක් කල්පනා වුනාද නිකන්වත්????Inception ගොබ්බ ෆිල්ම් එකක් කිව්ව එකනම් මුචා අයියේ,හරියටම හරි.....:D

හසී said...

ටිකක් තේරුනා කියලා හිතුනා කල්පනා කරලා බැලුවාම... :)

Prestige ගැන කියනවානම් දිල් අක්කා කිව්වා වගේ පට්ට නිර්මාණයක්..!

Lishan Puwakovitage said...

කෙටියෙන් කියනවා නම් අපි තුලම අපි ප්‍රාකාර ඉදිකරගෙන ඒ ප්‍රාකාර තුල අපි ඉඳිමින් අන් අයට අපේ ජීවිත සඳහා බද්ධි විය හැකි මාර්ග වසමින් ඔවුන්ටත් නොදැනම ඔවුන් සඳහා සීමාවන් [ප්‍රාකාරයන්]තැනීමයි. මේ ප්‍රාකාර තැනීම බෝහෝ අය කරන්නේ රහසින් වුව.., සමහර දෙනා එළිපිටම පුද්ගල විශ්වාසවන්ත භාවයන්ට අභියෝග කරමින් ප්‍රාකාර [වංකගිරි?]තනනවා..,
එහෙත් නියම ලෙසින් අපට වංකගිරි මානසිකව තනමින් ඒ තුල හැසිරීමක් කරනවා ඇරෙන්න වෙන දෙයක් කරන්නට වෙන්නේ නෑ නේද කියලා හිතෙන්නේ අන් අයත් අපව පිටස්තරයින් කරලා උනුන්ගේ වංකගිරි වල අපව සීමාගත කිරීම මගින්.
ඉතින් ඔලුව බිත්ති වල හපා ගන්නේ නැතුව ඉන්න පුලුවන් වෙන තාක් කල් අපි අපේ ජීවිත වල ස්වාධීනත්වය රඳවා ගනීවි.

hare :-) said...

මම හිතං හිටියෙ මම මේකට කමෙන්ට් එකක් දැම්ම කියලයි :D

අපි නොදන්න මිනිහෙක් අළුතින් අපට හමුවීමත් එක්කම අපේ අභ්‍යන්තරයෙ අර මිනිහට අදාල වංකගිරියක් නිර්මාණය වෙනවා. ඒක නිර්මාණය වෙන්නෙ ඒ මිනිහගෙ ලක්ෂණ වලට අදාලව අපි කලින් ලබාගෙන තියෙන අත්දැකීම් අනුව. ඔය වංකගිරිය අර මිනිහ ඇසුරු කරන හැම මොහොතෙම බිඳවැටෙමින් ආයෙමත් හැදෙනවා.

හැබැයි ඒක නැති වෙන හෝ ගොඩක් සරල වෙන දවසක් උදාවෙන්නත් පුළුවන්. ඒක වෙන්න නම් ගොඩක් විට අපට ඌත් එක්ක සෙට් වෙලා ට්‍ර්ප් ගිහින් කතා කරලා සෑහෙන්න සම්බන්ධයක් හදාගත්තු තත්ත්වෙකට යන්න වෙනවා. ඒ තරමට ෆිට් වුණාම ඔය වංකගිරිය ගොඩක් තුනී වෙන්න පුළුවන්.

හැබැයි ඒ මිනිහ අපේ වංකගිරිය ඇතුලෙ රඟපෑව නම් ඕන වෙලාවක ආයෙමත් දරුණු වංකගිරියක් හැදෙන්න පුළුවන්.

අපිත් අනිත් අයගෙ වංකගිරි වලදි එහෙම තමයි. අපි සම්බන්ධව උගේ ජජ්මන්ට් එක හැදෙන ස්ටයිල් එක තීරණය කරන්නෙ අපි. ඒකෙදි සමහර විට ඔළුව හපාගන්න වෙන්න පුළුවන්. එහෙම වුණාම ලැජ්ජ නොවී ඔළුව හැපුණ බව පිලිගන්න එක සමහර විට හොඳම දේ වෙන්න පුළුවන්.

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!