කතා කිරීමට අවැසි වූයේ සිංහල ගීතයට කෙල වන ආකාරය සහ මා අතිශයින් රස විඳින සහ ආශා කරන සැබෑ මානුෂීය හැඟුමින් සහ රසයෙන් පිරි බයිලා ප්‍රමුඛව ලාංකීය පෙරේරා වරුන්ගේ සංගීතය පිළිබඳවයි.
මාතෘකාවට බයිලා ප්‍රමුඛ වුවද පෙරේරා අනු කොටසක් වුවද බයිලාවට නැති අතිශය සුන්දර කළාකරුවෙකු සිහියට නැගෙන්නේ එතෙක් මෙතෙක් සහ මා මියෙන තෙක් මා ප්‍රියතම ගායක ම'වින් පෙරේරා ය. මෙම ලිපියේ පලමු කොටස මොහුගෙන් පුරවන්නට සිත් වූයේ, පෙර දින මා කැමතිම ගීත එක ගොණුවකට ගෙන ඒමට යෑමේදී "ම'වින් පෙරේරා" නැමති ෆෝල්ඩරය තුල මා පත්වූ අසීරුවයි. ආදරේ රන් බිඟුන් නැසූ, අකුරු සතරකින්, දියළුම දිය ඇලි, කතරක තනිවී, මා සනසා, මේ නගරය, ඔබ දේදුන්න ආකාසයේ, රන් මීවිත පුරවා... වැනි සියල්ල එක්වර පැනනැග මා ප්‍රියතම ෆෝල්ඩරයට පැනීමට උත්සුක විය. එකෙකුගෙන් අනිකාට තම ප්‍රියතම ගායකයා බොහෝවිට වෙනස් වන අතර මා පෙරද අත්විඳි පරිදි කපුගේ සහ ම'වින් ඒ සැවොම අතර වැඩි ප්‍රතිශතයකින් සිත් විය. මා දැනට අවුරුද්දක පමන කාලයේ සිට ප්‍රියතම ගීය තත්වයා තබා ඇති ගීත අතර අකුරු සතරකින් මුල් තැන රැඳී සිටී.
""ආ"යන්නෙන් මා පැතු ආදරේ
"ද"යනු ගිනි තියාලා දව දවා ගින්දරේ
"ර"යනු රළු බැවින් සවන් යුග වසා
"ය"යනින් කීවේ යන්න ඔබ හැරා
"වි"යනු වියෝගේ මැව්වා සිතේ
"වා"යනු වාවන්නට පෙලඹුවා නිරතුරේ
"හ"යනු හසරැලී නගන්නෙමි කියා
"ය"යනින් යලි කීවේ එන්න ඔබ කරා"
බයිලාව තුලට ලිපිය හැරවීමට පෙර තවත් දෙදෙනෙකු මතක් කල යුතුව ඇත. ඒ අනිත් පෙරලි කල පෙරේරාවන් යුගලයයි. ඒ ජිප්සීස් සුනිල් සහ මේරියන්ස් නලීන් ය. මා දෙවනියට ආසාම කරන පිය ගුණ ගීය බොහෝවෙකු රස්තියාදු යැයි කියන සුනිල්ගේ "තාත්තා මට ඇනපු ටොක්කයි".
සුනිල් පෙරේරා, "සයිමා කට් වෙලා" සහ "ගිණි අඟුරු ගොඩේ" මා ප්‍රධාන වශයෙන්ම ආශා කරන සුනිල් පෙරේරා ගී යුගලයයි. බටහිර සංගීතය දැඩි හිතට වදින පිරිමි කටහඬකින් සහ තාලයකින් ගයනා සුනිල් පෙරේරා නොහොත් සුනිල් අයියා මේවායේ බටහිර ඌරුව අසන්නාට අමතක කරවයි. කළාකරුවෙකු සතුවිය යුතු නිහතමානී ගතිගුණ මෙන්ම සෘජු සහ අවංක අදහස් ඔහුගේ ගී කෘති තුල මෙන්ම සජීව සංවාද තුලද පැන නගින තර්ක තුලිනුත් ඔප්පු වේ.
නලින් පෙරේරා, අතිශය අමුවෙන් කතා කරන්නෙකු සහ අති සුන්දර තනු නිර්මාණකරුවෙකු මෙන්ම වසර විස්සක් වන මේරියන්ස් නම් මහා පවුලේ මූලිකයාද වේ. අංජලීකා, මුදුකෝමල ගෑණු ළමයිනේ, මරියසිලෝ, ආලේ සුන්දරයි සුන්දරී, සඳළු තලේ... එකකට එකක් බෙදිය නොහැකි සුන්දරත්වය, සොඳුරු ස්ත්‍රී රුව. . .
"බෝර්ච්චි හැට්ට දාලා
ඇට මාල කොට්ට බැඳලා
කම්බාය වටොර හැඩලා
යන උජාරු නලවාලා"
සංගීතය, කැපිලි, කුණු කතා, සල්ලි, සම්මාන, ගැරහිලි, විචාර, චරිත සහතික මැද පෙරේරා තුන් හවුල නොසැලී ස්ථාවරව සිටී.
අවසන ලිපියේ බයිලා කොටසට එළඹිය යුතුව ඇත. වොලී බැස්ටියන්, ඇන්ටන් ජෝන්ස්, එම්. එස්. ෆර්නෑන්ඩු, සුනිල් පෙරේරා, නිහාල් නෙල්සන් ගෙන් පසු ලංකාවේ බයිලා කලාව ලහිරු පෙරේරාට දිය යුතුද?
යන්න පලමුව ඇසීමට ඇති ප්‍රශ්නයයි. ඉහත පලමුව සඳහන් කල ශ්‍රේෂ්ඨයින් පස් දෙනා බයිලාව තුලින් ඉතිරි කල අර්ථ තාල සෘංගාරය කොපමණද?
"මාගේ අවසාන මොහොත වෙලාවේ
නාදේ කුමටද බට නලාවේ
හමුවෙමූ අපි දෙන්නා ස්වර්ගේ
වියෝලේ වියෝලේ මාගේ"
-වොලී බැස්ටියන්-
"රම්‍ය මනහර දලදා මැදුරේ
අපි යමුකෝ සුමිතුර බලන්න නුවර පෙරහැරේ"
-ඇන්ටන් ජෝන්ස්-
"මුතු මැනික් ආදරේ නොවේ
මිල මුදල් ආදරේ නොවේ
ආදරේ මෙතරම් බාල නොවේ
ඔයා දන්නේ නෑ"
-එම්. එස්. ෆර්නෑන්ඩු-
"ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳට
සැර බෝතල් වීදුරු ගැටෙනා කිරි කිරි සද්දෙට
සුදු වැල්ල දිගේ දිග ඇදිලා කැමති හැටියට
අපි එළි වෙනකන් බජව් දැම්මා හිතේ ජොලියට"
-සුනිල් පෙරේරා-
"දන්නවා ගේමේ වතගොත
හරියට ජෙමා හිතවත
කවදාවත් පැරදිලා නැත
බූරුවා කුට්ටමේ පොත
තෝ මට පරාජය නැත
ගහන එවුන්ටයි හතේ හත"
-නිහාල් නෙල්සන්-
ඉහත බයිලා පහට සම කරන්නට බයිලාව මෙකල බිහිවී ඇත්දැයි සිතිය යුතුව ඇත. එය රම්බරීට හෝ එය කියන එකාගේ රට කජ්ජට සමාන වන්නේද නොවන්නේද යන්න ඔබට බාරය. තවද ඇල්බම් එකට සින්දු මදි වෙච්ච පිණිබාතිය සන්තුෂ්ඨිය වැන්නන්ට රීමිx කරන්නට ගත්තු සින්දු හිට් වෙන ලෝකෙක මෙව්වාට වන සෙතකුත් නැත. මින්පසු "බයිලා ගහන්නෙපා යකෝ" යැයි යමෙකුට දෙසන්නට පෙර දෙවරක් සිතන්න. මෙහෙව් ශ්‍රේෂ්ඨ බයිලාව වෙනුවෙන් කරන පුංචි ඉල්ලීමකි!
skip to main |
skip to sidebar
"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."
Friday, October 15, 2010
Subscribe to:
Post Comments (Atom)
ටොපිය ආතල් ටයිප් හතකට බලන්න.
ලියන්නේ
- Rachintha Jayawardhana
- Moratuwa, Sri Lanka
- මේ මගේ වගේම ඔබගේත් අත්දැකීම් සහ විඳීම්.
ටොපි සූප්පුකරුවෝ
වැඩි වෙලා සූප්පු කරපු ටොපි
-
ඉස්සර දැක්කේ රොබින් හුඩ්ගේ ගෑනී වගේ.. . ඉතින් මම උඹට මැරියන් කිව්වා. . එදා ඉඳන් මගේ හිතේ වීරයා වෙච්ච රොබින්ට ඊරිසියා කලා. . . ඉනික්බිති ආවා ...
-
දෙනියාය දුර වැඩි වූයෙන් පියාගේ මව මොරටුවේ උන් මට.. වැඩිය ලං නොවූවත්. . . මම අතපයක් හොලවන සියළු ඇසිල්ලක් පාසා.. මම ඔබේ සෙවනේ. . . කිරි අම්මා,...
-
සුදු යට සායේ රතු ලේ පාරක්. ගෙදරට දුවගෙන ඇවිත් ගවුම ගලවලා හෙටට අඳින්න අවුවට දාපු නිසලි යට සාය දිහා බලද්දි තමුන්ටම පොඩි ලැජ්ජාවක් දැණුනා. ...
-
හොරකමක් කියල අන්තිමටම කළේ ෆැබ් එහෙකින් හොරෙන් කාපු එක. ඊයෙ රෑ අන්තිම හොරකම ඉවර වෙලා මහන්සියට ඇඳට වැටුන නිසා උදේ ඇහැරුනේම පුදුම බඩගින්නකින...
-
ඊයෙ රෑ ගෙවුනෙ, මතක් වෙද්දිත් ඇඟ කිළිපොලවන විදියෙ සම්පූර්ණ රමණයක් එක්ක. අද උදේ ඇහැරෙද්දිත් ලෝකෙ පෙනුනෙ කහපාටකට. නිකං හිතන්න මිරිසට උයපු කට්ට ...
ප්ලග් වෙච්ච තවත් තැන්
සහෘදයෝ
-
ගණනාථ ගැන එච්. එල්.23 hours ago
-
සීයලාගෙ කතා3 days ago
-
-
මේ පාර ස්කෝලාධාර අගුණකොළපෑලැස්සට2 weeks ago
-
-
ගීකයාගේ නොස්ටැල්ජියාව1 year ago
-
-
මේ ලොව යම් තැනක ඔබ හොඳින් ඉඳීම !4 years ago
-
ද්වයින්වෙන් නම් ශුද්ධවර පෙම්වතී4 years ago
-
සුන්දරම මතකය4 years ago
-
-
අවුරුදුම දහ අටක්…!5 years ago
-
පරණ වු ආලයක්!5 years ago
-
-
වඳවීමෙන් ගැලවීමට...5 years ago
-
පොඩිහාමිගේ කතාව5 years ago
-
-
අසාගනිල්ලා දුම්රිය සවුදම...!!!5 years ago
-
-
ඒ කාලය ආයේ පතමි !6 years ago
-
-
පුතා..!6 years ago
-
මඩුවන්වෙල වලව්ව, කොලොන්න6 years ago
-
-
ලියුමක්6 years ago
-
වඳුරන්ගේ රට.6 years ago
-
මා හූනා6 years ago
-
කෙළ වුන් මටමමය.6 years ago
-
මල් කැකුළු ඇත හැංගී7 years ago
-
ඔබත් කූඹියෙක්ද?7 years ago
-
සයිටම්: ඇඟිල්ල දෙස බලා අනතුර එන්ජෝයි කිරීම7 years ago
-
බ්‍රන්ත පිරුණු ග්රන්ථයක්8 years ago
-
කිරිඇල්ල8 years ago
-
Bangkok the city of angels8 years ago
-
කෑම කියා අප වහ කනවාද?8 years ago
-
-
kuveni කුවේණි9 years ago
-
ප්‍රේමයේ පෑන් තුඩ (කොට කවි)9 years ago
-
යුද භීතිය, ජාතිවාදය සහ මැතිවරණ ප්‍රතිඵලය9 years ago
-
Sahampathi thoughts - අකුරැස්සේ ගමන9 years ago
-
කවි බූන්දි | වේ උවදුර - [සුරේඛා සමරසේන]9 years ago
-
රන්10 years ago
-
නිර්මාණ කියවීමේ සැන්දෑව10 years ago
-
කහ පිච්ච වැල10 years ago
-
සමාවේ ආතල්10 years ago
-
Simon Nawagattegama Images10 years ago
-
-
Momentary Rain10 years ago
-
අංගරාජිණී..10 years ago
-
-
බැරකුඩාවේ කුඩාවට...10 years ago
-
මුහුණු පොත සහ ජනමාධ්‍ය10 years ago
-
ඇනෝනිමස් ත්රස්තවාදයට එරෙහි වෙමු..!10 years ago
-
-
ඇඟ පෙන්වලා ඡන්දේ ගන්න බැරිද ?11 years ago
-
-
විනෝද සමාජය Society (forced) enjoyment11 years ago
-
පාර ඉවර වෙනතුරු මම11 years ago
-
~:@ අම්මප මල :@~11 years ago
-
-
මොකද්ද මේ....11 years ago
-
-
මේ මගේ සඳයි ගැන නෙවේ හලාල් ගැනයි12 years ago
-
මිරැන්ඩා12 years ago
-
පණපිටින් හිටි උන් වළපල්ලට යවා ඇටකටු වලට වැදීම12 years ago
-
-
Good bye ???12 years ago
-
'S' නැතුව 'සරසවි'යේ පීනන ශ්‍යාම්..12 years ago
-
Write to express, not to impress12 years ago
-
පාසලට ආදරය කරන්න.12 years ago
-
Off Marks13 years ago
-
මිලර් බාස්ගෙ මුක්කුව (කෙටිකතාවක් නොවේ)13 years ago
-
-
කේ. ජයතිලක.13 years ago
-
අනේ අපි දැක්කෙ නැහැ..13 years ago
-
-
-
කින්නර අඩවිය … 1013 years ago
-
සෑම පිරිමියෙක්ම කියවිය යුතු පොතක්.....13 years ago
-
ගිරිපාද ජනපදය වනාහි ගිරුවාපත්තුවයි.13 years ago
-
ඈ මැරෙන්නට තීරණය කලාය !!!! - වෙරෝනිකා !!!13 years ago
-
ඔයාගේ පාටිය කවද්ද?13 years ago
-
කොලූගේ සමුගැනීම13 years ago
-
අමුතුකතාවක් 20 කොටස14 years ago
-
ජාඩියට මූඩිය – ජාඩි14 years ago
-
-
18 th amendment & future14 years ago
-
මෘදුකාංග නිර්මාණය14 years ago
-
-
-
-
මයෙ මැණික් කැටේ(දෙවන කොටස)15 years ago
-
-
-
~ක්‍රිස් තුස්~15 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
යන්තන් ලිව්වේ මුචලින්ද. Powered by Blogger.
10 ක්ම තියෙනවා අදහස්:
හ්ම්ම්.. වටිනා ලිපියක්.. 1960 වොලී බැස්ටියන්ගේ ඉඳලා 2010 ලහිරු පෙරේරා දක්වා සංක්ෂිප්තව සඳහන් කරලා තියෙනවා.. කොයින් කොහොම වුනත් මගේ ප්‍රියතම බයිලා ගායකයා නිහාල් නෙල්සන්.. ඊළඟට ඇන්ටන් ජෝන්ස්.. මල්ලීත් මොරටුවේ හින්දා ඉතින් පොඩ්ඩ පොඩ්ඩ හරි බයිලා සෛලයක් හරි ඇති මයේ හිතේ.. ;]
බයිලා කියන්නේ එසේ මෙසේ ක්ෂෙත්‍රයක් නෙවී..! එය ගැන මත පල කරන්නට ගැඹුරු හැඳින්වීමක් අවශ්‍යයි.., ආරියරත්න මාචාර්යතුමාගේ බයිලා හා කපිරිඥ්ඥා පොතේ මේ ගැන විශාල වශයෙන් සාකච්ඡා වෙනවා..! ඕනේම බසක් මුවහත් වෙන්නේ උප සංස්කෘතීන් වල ආභාෂය නිසා, බයිලා ගොඩක් වෙලාවට එහි විනෝදාස්වාද පැත්ත නියෝජනය කරන බවයි මට හිතෙන්නේ.
ප.ලි ►
රටින් රටට උපසංස්කෘතීන් වල බලපැම වෙනස් වෙනවා..! ලංකාවට බයිලා වගේ තමා ඇමෙරිකාවේ ඩේට්‍රොයිට වගේ ප්‍රාන්තවල රැප් ඉපදෙන්නේ(මේ මම හිතන මතය. එය වැරදි නම් කරුණාකරලා නිවැරදි කරන්න.)
ඇත්තටම අදයි හිතුනෙ මේ බයිලා වලටත් තේරුමක් තියනව නේද කියල .... බලන් යනකොට බයිල ගහන එකත් තේරුමක් ඇති වැඩක් නේද
මම නම් සින්දුවක් අහද්දි ඒක ඒ වෙලාවෙ දැණෙනව නම් අහනවා... ඒ නිසා ලහිරු මොනව වුණත් භාතියලගෙ රිමික්ස් එකට කැමතියි. ඒක බයිලාවක් කියන්නෙ එයාල... මට ලහිරුගෙ ඒවත් බයිල නෙවෙයි... ඒව එක බීට් එකක සින්දු.. එකම දේ ඒව අපි කටවහරෙ කියල බයිල ගැහිල්ලට සමාන සින්දු වීමයි...
පෙරේරා තුන්කට්ටුව මගෙත් ප්‍රියතමයො තමයි. එයිනුත් මර්වින් පෙරේරාගෙ මා ගාව තියෙන ඇල්බම් දෙකම කවදාවත් හාඩ් එකෙන් අයින් වුණේ නෑ...
ලිෂා කියපු එකට තවත් දෙයක් කියනවනම් ඉතිං සංස්කෘතිය පරිණාමය වෙද්දි ඒකෙ කොටස් වල සිද්ධ වෙන වෙනස තමයි මුචාට මේ දැණිල තියෙන්නේ...
මමත් බයිලා ගීත රසිකයෙක්. නමුත් මගේ ප්‍රියතම බයිලා ගායකයා එම්. එස්. ප්‍රනාන්දු තමයි. ඔහුගේ ගීත තැටි 2ක් විතර තියෙනවා මගේ එකතුවේ.
බයිලා කියන්නේ අපේ රටේ එක්තරා සංස්කෘතියක් නියෝජනය කරන ගීත කොට්ඨාෂයක්. අනේ ළහිරුගේ බයිලා අහනකොට නම් පාර්ලිමේන්තුවේ බයිලා අහනවට වැඩි වෙනසක් නෑ කියලා හිතෙනවා. වචන මෙලෝ රහක් නැති උනාට බීට් එක ලස්සනයි . . . මෙලෝ රහක් නැති දේශපාලකයෝ මෙලෝ රහක් නැති සම්ප්‍රප්පලාප දොඩෝනවා වගේ උත්තරීතර පාර්ලිමේන්තුවේ . .
මගේ එහාගෙදරට අලුතෙන් ආපු පවුල මුරුශිස් වල අය.
එයාලගේ හිතේ අපි ඉන්දියානුවෝ කියලා. අපේ පුතා තමයි එයාලා එක්ක මුලින්ම යාලු වුනේ.
දවසක් කතා බහ කරන කොට අපි ශ්‍රී ලාංකිකයෝ කියලා මම කිව්වාම පොරට මාර සංතෝසයි.
මගේන් අහනවා "අහ් උබ දන්නවද අපේ රටේ උඹලගේ රටේ "සුරංගනී . . සුරංගනී .සුරංගනීට මාලු ගෙනාවා" ගීතය හරිම ජනප්‍රියයි කියලා.
තව මගේ මිතුරු ඉන්දියානු ජාතිකයෙක් කියනවා උන් ස්කෝලේ යන කාලේ ඩෙස්ක් වලට තට්ටු කර කර කියන්නේ "සුරංගනී" බයිලා එකලු. .
හිතපන් එතකොට අපේ රටේ බයිලා ගැන මට දැනුනු ආඩම්බරේ කොයි තරම්ද කියලා . .
සද්දයක් දාලා ගිය! අදහසක් දීලා ගිය සෙට් එකටම තැන්කියු!
ඉඳල ඉඳලා උබත් ගහන්නෙ මරු මරු බයිලා නෙ. එල එල! සුභ!!
මං කැමතිම එම්.එස් මහත්තයාගේ බයිලා වලට.. ඉස්සර මං පුංචි කාලේ, අවුරුදු 3 විතර හරි ආසයිලු බයිලා සින්දු අහන්න.. තාමත් ඒ කැමැත්ත තියෙනවා..
මේ පෙරේරා තුන් හවුලට මම කවදත් කැමතියි. විශේෂයෙන් සුනිල් පෙරේරා මහත්තයාගේ කටහඬට. [ඒත් මට හිතා ගන්න බැරි ඇයි මගේ දෙමව්පියෝ මං ඔහුගේ ගීත අහනවට බොහෝ සෙයින් විරුද්ධ වුනේ කියන එකයි.]
සද්දයක් දාලා ගියාට තැන්කියු වේවා!
Post a Comment
කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!