"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Tuesday, August 3, 2010

මන්දිරය


වැසිකිලිය
Toilet, Wash Room, Bath Room
තුනම නුඹ මට

පුංචිම කාලේ "රිලා ගැටය"
පස්සේ පස්සේ "මඩොල් දූව"
ටිකකට කලින් "බත්තලංගුණ්ඩුව"
උඹ මට
ලියන්නෝ තොගයක් මුනගස්වලා ඇති

නිදහසේ මොනවාහරි හපන්න
බියර් බෝතලයක් එක්ක
මගේ අතින් ලියවෙච්ච දේවල්
ගොඩක්ම උඹ ඇතුලෙදි ඉපදිච්චා

වතුර බිංදු හරිහරියට
ටයිල් වල හැපිච්ච සද්දේ
අඩු කරන්නැති
හිතේ කේන්තිය වගේම දුක

ප්‍රසිද්ධියේ ප්‍රසිද්ධ මිනිස්සු
පහත් හඬින් කියන
"ටොයිලට් එක"
මන්දිරයක් උඹ මට
Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

19 ක්ම තියෙනවා අදහස්:

Shadow/හේමලයා said...

පට්ටම පට්ට......

h said...

ආයෙ මොනවද? මටත් එහෙම්මම තමයි. දැන් නම් ටිකක් අඩුයි...

වන්නි said...

කාට කාටත් ඕක කලා භවනක් බං... ඔතනදී හිතන දේවල් ගහන ප්ලෑන් තමයි වැඩිහරියක් සැබෑ ලෝකේ වැඩ කරන්නේ. අනේ මන්දා මට නං එහෙමයි. :)

Unknown said...

සිරාවටම ඔතනදි විඤ්ඤානයට එන දේවල් නම් පංකාදු පහයි ඈ..

LishWish said...

හරියට ම හරි මචන්..!! උදේ තේකෙන් පස්සේ ඔතන ඉඳගෙන ඉන්න්කොට බිම ටයිල් පොලොවේ අපේ අඩිපාරවල් වැදිලා හැදෙන රූප නිසා මටත් මොන තරං මගේ විඤ්ඤානයට තට්ටුකොරන දේවල් හිත ඇතුලේ ඇතිවෙලා ඇත්ද...!!!
උපරිමයි මුචා..!!!

said...

කියලා වැඩක් නැහැ . මල් ගහන්න, බට ගහන්න විතරක් නෙමෙයි අඩිගහන්නත් ඉස්සර යන්නේ ඕකට. දැන් නම් ඉතින් එළියේම එවා පුළුවන්නේ. මන් නම්ගෙදර වැඩියෙන්ම් කැමති ස්ථානය ඕක තමා. නිදහසේ ඉන්න පුළුවන්නේ

Rachintha Jayawardhana said...

හරි ෂෝක්! මගේ ජාතියෙම මොන්ගල් අදහස් තියෙන යාලුවෝ ටිකක් මට ඉන්න එක!

Unknown said...

මොංගල් නෙමේ බං. ශ්‍රේෂ්ඨ. මටම කියලා wifi නැති කාලෙ හොරා කන්න signal තිබුනෙත් ඔතෙන්ට විතරයි.

Anushka Thilakarathne said...

බලාගෙන ගියාම මට විතරක් නෙමෙයි ...තව අයටත් මේක හෙන නිදහසේ වේදිකාවක්.

නොසංදාලයා said...

නොසංදාලකමට කියනවා නෙමෙයි. විශ්වාස කරන්න මං මගේ පළවෙනි පෝස්ට් එකට පද ගැලපුවෙත් ඔතන ඉඳලා. අගෙයි.

Roshan. said...

සිරාවට ඔතන තරම් දේවල් හිතට එන වෙන තැනක් නෑ බං.........

Abeetha Edirisinghe said...

මටද එය රම්‍ය, සුරම්‍ය, සුභම වන්නේය..........

දහසක් සිතුවිලි වලින් සිත පුරවන
හුදකලාවත් එක්ක හිනා වෙවී
රන්ඩු කරමින් දෙබස් තෙපලන
සොදුරු මන්දිරය වැසිකිලියම වන්නේය.....

Jay said...

සහතික ඇත්ත.

පිස්සා පලාමල්ල said...

උපරිමයි.... ඒ කාලේ නිදහසෙ මොනා කරන්නත් එළම ප්ලේස් එක.

හෙළයා said...

වැසිකිලිය, කක්කුස්සිය, බාත්‍රෑම්, වොෂ්‍රෑම්, ( ඉස්සර නම් පිලිකන්න.... ) මොකෙන් කිව්වත් එකම ෆන් එක.
දැන් හොයාගෙන තියනවා, අලුත් දේවල් කරන්න ඕනෙ අයට, අලුත් දේවල් හිතට එන අයට පොඩි ට්‍රික් එකක්. ඒක තමයි ටොයිලට් එකට යනකොට, නිදන්න යනකොට පොඩි කොළ කෑල්ලකුයි, පෑනකුයි අරන් යන්න කියලා. මොකද ක්ෂණිකව අලුත් සිතුවිලි පහල වෙන තැන් දෙකක් තමයි ඔය. මතක් වුන ගමන් අමතක වෙන්නත් පුළුවන්. ඒක නිසා මතක් වුන ගමන්ම ලියාගන්නයි ඔය කොල කෑල්ලයි පෑනයි....
නියම නිර්මාණයක් මුචා

Indranatha Thenuwara said...

මාත් වැඩිම වෙලාවක් රැඳෙන, වැඩි ම වෙලාවක් එක ම ඉරියව්වෙන් ඉන්න. වැඩි ම වෙලාවක් නිදහසේ ඉන්න, එක ම තැන..!! මගේ ජීවිතේ ජය ලැබූ හැම දෙයක ම උල්පත උනේ වැසිකිළිය. මන්දිරයක් නෙමෙයි මටනම් එතැන සත් මහල් ප්‍රාසාදයක්...!!!!

රවා said...

මුචා උඹ මෙ මොනවා කියනවද මන්දා, මටත් මෙක කියන්න ලැජ්ජාවෙ හිටියෙ. පොතයි පැන්සලයි අතට අරන් මෙසෙ උඩ තියාගෙන හදා ගන්න බැරි වුණු ගණිත ගැටලු තියනවා ටොයිලට් එකෙ ඉදන් හදපු, එතකොට කරන්නෙ ඇවිල්ලා කොලෙක හදලා ආපහු නැවත් ටොයිලට් එක කරා යන එක.. හක්ක... හක්ක...

දුකා said...

කතාව ඇත්ත ඒත් මට වෙලා තියෙන්නේ ඉස්සර බැන්ද අළුත අරය දොරට ගහනවා ඒයි නිදිද කියලා අහලා දැන් කොල්ලා දොරට ගහනවා අප්පච්චී කිය කියා . .. .

Rachintha Jayawardhana said...

@සෙට් එකටම: සුබ!

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!