"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Wednesday, November 2, 2011

මගේ මරණය



**********************************************
2010 නොවැම්බර් 18
බස් රියක් තුල/ කොළඹ
උදෑසන


ඌ මා පසුපසින් එලවා එමින් සිටියේය. මා තවමත් පෙර නැග්ග බසයේ එල්ලීගෙන උගෙන් පැන යන අතරතුරය. ත්‍රී රෝද රථයට සියල්ල යොදවා අත ඉතිරි කරගත්තේ රුපියල් 50ක් පමණි. එය මා හට බසයට ප්‍රවේෂ පතක්ද ගෙන සාමකාමී මරණයක් ලඟා කරගැනීමටද ප්‍රමාණවත්ය. අවසන් වරට උගේ බිරිඳ පැවසූ දෙය තවමත් මගේ දෙසවනේ රැව්දෙයි. "උඹ පර බල්ලෙක්.. උඹලා දෙන්නම එකයි.." මා එවෙලේ අවඥ්ඥාසහගත ලෙස සිනහ වූවා මට මතකය. අතීතයක් ආවර්ජනයෙන් ඵලක් නැත. ඌ පලිගැනීම වෙනුවෙන් කුමක් හෝ සිදුකරනු ඇත. එක්වරම බසය හරස් කර කැබ් රථ දෙකක් නැවැත්වූ අතර පසු පස දොරේ පාපුවරුවේ සිටගෙන සිටි මා එයින් බැස දිවීම අණුවන කමකැයි සිතුවෙමි. හැඩිදැඩියන් කිහිප දෙනෙකු බසය තුල සිටි කලු පැහැති ඇඳුම් හැඳගත් තරුණයින් කිහිප දෙනෙකුටම නොසෑහෙන ලෙස පහර දුන්හ. ඔවුන් බසයේ පසුපසට ලඟා වනවිට එවන් තරුණයන් තිදෙනෙකුම බසය තුල වැටී කෙඳිරිගාමින් සිටි අතර හැඩිදැඩියන්ගේ අවසන් තීරණය වූයේ කලු ඇඳ සිටි සියල්ලන්ටම වෙඩි තැබීමටය. මම කිසිඳු හැඟීමක් දැනීමක් නැත්තෙකු මෙන් ඔහේ බලාගත්වනම  බලා සිටියෙමි. මගේ ඉදිරියටම පැමිණ මුහුන දෙස බැලූ එක් මැරවරයෙක් තවකෙකු අසලට ගොස් ඔහු හා කතා කලේය. ඔහුගේ යම් ඉඟියකින් පසු මා දෙසට එල්ල වූ තුවක්කු කටින් උන්ඩ දෙකක් නිකුත් විය. සිරුර තුලින් දැනුනු දැවීයාමක් සමගම මා බිම ඇද වැටුනි. මා හැඳ සිටියේද කලු පැහැති ඇඳුමකි.

**********************************************

2010 නොවැම්බර් 15
නිවසක/ මීගමුව
සැඳෑව


මා වාහනයෙන් බැස නිවස දෙසට පිය නැගුවෙමි. බිරිඳ පිටතට යන බවක් මට දැන්වූවේ නැත. වේලාව සැඳෑවේ හය පසුවී මිනිත්තු තිහකි. තවමත් විදුලි පහන් දල්වා නැත. නිවස තුල අන්ධකාරය රජයයි. මා දෙගිඩියාවෙන් නිවසට ඇතුල් විය. රේඩියෝව වාදනය වේ.

"සිසිල දෙන මේ නදී තෙරේ... තුරුළු වුනු මාගේ හංසියේ
හැමදාම මේ ලෙසින් බැඳී... හිඳිමු යැයි කීව කුමරියේ
"
 "ම්හ්..." බිරිඳගේ සේයාවක්වත් නැත. තවමත් ගීතය වැයෙමින් පවතී. මා සාලය මැද සිටගෙන ඇය සෙවූවෙමි. විදුලි පහන් දල්වා සෙවුවෙමි. නැත. ඇය පෙනෙන මානයක නැත. මා නිදන කාමරයේ ඇය සෙවීමට ගියෙමි. ඈ ඇඳ විට්ටම අල්ලාගෙන ඇඳට ගොඩවීමට උත්සහ දරමින් සිටියාය. මා ඇය වෙත ඉක්මනින් ගොස් ඇයව ඇඳ මතින් තැබුවෙමි. ලේ විලකි. මගේ බිරිඳගේ උදර ප්‍රදේශය දරුණු ලෙස මුවහත් ආයුධයකින් කපා ඇත. ඇයගේ දෑස් අඩවන්ව ඇත. මා ඇය තුරුලට ගෙන සිද්ධිය විමසුවෙමි. නන්නාඳුනන කාන්තාවන් දෙදෙනෙකු පැමිණ ඇයට දරුණු ලෙස තුවාල සිදු කොට ඇත. ඇය මට අවසන් වරට පැවසුවේ "ඔයාට ඔය දළකාරයෝ එක්ක හැප්පෙන්නැතුව ඉන්න තිබ්බා" යනුවෙනි. මා හට එක්වරම සියල්ල සිහියට නැගුණ මුත් ක්ෂණයෙන් ඇයගේ දෙඇස් පියවීම සහ ගැස්ම නැවතීම හේතු කොටගෙන නැගුණු මතකයන් බිඳක්වත් ඉතිරි නොවුනතර, මා ඇය ඇඳ මතට අතහැර ඇඳ මෙට්ටයට බරදී බිම වාඩිවුනෙමි. මේ මාගේ අකීකරු සිතින්, අත මතට බලය යොදවා ලියැවුනු ලිපියක අවසාන ප්‍රථිඵලයයි. ඇමතිවරයෙකුගේ අත්තනෝමතික ක්‍රියා පිලිබඳ ලියූ ලිපියක් හේතුවෙන් මා ප්‍රිය බිරිඳ අවසන් හුස්ම හෙලා ඇත. ඒ තවත් ගැහැණුන් දෙදෙනෙකුගේම ගැහැණු වීරිය රැඳි පිහි පාරවල් වලිනි. සාක්ෂි නැත. නඩු කියා දිණිය නොහැක. මගේ ලිපියේ අවසාන ප්‍රථිඵලය තව දුරටත් ඉදිරියට ගෙන යාමට මා ඉටා ගතිමි. පිඹුරුපත් සැකසීම හෙටට යෙදිය යුතුය. මා බිරිඳව ඔසවා වාහනයට දාගතිමි. ගමනාන්තය ඉස්පිරිතාලය ලෙස සිතේ රඳවා ගතිමි.

**********************************************


2010 නොවැම්බර් 18
දැඩි සත්කාර ඒකකය/ ශ්‍රී ජයවර්ධනපුර රෝහල
සැඳෑව

මා දෙ ඇස් හරින විට සිටියේ ඉස්පිරිතාලයකය. එය දෙ ඇස් ඇරීම නිසා දැනගත්තක් නොව නහය වටා භ්‍රමණය වුනු ඖෂධ දුගඳ නිසා දැනගත්තකි. මා ඔහේ බලාගත් අත බලා ගෙන සිටියෙමි.  සිරුරේ අප්‍රාණික බව දැනේ. බෙල්ලෙන් පහලට කඳ ඔහේ කඩා වැටී ඇත. එය මාගේ පාලනයෙන් තොර යැයි සිතිනි. මා එය නිෂ්චය කරගනු වස් හරිබරි ගැසෙන්නට ගියෙමි. නමුත් එය වූයේ නැත. වෛද්‍යවරුන් ලේ පරීක්ෂා කරන්නට ඇත. හෙදියන් මා දෙස බැලුවේ පිළිකුලෙනි. HIV ආසාධිතයෙකු වීම සම්බන්ධයෙන් ඔවුන් දරණ මතය දෙස මා බලා සිටියෙමි. ඔහේ බලා සිටියෙමි. එක් උණ්ඩයක් සිරුරෙන් ඉවත් කර ඇත. අනෙක ඉවත් කිරීමට අවශ්‍ය ශාරීරික අවශ්‍යතාව සපිරෙන තෙක් බලා සිටිය යුතුව ඇත. උන් ඒවා කිසිවක් මට කීවේ නැත. මේ මා උන්ගේ හඳුනාගත නොහැකි අමුතු වචන සහ මිශ්‍ර වූ ඉංග්‍රීසි සිංහල සම්මිශ්‍රණයෙන් අහුලාගත් අර්ථයයි. මා කිසිඳු හැඟීමකින් තොරව බලා සිටියෙමි. කට උත්තරයක් ගැනීමට තරම් මා ප්‍රාණවත් වන තුරු පොලීසියෙන් දොර අසලය. හදිසියෙන් රෝගීන් කෙරෙහි බැඳුනු දයාණුකම්පිත සිතින් ඇමතිවරයෙක් රෝගීන් නැරඹීමට පැමිණ ඇත. නමුත් මේ සුවිශේෂී අවස්ථාව උදා වන්නේ දැඩි සත්කාර ඒකකයේ රෝගීන්ට පමණි. මා සමග බසය තුල වෙඩි කෑ සිව් දෙනෙකුගෙන් දෙදෙනෙකු දැනටම මිය පරලොව ගොස් ඇත. මා ද තවකෙකුද ඉතිරිව ඇත. ඇමතියා මා දෙස හිස් බැල්මක් හෙලීය. ආරක්ෂකයින්ට මා හඳුන්වා අවසන් වත්ම ඇමතිගේ රෝගීන් නැරඹීම හදිසි රැස්වීමක් නිසා අවසන් වීය. මට මිය යෑමට ක්‍රම තුනක් ඇත. බොහෝවිට ඉතිරි උණ්ඩය ඉවතට ගතහොත් මා අවසන් ගමන් යනු ඇත. නැතහොත් ඒඩ්ස් රෝගය හේතුකොටගෙන මිය යනතෙක් මා බලා සිටිය යුතුය. නැතහොත් ඇමති සංඥාව ක්‍රියාත්මක විය යුතුය. එසැනින් මා හැර සියලු රෝගීන්ට සිහි නැති කිරීමේ එන්නත් ලැබුණු අතර දෝස්තරුන් සහ හෙදියන් ඒකකයෙන් ඉවත් විය. මද නිහඬතාවයකින් පසු පුද්ගලයෙකු දොර හැර ඇතුලු විය. ඔහු විසින් මගේ සේලයින් බෝතලයටම මොනවාහෝ එක්කෙරුනු අතර මා හිස් දෑසින් එදෙස බලා සිටියෙමි.

**********************************************

2010 නොවැම්බර් 17
ඇමති නිල නිවස/ කොළඹ
රාත්‍රී කාලය

පෙරදින සැකසූ පිඹුරුපතෙහි ඉතිරිය ක්‍රියාත්මක කිරීමට කාලයයි. මා ඇමති බිරිඳට දුරකථනයෙන් අමතා කතිකා අරගත් පරිදි පෙරදින සවස ඇය හමුවට ගොස් ඇයගේ ඡායාරූප කිහිපයක් සහ සම්මුඛ සාකච්ඡාවක් පටිගත කොටගෙන පැමිණියෙමි. ඇමතිවරයා දින කිහිපයකට පිටතට ගොසිනි. උගේ සාක්ෂි නැසීමට පිටත සිටීමේ සංසිද්ධිය මා හොඳින්ම දැන සිටියෙමි. ඇමති නැවත කොළඹ පැමිනෙන්නේ 18 වෙනිදා යැයි ඇමති බිරිය මා හට පවසන ලදී. මා ඇයට වචනය දැමූ අතර ප්‍රතිචාරය සුබදායක විය. අද රාත්‍රියේ ඇය මා වෙනුවෙන් වෙහෙසීමට නියමිතය. මගේ බිරිඳගේ මිය යෑම මගේ ක්‍රියාවන් මග නවතා ඇත. තවත් ඉදිරියට ජීවත්වීමක් හෝ ඒ කෙරෙහි සේයාවක්වත් මා තුල නැත. මා, හිතවත් වෛශ්‍යාවකගෙන් ඉල්ලාගත් HIV ආසාධිත රුධිර සාම්පලය ශරීර ගත කරගතිමි. මා පලිගැනීමේ නොතිත් අරමුණින් ඇමති බිරිය වෙත ගියෙමි. ඇයගේ විශේෂ අවසරය මත මුරකුටියේ පොතෙහි මගේ නම නොලියවුනු අතර, නිවස තුලට ගිය මා වෙත කහ පැහැති දුහුල් රාත්‍රී ඇඳුමකින් සැරසී ඈ පැමිණියාය. දෙතුන් හෝරාවක කාලයක් අප කෙලිදෙලෙන් වෙසෙන්නට ඇත. මා ඇය වෙත මගේ සත්‍ය කතාව කීම ඇරඹුවාය. කියාගෙන සියෙමි. දිගටම..
"මේ ඒ ප්ලෑන් එකේම කෑල්ලක්. ඔයාගේ මිනිහට කොච්චර දැනෙයිද මම උගේ ලිංගික ආධිපත්‍ය ආක්‍රමණය කලැයි කිව්වහම. ආපහු ඌට ඔයත් එක්ක නිදහසේ ඉන්න බෑ කිව්වම. දැන් ඔයත් HIV පොසිටිව් කෙනෙක්. මට වෛර කරාට කමක් නෑ. හැබැ‍යි ඔයාගේ මිනිහගේ වැරැද්ද පාගගෙන මට වෛර කරන්න."
මගේ කතාවේ අවසානය එය විය.
"උඹ පරබල්ලෙක්.. උඹලා දෙන්නම එකයි" 
ඇය පැවසුවේ එපමණකි. මා අවඥ්ඥාසහගත සිනිහවකින් ඇයට සංග්‍රහ කලෙමි. ක්ෂණයෙන් ලාච්චුවක වූ පිහියක් ගෙන ඇගේ වමත කපාගත් අතර, අනෙක් අතට දුරකථනයෙන් ඇමතියා ඇමතුවාය. ඒ ඉතා අසරණ හඬකිනි. එසැණින් මා මගේ ඇඳුම හැඳගෙන පිටතට බැසීමි. වෙලාව පසුදා එනම් 18 වෙනිදා පාන්දර දෙකත් පසුවී ඇත. මා අත ඇති මුදල බජට් ටැක්සියකට පවසා, එපමණක් දුර ගෙන යන මෙන් පැවසූ අතර ඉබාගාතේ පාරවල් ඔස්සේ ගොස් උදෑසන හයට බොරැල්ලෙන් මා බසයකට ගොඩ විය.

 **********************************************


Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

22 ක්ම තියෙනවා අදහස්:

Abeetha Edirisinghe said...

උදේ පාන්දරම මොලේ නන්නත්තාර වී කට්ට කුරුවල් වී ගියා.... මොකක්ද බන් මේ කලේ... :D

පිස්සා පලාමල්ල said...

සුපිරියි මචන්... පට්ට ලියවිල්ල...

එක තැනක් පැහදිලි මදි... උබ ( කතාවෙ ) කොහොමද දින 2 ක් තුල ඇමති බිරිදව ඇදට ගත්තෙ.... ඇමති බිරිදට ද ඕනි උනේ ඇමතිගෙ කුණු එලියට අදින්න... එහෙනම් ටිකක් පැහැදිලියි

Anonymous said...

මුචා screenplay ලියන්නත් පටන්ගත්තාද? නියමයි කොල්ලෝ. උඹට හොද අනාගතයක් තියෙනවා..

අමිල

Test Profile said...

මැක්සා මචං.... කතාවක් වගේ....

රාජ් said...

නියම පළිගැනීම.

පිටස්තරයා said...

uda pinthure ayin karapan. spoiler ekak eka.

e ara ithuru tika sira. style ekath tikak dramatic wunanan gathi.

Anonymous said...

මුං හිතන් ඉන්නේ ගෑණු ඉන්නේ මොකෙක් හරි එකෙක්ට දෙන්න බලාගෙන කියලා. අනේ පලයං බං යන්න. ඇමති කෙනෙක්ගේ ගෑණියෙක් කොහෙද යන පඩත්තරයෙක් කථා කරපු ගමන්ම රෙද්ද උස්සයි !!!

ඔය උඩ ඇනෝ ත් උඹම තමයිනේ. මරු ස්ක්‍රීන් ප්ලේ එක.

පූසා said...

ෆිල්ම් එකක් වගේ... මරු මචං!

"උඹ පරබල්ලෙක්.. උඹලා දෙන්නම එකයි"
කතාව මැද්දේ තියෙන හොඳම කතාව..

charmi said...

//"උඹ පරබල්ලෙක්.. උඹලා දෙන්නම එකයි" //
ඒක තමයි කෑල්ල.........

දුකා said...

මැක්ස් . . .

Beetle said...

ලස්සනයි...

මට නොතේරුණ තැනක් තියෙනවා, නොවැම්බර් 18 සැඳෑව මුලටම නැතුව කතාවේ මැදට දැම්මේ උවමනාවෙන්ම නම්, ඒ ඇයි කියන එක..?

Yohan Kanishka | යොහාන් කණිෂ්ක said...

සිරා!

Lishan Puwakovitage said...

මරු මේක. කතාවේ කොටස් හතර උඩ යට මාරු කලාම වෙනස්ම කතන්දර හතරක් හදාගන්න පුලුවන්. මම මේ කතාවට ආස අපි නොහිතන පිළිවෙලට උඹ කතාව ආවෘත කරන නිසා. සිද්ධි ගොඩ නැගීම අස්සේ කතාවේ සම්පූර්ණ බව එක පාරටම පෙන්නන නිසා මට නම් මේ කතාව උපරිමයි.

දුමී said...

වසන්ත ඔබේසේකරගේ ෆිල්ම් එකක් බැළුවා වගේ....!

Rachintha Jayawardhana said...

පිස්සා: හොඳට කියවපං! නොවැම්බර් 17 විතරයි..

චමිල: දැන් වෙනස් කරලා වැඩක් නෑ බං. පරක්කු වැඩියි. ඩ්‍රැමටික් කරන්න ඕන උනේ නෑ. මේක කතාවක්ම විතරයි. ඔය ස්ක්‍රීන් ප්ලේ කියලා කට්ටියට හිතෙන්නේ මම මේකේ කොටස් කඩපු එක තේරුම් ගන්න ලේසි වෙන්න උඩින් දාපු කෑලි නිසා.

2වෙනි ඇනෝ: කියපු දේ කාට කිව්වද? තරහක් හිතේ තියං හෝ නැතුව කිව්වද? කියලා තේරුම් ගන්න බෑ උඹේ කමෙන්ට් එකෙන්. ඇමති ගෑනිත් ගෑනියෙක් සහ මේක නිකංම නිකං කතාවක්!

බීට්ල්: හේතුවක් නෑ. ඔහේ නොගැලපීමක් හොයාගෙන කලවං කලා. උඹට ඕනනං මුලට දාගෙන කියවහන්. කොයිකත් එකයි!

ලිෂා: උඹට කෝල් එකෙනුත් කියපු විදියටම මට තාමත් එහෙම දෙයක් තේරුම් ගියේ නෑ.

අදහසක් හලලා ගිය සෙට් එකටම පට්ට ස්තූතියක්!

hare :-) said...

මාකේස් උත්තමයගෙ එව්ව කියවපුවම හැදෙන රෝග ලක්ෂණයක් වගේ... ආයෙ කියන්න ඕන නෑ...

උර බස් එකේ සීන් එක කියවද්දි මට සිකුරු7 මතක් වුණා අප්පා... :D

Randika Sedara said...

උබ මාර මිනිහෙක්... මේක සුපිරියි ..ආයෙත් හිතල බැලුවම කතාව පැනොරාම ඉමේජ්එකක් වගේ එකට එකක් සෙට් උනා..සිරාම සිරා රචියා !!!

ravinumal said...

බොහොම රසවත්, නිර්මාණාත්මකයි.. චිත්‍රපටියක රූප රාමු පෙළක් නිවි නිවි පත්තුවෙනව. දුමී කිවුවත් වගේ වසන්ත ඔබේසේකරගෙ එකක් වගේ.

ජේ.ඩී said...

වොහ්!........ එකින් එක, තැනින් තැන ඒත් ඔක්කොම එකට පිස්සු කොර.

Chamila said...

පළිගැනීම ගැන අලුත්ම කතාවක්. කට්ටිය කියල තියනව වගේ ෆිල්ම් එකක ගතියක් තියනව. උඹ බලල තියනවද Oldboy කියන කොරියන් ෆිල්ම් එක. පළිගැනීම ගැන මං බලපු හොඳම නිර්මාණය ඒක.
බලල නැත්තන් අනිවර්යෙන් හොයාගෙන බලපන්.
(http://www.imdb.com/title/tt0364569/)

Bunny said...

මේක මරු මුචෝ..!!

චතුරංග පෙරේරා [චතූගේ කථා] said...

නියම ස්ටෝරියක්... හොඳ ස්ටයිල් එක... මේවගේ පෝස්ට් දෙක තුනක් දැම්මොත් නැගලා යයි...

එළ එළ... උපරිමයි !!!

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!