කතා කිරීමට අවැසි වූයේ සිංහල ගීතයට කෙල වන ආකාරය සහ මා අතිශයින් රස විඳින සහ ආශා කරන සැබෑ මානුෂීය හැඟුමින් සහ රසයෙන් පිරි බයිලා ප්‍රමුඛව ලාංකීය පෙරේරා වරුන්ගේ සංගීතය පිළිබඳවයි.
මාතෘකාවට බයිලා ප්‍රමුඛ වුවද පෙරේරා අනු කොටසක් වුවද බයිලාවට නැති අතිශය සුන්දර කළාකරුවෙකු සිහියට නැගෙන්නේ එතෙක් මෙතෙක් සහ මා මියෙන තෙක් මා ප්‍රියතම ගායක ම'වින් පෙරේරා ය. මෙම ලිපියේ පලමු කොටස මොහුගෙන් පුරවන්නට සිත් වූයේ, පෙර දින මා කැමතිම ගීත එක ගොණුවකට ගෙන ඒමට යෑමේදී "ම'වින් පෙරේරා" නැමති ෆෝල්ඩරය තුල මා පත්වූ අසීරුවයි. ආදරේ රන් බිඟුන් නැසූ, අකුරු සතරකින්, දියළුම දිය ඇලි, කතරක තනිවී, මා සනසා, මේ නගරය, ඔබ දේදුන්න ආකාසයේ, රන් මීවිත පුරවා... වැනි සියල්ල එක්වර පැනනැග මා ප්‍රියතම ෆෝල්ඩරයට පැනීමට උත්සුක විය. එකෙකුගෙන් අනිකාට තම ප්‍රියතම ගායකයා බොහෝවිට වෙනස් වන අතර මා පෙරද අත්විඳි පරිදි කපුගේ සහ ම'වින් ඒ සැවොම අතර වැඩි ප්‍රතිශතයකින් සිත් විය. මා දැනට අවුරුද්දක පමන කාලයේ සිට ප්‍රියතම ගීය තත්වයා තබා ඇති ගීත අතර අකුරු සතරකින් මුල් තැන රැඳී සිටී.
""ආ"යන්නෙන් මා පැතු ආදරේ
"ද"යනු ගිනි තියාලා දව දවා ගින්දරේ
"ර"යනු රළු බැවින් සවන් යුග වසා
"ය"යනින් කීවේ යන්න ඔබ හැරා
"වි"යනු වියෝගේ මැව්වා සිතේ
"වා"යනු වාවන්නට පෙලඹුවා නිරතුරේ
"හ"යනු හසරැලී නගන්නෙමි කියා
"ය"යනින් යලි කීවේ එන්න ඔබ කරා"
බයිලාව තුලට ලිපිය හැරවීමට පෙර තවත් දෙදෙනෙකු මතක් කල යුතුව ඇත. ඒ අනිත් පෙරලි කල පෙරේරාවන් යුගලයයි. ඒ ජිප්සීස් සුනිල් සහ මේරියන්ස් නලීන් ය. මා දෙවනියට ආසාම කරන පිය ගුණ ගීය බොහෝවෙකු රස්තියාදු යැයි කියන සුනිල්ගේ "තාත්තා මට ඇනපු ටොක්කයි".
සුනිල් පෙරේරා, "සයිමා කට් වෙලා" සහ "ගිණි අඟුරු ගොඩේ" මා ප්‍රධාන වශයෙන්ම ආශා කරන සුනිල් පෙරේරා ගී යුගලයයි. බටහිර සංගීතය දැඩි හිතට වදින පිරිමි කටහඬකින් සහ තාලයකින් ගයනා සුනිල් පෙරේරා නොහොත් සුනිල් අයියා මේවායේ බටහිර ඌරුව අසන්නාට අමතක කරවයි. කළාකරුවෙකු සතුවිය යුතු නිහතමානී ගතිගුණ මෙන්ම සෘජු සහ අවංක අදහස් ඔහුගේ ගී කෘති තුල මෙන්ම සජීව සංවාද තුලද පැන නගින තර්ක තුලිනුත් ඔප්පු වේ.
නලින් පෙරේරා, අතිශය අමුවෙන් කතා කරන්නෙකු සහ අති සුන්දර තනු නිර්මාණකරුවෙකු මෙන්ම වසර විස්සක් වන මේරියන්ස් නම් මහා පවුලේ මූලිකයාද වේ. අංජලීකා, මුදුකෝමල ගෑණු ළමයිනේ, මරියසිලෝ, ආලේ සුන්දරයි සුන්දරී, සඳළු තලේ... එකකට එකක් බෙදිය නොහැකි සුන්දරත්වය, සොඳුරු ස්ත්‍රී රුව. . .
"බෝර්ච්චි හැට්ට දාලා
ඇට මාල කොට්ට බැඳලා
කම්බාය වටොර හැඩලා
යන උජාරු නලවාලා"
සංගීතය, කැපිලි, කුණු කතා, සල්ලි, සම්මාන, ගැරහිලි, විචාර, චරිත සහතික මැද පෙරේරා තුන් හවුල නොසැලී ස්ථාවරව සිටී.
අවසන ලිපියේ බයිලා කොටසට එළඹිය යුතුව ඇත. වොලී බැස්ටියන්, ඇන්ටන් ජෝන්ස්, එම්. එස්. ෆර්නෑන්ඩු, සුනිල් පෙරේරා, නිහාල් නෙල්සන් ගෙන් පසු ලංකාවේ බයිලා කලාව ලහිරු පෙරේරාට දිය යුතුද?
යන්න පලමුව ඇසීමට ඇති ප්‍රශ්නයයි. ඉහත පලමුව සඳහන් කල ශ්‍රේෂ්ඨයින් පස් දෙනා බයිලාව තුලින් ඉතිරි කල අර්ථ තාල සෘංගාරය කොපමණද?
"මාගේ අවසාන මොහොත වෙලාවේ
නාදේ කුමටද බට නලාවේ
හමුවෙමූ අපි දෙන්නා ස්වර්ගේ
වියෝලේ වියෝලේ මාගේ"
-වොලී බැස්ටියන්-
"රම්‍ය මනහර දලදා මැදුරේ
අපි යමුකෝ සුමිතුර බලන්න නුවර පෙරහැරේ"
-ඇන්ටන් ජෝන්ස්-
"මුතු මැනික් ආදරේ නොවේ
මිල මුදල් ආදරේ නොවේ
ආදරේ මෙතරම් බාල නොවේ
ඔයා දන්නේ නෑ"
-එම්. එස්. ෆර්නෑන්ඩු-
"ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳට
සැර බෝතල් වීදුරු ගැටෙනා කිරි කිරි සද්දෙට
සුදු වැල්ල දිගේ දිග ඇදිලා කැමති හැටියට
අපි එළි වෙනකන් බජව් දැම්මා හිතේ ජොලියට"
-සුනිල් පෙරේරා-
"දන්නවා ගේමේ වතගොත
හරියට ජෙමා හිතවත
කවදාවත් පැරදිලා නැත
බූරුවා කුට්ටමේ පොත
තෝ මට පරාජය නැත
ගහන එවුන්ටයි හතේ හත"
-නිහාල් නෙල්සන්-
ඉහත බයිලා පහට සම කරන්නට බයිලාව මෙකල බිහිවී ඇත්දැයි සිතිය යුතුව ඇත. එය රම්බරීට හෝ එය කියන එකාගේ රට කජ්ජට සමාන වන්නේද නොවන්නේද යන්න ඔබට බාරය. තවද ඇල්බම් එකට සින්දු මදි වෙච්ච පිණිබාතිය සන්තුෂ්ඨිය වැන්නන්ට රීමිx කරන්නට ගත්තු සින්දු හිට් වෙන ලෝකෙක මෙව්වාට වන සෙතකුත් නැත. මින්පසු "බයිලා ගහන්නෙපා යකෝ" යැයි යමෙකුට දෙසන්නට පෙර දෙවරක් සිතන්න. මෙහෙව් ශ්‍රේෂ්ඨ බයිලාව වෙනුවෙන් කරන පුංචි ඉල්ලීමකි!
skip to main |
skip to sidebar



මගේ මරණය සහෝදරයට බීම වගේ,කෑම කියන්නේ මගේ ජීවිතයේ මාව ජීවත් කරවන ප්‍රධාන සාධක වලින් එකක්.පරිප්පු හොද්දක්වත් හදාගන්න බැරිවුනාට වෙළඳපොලට අළුතෙන් එන ඕනෑම කෑම ජාතියක් රස බලන්න මම පැකිලෙන්නේ නෑ.කොටින්ම කිව්වොත් ලාබම දේ වෙච්ච ටොපියක් වත් මට හොරා තාමත් වෙළඳපොලට ඇවිල්ලා නැතුව ඇති.කෑම ගැන මගේ තියෙන ආදරය සහ භක්තියේ ඉමහත්කම ගැන කියනවානං,අඩි 5'10ක් උස වෙච්ච කිලෝ 97ක් බර වෙච්ච අවුරුදු 21ක් වෙච්ච මම ජනාකීර්ණ මාවත් වල ටිපිටිප් කකා යන්න තරං ලැජ්ජාවක් නැතිකමේ අනන්තය අතගාලා තියෙනවා.ඉතිං කතාව පටන් ගමු.මේ ටොපිය නං රහ දැනුනට ටිකාක් විතර දිගයි.

ඔහු වත්මන් රජා වෙනුවෙන් හෝ වෙනත් කිසිවෙකුත් වෙනුවෙන් ස්ටේජ් නැග්ගෙකු නොවීය.ඔහුරටට රජෙකු උරුම වී ඇති බවවත් හෝ එම රජාගේ දෑත් ශක්තිමත් කිරීම සම්බන්ධවවත් ගැයුවේ නැත.
මේ වයසට ටොපි කන්න හිතෙන එක ලෙඩක් මචං... ටොපි කන එක ලෙඩක් වෙච්ච ලෝකෙකට ටොපි හදන එකත් ලෙඩක්... හැබැයි මේ ටොපි ලෙඩට හොඳයි මචං...
Showing posts with label රසය. Show all posts
Showing posts with label රසය. Show all posts
Friday, October 15, 2010
Tuesday, August 3, 2010
මන්දිරය
වැසිකිලිය
Toilet, Wash Room, Bath Room
තුනම නුඹ මට
පුංචිම කාලේ "රිලා ගැටය"
පස්සේ පස්සේ "මඩොල් දූව"
ටිකකට කලින් "බත්තලංගුණ්ඩුව"
උඹ මට
ලියන්නෝ තොගයක් මුනගස්වලා ඇති
නිදහසේ මොනවාහරි හපන්න
බියර් බෝතලයක් එක්ක
මගේ අතින් ලියවෙච්ච දේවල්
ගොඩක්ම උඹ ඇතුලෙදි ඉපදිච්චා
වතුර බිංදු හරිහරියට
ටයිල් වල හැපිච්ච සද්දේ
අඩු කරන්නැති
හිතේ කේන්තිය වගේම දුක
ප්‍රසිද්ධියේ ප්‍රසිද්ධ මිනිස්සු
පහත් හඬින් කියන
"ටොයිලට් එක"
මන්දිරයක් උඹ මට
Wednesday, April 7, 2010
සර්පයා

මෙච්චර ගස් ගොඩ මැද්දේ හිටියත්
කොලයක් ඔළුවට වැටුන්නැතී
කපුටෝ හතර වටේටම
ඒත් වසුරු පිඩක් හෙලුන්නැතී
ගස්මුල පස් කාගෙන ඉන්න මාව
හොරැහින් බලලා හිනැහුන
ඔයාගේ කෙහෙ රොදක්
කන වටේට අහක් කරලා
ලස්සන තලෙළු හම මැද්දේ
එම්බොස් වෙච්ච රෝස තොල් පට
හපන්න හදනකොටම
කොල ගොඩක් අස්සෙන්
ඔළුව උස්සලා
ගෑණිව බය කරපු
මාවත් ගස්සපු
සර්පයා
උඹයි ගැරඬි පැටියෝ. . .
Sunday, February 14, 2010
වැලන්ටයින් පැතුම්

හිතට සැනසුම දෙන
ඔබගෙ නමටම අදරින
හදපිරි සතුටකින
වැලන්ටයිනෙට පැතුම් ගෙන එන
කන්නට නිවන තෙක් පවුල්
තොසින් නොමව සිත් තැවුල්
වෙන්නට අවුල් නිරවුල්
මත්වෙමි ඔබටම තුරුල්
සුන්දර සිරුර මත්කර රාගික රසයෙන්
තුරුළුව සිතින් ගිලෙමින් ආදර හැඟුමෙන්
ලෝ සැම දනා විඳිනා මෙය රිසි අයුරෙන්
තොසින් විඳින්නෙමි අදරින් සහ සෙනෙහෙන්
දෙනෝදහක් මැද රස තොල් සිපගනිමින්
පෙම්වත් යුවල් මැද විළිබිය තොර කරමින්
විඳිනෙමි ඔබව ඒ අන් හැමටම වැඩියෙන්
තව එක් වරක් අතගෑනම් හිස අදරින්
එක්වුනි, සතුටු වූයෙමු ගැලපෙන සිත් වූයෙන්
විටෙක වැළපුනෙමු ගිලිහෙනු නොහී කෙරෙන්
සෙව්වේ බැලුවෙහිය කරදර නොවන සෙයින්
මට නුඹ, නුඹට මම වෙන්නට පතා යෙහෙන්
අයිති:
ආදරේ,
රසය,
වැලන්ටයින්,
හැඟීම්
Wednesday, December 23, 2009
සිද්ධිය
සිද්ධිය කියලා කිව්වට මේකේ ඇති මහ ලොකු සිද්ධියක් නම් නෑ.මෙතනදි මේක ලියන්න ලොකුම හේතුව වුනේ අපේ එකෙක් පාරේදි හම්බවෙලා මගේ මූණටම කියපු මහ ජරා කතාවක්.ඌ ගත්තු කටටම කියපු "මොනාද උඹේ බ්ලොග් එකේ කියන කයි කතන්දර.තොගේ මලඉලව් ලව් ගැනයි,දුකයි,සල්ලි නැති එකයි ගැනම ලියන්නේ ලියහන්කෝ අර මේ ඉරිදා ගිය ඉරිදා වාගේනං නෙවෙයි වගේ එකක්" කියලා.මාත් ඉතිං ඌට එක කුණුහරුපයක් වත් කියන්නේ නැතුව. . .ගොනා වගේ "හඃ" කියලා නොඉඳ "ලියන්නන් මචන් එකට පහක්" කියලා කිව්වා.මටත් ඉතින් මගේ බ්ලොග් එක කියෝපු එකෙක් හිටියොත් ඌව කෑම වලටත් වඩා වටිනවනේ.ඕක වෙලා මාසයක් විතර ගත උනාට පස්සේමේ රට හරකව ආපහු පාරක් පාරෙදි හම්බුනා.ඊට පස්සේ ඌ කියපි "යකෝ තෝ තාම පාඨක ඉල්ලීම ඉෂ්ඨ කරේ නෑ නේද?තෝ ලියනවැයි කිව්ව පහෙන් හතරක් අහවල් තැන ගහගන්.ඉතුරු එක පෝස්ට් කරපන්" කියලා.ඔය වගේ කුණු කතා වල අවසානයක් දකින්න ඕන නිසා,මම ඉතින් හිතුවා ලියන්න සිද්ධියක්.මේක එක අතකින් දුක්බර සිද්ධියක්....ජොබක් කරගෙන ආතල් එකේ හිටපු කොල්ලෙක් හිරේ ගිය එක අපි සමරපු විදිහ තමයි මේ කතාවේ තියෙන්නේ.
මේ කතාව පටන් ගන්නේ අපේම කියලා ඉන්න යාලුවෝ හත්දෙනාගෙන් එකෙක් වෙච්ච ගිහාන් නොහොත් දෙමලාගේ හෙලු දවස හෙවත් උපන්දින උත්සවය දවසෙයි.ඌට දෙමලා කියන්නේ මේකප් දැම්මත් නොදැම්මත් ඌට තියෙන්නේ මාර හොලිවුඩ් ලුක් එකක් [:කැපිටල් පී] එහෙමත් නැත්තන් [දිව දොට්ට දැමීම].කතාවට කියන්නේ ඕකට පවුඩර් ගෑවොත්,ඒවත් කලු පාට වෙනවයි කියලා.ඉතිං ඔය හෙලු දවස වෙනුවෙන් ගත්තු පාටියෙදී අපේ හත්දෙනාගෙන් ලංකාවේ ඉන්න පස්දෙනා සෙට් උනා.ඔතනදී තාලෙට අත්පුඩියක් ගහගන්න බැරි උනත්,තමුන් කට ඇරියම අමරදේව මහත්තයාටත් ඊරිසියා හිතෙනවැයි කියලා හිතාගෙන ඉන්න......,හැම සුපර් ස්ටාර් එකේම පොදු සාධකය වෙච්චි ලිලාන් එන්විලොප් වගයක් බෙදුවා.මුලදී සල්ලි කියලා හිතන් උන්නත් පස්සේ ඕකගේ වරිගේ හැටි මතක් උනාම දැනගත්තා තවත් අතින් කයිට් වෙන වැඩක් කියලා.
ඔන්න ඔය විදිහට තමයි ලංකාවේ තවත් අසරණ කොල්ලෙක් කෙල්ලෙක්ට පෙම් කිරීමේ වරද මත සිරගත කරන්න තීන්දු වුනයි කියලා අපිට දැනගන්න ලැබුනේ.ඕක දැනගත්තු ගමන්ම අපි සහභාගි වෙච්ච පාටිය එකම අඳෝනා ගොඩක් උනා.එක පැත්තක ඔළුවට අත ගහගෙන අඟුරු කුට්ටියක් වගේ ඉන්න අපේ විසල් සහෝදරයා.කොච්චර කලුයිද කියනවානං ඕකව අම්මගේ බඩෙන් එලියට ගත්තු දොස්තර එදායින් පස්සේ පෙන්ෂන් ගත්තලු.ඒ මනුස්සයට එච්චරටම මහන්සිලු ඌව හොයලා.ඒ මදිවට 88 අවුරුද්දේ නොවැම්බර් මාසේ අග කාලෙක පත්තර වල ගියාලු වත්තල පැත්තේ ස්ත්‍රියකට කලු දිවි පැටියෙක් හම්බුනාය කියලා.ඒ විදිහ කට කතාවකුත් තියෙනවා.කොටින්ම කිව්වොත් ඕකා ගෑනුද පිරිමිද කියලා හොයාගන්නම මාස හතරක් ගියාලු.අනේ පව් දුකේ බෑ ඔය මනුස්සයා ඉතිං එදා දහ අතේ කල්පනා කරනවා වෙඩින් එක ගැන.දෙන්නේ මොනවද?,අඳින්නේ මොනවද?,යන්නේ කොහොමද? වගේ ප්‍රශ්න පිට ප්‍රශ්න තියෙද්දී ලිලානයා අපේ ප්‍රශ්න තවත් සංකීර්ණ කලේ එක පිඟානක් 1500ක් වෙනවා කියලයි (පස්සේ දැනගත්තා ජපාන යෙන් කියලා.).ඔහොම පිඟානක් මග ඇරලත් බැරි හිඳා අපි කොහොමහරි යමුයි කියලා කිව්වේ. . .මගේ පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ වතුර සැපයීමේ අංශය ශක්තිමත් කරපු ගයාන්.ඕකා කොච්චර හොඳට වතුර සැපයෙව්වද කිව්වොත් ඕකට "කලර්ස් නයිට්" එකේදි කලර්ස් හිටන් හම්බුනා.හැබැයි වෝටර් කලර්ස් [දිව].ඕකට වතුරයි චුවින්ගමුයි කිව්වොත් වෙන ලෝකයක් නෑ.ඕක මැච් වලදි... ඇහුවොත් ප්‍රැක්ටිස් ගැහුවොත් පරාදයි වගේම...,විභාග වලදිත් ඇහුවොත් පාඩං ලිව්වොත් ෆේල් සංගමයේ සභාපති.කොච්චර වතුරට ඇබ්බැහි වෙලාද කිව්වොත් ඕකා තමයි අපි හත්දෙනාගෙන් අරක්කු නොබොන එකම එකා.අපේ රට ඉන්න උන් දෙන්නා ලංකාවට ආවම උන් ගැනත් විස්තර කියන්නන්.මං ගැනනං ඉතින් දන්න හරිය හොඳටෝම ඇති.
කොහොමින් කොහොමින් හරි වෙඩින් එක ලඟටම ලං උනත් කිසි ගානක් නැතුව හිටපු අපි ආපහු වෙඩින් එකට කලින් සෙට් උනේ අපේ විසල්ගේ හෙලු දින සමරුවේදී.එදා අපි ෆුල් ප්ලෑනක් ගැහුවා,අපිට තියෙන ඇඳුම් ගැන සලකලා බලලා.ඕං ඉතින් ඇඳුම් සෙට් කරගෙන වෙඩින් එකට කලින් දවස වෙනකම්ම ලං වුනා.එදා ලැබිච්ච පොඩි අසුබ ආරන්චියක් උනේඅපෙ කලු ගුලිය හෙවත් විසල්ට ගෙදරින් කේස් එකක් වැටීම.ඉතිං ඕකට ඌ මල පන්න ගෙන ඉන්නකොට,ඌවත් ෂේප් කරලා අපි යන්න සෙට් උනා.ඕන්න ඉතින් පුරුදු පරිදි පාන්දර හතට විතර ඇහැරිලා ගයාන්ටත් ඇහැරෙව්වා.ඊට පස්සේ අපි බොරැල්ලට ගිහිල්ලාඑතනින් ගිහාන්ගේ වෑන් එකේ මගුල් ගෙදරට ගියා.
මලහත් ඉල්ලව්වයි! එදා අපි ඔක්කෝටම අමතක නොවෙන දවසක්.අපි පලවෙනි පාරට වේලාසනින් වැඩකට ගිහිල්ලා.ඉතින් අපි යනකොටයි මනාලි හෝටලේ ඇතුලට යන්නේ.අපි ඉතින් වෙහිකල් පාක් එකට වෙලා ෆොටෝ ගත්තා.ඔන්න කොහොමින් කොහොමින් හරි ඇතුලට ගියා.කෑලි ලෝකයයි.ඉතින් එක මොහොතකටවත් ඇසි පිය නොගහ ඉන්න පූර්ණ අදිටනින් කටවලුත් ඇරගෙන ඉන්නකොට ටික වෙලාවකින් අපේ ඇස් අඳුරට හුරුවෙනවා වගේ අපිටත් ඇත්ත පේන්න ගත්තා.හුහ්. . . එව්වත් කෑලිද???තඩී මේකප් තට්ටු ඇවිදගෙන යනවා වගේ පේන්න ගත්තා.ඔන්න තව ටිකකින් ලිලාන් ඇවිල්ලා කිව්වේ හද සසල කරන,කඳුළු වැගිරෙන,බොකු ඉරෙන කතාවක්."මචං හාඩ් ලිකර් නෑ!"ඒත් එක්කම "දඩ බඩාං" ගාල සද්දයක් ආවා.ඇත්තටම කිව්වොත් සද්ද දෙකක්."දඩ" ගෑවේ ගිහාන් සිහි නැතුව වැටිලා."බඩාං" ගෑවේ ගයාන් සතුටට හිටගන්න කොට පුටුව වැටිලා.
මමනං ඉතිං ඔය තත්වය උඩ උදාසීනයි.මොකද මම එදා බිව්වේ නැති උනාට,බීම කියන දේට විරුද්ධ නෑ ගයාන් වගේ.ඔන්න් ඊලඟට තමයි මගේ අවස්ථාව ආවේ.ඒ තමයි කෑම.ඩෙවල් චිකනුයි,ඩෙවල් ඉස්සොයි,ඩෙවල් කරපු මාලුයි,ෆ්‍රයිඩ් රයිසුයි,චිල්ලී පේස්ට් එක්ක වෙජිටබල් චොප් සුයි පාරක් දැම්මා.මරු කෑම ටික.ඩෙසර්ට් වලට පලතුරු,චොකලට් මූස්,අයිස් ක්‍රීම්,වටලප්පං,චොකලට් ටොපිං එක්ක ඔක්කොමත් දාගෙන කෑවා.ඔහොම කාල වාඩිවෙලා ඉන්නකොට තමයි. . .මිනිහෙක් ජීවිතේ කලාතුරකින් විඳින,ඒත් අපි හැමදාම වගේ විඳපු ඒ නරුම අවස්ථාව උදා උනේ.ලිලාන් සමීර විතානට ගීතයක් ගායනා කරන්න ආරධනා කරපු එකාව අපිට අහු වුනානං. . . .ලිලාන් ගේ ගායනා ගැනත් සොඳුරු කතාවක් තියෙනවා.ඒ සුපර් ස්ටාර් දෙවන අදියරේදී අවසන් 1000ට තේරුනාම,අවසන් 100ට තෝරන වටයේදී මිනිහට අවසන් 100ට යන්න අවස්ථාවක් දීලා නෑ.ඉතිං ටිකාක් වෙලා ඇඬුවට පස්සේ චන්ද්‍රිකා සිරිවර්ධන නැන්දී කිව්වලු "මගේ පුතේ,එහෙමනං ඔයා ඔතන වටයක් කැරකිලා යන්න" කියලා.ඉතිං ඔහොම ගෙවිච්ච සර්ව ආතල් මගුල් ගෙදරක ඉඳලා. . .දැන් හිතෙනවා මේ සිද්ධිය මෙතනින් නවත්තන්න.හැබැයි මෙතන සිද්ධි ගොඩක් !
මොනවා උනත් මේ සිද්ධිය ගැනනං මුචාට රොම්බ හැපී!
Saturday, November 14, 2009
කෑම

මගේ මරණය සහෝදරයට බීම වගේ,කෑම කියන්නේ මගේ ජීවිතයේ මාව ජීවත් කරවන ප්‍රධාන සාධක වලින් එකක්.පරිප්පු හොද්දක්වත් හදාගන්න බැරිවුනාට වෙළඳපොලට අළුතෙන් එන ඕනෑම කෑම ජාතියක් රස බලන්න මම පැකිලෙන්නේ නෑ.කොටින්ම කිව්වොත් ලාබම දේ වෙච්ච ටොපියක් වත් මට හොරා තාමත් වෙළඳපොලට ඇවිල්ලා නැතුව ඇති.කෑම ගැන මගේ තියෙන ආදරය සහ භක්තියේ ඉමහත්කම ගැන කියනවානං,අඩි 5'10ක් උස වෙච්ච කිලෝ 97ක් බර වෙච්ච අවුරුදු 21ක් වෙච්ච මම ජනාකීර්ණ මාවත් වල ටිපිටිප් කකා යන්න තරං ලැජ්ජාවක් නැතිකමේ අනන්තය අතගාලා තියෙනවා.ඉතිං කතාව පටන් ගමු.මේ ටොපිය නං රහ දැනුනට ටිකාක් විතර දිගයි.
මුලින්ම ප්‍රධාන ආහාරය වෙච්ච බත් වලින් පටන් ගමු.සමහරු බිරියානි කියලා කිව්වට හැමෝගෙම ව්‍යවහාරයේ බුරියානි කියන්නේ මගේ ආසම කෑමක්.බුරියානි කන්න ලංකාවේ තියෙන හොඳම තැන තමයි බුහාරි එක.බුහාරියෙන් බුරියානියක් නොකාපු කටක් හුඹස් කටක්.වැල්ලවත්තේ MARZ එකත් උපරිම විදිහ බුරියානියක් දෙනවා.ඒක තියෙන්නේ ඩෙල්මන් ඉස්පිරිතාලේ ඉස්සරහා.පීසා මඩුව හඳුන්වලා දීපු බිරිස්සාවත් හොඳ මට්ටමක තිබ්බට බුහාරියට ගහන්න බෑ.කෙන්ටකි මාමගෙ කඩේ නං ගන්න දෙයක් නෑ බුරියානි වල.ඕගොල්ලෝ ඔරිජිනල් බුරියානි රසවිඳින්න ආසානං එක තැනක් තියෙනවා.ගල්කිස්සේ හන්දියේ උසස් බාලිකාව ඉදිරිපිට.කඩේ නම නං මතක නෑ.ඒත් අපිට පුරුදු බුරියානි වලට වඩා ගොඩාක් වෙනස් ඒක.මෙලෝ රහක් නෑ.කෙහෙල් කොලේ ඔතපු බත,එහෙමත් නැත්තං ලම්ප්‍රයිස් කන්න නං කියාපු තැන තමයි බම්බලපිටියේ Sapid එක.ඔය ෆ්‍රයිඩ් රයිස්ම සමහරු නානාප්‍රකාර නං වලින් දෙනවනේ.Naasi Goreng Rice එකත් එහෙම තමයි.හැබැයි මාර රහයි.මම අහලා තියෙනවා නියම Naasi Goreng රහ තියෙන කඩයක් තියෙනවාලු පැපිලියානේ.ඕගොල්ලෝ වෙජිටේරියන් නං වෙජි බුරියානි තියෙනවා සරස්වතී ලොජ් එකේ බම්බලපිටියේ.පහසු මිලකට උපරිම රහක්.ඒකේ කඩල කරි එක දෙන්නේ බදාදට විතරලු.ඒක හින්දා බදාදට ගිහින් බලන්න.හැබැයි ඒ ඉස්සර;දැන් කොහොමද දන්නේ නෑ.එහෙමත් නැත්තං Queens Cafe එකෙන් ෆ්‍රයිඩ් රයිස් එකක් කන්න.උපරිම රහක් විඳින්න පුළුවන්.සද්ද බද්ද නැතුව,A/C එකේ වාඩි වෙලා,සුහද ශීලී සේවය මැද්දේ කෑමට 10%ක් ස'විස් චාජ් ගන්න බවත් මතක තියාගන්න හොඳේ.මම මේ කියලා තියෙන කඩ වලින් අඩුත් නැති වැඩිත් නැති මුදලකට උපරිම කොලිටියකින් ඕගොලොන්ට බත් ජාති කන්න පුළුවන්.බත් ගැන මෙතනින් නවත්තමු නේ.
ඕන්න ඊලඟ මාතෘකාව මස්.ලංකාවේ මිනිස්සු කන මස් ජාති එච්චරම නැති උනත් ඔය කොයිකත් කාලා බලන එක හොඳයි.මම දැනට මස් ජාති හතක් කාලා තියෙනවා.ඒවායින් ජාති තුනක් එක පාරයි මම කාලා තියෙන්නේ.එහෙම එක පාරක් කාලා තියෙන්නේ රහ බලන්න විතරයි.විඳින්න නෙමෙයි.අශ්ව මස් නං මෙලෝ රහක් නෑ.ඒකනං ඉතාලි කෑමක්.හා මස් නං ෂේප්.රහම මස් ජාතිය තමයි දඩ මස්.ඒක කන්න හම්බුනේ යාළුවෝ සෙට් එකක් එක්ක ගිය ට්‍රිප් එකකදී.අපිට වස්ගමුව වනෝද්‍යානෙට මාතලේ පැත්තෙන් තියෙන ප්‍රවේශයක දවල් කෑම ලැබුනේ.එතනින් තමයි අපිට මේ ගෝන මස් කන්න ලැබුනේ.මාර රහයි.ඔය දැනට තියෙන මස් ජාති වලින් වැඩකටම නැති මස් ජාතිය තමයි කුකුල් මස්.බාබකියු පාරක් දැම්මොත් හරි,ශවර්මා විදියට හරි ඇරෙන්න චිකන් කියන්නේ මෙලෝ රහක් නැති දෙයක්.පොදුවේ අපි අනුභව කරන රසම මස් ජාතිය තමයි එළු මස්.හරක් මස් සහ ඌරු මස් වල රහ නං තීරණය වෙන්නේ නං උයන කෙනා අනුව.ඔය ජාති දෙක නං මට දැනට තහනං.මම සුරයක් දාලා නේ ඉන්නේ.දැන් තියෙන මීට් බෝල්ස්,සොසේජස් ජාති නං කාලා වැඩක් නෑ.දැන් කිසිම රහක් වත් කොලිටියක් වත් නෑ.කනවමනං ඉතින් ටිකක් ගනන් වැඩි උනත් එලිෆන්ට් හවුස් තමයි.ඒත් දැනට කීල්ස් ලගේ විකුනන බේකන් එහෙමනං හොඳ මට්ටමක තියෙනවා.මස් ජාති ගැනත් කතා කලා ඇති වගේ නේද ?....
ඊට පස්සෙ ඉතිං අපි බොහෝමයකගෙ ප්‍රධාන රාත්‍රී ආහාරය ගැන කතා කරමු.මොනවද මුලින්ම හිතුනේ. . .කොත්තුයි තෝසෙයි නේද ? තෝසේ උපරිම කොලිටියකට කන්න නං ඉතිං දැනට තියෙන්නේ Greenlands තමයි.ඉස්සර කොල්ලුපිටියේ ඉන්ඩෝසිලෝන් එකෙත් හොඳට තිබ්බා.ඒත් දැන් එච්චර හරි නෑ.කොත්තු ජාතිත් ගොඩාක් තියෙනවානේ.හැබැයි ඕවැයින් ජාති ගොඩාක් කාලා වැඩක් නෑ.වෙජි කොත්තු,බිත්තර කොත්තු,මාලු කොත්තු,ඉඳිආප්ප කොත්තු එයින් ප්‍රධානයි.මොකද ඒවා කෑවට දැනෙන්නේ නෑ.චීස් කොත්තු වලනං කොලිටියක් තියෙනවා.ඒවගේම ඕනම කොත්තුවක් ගෙදර ගෙනල්ලා කනවනං නෙස්කැෆේ හෝ මයිලෝ කුඩු ටිකක් උඩින් හලාගෙන කාලා බලන්න.අමුතු රසයක් තියෙනවා.ඒක මම අත්හදාබලපු දෙයක්.හැබැයි වැඩිය දාන්න එපා.පෝඩ්ඩක් දැම්මම ඇතී වගේම සමහර තැන්වල කොත්තු කන්න අප්පිරියා වෙනවනේ.ඒවගේ වෙලාවට ළුුනු පෙත්තක් හරි ඇඹුල් කෙසෙල් ගෙඩියක් හරි එක්ක කාලා බලන්න.නියම රහ දැනෙන්න පටන් ගනීවි.කොත්තු කාලා ස්ප්‍රයිට් බොන්න පුරුදු වෙලා තියෙනවානං ස්ප්‍රයිට් බෝතලේට ලුණු චුට්ටක් දාගෙන බොන්න.කොත්තුවේ රහ දෙගුණ තෙගුණ වෙයි.කොත්තුවල උපරිම රහ තියෙන කඩනං ගොඩාක් නෑ.ඒත් කොටුව ස්ටේෂන් එක ඉස්සරහා මුස්ලිම් කඩේ,බොරලැස්ගමුවේ ෆැමිලි ෆුඩ් කැබින් වගේම ඔය කට්ටිය පොශ් වෙන්න කොත්තු කන පිලාවුස් එකත් හොඳයි.ඒවගේම KFC කොත්තුවෙත් නරකක් නෑ....මදිකම මිසක්.
ඉතිං ඊලඟට කතා කරන්නේ බඩට අඩුවෙනුත්,පොකට් එකට වැඩියෙනුත් දැනෙන කෑම ගැන.මුලින්ම කතා කරමු කට්ටිය පිස්සු හැදීගෙන කන පීසා.පීසා වල වෙනස් වෙනස් ඉමවල් අපි විසින් හොයාගෙන යන එක හොඳයි.ඒ කියන්නේ ආසියාතික මිනිස්සු කැමති ටිකක් දැවිල්ලට තියෙන පීසා හොයාගෙන යන එක..ඔය සාම්ප්‍රදායික බටහිර පීසා රසවිඳින්නේ නැතුවම.ඒ අතින් Dominoz යම් හොඳ මට්ටමක ඉන්නවා වගේම ඒ වෙනකල් වගේම මේ වෙනකලුත් ලංකාවේ පීසා වලට රජ කරං හිටපු පීසා මඩුවේ රෙසිපියෙනුත් පොඩ්ඩක් ඈතට ගිහින් තියෙනවා.එච්චර ජනප්‍රිය නොවුනත් Dominozලගේ මම අළුත් රසයක් අත්වින්දා.එහෙමත් නැත්තං ඉතින් එකෙන් පීසා කන එක තමයි හොඳ.ඊලඟ එක තමයි පිඟන් උඩ එන සබ්මැරීන්.රහයි තමයි.Queens Cafe එකෙන් හරි Dinemore එකෙන් හරි උපරිම රහක් විඳින්න පුළුවන් තමයි.ඒත් සබ්මැරීන් ජාති වල තියෙන චිකන් කිප්ලි නං කන්න එපා.කිසිම වැඩකට නෑ.ඊලඟට කියන බ'ගර් ඇමරිකාවට කොච්චර බඩ පිරෙව්වත් ලංකාවට නං එච්චර නැගලා යන්නේ නෑ.ඒත් මැක්ඩොනල්ඩ්ස්ලගේ බ'ගර් පරාසයම ගොඩාක් රස දෙන ඒවා.ඒත් ලාබෙට රහට බ'ගර් එකක් රසවිඳින්න නං කොම්පඤ්ඤවීදියේ බ'ගර් කිං එකට යන්න.මමත් තාම එතනින් එකපාරක් විතරයි කාලා තියෙන්නේ.ආපහු පාරක් යන්නයි හිතාගෙන ඉන්නේ.
ඊලඟට ඉතින් පොඩි පොඩි කෑම ගැන ලියමු.ඒ කිව්වේ මේ ෂෝට් ඊට්ස්,ඩෙස'ට්ස් සහ ඔය පොඩි පොඩි පැණි රස කෑම ජාති.ෂෝට් ඊට්ස් මම රසටම කාපු කඩේ තමයි කොළඹ Pagoda එක.ලෝක වෙලඳපොලට එහා පැත්තේ පාරේ ඇතුලට යනකොට තමයි Pagoda එක තියෙන්නේ.ඇත්තටම සුද්දගේ විදිහට රහට ශෝට් ඊට්ස් කන්න නං Pagoda යන්නම වෙනවා.එහෙමත් නැත්තං ඒකේ ශාඛාවක් වෙච්ච Green Cabin එකට යන්න ඕනේ.හැබැයි ඒකේනං ඇතුලත එච්චර සමීප බවක් නෑ.ඊලඟට ඉතින් ඩෙස'ට් ජාති.වටලප්පං කියද්දිම මතක්වෙන ගොඩක් කඩ තියෙනවා.කටුබැද්දේ රසවිමන,බම්බලපිටියේ මැජස්ටික් මම වටලප්පං රසටම කාපු කඩ දෙකක්.රසම පලතුරු සලාදයක් කන්න පුළුවන් බම්බලපිටියේ Banana Leaf එකෙන්.අළුත් මීකිරි කන්න හැමදාම තිස්සමහාරාමේ යන්න බැරි හින්දා මීකිරි රසම කඩයක් තියෙනවා කැස්බෑව නගරයේ.ඒක ගොඩාක් ප්‍රසිද්ධයි.කේක් ජාති රසවිඳින්න ආසානං යන්න වටින කඩයක් තමයි රත්මලානේ Meal Cart එක.පුදුම රහක් තියෙන කේක් ජාති ඒකේ තියෙනවා.පුඩිං ජාති,එහෙමත් නැත්තං Genuine Dessert ජාති ගැන කතා කරනවානං Mount Lavinia Hotel එකේ Chocolate Moose එක වගේම Upsidedown Pineapple Cake එක මාර රහයි.ඒ වගේම මාර ගනං.හැබැයි කන්න වටිනවා.ගෙදර හදලා කනවානං ඉතින් කැරමල් පුඩිං තමයි.දේශීය පැණිරහ කෑම වලින්,මම නං ආසම වැලිතලප වලට.අපේ පුත්තම්මා හදන වැලිතලප වලට පස්සේ රසම වැලිතලප කෑවේ,මගේ යාළුවෙක් වෙච්ච විසල්ගේ ගෙදරදී.
මෙතන කතා කරන්නේ අනංමනං කෑම ජාති ගැන.ඒ කිව්වේ තැනක් නොතැනක් නැති,රැයක් දවාලක් නැති ඒවා.මේක කියවන ඕගොල්ලෝ ඔක්කෝම වගේ කතරගම ගිහින් ඇතිනේ.ඉතින් ඔය කතරගම ගිහින් ඕගොල්ලෝ බොහෝදෙනෙක් රෑට කන්නේ ආප්ප බිත්තර ආප්පනේ.ඔය ආප්ප කඩ ගොඩ අස්සේ දර ලිපේ ආප්ප පුච්චන තැනක් තියෙනවා.මටත් හොයාගෙන යන්න පුළුවන්,ඒත් කියන්න තේරෙන්නෑ.ඒක හින්දා ලේක් හවුස් නිවාඩු නිකේතනයේ පරිපාලනයෙන් පාර අහන්න.ඒ තැන ආප්ප අමුතුම රහයි.හුඟාක් කිරි රහයි.වෙනසකටත් එක්ක ඊලඟ පාර එතනින් ඩයට් එකක් දාලා බලන්න.ඒවගේම ඉතිං තැනක් නොතැනක් නැතුව කන දෙයක් තමයි පලතුරු.ඒ අතර අඹ සහ අන්නාසි මුල්තැනක් ගන්නවා.පාඩං කරන දවස් වලට නින්ද නොයන්න නං සියඹලා කන එක හොඳයි.ඒවගේම තමයි කොළඹ හරියේ වැඩිය නැතත් නියමම පලතුරක් තමයි සීනි කැකිරි.ඒ වගේම තමයි ගඩුගුඩා,රඹුටන් සහ මැන්ගුස්.වාරෙට විතරක් උනත් මාර රහක් තියෙන්නේ.ලොවි ගැනයි අච්චාරු ජාති ගැනයි නං කියන්නේ නෑ.මලී අක්කා නියම රසබර ලිපියක් ලියලා තියෙනවනේ ඒ ගැන.
ඉතිං ලිපියත් ටිකාක් දිග වැඩි හින්දා අන්තිමට මගේ කතාවේ පොඩි සංෂිප්තයක් දෙන්නයි හදන්නේ.මේක මම ලිව්වේ මේ මම ආසම මාතෘකාවක් නිසාත්,මම වගේම ගොඩාක් කට්ටියත් කෑමට ආසා නිසාත්,සමහරු වැඩිපුර සල්ලි ගෙවලා රහ ගුණ නැති තැන් වලින් කන නිසාත්,මම කෑම සම්බන්ධයෙන් කරපු යම් යම් පරීක්ෂන එලියට දාන්න ඕන නිසාත් යන මූලික පරමාර්ථයෙන්.ඉතිං අන්තිම වශයෙන් කෑම ටිකක් රහට කන්න හොඳ තැන් ගැන කියනවානං. . . .Chinese Dragon Cafe - Mount Lavinia & Bambalapitiya,Meal Cart - Rathmalana,Buhari - Maradana,Green Lands - Bambalapitiya,Queens Cafe - Bambalapitiya & Mount Lavinia කියන ප්‍රධාන කඩ පහ ගොනු කරන්න පුළුවන්.ඒ වගේම මම ආසම කරන සිම්පල්ම ආහාර වට්ටෝරු ගැනත් සඳහනක් කලොත්. . . .සුදු බතුයි,නිවිතියි,කරවලයි..ඒවගේම කිරිකොසුයි,සුදු බතුයි,කරවලයි..එහෙමත් නැත්තං අන්නාසි උයලා සුදු බතුත් එක්ක..තව කියනවානං චිකනුයි සුදුබතුයි..තවත් කියනවානං රතුළුනු උයලා සුදු බතුත් එක්ක..වගේම අවසාන වශයෙන් හොඳට බැදලා ඊට පස්සේ මිරිස් වැඩිපුර දාලා උයපු මාලුත් එක්ක සැර පොල් සම්බෝලෙකුයි රතු කැකුළු බතුයි තිබ්බානං ලංකාවේ මහ රජ කමත් එපා කියන්න මම ලෑස්තියි! තව මේවා ගැන අදහස් සහ විස්තර තියෙනවානං මටයි අනිත් අයටයි දැනගන්නත් එක්ක ලියන්න.
මේක කියවපු උන්ට සසර ගමන අවසන් වන තෙක් මතු උපදින සෑම භවයකම කෑම බීමෙන් නං අඩු පාඩුවක් නොවේවා !
Sunday, October 18, 2009
මර්වින් නම් ඔහු. . .

ඔහු වත්මන් රජා වෙනුවෙන් හෝ වෙනත් කිසිවෙකුත් වෙනුවෙන් ස්ටේජ් නැග්ගෙකු නොවීය.ඔහුරටට රජෙකු උරුම වී ඇති බවවත් හෝ එම රජාගේ දෑත් ශක්තිමත් කිරීම සම්බන්ධවවත් ගැයුවේ නැත.
කෙසේ වුවද මෙම ළිපිය ආරම්භ කලේ ඔහුගේ දේශපාලනික වශයෙන් ස්වාධීන බව හෝ නිවහල් බාවය පැහැදිලි කිරීමට නොවේ.මෙයට හේතුව වූයේ මා ප්‍රියතම ගීත වැඩි ප්‍රමාණයක් ගායනා කර ඇත්තේ ඔහු නිසාවෙනි.
බොහෝමයක් ඔහුගේ ගීත වල තනුව සහ සංගීතයද ඔහු විසින්ම සපයා තිබීමද පැසසුමට කරුණකි.එසේම ඒවා සිත් ඇදගන්නා සුළු අනර්ඝ තනු වීමද නොරහසකි.
කෙසේ වුවද විනෝද චාරිකාව හෝ සාදයක සමාජ තත්වය කුමක් වුවද,ගැයෙන පළමු ගීත දහය ඇතුලත් මෙතුමාගේ ගීත අඩුම වශයෙන් දෙකක් වත් තිබීම නිරායාසයෙන් සිදුවන්නකි.
කතරක තනිවී,මේ නගරය,නිළුපුල් යුවලේ,රන් මීවිත,දියලුම දියඇලි,ආදරේ රන් බිඟුන්,අකුරු සතරකින් මේ ගීත අතර මෙන්ම ලාංකීය සංගීතයේද ඉතා ඉහලින් ඇත.
මෙතුමාගේ ගුණ වැයීමට පෙර මෙතුමා අභාවප්‍රාප්ත වුවද,සෑම ශ්‍රී ලාංකිකයෙකුම මේ ගීත ගයන ගයන වාරයක් පාසා මෙතුමාට සදා සුවය අත්වීමට පතමි.
එසේම මෙතුමාගේම ගීතයකින් පද පේලියක් මා ආදරය කරන මගේම මැරියන්ට පැවසීමට ඇත.ඒ...
සඳ නොදන්න නමුදු සඳට එළිය හිරුගෙනී
ඔබ නොදන්න නමුදු ඔබට සෙවන මම වෙමි. . .
Subscribe to:
Posts (Atom)
ලියන්නේ
මං කියවන උන්
-
-
-
-
මිස්ටර කොත්තු සහ බිග් චුන්1 month ago
-
-
නෑන.. ලා3 months ago
-
සීගිරියේ මෙකී නොකී සියළු කතා6 months ago
-
-
කැනඩා10 months ago
-
මේඝලතාවක්11 months ago
-
අම්බිකා සත්කුනනාදන් කොටි බැල්ලි නීතිය කනවා.1 year ago
-
ඇමරිකාවට ගියොත්1 year ago
-
-
-
මේ ලොව යම් තැනක ඔබ හොඳින් ඉඳීම !6 years ago
-
ද්වයින්වෙන් නම් ශුද්ධවර පෙම්වතී6 years ago
-
-
අවුරුදුම දහ අටක්…!6 years ago
-
පරණ වු ආලයක්!6 years ago
-
-
වඳවීමෙන් ගැලවීමට...6 years ago
-
පොඩිහාමිගේ කතාව6 years ago
-
-
අසාගනිල්ලා දුම්රිය සවුදම...!!!7 years ago
-
-
ඒ කාලය ආයේ පතමි !7 years ago
-
-
පුතා..!7 years ago
-
ලියුමක්8 years ago
-
වඳුරන්ගේ රට.8 years ago
-
මා හූනා8 years ago
-
මල් කැකුළු ඇත හැංගී8 years ago
-
සයිටම්: ඇඟිල්ල දෙස බලා අනතුර එන්ජෝයි කිරීම9 years ago
-
බ්‍රන්ත පිරුණු ග්රන්ථයක්9 years ago
-
Bangkok the city of angels10 years ago
-
කෑම කියා අප වහ කනවාද?10 years ago
-
-
kuveni කුවේණි10 years ago
-
ප්‍රේමයේ පෑන් තුඩ (කොට කවි)10 years ago
-
යුද භීතිය, ජාතිවාදය සහ මැතිවරණ ප්‍රතිඵලය10 years ago
-
Sahampathi thoughts - අකුරැස්සේ ගමන11 years ago
-
කවි බූන්දි | වේ උවදුර - [සුරේඛා සමරසේන]11 years ago
-
රන්11 years ago
-
නිර්මාණ කියවීමේ සැන්දෑව11 years ago
-
කහ පිච්ච වැල11 years ago
-
සමාවේ ආතල්11 years ago
-
Simon Nawagattegama Images12 years ago
-
-
Momentary Rain12 years ago
-
අංගරාජිණී..12 years ago
-
-
බැරකුඩාවේ කුඩාවට...12 years ago
-
මුහුණු පොත සහ ජනමාධ්‍ය12 years ago
-
ඇනෝනිමස් ත්රස්තවාදයට එරෙහි වෙමු..!12 years ago
-
-
ඇඟ පෙන්වලා ඡන්දේ ගන්න බැරිද ?12 years ago
-
-
විනෝද සමාජය Society (forced) enjoyment12 years ago
-
පාර ඉවර වෙනතුරු මම12 years ago
-
~:@ අම්මප මල :@~13 years ago
-
-
මොකද්ද මේ....13 years ago
-
මේ මගේ සඳයි ගැන නෙවේ හලාල් ගැනයි13 years ago
-
මිරැන්ඩා13 years ago
-
පණපිටින් හිටි උන් වළපල්ලට යවා ඇටකටු වලට වැදීම13 years ago
-
-
Good bye ???14 years ago
-
'S' නැතුව 'සරසවි'යේ පීනන ශ්‍යාම්..14 years ago
-
Write to express, not to impress14 years ago
-
පාසලට ආදරය කරන්න.14 years ago
-
Off Marks14 years ago
-
මිලර් බාස්ගෙ මුක්කුව (කෙටිකතාවක් නොවේ)14 years ago
-
-
කේ. ජයතිලක.14 years ago
-
අනේ අපි දැක්කෙ නැහැ..14 years ago
-
-
-
කින්නර අඩවිය … 1015 years ago
-
සෑම පිරිමියෙක්ම කියවිය යුතු පොතක්.....15 years ago
-
ගිරිපාද ජනපදය වනාහි ගිරුවාපත්තුවයි.15 years ago
-
ඈ මැරෙන්නට තීරණය කලාය !!!! - වෙරෝනිකා !!!15 years ago
-
ඔයාගේ පාටිය කවද්ද?15 years ago
-
කොලූගේ සමුගැනීම15 years ago
-
අමුතුකතාවක් 20 කොටස15 years ago
-
ජාඩියට මූඩිය – ජාඩි15 years ago
-
-
18 th amendment & future15 years ago
-
මෘදුකාංග නිර්මාණය16 years ago
-
-
-
-
මයෙ මැණික් කැටේ(දෙවන කොටස)16 years ago
-
-
-
~ක්‍රිස් තුස්~17 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
ප්ලග් වෙච්ච තවත් තැන්
රචින්ත ජයවර්ධන. Powered by Blogger.

