"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Wednesday, November 23, 2011

උල්කාපාතයක්..


උල්කාපාතයක්...
අහසේ ගිනි අරං
අළු වෙලා පොලොවට වැටෙනා
උල්කාපාතයක්...
ඉන්ද්‍රචාපගෙ අලුත් සින්දුව කන ගාව දෙදරනවා. මම කන්නාඩිය ඉස්සරාට ගියා. මගේ බෙල්ලේ දකුණු පැත්තෙ ජපන් අකුරක පච්චයක්. දකුණු ඇහි බැම හිල් කරගෙන ගිය අශ්ව ලාඩමක හැඩේ කරාබුවක්. හෙට ගැන නිශ්චිත බළාපොරොත්තුවක් හිතේ තියෙද්දිත් මට මේ මගුල් කරගන්න හිත ඉඩ දුන්නේ ඇයි කියන එක මම තාමත් හිතනවා. ඇඟ පුරාම දාඩිය. මම ඒ දාඩිය සුවඳ අස්සේ තිබ්බ ගෑණු සෙන්ට් සුවඳට ඉව කලා. ඒක මැලවිලා ගිහින්. මම මගේ ගෙදර. මෙලෝ බල්ලෙක් වෙන නැති, මගේ ගෙදර. මගේ කරේ නව ගුණ වැලක්. ඒකට මාව හීරෙනවා. ගෙදරටම එකම පුටුවක්ම විදියට තිබ්බ පුටුව වගේ එක හොයාගෙන මම ටොයිලට් එකට ගියා. ඉනේ මහතට රැඳිල තිබ්බ ඩෙනිම දෙතුන් පාරක් දඟලලා ගලවගෙන මම පුටුව වගේ එකේ වාඩි උනා. මම ඒ පුටුව වගේ එකේ වාඩියගෙන බිඩේ ෂවර් එකෙන් මූන හෝදගත්තා. මූනත් පුක වගේ හින්දා අවුලක් නෑ. මම මගේ සුපුරුදු විනෝදාංශෙ විදියට කරපු, නව ගුණ වැල හපන්න ගත්ත. ඒකෙ මෙලෝ ගුණයක් නෑ. රහකුත් නෑ. මම තනි කලු චරිතයක්. තනි සුදු ටොයිලට් එකක් ඇතුලෙ. කාලෙකට ඉස්සර තනි සුදු ටොයිලට් එකක් ඇතුලෙ..

ඇඳුමක් දාගෙන ලෑස්ති වෙයන්. දැන් පොලීසියෙන් ඒවි කුදලන් යන්න..
මගේ හිත මට කිව්ව. මම පුටුව වගේ එකෙන් නැගිට්ටා. පුරුද්දට ෆ්ලෂ් කලාට මොකද, ගිය දෙයක් තිබ්බෙ නෑ. අහිංසක පොලිසියෙ උන්ගෙ අත් වල, මගේ කුණු දාඩිය ගෑවෙන්න ඉඩ තියෙන හින්ද මම නාගත්ත. අහල පහල වේසිගෙ පුතාල මට හිනාවෙන්න ඉඩ තියෙන හින්ද උන් එක්ක හිනාවෙන්න මම දත් මැදගත්ත. ටූත් පේස්ට් කියන ජාතිය මහ වහතු රහයි. ඩෙනිම කුණු ගඳ ගගහ මෙහෙම්ම දාලා ගියොත්, මගෙන් ගෙවල් කුලී ගන්න එකා මගේ අම්ම මතක් කරල දෙස් තියන්න ඉඩ තියෙන හින්ද මම ඒ ඩෙනිමම ඇඳගත්ත. මගේ ගෑනි මම අඳිනවට කැමතිම, කලු ෂර්ට් එකත් ඇඳගෙන මම පුටුවෙ වාඩි වෙලා හිටියා. පුටුව වගේ එකේ. ගෑනි.. ඒකි මගේ ගෑණි..

ඒකි දේවතාවියක්!
මගේ හිත මට කිව්ව. නෑ වෙන්න බෑ. මම දේවතාවියො එක්ක නිදිවැදුන වෙන්න බෑ. හැබැයි ඒකි හරිම හොඳයි. මම වෙනින් එකියෙක් එක්ක හැමිනෙද්දිත් ඒකි අපේ ආදරේ වෙනුවෙන් ඉවසන් හිටියා. ඇත්තටම ආදරෙයි කාමෙයි දෙකක්. මේ ලෝකෙ ගෑණු පිරිමි වෙන්ව ඉපදිල තියෙන්නෙ, උන්ට හැමිනෙන්න ලේසිවෙන්න. අපි ඒ අස්සට ආදරේ ගාවගෙන, හොරෙන් අහු මුලු අස්සෙ හදිස්සියට හැමිනෙන නින්දිත ජාතියක්. ආදරේ ඇතුලේ සෙක්ස් කොච්චර පිරිල තිබ්බත්, එතන්දි ආදරේ හින්ද සෙක්ස් කරනව මිසක්, සෙක්ස් හින්ද ඇතිවෙන බම්බු ආදරයක් නෑ. ආදරේ අමුතුම දෙයක්. ඒකට මගේ වචනෙන් සුදිය කියන්නත් පුලුවන්. එනිසා මිනිස් හිතේ ඇතිවෙන කාමුක අසාවක් නිසා ආදරයක් නවත්තන්න ඕන නෑ. මම මාව සාධාරනය කරගත්ත.

අරකිට ඇනපු පිහිය හොයල තියාගනින්.. උසාවියට දෙන්න.
මගේ හිත මට කිව්ව. පට්ට බැල්ලි! මට හොඳ ගෑණියෙක් ඉඳලත් මම මේකි එක්ක හැමිණුනේ, ඒකිගෙ ඇස් වලින් මට කතා කරපු හින්ද. පව් මගේ ගෑණි. එහෙව් මම ඉඳලත් අර පරට්ටි නිදිවැද්දනෙ අරුත් එක්ක. මට ආපු කේන්තියට ඇනගෙන ඇනගෙන ගියා පිහියෙන්. පරට්ටි තුවාය ඔතාගෙන කාමරේ වටේ දිව්වා. ඒත් මං දිනුවා. "හම්මේ දැනිච්ච සනීපෙ.." හිත මට එවෙලේ එහෙම කිව්ව. මම මිණීමැරුම මතක හිටින්න ඒකිගෙ තනපටක් සාක්කුවෙ දාන් ආව. මම ඊටපහු කෙලින්ම ගි‍යෙ මයෙ ගෑණි ගාවට. ගෑණි මගේ පපුවට තුරුල් වෙලා හිටියා. "අරක ඉවරයි මැණිකේ".. කිව්වම ඒකිගෙ තුරුල තවත් තද වුනා. ඒක මට දැණුනා. "මම ඒ පරට්ටිව මැරුව මැණිකේ". ඒකි මට වංචා කලා.

ඒ පරට්ටි උඹට කරපු දේම නෙමෙයිද, උඹ උඹේ ගෑණිට කලේ පරයෝ..
මගේ හිත මට කිව්ව. මට ඇඬුනා..

එලියට වරෙන්! 
නවත්තපු ජීප් සද්දෙටයි, ජීප් දොර ඇරෙන වැහෙන සද්දෙටයි පස්සෙ මට ඇහුනා. මම පුටුව වගේ එකෙන් නැගිට්ටා.

Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

17 ක්ම තියෙනවා අදහස්:

නචියා said...

ලියවිල්ල නම් සුපිරි රචියා.

"ඒ පරට්ටි උඹට කරපු දේම නෙමෙයිද, උඹ උඹේ ගෑණිට කලේ පරයෝ"

මේ ටික හිතෙන්න වෙලා ගියෙ නැත්නම් මීට වඩා හොඳට පුටුව වගේ එක උඩ ඉඳගෙන වෙන දෙයක් ගැන හිතන්න තිබුණා.....

ආගන්තුකයා | Stranger said...

මාර සාධාරණීකරණයක්.. නරකම නෑ ඒකත්. මේක ඊර්ෂ්‍යාව කියලා විග්‍රහ කරගන්න පුළුවන්ද මන්දා? කොහොමත් මේක පුරුෂයින්ගේ තියෙන මනෝභාවයක්. ඒක පාලනය කරගන්න පුළුවන් මිසක් නැතිකරගන්න බෑ.

මුදියන්සේ said...

මරු
උඹට කොහෙන්ද බන් වචන එන්නේ?

පිස්සා පලාමල්ල said...

ඒ පරට්ටි උඹට කරපු දේම නෙමෙයිද, උඹ උඹේ ගෑණිට කලේ පරයෝ..

හැමදාම වගේ ලියවිල්ල සුපිරි රචියො....

දුකා said...

ආදරය හෝ ඒ නම දාගෙන අපි කරන එක . .

රැවටිල්ල හා රවට්ටනු ලැබිල්ල . . .

ක්‍රෝධය , ඉරිසියාව හා ආත්ම වංචාව . .

පසුතැවිල්ල හා සමාව ඉල්ලීම . . .

ඔක්කෝම එක ලිපියක එකතු කලේ කොහොමද බන් . .

මැක්ස් . . !!!

Lishan Puwakovitage said...

අපි හැම දේම කරන්නේ එක ධාරණාවක් වෙනුවෙන්..,
ඒක සෙක්ස්ද ආදරේද එහෙමත් නැතිනම් සල්ලිද කියලා වෙන් කරන්න අමාරුයි.., ඉස්සර වෙන් කලා.., හැබැයි අද අමාරුයි.
ඒත් වර්ථමානයේදී ඒ ධාරණාව ඇතුලේ මේ හැම එකෙන්ම එකතුවෙලා හැදිච්චි එකක් තියෙනවා.., ඒ තමා ගෑණුකම.., ඒ ගෑණු කමට වහ වැටිලා කරන ඕනෑම වැඩක් සාධාරණී කරණය කරන්න පිරිමි අපිට පුලුවන්.
ඒත් ඒ ජරා වැඩේ ගෑණියෙක්ට විරුද්ධව කලොත් ආන්න එදාට තමා කොටෝරුවාට හොට පැටලෙන තැන.

හිස් අහස said...

බ්ඩ පපුව දාල ගියා අන්තිම ඩිංගට එනකොට ..

මේක කියෝලා හිතිච්ච දේ කියාගන්න බෑ ඒත් නිකා ඉන්නත් බෑ ...

මම කියෝපු සිරාම ලිවිල්ලක් !

Rachintha Jayawardhana said...

සද්දයක් හලලා ගිය සෙට් එකටම ජය වේවා!

Anonymous said...

හදිසි වුනාම ගෑණුන්නව, ආදරය, කේන්තිය හොයාගන්න බැරුව යනවා මචං...

පූසා said...

සිංදුවේ කතාව.... මරු!

Dinesh said...

නියමයි... හිතට දැනෙන්න ලිය උන කතාවක්..

ජේ.ඩී said...

පික්xසු හැදෙනවා ඕයිzzzz..........

Anonymous said...

මේකත් මට ඊයේ රෑ පෙනුන හීනෙත්...න්..නෑ එක්කො ඕන නෑ..හීතල වැඩි කමට මට පේන හීන..

කුරුම්නියා.

``` Outsider``` said...

" ඇත්තටම ආදරෙයි කාමෙයි දෙකක්. මේ ලෝකෙ ගෑණු පිරිමි වෙන්ව ඉපදිල තියෙන්නෙ, උන්ට හැමිනෙන්න ලේසිවෙන්න. අපි ඒ අස්සට ආදරේ ගාවගෙන, හොරෙන් අහු මුලු අස්සෙ හදිස්සියට හැමිනෙන නින්දිත ජාතියක්."

නියම කතාවක්..

RanDil said...
This comment has been removed by the author.
RanDil said...

රචින්ත මල්ලි,

මේ ඉහත තිබෙන කොමෙන්ටුව. මම පළ කරපු එකක් නෙමෙයි. අද දවසේ මේ වගේ සිද්ධි තුනක් පමණ දැනට වෙලා තියෙනවා. පස්සේ වැඩිදුර විස්තර

Anonymous said...

mama topi walata aasa ne...eth me topiyata mama aadare karanna patan arann

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!