"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Wednesday, July 22, 2009

ත්‍රී සිස්ටර්ස්

පියාගේ වැඩිමහල් සොහොයුරියගේ දියණියන් තිදෙනා. ..

හමුවෙන සෑම මොහොතකම මා හට වද දුන්නෝය..
පෙම් සබඳකම් ගැන සොයා බැලුවෝය..
අධ්‍යාපනය ගැන සොයා බැලුවෝය..
මගේ Gel Tub එකට සිද්ධාලේප මුසු කලෝය..
මගේ කොන්ඩය කැපුවෝය..
හිසේ සිට පාදාන්තය තෙක් මයිල් ඉස්මයිල් වෙනතුරු නානාප්‍රකාර විකාර කලෝය..
ලෙඩ දුකකදී සෑම සත්කාරයක්ම කලෝය..
ඔවුන්ගේ දෙමාපියන්ට,පෙම්වතුන්ට හා අනෙකුත් සහෝදරකම් වලට වඩා මට ආදරය කලෝය..
එහෙත් දැන් ඔවුන් බොහෝ දුරකය..

ඔවුන් නැති දුක අඩුව මට මරණීය වේදනාවකි. ..
Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

20 ක්ම තියෙනවා අදහස්:

පොතේ ගුරා said...

ටොපියට මුල්ම කමෙන්ටුව මගෙන්.. :) ඒක ඇත්ත..හිතට ලංවෙලා හිටපු අය ඈත් වෙනකොට හරිම අමාරුයි,මාර පාළුවක් දැනෙන්නෙ..

"ත්‍රී සිස්ටර්ස්" කියල දැක්කම මම හිතුවෙ "ත්‍රී කොයින්ස්" වල අලුත් එකක් කියල! :P

මේ වර්ඩ් වේරිෆිකේශන් අයින් කොරමු නේද? :D

Rachintha Jayawardhana said...

තැන්කූ වේවා මචෝ..ඔන්න වර්ඩ් වෙරිෆිකේශනුත් අයින්කොලා.බින්කුවටත්,උඹටත් ස්තූතියි ඒක ගැන කිව්වට.
මේ මාතෘකාව ත්‍රී කොයින්ස් තරම් හිතට සහණය ගෙනෙන්නේ නෑ ;)

ක්‍රිෂාන් said...

කථාව සපුරා ඇත්ත. ලඟ ඉන්නකම් තේරෙන්නේ නෑ කොච්චර සමීපද කියලා දුරස් වෙන්න වෙන්න තමයි දැනෙන්නෙ කොච්චර ලඟින් හිටියද කියලා.

background colour එක හරි font colour එක හරි වෙනස් කරොත් හොඳයි නේද ??

Rachintha Jayawardhana said...

ස්තූතියි ක්‍රිශෝ කමෙන්ටුවට.උඹ තමයි දෙවනියා.
ඔව් බං.ඒක ඇත්තටම ලොකු දුකක් !!

Shawindi said...

apitath ehemmamayi patiyoooo.miss u alot

Rachintha Jayawardhana said...

මෙච්චර ඉක්මනට බැලුවද ?
Missing you alot too.

said...

ටොපියට මගෙනුත් සුභ පැතුම
චියර්ස්!!!!!!!!

Theam එකත් සිරා.

හැමෝගෙන්ම අතේ දුරින් ඉන්න හදන නිසා මටනම් කවදාවත් ඔහොම හැඟීමක් දැනෙන එකක් නැහැ

Rachintha Jayawardhana said...

බොහෝමත්ම ස්තූතියි මචෝ..තීම් එක නං හොඳයි තමයි.
හැබැයි පොඩි අවුලක් තියෙනවා.මම මූණු පොතෙන් උඹට ඒක එවන්නන්.

Narada said...

මේක මම කියෙව්වේ ඊයේ මහ රෑ හින්දා මම හිතුවේ ප්‍රේහේලිකාවක් කියලා, හික්ස්.

ඇත්ත තමා කතාව, ළඟ ඉන්නකොට වඳයක් කියලා හිතෙනවා, ඒත් දුර ඉන්නකොට තමා අගේ තේරෙන්නේ.
ඒත් මට මේ ගැන අත්දැකීම් ඉස්සරහට වඩා අඩුයි ඉස්සර තරම් මට බැඳිම් බහුල නැති නිසා.

Rachintha Jayawardhana said...

ප්‍රෙහේලිකාවක්, හිකිස්..මොනවා වුනත් කමෙන්ට් එකට තැන්ක් යූ මචෝ.

Kaushalya said...

oyata hoda akkala thundenekne inne

Rachintha Jayawardhana said...

ඇත්ත ඇත්ත . ..

Prabodha said...

ඔනා ෙකෙනක් ෙග් අගය දැෙනන්ෙන අය ලග නැති ව්ටය.............

Rachintha Jayawardhana said...

සිරාවටම බං..

änthräX said...

හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්, තනි වෙන්න ඕනා එ ටොපියෙ රහ තේරෙන්න, ළග ඉන්නකම් තිබිච්ච වදයක්. සෙනසුරාදා හෑන්දෑවල් වලට අපේ මාමගෙ දුවලා දෙන්නා එක එක සුකුරුත්තන් කෑම හදනවා. මටත් හෑමදාම කාලා ඉවර වෙනකන් මතක් වෙන්නෙ නෑ පර්ස් එක බලන්න. මතක්වෙලා බලනකොට ඉතින් බිලක් තියනවා. අපරාදෙ කියන්න බිලේ ගාන විතරයි අඩුවෙලා තියෙන්නෙ පර්ස් එකෙන්. හරියටම ඉතුරු සල්ලිත් දානවා. ඉතින් ඈටිකෙහෙල් කාපු උගුඩුවා වගේ ඉන්නවා "එන සතියෙනම් අහුවෙන්නෙ නෑ" කියලා හිත හිත.. මොන... ඊළග සතියෙත් same story..

Rachintha Jayawardhana said...

හිහ්හී..මචෝ උඹයි එහෙනම් මේ අත්දැකීම හොඳටම විඳලා තියෙන්නේ.උඹට අඩු තරමේ කවලා හරි තියෙනවනේ !! මම හිටියේ ඊට වඩා අන්තරාය අඩවියක..

sachi said...

topiyata mage suba pathummmmmmmm...wish u al da best rachiii...topiya lassanaiii...sooo nice

Rachintha Jayawardhana said...

thankuu thankuu sizi...

දුකා said...

අහ් මම මේ බ්ලොග් එක දැක්කේ අදයි මචන් . . .සමාවෙයන් කලින් බලන්න බැරි උනාට . . මට හිතාගන්න පුලුවන් උඹේ දුක. . . මමත් ඒ වේදනාවම විදින නිසා . . .!

Rachintha Jayawardhana said...

පටන් ගත්තු අලුතනේ මචෝ..තාම SBU ඇතුලට අරගෙන නෑ.ඒක වෙන්න ඇති.
ඇත්තටම ඒක හුඟාක් දරන්න අමාරු අත්දැකීමක්.මමත් ඒ තුන්දෙනා රට යනකොට කොච්චර දරාගන්න හැදුවත්,ඒගොලොන්ගෙ ඇස් වල කඳුළු දැක්කම මටත් තවත් හිරකරගෙන ඉන්න පුළුවන් වුනේ නෑ.

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!